IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා

(ඩී.කේ.රත්න)

සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 
 
දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කර ඉල්ලකගත ක්‍රමවේදයක් තුළින් රට දියුණු කරන බව ද ඔහු කීවේය.
 
ජාතික ආරක්ෂාව යටතේ හමුදාමය ආරක්ෂාව, අර්ථික ආර්ෂාව, දේශපාලන අරක්ෂාව යන සියලු අංශවල ආරක්ෂාව තහවුරු කරන බවත්, රණිවිරු අභිමානය සුරකින ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය. 
 
ඔහු මේ බව පැවසුවේ බදුල්ල විල්ස් උද්‍යානයේදී  දැන් පැවැත්වෙන රැලියක් අමතමනි. ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා එම රැලිය සංවිධානය කර තිබිණි.

‘‘ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නෑ. අපි ත්‍රස්තවාදය වලක්වන්නේ නෑ. අපි අනිවර්යෙන්ම ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදය විනාශ කරනවා. ත්‍රස්තවාදය, අන්තවාදය නිර්මාණය වෙන්නේ කොහොමද? ඒවා නිර්මාණය කරන කුමන්ත්‍රණකාරයො කවුද කියා සොයා බලන්න ඕනා. බුදුන් වහන්සේ දේශනා කළේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා‘ කියලයි. රජයක වගකීම වන්නේ ජාති, ආගම්, කුල බේද නැතිව සියලු දෙනා වෙනුවෙන් කටයුතු කිරීමයි. අන්න ඒකයි බුදුන් වහන්සේ දේශනා කළෙත්. ‘‘

රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව දක්ෂ පළපුරුදු උගත් හැකියාවක් තිබෙන නව නිපයුම් තුළින් රට  දියණුවකට ලක් කළ හැකි සුදුස්සාට සුදුසුතැන ලබා දෙන පිරිසකට පමණක් බව  ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

‘‘මට අවුරුදු 52යි. මම මැරෙන්න බය නෑ. මම ජනතාව අතරයි ඉන්නේ. මම ජනතාව අතරින්ම තමයි නොවැම්බර් මාසේ යන්න ඕන තැනට යන්නේ. ‘‘ යැයි ද ප්‍රේමදාස මහතා කීවේය.

ඡායාරූප - ප්‍රසාද් රුක්මල්

ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි

 



අදහස් (62)

සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා

මංගල Monday, 12 August 2019 11:55 AM

මේ අර ආර්‍යයාවගේ ස්වාමිපුරුෂයා නේද?

:       973       1830

senaMonday, 12 August 2019 01:16 PM

නැතුව නැතුව එක ආර්යාවක් බොහොම අමාරුවෙන් ගියා දැන් තවත් කෙනෙක් බලපල්ලකෝ... අනේ මන්දා අපේ රටට හරියන්නේ නැහැ.

:       282       311

RaveendraMonday, 12 August 2019 01:21 PM

නැතුව නැතුව පුතේ ඒ කියන අර්යාවගේද, භාර්යාවගේද හාදයා තමයි මේ.. පොඩි ගැටළුවකුත් තිබෙනවා... මේ ගොයියව සූත්තර පුංචා ඉදිරිපත් කරලද තියෙන්නේ? තමන්ගේ පැත්තෙන් තරගකරු හැටියට පොරයට?

:       386       471

indikaMonday, 12 August 2019 05:03 PM

මිනිස්සු රවටනවා බලාගෙන හොඳට හිතල චන්දය ගහන්න

:       4       29

Dilan Monday, 12 August 2019 11:59 AM

විසිඑක් වැනි සියවසේ කාර්මික විප්ලවයක් ගැන කියන මොළ ගෙනාපු නැවක්නේ...

:       19       408

Rata Perata Monday, 12 August 2019 12:04 PM

මෙයාලා ටිකත් ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න නොගියොත් පුදුමයක්. අපි බලමු...

:       635       925

gamarala Monday, 12 August 2019 12:05 PM

අැයි අනේ මේ රැස්වීමේදී ඔයාලා සජිත් ඉන්නවා කියලා කියන්නේ? ඕක කියන්නත් දෙයක්ද? අලියා උඩ යනවා නම් පේනවා.

