IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සයිටම් දරුවන් කබලෙන් ළිපට

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඇතුළත් කළ වෛද්‍ය සිසුන්ගෙන් කොතලාවල විශ්ව විද්‍යාලය රුපියල් ලක්ෂ 13 බැගින් අයකිරීම නිසා ඒ දරුවන් අද කබලෙන් ලිපට වැටී ඇතැයි කළ්තර දිස්ත්‍රික් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) තොරතුරු හෙළිකළේය.


ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අනුබද්ධිත රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නැයි පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමිනි.


නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය. “ සයිටම් එකෙන් පැමිණී දරුවන් දැන් කොතලාවල විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කරන්නේ මේ ලක්ෂ 13 ද්න්නොත් පමණයි. දැන් වෙලා තියෙන්නේ මේ දරුවන් සයිටම් මුදලාලිලාගෙන් ගලවලා කොතලාවල මුදලාලිලාට දුන්නා වගේ වැඩක්... මුදල් අයකිරීම නිසා දරුවන් අද අසරණ වෙලා. ඒ දරුවන්ගෙන් මුදල් අයකිරීම වහාම නවත්වන්න කියලා රජයෙන් ඉල්ලා සිටින බවද“ පැවැසීය.

 



අදහස් (22)

සයිටම් දරුවන් කබලෙන් ළිපට

බද්රානි Friday, 10 August 2018 07:00 PM

කබලෙන් ලිපට තල්ලු කරලා දැන් මෙතන කිඹුල් කඳුළු හෙළනවා. මේ අය කාවද මේ රවට්ටන්නේ? මුදල මත රෝගීන්ගේ ජීවිතේ තීරණය කරන රටේ, ලැජ්ජා නැතිව අධ්‍යාපනය ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අඥා පනත අනුව සාමාන්‍ය සමර්ථ තුනක් ලද සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසු යයි කියන රටේ මිනිස්සු තමයි පහුගිය කාලේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කලේ? ලැජ්ජයි!!

:       1       29

Sanath Friday, 10 August 2018 07:04 PM

සයිට්ම් එකේම හිටියනම් මෙයාලට අවුරුද්දකට ලක්ෂ 20 කට වඩා ගෙවන්න වෙනවා. නමුත් දැන් ඒ ගාන ලක්ෂ 13 ට අඩුවෙලා තියෙනව.

:       21       1

Nalaka Friday, 10 August 2018 10:11 PM

කව්ද මේ තත්වය ඇතිකළේ? නිකන් කිඹුල් කඳුළු හෙලන්න එපා.

:       6       2

Mahee Saturday, 11 August 2018 01:23 AM

ආණ්ඩුව තීරණයක් ගත්තොත් ඒක හිල් වට්ටියක් වගේ. හැම තැනම හිල්. එක්කෝ එක්කෙනෙක් ගන්න තීරණ තව කෙනෙක් වෙනස් කරනවා.

:       2       2

kalani Saturday, 11 August 2018 02:43 AM

දැයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමකි. විශේෂයෙන් පසුගිය කාලය පුරා සයිටම් දරුවන් විඳි කායික සහ මානසික පිඩාව, වෙහෙස බොහෝය. ඉන් අත්මිදී ලද සැහැල්ලුව මොහොතකින් තවත් බරකින් යට කිරීම නුසුදුසුය. මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සාධාරණය.

:       3       3

gunarathna Saturday, 11 August 2018 04:47 AM

මේ ආණ්ඩුව හදන්නේ අම්මව විකුණලා හරි සල්ලි හොයන්ට.මේකට සම්පුර්ණයෙන් විජේදාස ඇමැතිවරයා වගකියන්ට ඕනේ.මෙහෙම කතාවක් මුලින් කීවේ නැහැනේ.මේ කට්ටියට මේ ලක්ෂ ගානනම් ලොකු දෙයක් නෙමෙයිමොකද මේ සල්ලි වියදම් කරන්ට පුළුවන් පවුල් වල කට්ටියනේ.උපාධිය ගත්තට පස්සේ ඔපරේෂන් දෙකෙන් මේ වියදම් කරපුව හොයාගන්ට පුළුවන්.

