IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට පියවර

(ජයන්ත සමරකෝන්)
 
සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
 
එහි ප්‍රථම සැමරුම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජූලි 27 වැනි දින පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
 
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
එවන් ඛේදවාචකයක් ඉදිරියේදී ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විද්වතුන්ගේ දේශන කිහිපයක්ද පැවැත්වෙන අතර, ජාතිවාදය පිටුදැකීම සහ ජාතීන් අතර සුහදතාව පවත්වාගෙන යාමේ අගය විමසුමට ලක්කිරීමටද නියමිතය.



අදහස් (16)

සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට පියවර

Asoka Wednesday, 24 July 2019 08:58 AM

මරු.. ජාතිවාදියෙක්.. ගියමාසේ ඉල්ලුවේම මුස්ලිම් ලේනේ...

:       469       851

දිමුත්Wednesday, 24 July 2019 10:45 AM

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. මේකෙන් වෙන්නේ ජාත්‍යන්තරේ දෙමළ ඩයස්පෝරාවට උඩගෙඩි දීමක්... දේශපාලනය නිසා ජාතික හැඟීමත් නැතිවෙලා...

:       0       10

thilakasiri Wednesday, 24 July 2019 08:59 AM

පිස්සුද උඹලට? ජනතාවගේ මුදල්වලින් නොකර ඕනෑම එකක් සමරපල්ලා. ජනතාව නුඹලාට පඩි හා අනිත් සියලු වරප්‍රසාද සඳහා ගෙවද්දී මේ වගේ පිස්සු තදවෙලා කරන වැඩවලටත් ගෙවන්නද බොලව් කියන්නේ..?

:       415       262

max Wednesday, 24 July 2019 09:12 AM

හෝද හෝද මඩේදානවා කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලට. TNA, විග්නේශ්වරන්ලා කරන්නෙත් ඕකම තමයි. සිංහල මිනිස්සුන්ගේ පිටින් ගියත් 83 සංහාරය කලේ එජාප මැරයන්. නමුත් දෙමළ දේශපාලන පක්ෂ තාමත් කඩේ යන්නේ එජාපයට. එහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි!

:       26       148

රවින් Wednesday, 24 July 2019 09:13 AM

ආයේ පටන්ගන්න හදනවා. මොවුන් තමයි යුද්දෙන් කන්න හදපු කට්ටිය. දැන් කොමිස් නැතිව කසනවා වගේ... මෙරට ඉදිරියටද? පස්සටද? මේ ගොල්ලෝ ගෙනියන්න හදන්නේ? එම අඳුරු වකවානුව මිනිසුන්ගේ හිත් තුළින් කෙමෙන් කෙමෙන් මැකී යන්න නොදී මෙරට ඉතිරිවී තියන සියලුදේ නැති කරන්න හදනවා වගේ.

:       165       233

nuwan Wednesday, 24 July 2019 09:34 AM

කළු ජූලියේ වුනේ වැරද්දක් කියලා හැමෝම පිළිගන්නවා. නමුත් යුද අපරාධ චෝදනා අන්තවාදීන්ගේ උපක්‍රමයක් බව බහුතර මතයයි.

:       0       41

Amila Wednesday, 24 July 2019 09:42 AM

කලු ජූලිය කියන්නේ කේදවාජකයක්. කවුද ඒවා සමරන්නේ.

:       55       125

සේන Wednesday, 24 July 2019 09:46 AM

මේ මොන මගුලක් ද ? අනිවාර්යයෙන් ම ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන . දෙමළ ඡන්ද ටිකත් දෙන්නම් කියන්න ඇති. හැබැයි ඉතින් කොහොම පිස්සු කෙළියත් ගෙදරම තමා.

