IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් මිනිත්තු 10 කට වරක් දුම්රියක්

බිඟුන් මේනක ගමගේ 

 

කොළඹ වාහන තදබදයට විසඳුමක් වශයෙන් යෝජිත කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාවත කිලෝ මීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන බව එහි පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව පවසයි.

 

මාලඹේ ඩිපෝ අංගනයේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි සේ එය ඉදි කෙරෙන බව එහි සඳහන් වේ.

 

ඊට අනුව කාර්ය බහුල වේලාවලදී මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණීමට නියමිය.

 

2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වේ.



අදහස් (29)

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් මිනිත්තු 10 කට වරක් දුම්රියක්

uddika Wednesday, 12 September 2018 06:12 AM

කඩිනම් ව්‍යාපෘතියක් හැටියටවත් පටන් ගන්න. ගිය ආණ්ඩුවෙන් පටන් ගන්න හැදුවේ, පෙරලුනාට පස්සේ නවතුණානේ. දැන්වත් පටන් ගන්න. ශක්‍යතා අධ්‍යනය ඉවරයිනේ දැන්

:       166       400

shantha Wednesday, 12 September 2018 06:25 AM

කොළඹ කොටුවේ සිට මිගමුව,වේයන්ගොඩ,පානදුර,හෝමාගම දක්වා විනාඩි 20න් 20ට පවර් සෙට් යවන්න............එවිට මගි තදබදය අඩුවේ.

:       1       306

Mahee Wednesday, 12 September 2018 06:34 AM

ඉතාම කාලෝචිත වැඩක්. නගර සංවර්ධනය දිගු කාලීන සැලැස්මකට අනුව කරනවා නම් කොච්චර හොඳද? වැඩේ තියෙන්නේ, ඔය හැම එකෙන්ම කොමිස් ගහන්නයි, හොරකම් කරන්නයි පටන් ගන්න එකනේ. එක එක දේශපාලකයන්ට හෝ හෙන්චයියලට ඕන හැටියට වෙනස් කරන්නේ නැතුව අනුමත සැලසුම අනුවම කල යුතුයි.

:       0       165

banda Wednesday, 12 September 2018 08:13 AM

කෝ තාම මේකට විරෝධය නැද්ද ?

:       12       72

analyzer Wednesday, 12 September 2018 08:22 AM

මේ ව්‍යපෘතියේ ශක්‍යතා අධ්‍යයනය පටන් ගත්තේ මේ වසරේ... පාරිසරික අධ්‍යයනය තාම යනවා. මේක පටන් ගන්න හදන කොටත් උද්ඝෝෂණය කරන්න පිරිසක් ඉඳීවි.

:       2       78

wedage Wednesday, 12 September 2018 08:34 AM

මේ 2020 දී කරන වැඩක් දැන්ම කරන්න. පුරාජේරු කතා කියලා වැඩක් නැහැ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

:       0       56

සුගත් Wednesday, 12 September 2018 08:36 AM

කොළඹ කොටුවේ සිට මට්ටක්කුලිය ඇලකන්ද බෝපිටිය හරහා මීගමුවටත් , කොළඹ කොටුවේ සිට පැලියගොඩ වත්තල හරහා කටුනායකටත් සැහැල්ලු දුම්රිය මාර්ග තැනීමට හැකිනම් මාර්ග තදබදය බොහෝ දුරට අඩු කර ගත හැකිය .

:       2       61

OMG Wednesday, 12 September 2018 08:50 AM

කව්රු හෝ කරන හොද වැඩකදී අපිට අපි ගැනම ආඩම්බර හිතෙනවා. නමුත් ඒ එක්කම හිතට භය හිතෙනවා හොර කම සහ කොමිස් ගැහිල්ල මේකට පැටලෙන නිසා.

:       0       67

Perakum Wednesday, 12 September 2018 08:52 AM

මෙය වහාම කළහැකි දෙයකි. 2024 වෙනකල් හිටියත් එක පාරක පමණක් තදබදය අඩු වේවි. නමුත් පවර් සෙට් යෙදවීමෙන් මාර්ග කීපයක ගැටළු බොහොමයක් වහාම නිරාකරණය කරගත හැක. බලධාරීන්ගේ අවධානයට යොමු වේවා.