:       159       131

භද්‍රානි Monday, 12 August 2019 12:24 PM

පවුල් පාලනයට තිත...

:       316       455

Prabha Monday, 12 August 2019 02:17 PM

එතකොට මෙයාගේ පියා වෙන කෙනෙක්ද?

:       387       414

RaveendraMonday, 12 August 2019 03:22 PM

මෙම අදහස් කිසිවෙකුට අපහාස කිරීමට නොවේ. දන්නා අය ඒ විස්තර දන්නවා..

:       2       153

kolam boss Monday, 12 August 2019 12:25 PM

තාත්තද කිව්වේ මේක තියන්න කියලා..

:       53       332

Savant Monday, 12 August 2019 12:34 PM

දැන් සජිත්ව බලෙන්ම යූඑන්පී අපේක්ෂකයා කරන්නද හදන්නේ? එතකොට පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ...?

:       195       494

Amila Monday, 12 August 2019 12:43 PM

අරහෙන් වලපයයි ගොඩපයයි කෙනෙක් ඉල්ලන නිසා මේ පැත්තෙන් කවුරු දැම්මත් දිනයි වගේ...

:       1816       1714

ranil Monday, 12 August 2019 12:51 PM

අනේද කියන්නේ...? රැස්වීමට ආවා මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ගෝත්‍රය තොලොංචි වෙලා යනකම්, ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ සිංදු අහන්න..

:       663       898

Raveendra Monday, 12 August 2019 01:04 PM

අපිට නම් මොන බූරුවා තරග කරත් අදාළම නැත. රටේ ආරක්ෂාව, රටේ දියුණුව, මෙන්ම මහජන මුදල් භාවිතය විනිවිද බව මූලික කරුණු විය යුතුයි. එබැවින් මෙම රිලව් 225 ම එම කරුණු සැලකීමේදී මහ බූරුවා ලෙස තරග කිරීම කිසිවිට නොකළ යුතුයි.

:       71       368

Raveendra Monday, 12 August 2019 01:17 PM

තමුන් මහ බූරුවා වුනොත් සජිත් ගොයියාගෙන් පහත පැනයන් සදහා ඍජු පිළිතුරු බලාපොරොත්තු වන්නෙමු.1. තමන්ගේ වත්කම්, බැරකම් ප්‍රසිද්ධ කරන්නේද? 2. මහජනතාවට සහ තමන්ගේ ඥාතීන්ට, ගොට්ටන්ට එකම හැන්දෙන් බෙදන්නේද? 3. නැවතත් 225 ම (ඔහෙත් ඇතුළුව) තීරුබදු වාහන ලබා දෙන්නේද? 4. එම වඳුරන්ට දියවන්නා ඔයේ ආපන ශාලාවෙන් ඉතාමත් අඩුමුදලකට අධි පෝෂ්‍යදායි අාහාරපාන ලබා දෙන්නේද? 5. විදේශ සේවයට (ඔහේගේ තාත්තා කළ දේවල් අපට හොඳින් මතකයි) තමන්ගේ ඥාතින්, ගොට්ටන් යොදවන්නේද? 6. විදේශ ගමන් යනවිට තමන්ගේ හැත්ත බුරුත්ත, ගොට්ටෝනේ ඔක්කොම මහජන මුදලින් රැගෙන යන්නේද? 7. නැවතත් හැලිවඳුරන් 225ම විශ්‍රාම වැටුප් ලබා දෙන්නේද? 8. මේ අය මහජන මුදලින් විදේශ සංචාර යන්නේ නම් පැමිණි පසු තමන් ලබාගත් දැනුම හා අදාළ විස්තර ගිය වියදම් මහජනතාවට දැනගැනීමට සලස්වන්නේද? 9. කිසියම් හෝ සුළු පක්ෂයයි කියන හිවලුන් සමග ගිවිසුම් අත්සන් කරන්නේ නම් එම ගිවිසුම් මහජනතාවට ප්‍රසිද්ධ කරන්නේද? 10.පාරේ යනවිට වටකාගෙන යන නිලමැස්සන්ගෙන් ඇතිවන කරදර නැතිකර දමන්නේද? 11. මහ වඳුරා යනවිට පාරවල් සියල්ලම වසන්නේද?

