IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සමාජ ජාල තහනම දින 3 කින් ඉවතට - හරීන්

හර්ෂණ තුෂාර සිල්වා හා නිමල කොඩිතුවක්කු 

ෆේස්බුක් හා තවත් සමාජ ජාලා මාධ්‍ය කිහිපයකට පනවන ලද තාවකාලික තහනම සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) පැවැසීය. 
 
මහනුවර දිස්ත්‍රික්කයේ දිගන සහ තවත් ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ එම සිදුවීම් පාදක කරගනිමින් විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වී ඇති බව සඳහන් කරමින් රජය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම් යනාදි සමාජ ජාල මාධ්‍ය පූර්ණ වශයෙන් අවහිර කරන්නටත් වට්ස්ඇප් සහ වයිබර් යනාදි පණිවුඩ මෘදුකාංග තාවකාලිකව අඩපණ කරන්නටත් තීරණය කළේය. එම අවහිර පනවන ලද්දේ පසුගිය 7 වැනිදාය. 
 
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ තවමත් වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ප්‍රකාශ ඇති බැවින් ඒවා ඉවත් කරන තෙක් ඉකුත් 7 වැනිදා පැය 72ක කාලයක් සඳහා පනවන ලද තහනම ඉවත් නොකරන බව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු අවස්ථා කිහිපයකදී පැවැසීය.
 
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (13) පැවැති සාකච්ඡාවකදී ඉහත තීරණ ගෙන තිබේ.
 
මේ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිය මත පැනව වූ අවහිර සිකුරාදා (16) ඉවත් කරන බව ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් පිරිසක් බ්‍රහස්පතින්දා (15) දිවයිනට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද කීය. 
 
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවිඩ මෘදුකාංග මත පැය 72ක තහනම පනවා අදට (13) දින 8කි. 



අදහස් (4)

සමාජ ජාල තහනම දින 3 කින් ඉවතට - හරීන්

soma dubayi Tuesday, 13 March 2018 01:18 PM

ආණ්ඩුවට විරුද්දව බොරු ප්‍රචාර විශාල වශයෙන් ගෙන යන්නේ මේ සමාජ මාධ්‍ය, ලංකාවේ අන්තර්ජාලය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ

:       340       0

frank Tuesday, 13 March 2018 02:08 PM

සත්‍ය හේතුව නම් රජයට විරුද්ධ අදහස් අයින් කිරීමටයි ඔය කල්ගන්නේ. ෆේස් බූක් තහනම නිසා සංචාරකයන් ඒම අඩු වෙයි.

:       0       107

කුමාර Wednesday, 14 March 2018 12:10 AM

ඩිජිටල් ඇමතිතුමා හැටියට VPN වැනි උපක්‍රම ජනතාවට ප්‍රචලිත කිරීම ගැන බොහොම ස්තුතියි. ඉදිරි මැතිවරණ වලදි අපි හොදට සලකන්නම්.

:       0       0

B A D U Basnayake Wednesday, 14 March 2018 03:28 AM

මුලින් කිව්වා 10වෙනිද වෙද්දී ෆේස්බූක් තහනම ඉවත් කරනවා කියල. ඊට පස්සේ කිව්වා සඳුදා වෙද්දී ඒ තහනම ඉවත් කරනවා කියල. මේ කට්ටිය හදන්නේ මේක තවතවත් දිග්ගස්සන්න. ෆේස්බූක් වල හොඳ නරක දෙපැත්තම තියනවා. දින තුනක් හෝ හතරක් පැවතිය යුතුව තිබු මේ තහනම මේ වෙනතුරුත් ඉවත් නොකිරීම ගැටළු සහගතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 512 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 99 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 775 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 782 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1187 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1084 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site