:       0       77

Ranjan Wednesday, 12 September 2018 08:53 AM

දැනට තිබෙන දුම්රිය මාර්ග වල විනාඩි 10 න 10 ට දුම්රිය දාවනය වෙනවානම්, නගරාසන්න මේ අලුත් දුම්රිය ඕනේ නැහැ මුලින් කරන්න ඕන තිබෙන දුම්රිය වෙනුවට අලුතින් දුම්රිය ගැනීම සහ ගමන් වාර වැඩි කිරීම

:       2       170

PerakumWednesday, 12 September 2018 10:01 AM

ලොකු වැඩ පස්සට දාලා මේ වගේ අපට පුළුවන් දෙයක් වහාම කරලා බලමු. අද රටේ පවතින මාර්ග තදබදයට එක කඩිනම් විසඳුමකි මේ යෝජනාව.

:       44       34

Perakum Wednesday, 12 September 2018 09:11 AM

පාදෙණියලාට නින්ද ගිහිල්ලා වගේ... කෝ තාම පාරට බැස්සේ නැත්තේ මොකද.?

:       1       164

BamunuarachchiWednesday, 12 September 2018 10:15 AM

මේ අයගේ සිහිනවලට පාදෙණියලා අවහිර කරන්නේ නැත. කොහොමත් 5 වෙනකොට නැගිටිනවනේ...

:       2       21

Uditha - Abu Dhabi Wednesday, 12 September 2018 09:44 AM

අධික ලෙස තිබෙන වාහන තද බදයට හොද විකල්පයක්.. ඔන්න ඔය වගේ රටේ දියුණුවට මෙවැනි ව්‍යාපෘති ආරම්භ කරන්න.. කට්ටිය කුලල් කා ගන්නවා මිසක් වෙන සිද්ද වෙන දෙයක් නැහැනේ.. ඉකමනින් ආරම්භ කරන්න ... බොහොම හොද දෙයක්..

:       0       6

Dilan Sanjeeva Wednesday, 12 September 2018 09:57 AM

කලින් කළා වගේ චීනෙන් ගිනි පොලියට නැතුව ජපානයෙන් ලැබෙන සහන පොලි ණය ආධාර මගින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යාම අගය කළ යුතුයි.

:       2       52

ලුම්බිණි Wednesday, 12 September 2018 10:05 AM

වැදගත්ම දේ මේකට කොපමණ වියදම් වෙනවද සහ මුදල් කොහෙන්ද කියන එකයි. ඒ ගැන කිසි කතාවක් නැහැ කවුරුවත්...

:       0       2

Raveendra Wednesday, 12 September 2018 10:10 AM

බොහොම හොඳ වැඩසටහනක්. කතාව අඩුකර ඉක්මණින් ක්‍රියාත්මක කළොත් වටිනා කාලය ඉතිරි කරගන්න පුළුවන්...

:       0       3

Bamunuarachchi Wednesday, 12 September 2018 10:12 AM

කාගේවත් සිහිනවලට අපි මොකටද විරෝධය පාන්නේ? නනදා මාලිනී කීවා වගේ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මිනිත්තු 10 න් 10 කොච්චි? විකාර.

:       0       44

raviWednesday, 12 September 2018 10:39 AM

සිහින සහ බලාපොරොත්තු තමයි අපේ ජීවිත .. ඉදිරියට ගෙනයන්නේ .. !!!

:       12       21

amila Wednesday, 12 September 2018 10:16 AM

ආයෙමත් ලොකු කුට්ටියක් වගේ. පාරවල් ටික හොඳට හදලා වාහන ලාබ කරන්න. එතකොට ජනතාවට සුවපහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන්. රජයේ හෝ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යවල වර්ජනවලට බය වෙන්න ඕනත් නෑ. මේවගේ බොරු වැඩ වලට කාලේ, මුදල් නාස්ති වෙන්නෙත් නෑ.

:       4       4

sampath_08 Wednesday, 12 September 2018 11:11 AM

මේවා කරන්න කලින් කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා මුලින්ම තියෙන දුම්රිය වල වර ගණන වැඩි කල යුතුයි..... අවිස්සාවේල්ල/ වෙයන්ඩගොඩ/ කළුතර/ මීගමුව වගේ ස්ථානවලට ඒ ලගට බස් වැඩියෙන් යෙදවිය යුතුයි.....

:       0       109

nalin Wednesday, 12 September 2018 11:15 AM

මේවා කවදාවත් කවුරුවත් කරන්නේ නෑ. එක ඉර හඳ වගේ විශ්වාසයි. ගාල්ල - මාතර පැයට 100කි මි වේගයෙන් යන්න හැදුවා. කෝ යනවද? බස් වලට අදායම නෑ කියල නවත්තල. ඕන නම් රෑට යාපනයට සීඝ්‍රගාමී කෝච්චි දාන්න පුළුවන්. කොච්චර බස් යනවද? හොඳට අදායම හොයන්නත් පුළුවන්. ඇයි දාන්නේ නැත්තේ? පහුගිය කාලේ කොච්චර පවර් සෙට් ගෙනාවද? එත් ගමන් වාර එකක්වත් වැඩි වෙලා නෑ. දැන් තියන ඒවා වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ. උදේට ආවම යාර්ඩ් එකේ තියල ආපහු හවසට යනවා. දවසට දෙපාරයි. අඩුම ගානේ ළඟ ට්‍රිප් වත් දුවන්න පුළුවන්. මේවයේ ඔක්කොම තියෙන්නේ තමන්ට හම්බ කරගන්න හදාගත්ත මාෆියාවල්. මේවා නැති කරන තාක් කල් ලංකාවට අනාගතයක් නෑ.