:       45       112

shan Wednesday, 24 July 2019 10:36 AM

සෑම වසරකදීම කළු ජූලිය සැමරීම එතකොට අප්‍රේල් 21 සමරන්නේ මොකක් කියලද? අපි එකට දාමු "මල ජූලිය " කියලා.. වැඩේ හොඳයි නේද? මේකට තමා කියන්නේ "නැණවතෙක් රජ වුණාම රට සරුවෙනවා. නූගතුන් රජ වුණාම රට වැනසෙනවා කියලා" මේ කරන්නේ දමිල ඡන්ද ටික කඩාගන්න වෙන මොන මගුලකටවත් නෙවේ. යමක් සමරන්න ඕනේ එ්කේ ගුණාත්මක දේවල් අනුව... එක ජාතියක මිනිස්සු ඝාතනය කළ දේවල් සමරනකොට ඒ මිනිස්සු අායෙත් කුපිත වෙනවා. අමතක වුණු දේවල් අවුස්සලා ජාතිවාදය ගොඩනැගලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රටේ රජවෙන්න හදන්නේ... මේවගේ අයටද රටේ පාලනයට බාර දෙන්නේ ජනතාව..?

:       0       44

Prabha Wednesday, 24 July 2019 10:43 AM

රාජ්‍ය තාන්ත්‍රික දැනුම ගෑවිලාවත් නැති ජනාධිපති කෙනෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔය ඉතිරි මාස කීපයත් මේ නාඩගම් බලමින් ඔන්න ඔහේ ඉම්මු.

:       0       30

ravi Wednesday, 24 July 2019 10:46 AM

මිනිසුනේ, පස්සු කෙලින්නේ නැතිව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් වැඩක් ඇති වැඩක් කරපල්ලා.. අන්තිම මොහොතේ හරි මතක් වෙයි. සමරන්න ඕනෑ මේ රටට කරපු හොඳ වැඩ...

:       0       31

sharm warn Wednesday, 24 July 2019 11:56 AM

මේ තමයි මේ ගොල්ලන්ගේ කුණු දේශපාලනේ උපරිම මොහොත.. දැන් මේ කරන්න හදන්නේ යුද්ධයෙන් පස්සේ දෙමළ ජනතාව දිනාගන්න පුළුවන් හොඳම තුරුම්පුව තමයි මේ ගහන්නේ. එ්කට ජාතියම පාවලා දෙන්න හදන්නේ ලැජ්ජා නැතුව... දෙන්නකෝ මේ ගොල්ලන්ට ආයෙමත් බලය...

:       0       1

හේමන්ත Wednesday, 24 July 2019 01:21 PM

ඕකට කාස්ට් බිහේවියර් ඔෆ් වෝටර් ෆෝල් වත් සම්බන්ධ කරගන්න.

:       0       0

හේමන්ත Wednesday, 24 July 2019 01:21 PM

ඕකට කාස්ට් බිහේවියර් ඔෆ් වෝටර් ෆෝල්වත් සම්බන්ධ කරගන්න.

:       0       0

Gamarala Wednesday, 24 July 2019 03:33 PM

ඔය එක එක ඒවා සමරන්නේ නැතිව බැරිද අපේ ගමන සාර්ථක විදිහට යන්න...

:       0       0

සේනාරත්න Wednesday, 24 July 2019 11:13 PM

මේ රටේ කිසිඳු දේශපාලන පක්ෂයකට කියන්න බෑ තමන් පාරිශූද්ධ බව.. හැමදෙනාම අඩු වැඩි වශයෙන් රටට විනාශය ගෙනාපු සිදුවීම්වලට දායකත්වය ලබාදීලා තියෙනවා.. එහි ප්‍රතිඵල තමා අදටත් රට අත්විඳින්නේ.. අතීතයේ යහපත් දේ සමරමු.. එහෙම නැතිව රටේ ජනතාවට අනවශ්‍ය මෙවැනි විගඩම් නවතා රට ගොඩනැගුමට හැම පක්ෂයකම නායකයන් ස්වයං විවේචනයක යෙදෙනවා නම් වැදගත් තමතමන් මේ රට පරිහානියට ලක්කිරීම උදෙසා දුන් දායකත්වය සම්බන්ධව.. එය මහගොඩක් නම්වලින් තියන හැමටම අදාලයි. එහෙම කරලා රටෙන්, ජනතාවගෙන් සමාව ඉල්ලලා. එම වැරැදි නිවැරැදි කරගෙන රට ඉදිරියට ගෙනයන්න සියලුම ජනතාව මෙහෙයවා ගෙන වැඩකිරීම තමයි මේ රටට දැන් වුවමනාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1319 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 184 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 355 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site