:       1       1531

aseTuesday, 13 August 2019 07:22 AM

ඔබ කියන දේ එදත් වුනේ නැහැ, අදත් වෙන්නේ නැහැ, හෙටත් අන්නිද්දත් කවදාවත් වෙන්නේ නැහැ, කව්රු ආවත් වෙන්නේ මොන හරි කියවල අපිව රවුමේ ගන්නවා, ඔවුන්ගේ දේ කොර ගන්නවා, එතකොට 225ම එකගයි, අපේ මෝඩ ජාතිය මෙය තේරුම් ගන්නකන් ජනතාවට සහ රටට කාගේ පිහිටද ???

:       6       33

ApiTuesday, 13 August 2019 05:08 PM

මේවද ප්‍රශ්න? මොනවද මේ කතා?

:       0       0

තර්ස්තයා Monday, 12 August 2019 01:17 PM

මේ කරන්නේ තනිකරම අහවලාගේ කොන්තාත්තුරුවක්. අපොයි ලංකාවේ දේශපාලනයට ගිය කලක්. ජනාධිපති පුටුව දැන් හරි ලාබයි. ඕක ඔච්චරම බාල්දු වෙන්නේ ඇයි? බලෙන් ඉල්ලන්නේ. ඒවාට උදව් කරන්නේ කලබ්කාරයෝ. ඉස්සෙල්ලා මේ කට්ටිය සමාජයට ආදර්ශයක් වෙන්න එපායැ. කෝ දැන් විනයක් තියෙනවද? ආ.. විනය දැනගන්න අධ්‍යාපනයක් නැහැනේ. සොරිම තමයි. කඩාකප්පල් කරලා වාසියක් ගන්නයි යන්නේ. මේ රටේ යහපත් පුරවැසියෝ කොටසකුත් ඉන්නවා.

:       84       423

saliya Monday, 12 August 2019 01:25 PM

මමත් තාත්තා වගේ දුගී දුප්පත්කම මාර්කට් කරලා විකුණන් කනවා.

:       54       547

RaveendraMonday, 12 August 2019 03:27 PM

තාත්තා, අගමැති කාලේ ජනාධිපති කාලේ මෙයා ඒ ඒ ආරක්ෂකයන් එක්ක " නිදන් වදුල " නමැති පැරණි පොත පරිශීලනය කළහැටිත්, වන උද්‍යානවල සැරිසරපු හැටිත් දන්නෝ දනිති. දැන්නම් හරිම බබා නිසා හොටු පිහිදාන ලේන්සුව කට්ටක් ගහලා එල්ලා තියෙන්නේ "කලිසමේ".

:       43       644

chandima Monday, 12 August 2019 01:30 PM

මෙදාපාර කොට ඇදිල්ල විහින්ම බාරගත්තා වගේ. ඔය වැඩෙන් වෙන්නේ කවදාකවත් කරඬුව ගෙනියන්න සුදුසු නැහැ කියලා හංවඩු ගහලා එයා තවත් කාලයක් කරඬුව වඩම්මන එක, අන්තිමේ බෑනට බාරදීලා යයි.

:       34       313

Thilina Monday, 12 August 2019 01:41 PM

නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ලෝකයක් ගැන කතා කරන සමාජයක කාර්මික විප්ලවයක් ගැන කතා කරන ලෝකයේ එකම ජනාධිපති අපේක්ෂකයා.. තව අවුරුදු 50කට කලින් මේ රට ගෙනියන්න හදන කෙනෙක්. අඩුම ගානේ නොදන්න දේවල් නොකියා හිටියා නම් තියෙන ඡන්ද ටික හරි බේරගන්න තිබ්බා..

:       160       532

Anurudda Monday, 12 August 2019 03:18 PM

ගෝඨාභය මහතා සුදුවෑන් පාලනයක් ගෙනයාම නිවැරදියි කියන පාඨකයන් රණසිංහ ප්‍රේමදාස මහතා ජවිපය මර්ධනය කිරීම වැරැදි ලෙස දක්වා ඇත. මෙම අදහස් කියවන විට සිනාසිය යුතු තැන හිතා ගත නොහැක.

:       236       434

BamunuarachchiMonday, 12 August 2019 11:50 PM

ඒගොල්ලෝ ඊයේ ඉපදුන කට්ටිය.