:       0       1

Medha Saturday, 11 August 2018 04:59 AM

මොකක්ද එ කුනුහරුපේ මේ ඈතුලත් කලේ සයිටම් වල පලවෙනි වසරේ අය මේගොල්ලො සයිටම් ,හිටියා නම් අවුරුද්දකට ලක්ෂ 25 ගෙවන්න ඔනි, දෑන් රජයෙ රොහල්වල නොමිලේ පුහුනුවත් ලෑබෙනවා

:       0       2

ලක්සිරි Saturday, 11 August 2018 07:44 AM

වෛද්‍යවරු බිහිවීම වැලැක්වීමේ එකම අරමුණ ඇතිව සිදුකල සටනින් මිථ්‍යාව සමාජ ගතකල අමනයින්, සුපුරුදු ලෙස මේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල බවට විවාදයක් නැහැ. කොතලාවල අධ්‍යාපන ආයතනය තුල ඔයිතරම් සිසුන් සංඛ්‍යාවකට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තිබෙන පහසුකම් ගැන මේ අමනයෝ දැන් මොකද කියන්නේ?

:       377       777

පුෂ්පකුමාර Saturday, 11 August 2018 09:28 AM

දොස්තර සංගම් මාෆියා කාරයින්ගෙන් ඔයිට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. සයිටම් ශිෂ්‍යයින්ව කබලෙන් ලිපට දැම්ම වගේම තමයි... ලෙඩක් හැදිලා පෞද්ගලික රෝහලකට ඇතුල් වුනොත්, ජීවිත කාලයම හම්බ කළ සේසතම ඉවරයි. ශල්‍ය කර්මයක් සඳහා රජයේ රෝහලක වසර ගණනක් බලා සිටියත් දින නැති රටේ පෞද්ගලික රෝහලකට මුදල් ගෙවා කරගන්න, වැයවන්නේ එක දිනයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මුදලට මිස, නොමිලේ නොවේ. ඔන්න ඕක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය...

:       539       317

kalani Saturday, 11 August 2018 10:05 AM

නිරවුල්ව අදහසක් ප්‍රකාශ කළ නොහැකි, සමාජගත වූ මිථ්‍යාව කුමක්දැයි පැහැදිලි නැති, ද්වේශයෙන් පිරුණු හදවතක සත්‍යය නොරැඳේ. තර්කය කිරීම අනෙකා ගර්හාවට පත්කිරීම නොවේ.

:       31       8

lanka Saturday, 11 August 2018 10:08 AM

ඔය ජවිපෙ අය නේද සයිටම් එක වහනකම් නැටුවේ? දැන් බණ කියනවා.

:       207       339

dasun Saturday, 11 August 2018 10:31 AM

මේ සිසුන් ඇත්තටම අඩු ලකුණු අරන් මුදලට ඉගෙන ගන්න ගිය අය නේද? ඉතින් දැන් අඩු ලකුණුවලින් නිකම් ඉගෙන ගන්න දෙන්න කියලද ජේ වී පී කියන්නේ...

