IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සතියක් තුළ ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාප මන්ත්‍රීවරු ඉල්ලති

(නිමල කොඩිතුවක්කු)
 
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(19) පැවසීය.
 
ඉහත ලිපිය භාර දීම අද(19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී  මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන්  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව අනිද්දා(21) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් හෙතෙම කියා සිටියේය.
 
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද(19) පස්වරුවේ පැවැත්විණි.
 
පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී සුපුරුදු ආකාරයට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (12)

සතියක් තුළ ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාප මන්ත්‍රීවරු ඉල්ලති

ධම්ම Monday, 19 August 2019 04:19 PM

කොල්ලෝ ටික රනිල්ව බිත්තියටම හේත්තු කළා නේද?

:       675       828

පුරවැසියා Monday, 19 August 2019 06:26 PM

සද්දවලට බයේ වැනෙන නායකයෝ එක්සත් ජාතික පක්ෂයෙ නොමැත. එතුමා නායකයා වූ දිනයේ සිට ඔහුව නායකත්වයෙන් පලවාහැරීමට නොගත් උත්සහයක් නොමැත. නමුත් ඔහු තවමත් නායකත්වයේ රැදී සිටීමේ රහස උගත්කම සහ බුද්දීමත්කම සහ ඕනෑම සද්ද බද්ද වලට නොසැලී සිටීමේ ගුණය නිසාය.

:       2019       2047

sunilTuesday, 20 August 2019 04:15 AM

ඇත්ත. රටේ පුරවැසියන් 250 ක් මොහොතින් පුපුරා ගියත්, මෙතුමා වගකීමක් නොගෙන නොසැලීම සිටින්නේය.

:       552       537

sirisenaTuesday, 20 August 2019 04:18 AM

රනිල් එක්ක ඔය කැහී කොල්ලන්ට හැරෙන්නවත් පුලුවන්ද?

:       592       626

Prabha Monday, 19 August 2019 05:36 PM

ඒක හොඳයි. අනුන්ගේ අපේක්ෂකයන්ගේ වගතුග හොයන්නේ නැතිව තමන්ගේ කෙනෙක් පත් කරගන්න

:       1       84

Chanak los sngeles Monday, 19 August 2019 08:14 PM

මගේ අනාවැකිය කරු . ඔහුගේ අත් කිලිටි නැත .

:       3       311

KANDEPOLA Tuesday, 20 August 2019 05:12 AM

අයියෝ .... ලැජ්ජයි....

:       0       268

Indhika Tuesday, 20 August 2019 06:47 AM

හදිස්සි වෙන්න එපා. ඡන්දෙ ඉවර උනාම පත් කලාම ඇති.

:       0       0

thilakasiri Tuesday, 20 August 2019 08:30 AM

මේ මන්ත්‍රීවරු 54 දෙනා ඉල්ලුවට මොකටද අපේක්ෂකයා නම් කරන්නේ? රටේ ජනතාවට කලබලයක් නැත. රනිල් හෝ සජිත් හෝ ඝෝටාභය හෝ වෙනත් පුද්ගලයෙකු රටේ ජනතාවට ලොකු නැත. රටේ ජනතාවට ලොකු ලෝකෙන් ණයට අරන් රජයේ සේවකයින්ට පඩි ගෙවන තත්වයක තිබෙන මේ රට ගොඩ ගැනීමට වැඩපිළිවලක්ය. ඒ ඒ විෂය ඥානය හා පලපුරුද්ද මෙන්ම උගත්කම මෙහෙයවා රටේ ඇති සියලු බේද මෙන්ම ලෝක බලවතුන් ඇතුළු සියලුම ආකාරයන්ගෙන් රටට පිටින් එන බලපෑම් පාලනය කරගනිමින් සාමුහිකව කලයුතුය. එය ඉතා බැරෑරුම් වැඩකි. මේ වැඩය සජිත්ගේ හෝ ඝෝටාභයගේ හෝ වෙනයම් කෙනෙකුගේ තනි මතයට කිසිසේත් කළ නොහැක. ඇරත් අද ජනාදිපති පදවියට පත්වන කව්රු උනත් දැනගතයුතු ප්‍රධාන කරුණ වෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හිතුමතේට වැඩ කළ නොහැකි බැවින් එකිනෙකාගේ නමින් යුග බිහිකර රටවැසියා මෝඩයින් කර තම සුදිය ලැබූ යල්පැනගිය පාලනය අවසාන බවය. සජිත් ප්‍රමදාස යුගය හෝ ඝෝටාභය යුගය බිහිකරන්න හිතන ඔල්මොටලයෝ මේ බව වටහාගෙන නැත. පාවෙන බුද්ධිමත් ජනතාව තම නමින් යුග බිහිකරන බව කියමින් මමත්වය මතු කරමින් කෑමොර දෙන අය ප්‍රතික්ෂේප කරන අතර. ඉහත කි වැඩපිළිවෙල ගැන කියන අයට පමණක් ගරුකරන බවත්. කැමැත්ත දෙන බවත් දැනගන්න.

:       0       0

Chanak los angelesWednesday, 21 August 2019 06:09 AM

ඒ වුනාට සාටකයන් කියන්නේ ඔවුන් නැතිව රට කරන්න බැහැ කියලා ඔවුන්ට වහල්කම් කරනවුන් කියන්නේ කරන වහල්කමෙන් මිදෙන්න බැහැ කියලා. මාර වැඩේ .

:       0       0

sirimal Tuesday, 20 August 2019 08:47 AM

දැන් කියනවාලු 2015 බලවේග සියල්ල එකමුතු කරගෙන අනුර කුමාර පොදු අපේක්ෂකයා කරමු කියලත්. මෙහෙමත් කෝලම්.

:       0       0

Chanak los angelesWednesday, 21 August 2019 06:02 AM

නියමයිනේ මොකක්ද එකේ වරද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 318 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 36 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1736 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 344 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1598 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1563 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site