එෆ්.අස්ලම්
රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය හේතුවෙන් ඇදිරිනීතිය පනවා තිබීමෙන් බදුල්ල පළාත් මහ රෝහලේ සායන සදහා යොමු විය යුතු රෝගීන් 600කට අධික සංඛ්‍යාවකට සායන සදහා පැමිණීමට නොහැකිව සිටීමට සිදුව තිබෙන බව බදුල්ල පළාත් මහ රෝහලේ සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.
මෙම රෝගීන්ට ගැටළුවකින් තොරව සායන සදහා යොමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසට රෝහල් පාලනාධිකාරිය විසින් පොලිසියට උපදෙස් දී තිබෙන බවත් එම රෝගීන්ට සායන පොත පෙන්වා බාධාවකින් තොරව රෝහල් වෙත පැමිණිය හැකි බවත් ඔවුන් පැමිණෙන වාහනවලටද ගැටළුවක් නැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
පිළිකා,වකුගඩු,දියවැඩියාව,අධික රුධිර පීඩනය කායික රෝග ඇතුළු සායන සදහා දින නියමවී ඇති රෝගීන්ට ඇදිරිනීතිය පැනවීමත් සමග ගමනාගමන ප්‍රවාහන කටයුතු අඩාල වීමෙන් සායන මගහැරී ඖෂධ නොමැතිව නිවෙස්වලට වී සිටීමට සිදුව තිබෙන බවද හෙතෙම කීය.
මේ පිළිබද කරන ලද විමසුමකදී බදුල්ල පලාත් මහ රෝහලේ සම්බන්ධීකරණ වෛද්‍ය ගයාන් කුරේ මහතා මේ බව සදහන් කළ අතර රෝහලේ රෝගී පරීක්ෂාවන් සායන වලදී සුපුරුදුව සිදුවන බවත් මසකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බවත් ය.
ඒ අනුව සායන සදහා යොමුවිය යුතුව ඇති රෝගීන්ට හෝ රෝගියාගේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ඥාතියකුට උදෑසන කාලයේ රෝහල වෙත පැමිණ රෝගියාගේ සායන පොත ඉදිරිපත් කර වෛද්‍ය නිර්දේශ මත රෝගියාට අවශ්‍ය ඖෂධ රැගෙන යා හැකි බවත් ඖෂධ නොමැතිව නිවෙස්වලට වී නොසිට හැකි ඉක්මනින් ඖෂධ ලබා ගන්නා ලෙසත් ගයාන් කුරේ මහතා අවසන් වශයෙන් සදහන් කර සිටීයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර
C.K.ankaputhra Friday, 27 March 2020 01:20 AM
බදුල්ලට විතරද මේ සහනය.