IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ස්විස් කුමාර් නිදහස් කළේ පොලිස් පරීක්ෂක ශ්‍රීධරන්

(දසුන් රාජපක්ෂ)

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී ධරන් නැමැති නිලධාරීයා බව සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (14) පැවසීය.

එම පොලිස් නිලධාරීයා කර එලෙස ඇත්තේ පොලිස් බාරයේ තබාගෙන ස්විස් කුමාර් නැමැත්තා රෝහල්ගත කරන ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කළ නියෝගය කඩකරමින් බවද සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා මහතා කීය.

පොලිස් පරීක්ෂක ශ්‍රී ධරන් මහතා එම සැකකරු පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා කළ නියෝගයකට අනුව බවද සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා මහතා සඳහන් කළේය.

මෙම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇසූ හරස් ප්‍රශ්න හමුවේ සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා කියා සිටියේ එම නියෝගය කඩ කිරිමට හේතු වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා ලබාදී ඇති නියෝගයක් නිසා බවයි.

එලෙස අනාවරණය වීමෙන් පසුව මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කිරිමට කටයුතු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නොව නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා බව කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.



අදහස් (7)

ස්විස් කුමාර් නිදහස් කළේ පොලිස් පරීක්ෂක ශ්‍රීධරන්

Ajith kumara Friday, 14 August 2020 02:51 PM

මේවගේ ජීවිත විනාශ කරන පාපතරයන් නිදහස් කරනවා නම්... අපේ පොලිසිය මොනයම්ම හෝ දෙයකට ඇයි එම නිලධාරින් තව දුරටත් එම නිලයේ තියන්නේ මෙවන් නිලධාරින්ගේ කෝට් එක ගලවන්න. මේ වගෙ දෙයක් එම නිලධාරියෙක්ට වුණා නම්...

:       0       0

සේන Saturday, 15 August 2020 04:56 AM

පොලිසියේ තත්ත්වය ඉතා භයානක අවධියක තිබූ වග පැහැදිලියි. තව ටික කාලයක් මෙසේ වී නම් පාතාලයත් පොලිසියත් දෙකක් නොව එකක් වන්නට තිබුණි. බලයේ සිටි දේශපාලකයින් මේ පිටුපස සිට ඇතුවාට කිසිදු සැකයක් නැත...

:       46       51

Siri PereraMonday, 17 August 2020 04:41 PM

හොඳයි කවුද කියන්න බලන්න ඒ දවස්වල බලයේ හිටිය දේශපාලන නායකයන්ගෙන්?

:       0       0

සෙනෙවිරත්න Saturday, 15 August 2020 05:04 PM

පොලිසි කවදත් එකයි, මහින්දගේ කාලෙ මීට එහා. වෙනස ඒවා යටගිය එකයි...

:       0       0

jagath Sunday, 16 August 2020 04:59 AM

උපරිම දඬුවම් ලබාදෙනු. ඒ පාසල් දැරිය විඳපු දුක අනිවාර්යයෙන්ම වැරැදිකරුවන්ට ලැබිය යුතුමයි.

:       0       0

විජිත් Sunday, 16 August 2020 07:41 AM

අනේ මේ දුව ඒ මුසල දවසේ අර මාරයින්ට අසුනොවුණා නම් අදත් ජීවත්වෙනවා.. දොස්තර නෝනා කෙනෙක් වෙලා, එහෙමත් නැතිනම් ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙලා... ජනතාවට සේවය කරනවා. දුවේ ඔයා දෙමළ වෙන්න පුළුවන්... දෙමළ කියන්නෙත් අපේම රටේ අපේම අය. එ්ත් ඔයා එදා මුහුණදීපු ඒ අවාසනාවන්ත ඉරණම හෙට අපේ රටේ සිංහල, මුස්ලිම්, මැලේ, බර්ගර්.. ඕනෑම දැරියක් මුහුණ දෙන අවාසනාවන්තම සිදුවීමක් වෙන්න පුළුවන්... අපි නීතියට කොයිතරම් ආදරේ කළත්, ගරුකළත්... නීතියත් අද එක පැත්තකට නැමිලා, එක්කෝ මුදල් පැත්තට, නැතිනම් දූෂිත දේශපාලුවන්ගේ පැත්තට.. නීතිය අපිට ආදරේ නැතිලු.. එ්ත් දුවේ අපි ඔයාට හැමදාම ආදරෙයි. ඒ ඔයා අපේම කෙනෙක් නිසා. මතු උපදින කිසිම ආත්මයකදී ඔබට මෙවන් දුක්මුසු ඉරණමක් අත්නොවේවා. ඔයාට නිවන් සුව අත්වේවා ..!!!

:       0       0

sampath Sunday, 16 August 2020 03:09 PM

ප්‍රදේශයේ පොලීසියට ප්‍රදේශයේ දේශපාලකයින් ඇඟිලි ගසනවාමයි. ඒ නිසා ප්‍රදේශයේ පොලිසියට අමතරව විශේෂ ඒකක කිහිපයක් හදලා පාලනය කළ යුතුයි. එය සෘජුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාකළ යුතුයි...ඒ වගේම පොලිස් පැමැණිලි සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවලා ඒවායේ පැමිණිලි ලිඛිතව විද්‍යුත් තැපැල් මගින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමු. අවශ්‍ය අවස්ථාවන්වලදී සහ ඉල්ලීම් ඇතිවිට ප්‍රදේශයේ පොලිසියෙන් බාහිරව පරීක්ෂණ කිරීමට කණ්ඩායම් යොදවමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 31 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 19 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 532 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1925 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 371 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site