IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සඳ මතට නැවත වරක් මිනිසුන් යැවීමට සැරසේ

මීළඟ දශකයේදී ගගනගාමීන් සඳට ගොස් එහි මතුපිට වැඩි කාලයක් ගතකරමින් ගවේෂණයෙහි නියැලෙනු දැකීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බව නාසා ආයතනය පවසයි.
 
සඳ මත වාසය කළ හැකි ලෙසින් ගගනගාමීන් එහි යැවීමට ඔවුන් සූදානම් බව නාසා ආයතනය වැඩිදුරටත් කියා සිටී.
 
1972න් පසු නැවත සඳ මතට ගොඩබැසීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේද අනුමැතිය ලැබී ඇති බවත් මෙය ඇමෙරිකාවේ අභ්‍යවකාශ සැලසුම්වල ඉදිරි පියවරක් බවත් නාසා ආයතනය පෙන්වා දෙයි. 

පළමුව සඳටත් ඉන් පසු අඟහරු සහ සෙසු ග්‍රහලෝකවලටද මිනිසුන් යැවීමට ඔවුහු අදහස් කරමින් සිටිති. 
 
නව තාක්ෂණික අත්හදාබැලීම් ක්‍රියාවෙහි යෙදවීමටත් සඳ මත විවිධ ස්ථාන ගණනාවක් ගවේෂණය කිරීමටත් ඔවුන් සූදානම් බවත් මෙවර ගගනගාමීන් එහි පා තබන්නේ එහි රැඳී සිටිමින් ගවේෂණය කිරීමට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
 
(ස්කයි නිවුස් ඇසුරිනි) 


(16844)



අදහස් (9)

සඳ මතට නැවත වරක් මිනිසුන් යැවීමට සැරසේ

sara Monday, 11 February 2019 05:00 AM

අපේ ආණ්ඩුව රෝකට් නැතිව අපිට තරු පෙන්නලා තියෙන්නේ

:       8       19

KANDEPOLA Monday, 11 February 2019 05:34 AM

මට තියෙන ප්‍රශ්නේ තමයි 1972න් පස්සේ අවුරුදු 47ක් හඳට යාගන්න ඇමෙරිකාවට බැරි වුනේ ඇයි කියන එකයි. එකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවා නම් පහදලා දෙන්න...

:       26       51

ravi Monday, 11 February 2019 05:51 AM

අර විදුලි සෝපානයේ හිරවෙලා හිටිය අයත්... මේ රොකට් එකට පැටෙව්වා නම් හොඳයි කියලා හිතුණා...

:       20       4

jayath Monday, 11 February 2019 06:00 AM

කන්දෙපොල මටහිතෙන විදියට මේකට හේතු 2 ක් තියෙන්න පුළුවන් 1) ඇමෙරිකාවට එය අනවශ්‍ය වීම 2) 1969 ජූලිවල ඇමෙරිකාව හඳට නොයෑම ඇමෙරිකාව එදා හදට නොගිහින් කලේ මවාපමක්ය කියල ප්‍රබල මතයක් ලෝකයේ තියනවා මේකට හේතුත් තියනවා පළමු එක තමයි එදා තිබුන තාක්ෂණයට අනුව එවනිදෙයක් කල නොහැකි වීම දෙවැන්න තමයි අර "සුප්‍රකට ඇමෙරිකානු කොඩියේ සෙවනැල්ල " අපි දන්නේ නැහැ හරියටම මොකද්ද ඇත්ත කියල නමුත් හඳට නොගිය කියල තියන තර්කත් බිඳින්න අමාරු ඒවා

:       0       32

රවින් Monday, 11 February 2019 06:15 AM

චීනා හඳ තරණය කෙරුවයින් පස්සේ කට ඇරිලා තියෙන්නේ. හඳේ කපු පැලත් හිටෙව්වනේද? ඔය 1972 කේ හඳට ගිය එකත් සැකයි කියලා අන්තර්ජාලයේ තියෙන්නේ.

:       1       45

මංජුල බිරැට් Monday, 11 February 2019 06:51 AM

ඔය නාසා ආයතනය කියන්නේ බොරු එයාලා කවදාවත් හොයා ගත්තද කුජ, රාහු මාරු වෙනවා. එහෙමත් නැත්නම් සෙනසුරු, සිකුරු මාරුවෙනවද..? නැහැනේ, එ්කට අපේ අය මාසය, දවස, පැය, තප්පරයට කියනවා.

:       1       0

Sapumal. Monday, 11 February 2019 07:14 AM

කන්දෙපොල සහ ජයත් මහත්වරුනි, හඳේ සිට එව්වායයි සැලකෙන ඡයාරුප ගැනත් පසුකාලීනව සැකයක් මතුවුනා බුද්ධිමතුන්ට. ඒ කියන්නේ පාසටහන් වල තිබූ දූවිලි තිබුනේ පිළිගත නොහැකි ආකාරයකටයි. ඒ අනුව ඒවා ව්‍යාජ ඒවා බවට සැක කෙරෙනවා. අපගේ රවින් මහතා පැවසුවා සේම චීනුන් ගිය නිසා වෙන්නත් පුළුවන් නැවත යන්නට සිතුනේ. ඒ කෙසේ වෙතත් හඳට ගිය කතාව මේ වනවිට සත්‍යයක් බව ලොව බොහෝ දෙනාගේ හිත්වල පැලපදියම්වී හමාරයි.

:       0       51

Sunil Monday, 11 February 2019 08:08 AM

පළමුව සඳ මතට පා තැබුවේ 1969 දී.

:       6       1

jayath Tuesday, 12 February 2019 08:12 AM

සපුමල් හරි ඕකත් එක්ක ඇඳුනු තව කතා ගොඩක් තියනවා අර කොඩිය චලනයවීම වගේ දේවල් - සුනිල් මහතාට කව්ද නැහැ කිව්වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 173 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1515 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1273 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 736 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1818 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site