:       553       122

බද්රානිSaturday, 11 August 2018 03:19 PM

දසුන් ඔබ දන්නවද? අපේ රටේ වෛද්‍ය අාඥා පනතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම ලෙස දක්වා ඇත්තේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන් තුනට සාමාන්‍ය සාමාර්ථයන් පමණක් අවශ්‍ය වන බව. සයිටම් සිසුන්ව කොතලාවල ආයතනයට අන්තර්ග්‍රහණය කිරීමේදී, සාමාන්‍ය සාමාර්ථ තුනක් පමණක් සැලකිල්ලට ගැනීම වරදක් ලෙස සිතු මා ඒ ගැන සොයා බැලුවා. එවිට තමයි මේ කරුණ ගැන සොයා ගත්තේ... වර්තමානයේ වෛද්‍ය සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමටත් වැරදි අර්ථකතන දෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදේශ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ සිසුන් 29 දෙනෙකුට උසස් පෙළ විෂයන් තුන හෝ සමත් වී නොමැති බව ඔවුන් පවසනවා. එසේ නම් වෛද්‍ය සභාව අනුමත කොට ඇති විදේශ වෛද්‍ය විද්‍යාලවල තත්වය හා ප්‍රමිතියේ හැටි පැහැදිලියි නේද? ශ්‍රී ලංකාවේ වෛද්‍ය අාඥා පනත ඉතා පැරණි හා එය සෞඛ්‍ය සේවය හා රෝගීන් වෙනුවට වෛද්‍යවරු ආරක්ෂා කිරීමට ඇති ලියවිල්ලක් බව වෛද්‍ය සභාපතිවරයා කියද්දී, එතුමා වයස්ගත මානසික රෝගියෙකු ලෙස අපහාසයට ලක්කලේ මේ රටේ උගත් යයි කියා ගන්නා දොස්තරලා හැර වෙන කවුද? ඇත්ත වෙනුවට බොරුව වපුරා මඩිය තර කර ගැනීම එකම සංකල්පය කරගත් දොස්තරලා ලෝකයේ තවත් සිටීද?

:       1       2

රවිඳු Saturday, 11 August 2018 11:24 AM

කරාපිටිය රෝහලේ නොමිලේ ශල්‍ය කර්ම සිදුකල බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට අපේ රටේ දොස්තරලා සලකපු විදිහ මුළු රටම දැක්කා. පිටරටවල වෛද්‍ය විද්‍යාලවලට සිසුන් පටවන මාෆියාව, ඖෂධ මාෆියාව, පෞද්ගලික චැනල් කඩ, හා රෝහල් මාෆියාව , රජයේ විශ්ව විද්‍යාල තුල තිබෙන ශිෂ්‍ය සංගම් මාෆියාව වැනි රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින මාෆියා කල්ලි පසුපස සිටින්නේ මේ දොස්තර සංගමයයි. හසරක් නැති පාලකයෙක් සිටින රටේ දොස්තරලා සියල්ල දත් පණ්ඩිතයින් සේ හැසිරීම දැන් විකෘති දේශපාලන විලාසිතාවක් වෙලා. ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති හා ගිවිසුම් ගැන මෙලෝ දෙයක් නොදන්නා මේ බකපණ්ඩිතයින් ගමේ සිල්ලර කඩේ ආර්ථික ක්‍රමය විග්‍රහ කරමින්, බඩගෝස්තරයට පහරක් වේ යයි යන මර බියෙන් සිංගප්පූර් ගිවිසුම ගැනත් විවේචනය කරනවා. අපිට නම් දුක සයිටම් සිසුන් ගැන නොවේ. තමන්ට නොගැලපෙන වෘත්තියක නියැලිලා සිටින මේ බහිරව දොස්තරලා ගැනයි.

:       76       494

ගාමිණී Saturday, 11 August 2018 12:30 PM

සයිටම් වහනකම් නින්ද ගියේ නැති ජවිපෙ පක්‍ෂ අරමුදලෙන් හරි දැන් ඕක ගෙවන්න. වෛද්‍ය සංගමයට දැන් ඔබතුමාලගෙන් වැඩක් නෑ.

:       203       244

RANJITH Saturday, 11 August 2018 01:07 PM

ඕක එතරම් විසඳන්න අමාරු ප්‍රශ්නයක් නෙමේ... කරන්න තියෙන්නේ සයිටම් එක අය කල ලක්ෂ 100 ක් තරම් වූ මුදලෙන් සයිටම් එකට ඔවුන්ගේ වියදම් සඳහා සාධාරණ මුදලක් අය කරගෙන ඉතිරි මුදල සිසුන්ට ආපසු ගෙවීමයි. එතකොට එම සිසුන්ට කොතලාවල විශ්ව විද්‍යාලයට ලක්ෂ 13 ගෙව්වට පස්සේ සෑහෙන මුදලක් අතට ඉතිරි වෙයි. මේක තේරුම් ගන්න බැරි මෝඩ දේශපාලකයන්නේ අපට සිටින්නේ. මොවුන්ගෙන් රටේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       0       131