:       9       141

BamunuarachchiTuesday, 13 August 2019 11:35 PM

සුදු වෑන් වලගිය ගණන දළ වශයෙන් කියන්න. 5ක් 10ක් 10ක් නැහැ නේද? 1989 පාරවල් අයිනේ ටයර් සෑය වල පිච්චුන සිංහල කොල්ලෝ කෙල්ලෝ ගණන 60000 වැඩියි නේද? ඒ කාලේ මව්පියන් සිටියේ දරුවන් ගැන කොපමණ බියකින්ද? තරහ කාරයෙක් පොලිසියට දෙන පණිවිඩය ඇති ළමයාව අරන් ගිහිල්ලා මරන්න. එහෙම නේද අර ප්‍රින්සිපල්ගේ කීමට පාසල් දරුවන් ගණනාවක් මැරුවේ. සුදු වෑන් මැරිල්ලයි 1989 මැරිල්ලයි අහසට පොළව වගේ වෙනස්. සුදු වෑන් එකක ගිය ඔබ දන්නා එක වැදගත් පුද්ගලයකුගේ නමක් කියන්න.

:       0       3

රජින්ද Monday, 12 August 2019 03:25 PM

ආසනය දිනාගෙන එන්න රට දිනන්න කලින්.. හපොයි මෙහෙමත් විගඩන්...

:       121       304

5 Monday, 12 August 2019 03:27 PM

ලේ වලම තියෙන්නේ යටිකූට්ටු වැඩ සහ කකුලෙන් ඇදීමයි. මෙයාගේ පියා ජනාධිපති අපේක්ෂකයා වෙන්න කොයිතරම් දැඟලුවද?

:       7       234

Wasantha Monday, 12 August 2019 03:32 PM

මෙයාගේ කතා අහද්දී නිකන් සිනි බෝල කතා කියලා දැනෙන්නේ මට නම්. ලංකාවට ඕන අනාගතේ දකින්න පුළුවන් නායකයෙක්. නැත්තම් ආයේ අවුරුදු 10 කටවත් ගොඩඒමක් නැහැ...

:       2       370

warunaTuesday, 13 August 2019 05:14 AM

හරියට හරි.

:       2       3

ලක්ෂිත Monday, 12 August 2019 03:38 PM

එජාපය තව 5ක් කළොත් වෙන දේ හිතෙන්නේ මට විතරද?

:       171       413

kamalaTuesday, 13 August 2019 05:13 AM

ඔව් ඔබට විතරක් තමා පෙන්නේනේ . මොකද ඔබගේ මොලේ වැඩ කරන්නේ ටිකයි. එජාප දොස පමණක් දකින මොලයක්.

:       1       18

BamunuarachchiWednesday, 14 August 2019 02:29 PM

මඤ්ඤං මොලවලට ලක්ෂිතගේ මොලේට පෙනෙන දේවල් පෙනෙන්නේ නැත...

:       0       0

Lakmal Monday, 12 August 2019 03:52 PM

ජය වේවා..!!!

:       567       538

RathnaTuesday, 13 August 2019 06:47 AM

හීන දකින එක ගොඩක් හොඳ දෙයක් ලක්මාල්. ඒත් ඉතින් මේ වගේ කෙනෙක් කවදාවත්ම ජනාධිපති නම් වෙන්නෙ නැහැ කොච්චර ජයවේවා කිව්වත්.

:       3       65

මෝ Monday, 12 August 2019 04:02 PM

කෝ අර පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කිව්ව සෙට් එක. දැන් යූඑන්පී අපේක්ෂක සජිත්ද? හැබැයි එයා කියන්නේ ගෝඨා ඊයේ කියපුවාම කොපි කරලා. කෝ අර යූඑන්පී කෘත්‍යාධිකාරී මණ්ඩලය. එයාලගෙ ඡන්දෙන් වෙන්න ඇති සජිත් පත්වෙන්න ඇත්තේ...

:       226       422

athuraTuesday, 13 August 2019 03:35 AM

ගෝටා කියන දේවල් කොපි කරන්න නම් එපා. අන්න පෙරේද කිව්ව පරිසර හිතකාමී ප්‍රචාරක කටයුතු කියල. ඊයේ හැම තාප්පෙම පරිසර හිතකාමී විදිහට මුනත් තහඩුව ගහල.

