IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

සිංහරාජ  රක්ෂිතයේ සිටින දුර්ලභ අලි   දෙදනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස  වන නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.


සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා තිබිණි. 


එම දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

 



අදහස් (11)

සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

manoj Thursday, 14 June 2018 11:56 AM

ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරගෙන සිංහරාජය තවත් විල්පත්තුවක් කිරීමට කව්රුන් හෝ උත්සහ දරා ඇති බව තමයි පෙනී යන්නේ.

:       0       0

rocky Thursday, 14 June 2018 12:10 PM

පළමුවෙන් හිතන්න ඕන අපි වල් අලින්ව රකිනවද නැත්නම් මිනිස් ජීවිත රකිනවද කියලා, අලින්ට අසරණ ගොවියන්ට අලාභ පාඩු කරන්න ඔවුන් මරන්න කෙසේ වත් ඉඩ තැබිය යුතු නැහැ!

:       0       0

රජින්ද Thursday, 14 June 2018 04:06 PM

මේවා වෙන්නේ මේ රටේම විතරයි. වනයේ ඉන්න සත්තුන්ගෙන් එම වනය වනසන ජාවාරම්කරයින්ගේ උවමනාවට හා දේශපාලන හයියට අර අහිංසක සත්තුන්ව බලහත්කාරයෙන් අනාථයින් කරවලා යවන්න හදනවා. ඒ සත්තුන්ගේ ජීවිතයට ඔය ජාවාරම්කාරයින් නිසා අනතුරක් වියහැකිනම්, වහාම ඒ ජාවාරම්කාරයින් වටලන්න හදන්නේ නැතුව අර සත්තුන්ව අල්ලන්න තීරණය කරපු කෙනා ගැන ඇත්තේ දැඩි පිළිකුලකි.

:       0       0

Samathasena A . Aluthgama Thursday, 14 June 2018 04:52 PM

පරිසර හිතකාමී මේ තීරණයට ජනාධිපති තුමාට ස්තුති වේවා.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 14 June 2018 05:04 PM

අලියන්ට වනයේ ඉන්න දෙන්න ඔබ වනයට නොයා ඉන්න ගෙනාපු කඹ අවුරුද්දට කඹ අදින්න ගන්න

:       0       0

kenath Thursday, 14 June 2018 05:31 PM

නගර මැද්දේ තිබෙන සෙවන දෙන ගස් කපල දාල එක සංවර්ධනය කියනවා, අරහෙන් ඉවක් බවක් නැතිව වන්නන්තර සංහාරය කරනවා, ජාල උල්පත් සිදී යනවා, පාර දෙපස සෙවන දෙන ගස් කපනවා, මුන්ට මාරයා වැහිලාවත්ද?

:       0       0

appuhami Friday, 15 June 2018 01:06 AM

රජය විරෝදි සටන් කරුවන් රැකවරණය ලබා ගත්තේ මෙහි සැඟවී සිටය එනිසා මේ මහා වනය එලි කලයුතුය. තේ වගා කල යුතුය. එවිට සැඟවීමට බැරිය

:       14       0

lalith Friday, 15 June 2018 01:59 AM

බලන්නකෝ මේ මිනිස්සු කිව්වට අපේ ජනාධිපතිතුමාට රට සංවර්ධනය කරන්න වෙලාවක් තියෙනවද මේ අලි ප්‍රශ්න නිසා? දෙපර්තමේන්තු අමාත්‍යංශ ගණනාවක් තිබුනත් මේවගේ වැඩක් කරගන්න දැනුම තියෙන එක්කෙනෙක් නැහැනේ. අලි දෙතුන් සීයක ප්‍රශ්නයක් උනානම් ඉන්දියවේ ජනාධිපතිටත් එන්න වෙනවා.

:       0       1

Suranga007 Friday, 15 June 2018 03:03 AM

ඇති යන්තම්

:       0       17

සමන් Friday, 15 June 2018 05:49 AM

සිංහරාජ වනාන්තරය අවට සිටින ජනතාව බහුතරයක් අලින් වෙන ප්‍රදේශයකට ගෙනයනවාට විරුද්ධයි. ජනපති තුමාගේ තීරණය පැසසුම් කටයුතුයි. නමුත්, අලි ගෙනයාමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පශු වෛද්‍ය ඒකකයක් සමග වනජීවී නිලධාරින් විසින් රක්වාන ප්‍රදේශයේ තවම (15 වනදා උදය වනවිටත්) ක්‍රියාත්මක වන බව එම ප්‍රදේශයේ ජනතාවගෙන් වාර්තා වෙනවා. එම නිලධාරීන් පවසන්නේ, මෙහෙයුම නැවත්වීමට වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගෙන් තවම ඔවුන් හට උපදෙස් ලැබී නැති බවයි. කොළඹ ආරංචි මාර්ග වලින් දැනගත් ආකාරයට, වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට තවම ඒ පිලිබඳ ජනපති උපදෙසක් නිසි පරිදි ලැබී නෑ. ආරංචි මාර්ග අනුව, ජනාධිපති උපදේශය ගොස් ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. වන ජීවී දෙපාර්තමේන්තුවට නොවෙයි. මෙය වහාම නිවැරදි කලයුතුයි. එමෙන්ම, ලැබෙන ආරංචි අනුව, වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මයා, ජනපතිගේ තීන්දුවට අකමැතියි ලු. කෙසේ වෙතත්, ජනපති නියමය ක්‍රියාත්මක කර, එම අලින්ට සිංහරාජයේ සිටීමට ඉඩ දියයුතු බව බහුතර ජනතාවගේ මතයයි.

:       0       0

ලුම්බිණි Friday, 15 June 2018 05:52 AM

හොඳ දෙයක් කරලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 82 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 221 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 579 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 853 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 323 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 158 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site