ranjith Saturday, 11 August 2018 01:28 PM

මේකට විසදුම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ගන්න පුළුවන්. බස් එකක් මග කැඩුනහම මගීන්ව පසුපසින් එන බස් එකට දෙනවා. කැඩුණු බසයේ කොන්දොස්තර මගින් ප්‍රමාණයට සහ ඉතිරි දුරට සරිලන ගාස්තුව අලුත් බසයේ කොන්දොස්තරට දෙනවා. එතකොට බස් දෙකේම වියදම සහ අාදායම සාධාරණව බෙදීයනවා. කොන්දොස්තර කෙනෙකුගේ මොලයවත් මේ දොස්තරට නැතුව වගෙයි. කවුද මේවගේ අය පාර්ලිමේන්තු යැව්වේ? නැතිනම් අසාධාරණ ලාභයක් සයිටම් මුදලාලිට ලබාදෙන්න කුමන්ත්‍රණයක්ද?

:       102       74

NIMMI Saturday, 11 August 2018 04:34 PM

ප්‍රශ්න අවුල් කරනවා මිස, ප්‍රශ්න විසඳන්න පුළුවන් පාලකයෝ හා වෘත්තිකයෝ කොහෙද අපේ රටේ ඉන්නේ? මිනිස්සුන්ව පණ පිටින් ගින්නට දමා පිළිස්සෙනවා දැක සතුටු වෙන්න තරම් හදවත් ඇති ජාතියක් තමයි මේ ලංකාවේ ඉන්නේ? මුදල් ගෙවා හෝ ඔතරම් සිසුන් ප්‍රමාණයකට වෛද්‍ය අධ්‍යාපනය දෙන්න තරම් කොතලාවල පහසුකම් තිබෙනවාද? සයිටම් සිසුන් නිසා, කොතලාවල ආයතනයට බඳවා ගන්න සිසුන් සීමා කරලද? මේවට උත්තර තියෙන්නෙත් ඔය අච්චාරු හැලියේම තමයි. රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, වෛද්‍යවරු වී, ඔවුන් අනියමින් උපයන විශාල මුදලකට බදු ගෙවීම පහර හරිනවා කියන්නේ, මුල්‍යය අපරාධයක්. එවැනි අයට නඩු පැවරිය යුතුයි.

:       0       2

සනා Sunday, 12 August 2018 03:17 AM

බදුල්ලට වෛද්‍ය පීටයක් ලබදෙන්න. ඉතා පහසුවෙන් බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් කළ හැකියි.

:       0       0

rocky Sunday, 12 August 2018 04:56 AM

හොරපාරෙන් දොස්තරලා වෙන්න ගිය ඔය සිසුදරුවන්ගේ දෙමාපිය භාරකාරයෝ වැඩි දෙනා .. දේශපාලුවෝ .. හොඳ සුපිරි සල්ලිකාරයෝ. මහජනතාවගෙන් පිල්ලි ගහපු මුදල් ගැන හිතනකොට ලක්ෂ දහතුන ඔවුන්ට මහා කජ්ජක් නොවෙයි. සයිටම් එක වසා දැමීම යහපතක්. සුදුසුකම් නොපිරූ පුද්ගලයන් එහෙන් මෙහෙන් හොරපාරෙන් ඉහළ යවන විදිහවල් මේ රටේ පහුගිය කාලයේදී ක්‍රියාත්මක වුන විදිහ දන්නවනේ. එක්කෙනෙක් අලුත් විශේෂ ක්‍රමයකට නීති විද්‍යාලෙට ගියා. තවත් කෙනෙක් විශේෂ ක්‍රමයකට නාවික හමුදාවේ ලොක්කෙක් හැටියට ගියා. තව එක්කෙනෙක් එක්තරා දේවාලෙක ලොක්කා බවට පත්වුණා. තව කී දෙනෙක්ද? මේ රටේ බැලු බැලු අත ඉන්නේ සිංහයා ලකුණ දරන තක්කඩින්.. ඒවාට කැමති දාස මානසික තත්වයෙන් පෙලෙන උන්නැහේලත් මේ රටේ ඉන්නවා!