:       53       5

indra Monday, 12 August 2019 04:40 PM

නැවතත් ජනතාව අන්දන්නයි යන්නේ, අපට ඉන්න රටක් ඕනේ.. අහිංසක ජනතාව සමුහ ඝාතනය වෙද්දී, ප්‍රශ්නය විසඳපු විදිහ අපි දැක්කා. වැරදි කාරයින් නිදොස් කරන්න පාර්ලිමේන්තු උසාවියක් හැදුවා. කාටද සාධාරණයක් කරේ? අායෙත් නම් ජනතාව පරම්පරා ගාණකට රවටන්න බෑ...

:       0       0

wije Monday, 12 August 2019 05:04 PM

හැමෝම කියන්නේනම් ලොකු ලොකු සංවර්දන වැඩ කරනවා , වංචාව , දුෂණය , හොරකම නැති කරනවා කියලා. නමුත් ඇත්තටම හොරකම , දුෂණය , වංචාව , නැති නායකයෙක්ව මේ රටට ගේන්නේ වෙන්නේ අගහරු ලෝකෙන් තමයි.

:       0       2

Warnakulasuriya Monday, 12 August 2019 05:45 PM

අර පෙට්ටි ගෙවල් හදන වගේ සංවර්ධනයක්ද?

:       1       2

asanka Monday, 12 August 2019 06:00 PM

ඔබ තමයි ජනතාව ඉල්ලන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම කෙනා. ජය නියතයි

:       5       2

CHANDIMA Monday, 12 August 2019 09:34 PM

සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා ඇතිකරනවා කිව්වට බැහැනේ කරන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනනේ.

:       0       3

Mudiyanse Monday, 12 August 2019 10:16 PM

මෙය කොහොමද තනිවම ජනාධිපති අපේක්ෂකයා කියලා මීටින්ග් තියන්නේ. පක්ෂයේ ඉන්න අනිත් ලොක්කන්ට මේවා පෙන්නේ නැද්ද? අපි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්නේ අපි රනිල්ට තියෙන ලෙන්ගතුකම හින්දයි.

:       1       2

Mudiyanse Monday, 12 August 2019 10:23 PM

ඔයා පක්ෂයේ නායකයාගෙන් අවසර අරගෙනද ඔය වැඩේ කරන්නේ.

:       0       2

ranjith Monday, 12 August 2019 10:58 PM

මිනිස්සු බුද්ධිමත් මාධ්‍යට ජන මතය වෙනස් කරන්න බැ

:       0       2

Bamunuarachchi Tuesday, 13 August 2019 12:49 AM

ඉතින් මේ අවුරුදු 5 ට ඕක කරන්න තිබුනානේ. එහෙම කලානම් ඔච්චර නැහෙන්න ඕනේ නැහැනේ නැවත බලය ලබා ගන්න.

:       3       6

මුණසිංහ Tuesday, 13 August 2019 01:53 AM

මෙයා මේ කතා කරන්නේ දැන් ආණ්ඩුව තියෙන්නේ විරුද්ධ පක්ෂයක් අතේ කියලා හිතාගෙන. ඔය කියපු ටික දැන්ම කරලා පෙන්නන්නකො. ඔයා දැන් ආණ්ඩුවෙ ප්‍රබල ඇමතිවරයෙක් නේ.

:       1       5

jayath Tuesday, 13 August 2019 04:10 AM

මෙයා මේ ලොකු කතා දෙන්නේ ජනපති අපේක්ෂකකම හම්බවෙලා වගේ හරියට

:       1       6

Rasika Tuesday, 13 August 2019 04:27 AM

ප්‍රථම රැලියටම කළු ඇඳීම සුදුසු නැත . කළු යනු අඳුරයි .

:       2       5

p.d goonawrdena Tuesday, 13 August 2019 04:43 AM

ඕව කියනවා වගේ ලේසි නැහැ. පොඩ්ඩක් කෙරෙන විදිහ පෙන්වමු බලන්න. මිනිස්සු ඉස්සරහ සිංහයෝ වෙලා අන්තිමට 2/3 හදාගන්න බැරිව මඩ කන විදිහ දැකල තියේ. ඔක්කොම එක්ක එක සිංහලයෙක් පත් කරගම්මු.....

