IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ස්කාගාර සේවකයකුගේ නිවසකින් කෝටි 3 ක මත්පැන් ස්ප්‍රීතු සොයාගනී

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ  දොඩංගොඩ පිහිටි සුවිසල්  නිවසක ගබඩා කර තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් ස්ප්‍රීතු බැරල් 15 ක් අද (14)  දොඩංගොඩ පොලීසිය බාරයට ගෙන තිබේ.

එම බැරල්වල ස්ප්‍රීතු ලීටර්  තිස් පන් ලක්ෂ  පන්සීයක්  තිබූ  බව පොලීය සඳහන් කරයි.

මෙම නිවසට දහවල් කාලයේදී නාඳුනන පුද්ගලයින්,වාහන පැමිණෙන බවට පොලීසියට ලැබී තිබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳව අවධානයෙන් සිටී පොලීසියට මෙම ජාවාරම හසු කර ගැනීමට හැකි වී තිබේ.

මෙම ස්පීතු  තොගය රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් හොර  රහසේ ගෙන ආ ඒවාදැයි සැක පවතින බව පොලීසිය සඳහන් කරයි.
 සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.



අදහස් (15)

ස්කාගාර සේවකයකුගේ නිවසකින් කෝටි 3 ක මත්පැන් ස්ප්‍රීතු සොයාගනී

de silva Wednesday, 14 August 2019 08:11 AM

අනිවාර්යයෙන්ම හොරෙන් ගෙනාපුවා වෙන්න ඕනේ... නැත්නම් ස්කාගාර සංස්ථාව සේවකයන්ට ස්ප්‍රිතු වලින් වැටුප් ගෙවන සිරිතක් නැහැනේ ?

:       0       143

මුණසිංහ Wednesday, 14 August 2019 09:05 AM

ඔන්න රාජකාරිය පැය 24ම කරන අවංක සේවක මහත්මයෙක්.

:       0       46

RaveendraWednesday, 14 August 2019 09:38 AM

ඉතාමත් අවංක නිලධාරියෙක් රාජකාරි කටයුතු ගෙදරට ගෙනත් කරන... මෙන්න මිනිස්සු..., මොවුන්ට ගහන්න ඕනේ. ඉතින් හිතාගන්නකෝ ලිවිය යුතු වචන මොනවද කියා..?

:       0       13

de silva Wednesday, 14 August 2019 09:24 AM

සුවිසල් නිවසකුත් තියෙනවා නම් කොටි 3ක ස්ප්රිතුත් ගබඩා කරලා තිබුණා නම් මොහු අනිවාර්යයෙන්ම සේවාකාලය තුළ සංස්ථාවෙන් ප්‍රකෝටි ගණනක් හොරකම් කරලා ඇති.. හරි නම් මොහුගේ වත්කම් සියල්ල සොයාබලා රාජසන්තක කරලා අඩුම තරමේ අවුරුදු 30-40 වත් සිරේ යැවිය යුතුයි. චීනේ මේවගේ වැඩක් කළානම් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා.. සෞදියේ නම් හිස ගසා දමනවා..

:       0       40

RaveendraWednesday, 14 August 2019 11:05 AM

වෙඩි තැබුවොත් උණ්ඩ සඳහා මුදල් නාස්ති වෙනබැවින් මෙවන් බල්ලන්ට එය කිරීම අපරාධයකි. හිස ගසා දැමීමට තියුණු ආයුධයක් අවශ්‍ය වන්නේය. එහි මෙවන් බල්ලන්ගේ ලේ තැවරීම මහා පාපයකි. එබැවින් මෙවන් බල්ලන් රජයේ පොදු වැසිකිලි වලවල් ප්‍රසිද්ධියේ ගිල්වා දැමිය යුතුයි..

:       0       30

Sugath Premalal Wednesday, 14 August 2019 09:46 AM

හැමරජයේ අයතනකම වංචාව , දුෂණය, මැති ඇමතිවරුන්ගේ අනුදැනුම ඇතිව ඕවා වෙන්නේ.. කෝ නීතිය තව ටික කාලයිනේ...

:       0       11

විමල් Wednesday, 14 August 2019 10:41 AM

අනේ ඒ බැරල් එකක් මටත් ගන්න ඕන. එකක් ලීටර් ලක්ෂ දෙකක් අල්ලන බැරල් එකක්. කීයක් ගියත් කමක් නෑ.

:       0       19

pradeepWednesday, 14 August 2019 01:53 PM

තිස්පන් ලක්ෂ පන්සීයක ධාරිතාවයක් තියන බැරල් පන්සියක්.... එකක ධාරිතාවය ලීටර 233366.00.

:       1       11

Shantha P Wednesday, 14 August 2019 02:18 PM

හෙට වෙනකොට වැහි වතුර එකතු කරපුවා වෙන්න පුළුවන්...

:       0       4

කරු Wednesday, 14 August 2019 04:22 PM

මා දන්නා පරිදි දැනට රාජ්‍ය ස්කාගාර සංස්ථාවක් නැත.

:       3       3

නිමල්Thursday, 15 August 2019 01:02 AM

කරු මහතා, ඔබ හරි.

:       0       0

kavantissa Wednesday, 14 August 2019 05:52 PM

මෙහි සඳහන් සමහර දේවල් ශිෂ්ට, සදාචාර බෞද්ධ රටකට ගැලෙපෙන වචන නොවෙයි. තරහ එකක්, නමුත් නීතියන් කියලා එකකුත් අපේ රටේ තවම තියනවා.

:       1       0

mahinda Thursday, 15 August 2019 12:32 AM

ඔය පැත්තේ හොර අරක්කු හදනවනේ ඒවාට දෙන්න ගෙනල්ල ඇති

:       0       0

de silva Thursday, 15 August 2019 04:34 AM

නිතිය කියල එකක් තිබුනට නඩුවක් අහල ඉවර කරන්න අවම වශයෙන් අවරුදු 10 වත් යනවා . වැරදිකරයන්ගෙන් 50% විතර නිකන්ම බේරිලා යනවා. හොරකම ලොකු වෙන තරමට මනුෂ්‍යය සමාජයේ දරන තනතුර වැඩි වෙන තරමට දඩුවම අඩුය. උදාහරණ මහබැංකු කොල්ලය සහ සක්විති

:       0       0

Chanak los angeles Thursday, 15 August 2019 06:17 AM

මිලියන 33 ක් රජයෙන් වංචාකර කෞතුකාගාර හදපු එකට කලුකෝට් කරුවන් මගින් අත්අඩංගුවට නොගන්නා අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්කම තිබුණා නම් මිලියන 3ක් වැනි සොච්චම් වරදකට අත්අඩංගුවට නොගන්න කියා නියෝගය ඔහුටම ගෙදර ඉඳගෙනම කෝල් කර ඉල්ලන්න පුළුවනි කියා කීවොත් වැරදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 151 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 495 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1305 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2761 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1809 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site