:       1       1

kalani Sunday, 12 August 2018 05:29 AM

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල ඉතිහාසයට, ඔබ කැමති තැනකින් ප්‍රවිෂ්ටව, අයිතිකාරයා ළඟ නැති වත්තක, කැත්ත අතේ තිබෙන නරුමයකු නොකපන දෙයක් නැති සේ ජවිපෙට සහ වෛද්‍ය සංගමයට පහරදීම හාස්‍යජනකයි. පාතාලය, ස්ත්‍රී දුෂණ, අල්ලස, මහබැංකු මගඩිය, ගල් අඟුරු මගඩිය වැනි මෙකී, නොකී සියල්ල ශ්‍රී ලංකා භුමියෙහි යථාර්ථය හඟවන ද්‍රව්‍යමය සහ සජීවී සංකේත නොවන්නේද? සයිටම් වෛද්‍ය උපාධි උත්සාහයද ඉහත කී දුෂ්ට ක්‍රියාවලියෙන් එකකි. අප ආදරණීය දරුවන්ද, තරුණ අපද, වියපත් දෙමාපියන්ද ජීවත් විය යුත්තේ දුෂ්ටයින්ගේ ග්‍රහණයට නතුවූ ශ්‍රී ලංකා මාතාවගේ උකුළු තලයේ නොවේද? එයට එරෙහිව නැගී සිටිමට වෛද්‍ය සංගමයට පුරවැසියන් වශයෙන් අකැපද? වෛද්‍යවරුන්ට නොතේරෙන සිංගප්පූරු ගිවිසුම, සාපෙළ වත් නොමැති බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෝරා දෙන්නේ කෙසේද? හදවතේ විෂ පුස් බැඳී ඇති විවේචකයින් කිහිප දෙනෙක්, හඳුනාගත නොහැකි චපල ගතියකින්, අතාර්කික වචන ඇමුණුමකින් ජවිපෙට පහර දෙති. පිළිකුල් සහගත කසල කන්දක් පටවා ගත් සදාචාරාත්මක මාර්ග සංඥා නොසලකා ඉදිරියට ඇදෙන අධිවේගී දුම්රියක අපට ගොළුවන් සේ නිහඬව සිටිය නොහැක.

:       0       149

rocky Sunday, 12 August 2018 11:45 AM

කළණි. ඔබේ අදහස් මම අනුමත කරමි. මේ අවිචාර අදහස් පලකරන බොහෝ දෙනා තට්ටු මාරු ක්‍රමයේ ඡන්ද දායකයෝය. දෙපැත්තේම කෙලිකාරයන්ගේ කෙරුවාවල්වත් රටට එලි කරන්නට ඉන්නේ ජේ.වී.පී. කාරයින්ය. ඒ නිසා ඔවුන්ට ජවිපෙ පෙන්නන්න බැරිය. දේශපාලකයන් නොව මේ රටේ ජාතියේ පරිහානියට වගකිව යුත්තන් වන්නේ, තට්ටුමාරු ක්‍රමයේ ගෙවල ඡන්ද දායකයන් බව මට තේරුනේ පහුගිය පළාත් සභා මැතිවරණයේදී .. බණ්ඩාරවෙල සහ තිස්සමහාරාමයේ ප්‍රතිඵලවලිනි. අඳුරේ යන්තම් එළියක්වත් දකින්න තිබෙන ගිනි අඟුර වුවත් නිවා දැමීමට මාන බැලීම හොරුන්ගේ සහ හෙන්චයියන්ගේ සිරිතකි!

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 145 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 54 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 500 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 577 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1031 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 975 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site