:       1       5

dinesh Tuesday, 13 August 2019 04:50 AM

ජය වේවා..!!!

:       7       0

saman dissanayake - Badulla Tuesday, 13 August 2019 06:21 AM

බදුල්ලට සජිත් කරපු දෙයක් කියන්න ආවෙත් පලවෙනි වතාව.

:       1       7

Rata Perata Tuesday, 13 August 2019 06:29 AM

පක්ෂ තීරණය එනකම්වත් ඉන්නේ නැතුව විනය විරෝධීව, මේ වගේ කෙනෙක්ට චන්දෙ දෙන්නම එපා.

:       1       86

Rathna Tuesday, 13 August 2019 06:43 AM

දැන් සංවර්දනය කරන්න හදන්නෙ හාල් කිලෝ එක ගානෙ දීලාද?

:       1       28

SHAN Tuesday, 13 August 2019 06:55 AM

ජය වේවා..!!!

:       18       2

vipula Tuesday, 13 August 2019 07:02 AM

මෙතුමාට තියෙන්නේ නිකන් දෙන පිළිවෙතක්. ඒක හැම දේකටම හරියන්නේ නැහැ .

:       2       28

nammba Tuesday, 13 August 2019 07:38 AM

ඇමෙරිකාවේ වගේ ලංකාවෙත් දේශපාලන පක්ෂය ඇතුලේ ඡන්දෙකින් ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රමයක් ගෙනවානම් තමයි සාධාරණ.

:       0       36

sujee Tuesday, 13 August 2019 08:25 AM

ජයෙන් ජයම වේවා

:       104       4

Bamunuarachchi Tuesday, 13 August 2019 11:43 PM

දැන් නම් කියයි මම මැරෙන්න බය නැහැ කියලා... මොකද රාජපක්ෂලා කොටිටික නැතිකළ හින්දා. තාත්තා නම් කොටින්ට සල්ලිත් දීලා අායුධත් දීලා තමන්ටම කෙළවා ගත්තා. ඒ නිසා හම්බ ත්‍රස්තවාදයත් එහෙමයි කියලා හිතාගන්න.

:       0       122

BamunuarachchiWednesday, 14 August 2019 02:37 PM

LTTE ත්‍රස්තවාදයයි, හම්බත්‍රස්තවාදයයි වෙනස්. LTTE ත්‍රස්තයෝ ඉල්ලුවේ රටින් කෑල්ලක්. හම්බ ත්‍රස්තයෝ රටම මුස්ලිම් කරන්නයි හදන්නේ උන් දෙවියන් වෙනුවෙන් මැරෙන මෝඩ හැත්තක්... එමනිසා අන්‍ය ආගමිකයින් මරනවා මරනවාමයි. ඌරුමස් කවලාවත් ඔවුන්ව යහමගට ගන්න බැරිය. ඔවුන්ට ආයුධ, සල්ලි දුන්නා කියා එජාප නායකයින්ට බේරුමක් නැත.

:       0       0

julieyan Wednesday, 14 August 2019 06:45 AM

එදා බදුල්ලෙන් මහින්ද රාජපක්ෂ පැරදවූ රැල්ලම අායිමත් හරේන් බදුල්ලෙන් ගෝඨා පරදවන්න ඇරඹූ වගයි..

:       113       0

isurandi Wednesday, 14 August 2019 10:25 AM

මේ වටේ ඉන්න එවුන්ට මොනවා හම්බවෙලාද දෙයියනේ මෙච්චර කහින්නේ? මිනිසුනේ උඹලාම තමයි මේ රට වලපල්ලට ඇදලා දාන්න උර දෙන්නේ මේ කම්බ හොරුන්ට... හිතපල්ලා රට ගැන නැතුව බඩ ගැන නෙමෙයි. උනුත් එකයි, මුනුත් එකයි කියන එක නුඹලාට තවම වැටහුනේ නැද්ද බොලව්? මතු දරුපරපුරට මොකක්ද මේ දෙන ආදර්ශය...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1050 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 211 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1175 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1202 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1453 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1317 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site