:       0       110

රවින් Wednesday, 12 September 2018 11:25 AM

ඇයි මේ 2020 වෙනකම් ඉන්නේ. කොමිස් කාක්කන්ගේ වැඩ ටික ඉවරකරගන්නද? ජපානේ කියුවා නේද ආදාර දෙනවා කියලා? ඇගයීම් වාර්තා සමඟ වැඩ පිළිවෙල ඉදිරිපත් කලානම් ඉක්මනින්ම වැඩ පටන්ගන්න පුළුවන් වෙයි. චීන්නු අවුරුදු තුනින් අඩි 1900 කට කිට්ටු වෙන්න උඩින් කඳු දෙකක් යා කරලා අධි වේගී මාර්ගයක් හදලා තියෙන්නේ. ඇයි අපිට බැරි ?

:       0       0

ඉලේපෙරුම Wednesday, 12 September 2018 11:48 AM

අනේ ඉතින් දුම්රිය කාලසටහන ප්‍රකාශයට පත් කරන්න කලින් දුම්රිය පාර හදලා කෝච්චි ටික දාන්න කෝ...

:       0       63

silva Wednesday, 12 September 2018 12:16 PM

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16.... හපොයි එක ස්ටේසමකට අනිත් ස්ටේසම පේනවා.. ඔය 16 නවත්ව නවත්වා යනකොට එළිවෙයි.. 16 km ටම නැවතුම් පොළවල් 8ක් හොඳටම ඇති... එතකොට මිනිහෙකුට අැවිදින්න තියෙන්නේ ළඟම නැවතුමට 1ක් වැනි සුළුදුරක්නේ...

:       0       25

Lokka Thursday, 13 September 2018 01:59 AM

මේවා ඔක්කොම ජරාව කන වැඩ. තියෙන දුම්රිය හරියට දිව්වා නම් කිසි අවුලක් නෑ. අවුරුදු ගානක් යන්නේ නෑ . අවුරුදු 2 කින් වැඩ ඉවර කරන්න පුළුවන්. මේ අයට ඕන කමක් නෑ . රෑට බස් නෑ. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. පෞද්ගලික බස් වලට ඔර්ඩර් එකක් දෙන්න එක බස් එකක් මාසෙකට 10 පස්සේ වාර 2ක් දුවන්න කියල. වැඩේ ඉවරයි . ඔය වගේ පොඩි වැඩක් කරගන්න බැරි ආණ්ඩු තමයි අපිව පාලනය කරන්නේ. ඔය ටික මහින්දටත් බැරිඋනා. සිරිසේනටත් බැරි උනා. ඔය වගේ පොඩි පොඩි දේවල් ඕන තරම් තියෙනවා .

:       0       5

Bamunuarachchi Thursday, 13 September 2018 02:42 AM

ට්‍රෑම් කාර්, ට්‍රොලි බස් ටික තියා ගන්න බැරිවුණ මෙරටට මොන කොච්චිද? එකක් කිවයුතුයි ඔය සේවාවන් දෙකේම සේවය කලේ මහත්වරු. කොටහෙනෙන් පටන් ගන්න ට්‍රොලිබස් එකට නගින්න එන මගීන්ට ගුඩ් මෝනින් කියා නමින් කතාකරන තරමට ඒ කොන්දොස්තර මහතුන් මගීන් සමග සුහදව සිටියා. එ්කට දැන් ඉන්න හාදයෝ. රටේ පිරිහීම කොහොමද?

:       0       1

de silva Thursday, 13 September 2018 06:28 AM

මේක 2020 ක්‍රියාත්මක කරනවා කියන්නේ තවත් ඡන්ද ගුන්ඩුවක් බව මගේ අදහසය

:       0       6

rihan Thursday, 13 September 2018 08:13 AM

රටට සෙතක් නම් 2020 වෙන කම් ඉන්න අවශ්‍ය නැහැ. හොඳ දෙයක් නම් පස්සට කල් දාන්න එපා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 1 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 899 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 163 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 116 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1205 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 430 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site