( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් දෙදෙනෙකු එම සතුන්ට නොගැලපෙන හොරොව්පොතාන ප්‍රදේශයේ අලි අනාථාගාරයක් වෙත මාරුකර යැවීමට වනජීවී, තිරසර සංවර්ධන හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරයකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අද (11) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී .
පරිසර විද්‍යාඥයකු වන හේමන්ත රංජිත් සිසිර කුමාර, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී විෂය භාර අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , වනජීවී අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් හය දෙනෙකු නම් කර ඇත.
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකසන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද මෙම පෙත්සමින් ඉල්ලා ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
ලොව වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින ආසියානු අලියා සත්ව විශේෂය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට පමණක් ආවේණිකව සිටිති. 2011 වසරේ දී සිදු කළ සංගණනයකට අනුව වන අලි 5879 ක් සිටින බවට හෙළි වී ඇත.
එසේම මෙම වන අලි අතුරින් වසරකට වන අලි 250 මියයනවා සේම පසුගිය මාස කිහිපය පුරා අලින් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මෙවැනි පසුබිමක් තුළ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් පවතින සිංහරාජ වනාන්තරය තුළ වෙසෙන අලි ඇතුන් දෙදෙනෙකු ඉන් පරිබාහිර ප්‍රදේශයක වන හොරොව්පොතාන පිහිටි අලි අනාතාගාරයකට ගෙනයාමේ තීරණයක් වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් තීරණය කර ඇති බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් තම සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිඛිතවම දැනුම් දුන් අතර ඊට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා එම තීරණය නැවැත්වීමට පියවර ගත් බව පෙත්සමේ සඳහන් වේ.
එසේ වුවද අලි ඇතුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන බැවින් මේ හේතුවෙන් සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංහරාජ අලි හොරොව්පොතානට මාරු කිරිමට එරෙහිව පෙත්සමක්