මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පසුගිය 2016 ජනවාරි මාසයේ සිට 2019 ජූලි මස 30 වැනි දා දක්වා නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 1147ක් අයකරගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළි වෙයි.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම විගණන වාර්තාව 2020 ජනවාරි මස 27 වැනි දින නිකුත් කර ඇත. මෙහි දී විගණනයට ලක්කර ඇත්තේ 2016 ජනවාරි 01 වැනිදා සිට 2019 ජූලි 30 දක්වා ලැබූ ආදායම් පමණි. ඊට ඉහත අයකළ මුදල් මෙම විගණන වාර්තාවට ඇතුළත් වී නැත.
1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතේ 6(ඉ) ඡේදයට අනුව සංස්කෘතික ත්‍රිකෝණය වශයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට නීතිමය හිමිකමක් ඇත.
එසේ වුව ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම් ලැබීමේ ලේඛන අනුව සංස්කෘතික ත්‍රිකෝණයට අයත්වන ස්ථානවලට පිටතින් පිහිටි ගාල්ල, රම්බා විහාරය, අපේගම පරිශ්‍රය, කතරගම, යාපහුව හා බුදුරුවගල යන ස්ථානයන්ට ඇතුළුවන ආගන්තුකයන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අයකරගෙන ඇත.
රජයේ විගණකාධිපතිවරයා පවසන්නේ මෙලෙස තම පනතින් ලැබී ඇති බලතල ඉක්මවා විවිධ ස්ථානවලින් ගාස්තු අයකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇති බැවින් එම ස්ථානවලින් ගාස්තු අයකිරීම නීත්‍යානුකූල කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය විධිවිධාන සැළසිය යුතු බවයි.
2016 වර්ෂයේ සිට 2019 ජූලි මස 30 වැනි දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම ස්ථානවලින් මුදල් අයකරමින් ලබාගෙන ඇති ආදායම පහත දැක්වෙයි.
විගණන වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වර්ෂයේ දී මෙලෙස මුදල් අයකිරීමේ හැකියාවක් නොමැති ස්ථානවලින් රුපියල් 16,888,847.00ක මුදලක් අයකරගෙන ඇත. 2017 වර්ෂයේ දී රුපියල් 36,082,437.00ක ආදායමක් එවැනි ස්ථාවලින් උපයා ඇති අතර, 2018 වර්ෂයේ දී එම ස්ථාවලින් උපයා ඇති ආදායම රුපියල් 42,600,154.00කි. 2019 වර්ෂයේ ජූලි 30 වැනිදා දක්වා ලැබූ ආදායම රුපියල් 19,176,173කි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
''පනතේ හයවැනි වගන්තියේ (ඉ) හි සඳහන් වනවා මෙහි මින් මතු '' සංස්කෘතික ත්‍රිකෝණය" වශයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයට ඇතුළුවන ආගන්තුකයන්ගෙන් සහ සංචාරකයන්ගෙන් අය කරනු ලබන ගාස්තුවලින් ව්‍යුත්පන්න වන යම් ආදායමක් හෝ (ඊ) මේ පනත ආරම්භ වන දිනයට පසු අරමුදලට උපචිත වන සියලු මුදල් යනුවෙන් ගිනුමට බැර කළ යුතු බවට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ගාල්ල, රම්බා විහාර වැනි ස්ථාන මෙන්ම අපේග්රම පරිශ්‍රය යන ස්ථාන සංචාරකයන් හා අමුත්තන් සඳහා විවෘත කළාම ඒවායින් මුදල් අයකිරීම සිදුකළා.
මෙය අද ඊයේ ආරම්භ කළ දෙයක් නොවෙයි. මෙය කර තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ තීරණය අනුව. පාලක මණ්ඩලයට පනතින් අරමුදල් පිළිබඳ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය කිරීමේ බලතල පැවරෙනවා. පාලක මණ්ඩලයෙන් දුන් තීරණ අනුව කටයුතු කර තිබෙනවා.
විගණන වාර්තාවේ පවසන ආකාරයට මෙය වැරදි දෙයක් ද කියා විමසා බැලිය යුතුයි. ඉන් පසුව අවශ්‍ය සංශෝධන සිදුකිරීම හෝ වෙනත් පියවර ගැනීම කළ යුතු වෙනවා."
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සංස්කෘතික අරමුදල් පනතට පටහැණිව ලක්ෂ 1147ක් හොහලා