IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සංචාරකයින් මිලට ගන්නා භාණ්ඩවල බදු හෙට සිට යළි ගෙවයි


 
 
රංජන් කස්තුරි
 
විදේශ සංචාරකයින් මෙරට දී  මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට්බදු ඔවුන්ට නැවත ගෙවීම හෙට (11) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


විදේශ සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කමිටුවක් කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී හෙට සිට විවෘතව තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.


සංචාරකයින් වඩ වඩාත් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළඳ  මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරිමේ පියවරක් ලෙස විදේශිකයින්ගෙන් ලබාගන්නා වැට්බදු නැවත ඔවුන්ට ලබාදීම 2018 අයවැය මගින් යෝජනා කර තිබිණි.


එසේම සංචාරකයින් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලදී ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන දියුණුවන අතර රටට විදේශ විනිමය ලැබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.


වැට්බදු ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත් විම සඳහා වෙළඳ ආයතන හිමිකරුවන් 18 දෙනකු දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබේ.



අදහස් (9)

සංචාරකයින් මිලට ගන්නා භාණ්ඩවල බදු හෙට සිට යළි ගෙවයි

Bamunuarachchi Monday, 10 September 2018 10:31 AM

එ්ක හොඳයි... තවත් රස්තියාදු නොකර විකුණන ස්ථානයෙන්ම බදු අඩුකර විකුණනවා නම් හොඳයි. සිංගප්පූරුවේදී මම මිලටගත් සපත්තුවලට බදු අඩුකර මුදල් අයකළා. හැබැයි එයට ක්‍රමවේදයක් තිබෙනවා..

:       2       7

සතයපාල Monday, 10 September 2018 10:43 AM

මේ රටේ ඉන්න හොරුන්ව කොමිස් කාක්කන්ව දූෂකයන්ව තමන්ගේ මුදලින් නඩත්තු කරන්න අපි කැමති උනාට සංචාරකයෝ කැමති නැතිබව..... මුදල් ඇමතිවරයාට කල්පනා වෙන්න ඇති මගේ හිතේ

:       8       19

amila Monday, 10 September 2018 11:37 AM

ඔව් ඔව් ඉතින් රට සංවර්ධනයේ හිනි පෙත්තටම ඇවිල්ලා රටේ මිනිස්සුන්ට හතර මහා නිධානෙ පහළ වෙලානේ... එ්ක නිසා කමක් නෑ.

:       17       0

MuhanMonday, 10 September 2018 02:13 PM

බමුණුආරච්චි සහ ලලිත් ගේ අදහස් කියවලා මොලේ ටිකක් පාදගන්නකෝ

:       0       9

lalith Monday, 10 September 2018 11:59 AM

වැඩේ හොඳයි. නමුත් හරියට කෙරෙන්න නම් බිල්පත් නිකුත් කිරීමේදී අයකරන විටෙක ඇතුළු බිල්පතේ විස්තර ගුවන් තොටුපලේදී යළිත් පරීක්ෂා කළ හැකි වන ලෙස ඒකාබද්ධ බිල්පත් සංකේත ක්‍රමයක් සහිත දත්ත පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. ඔය කියන ගුවන් තොටුපොල කමිටුවට එම දත්ත පද්ධතියට ඇතුළුවීමේ අවකාශ නැතිනම් අවසානය වෙන්නේ මහාපරිමාණ වංචා සහ දූෂණවලට මුහුණ දීමටයි. රටපුරා වයිෆයි කලාප පවා ඇති මෙවැනි අවධියක අන්තර්ජාලගත බිල්පත් නිකුත් කිරීමේ පද්ධතියක් බිහිකිරීමෙන් ජාතික බදු අයකිරීමත් පහසුවෙනවා. මෙයට වසර විස්සකට පමණ පෙරත් නෙදර්ලන්තයේ අම්ස්ටෙර්ඩම් ගුවන් තොටුපොල හරහා යන විදේශිකයින් මේ විදියට බිල්පත ඉදිරිපත් කිරීමෙන් පාරිභෝගික බදු මුදල් ආපසු ලබාගෙන තිබෙනවා. ඒ නිසා විසි වසරක් ප්‍රමාද වී හෝ කරන දේ ඉහළම තාක්ෂණය යොදා හරියට කරන්න තවත් අවුරුදු විස්සකට සරිලන විදියට. ඒ සඳහා විශාල මුදලක් යෙදවීමට වුණත් දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිලාභ අති මහත්ය.

:       0       7

ගාමිණී Monday, 10 September 2018 03:01 PM

ලංකාව මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර රටක් නොවේ. අන්තිමට එන එකත් බැණ බැණ යන තත්වයක් ඇතිවීමට බෝහෝ දුරට ඉඩ තිබේ.

:       0       2

BamunuarachchiMonday, 10 September 2018 04:15 PM

ඒකයි මම කීවේ ක්‍රමවේදයක් තිබෙනවා කියලා. හැබැයි සංචාරකයෝ රස්තියාදු කරනවා නම් එයින් ඔවුන්ට ප්‍රයෝජනයක් නැත. මම සපත්තු ගත්ත සාප්පුවේ මගේ පාස්පෝට් එක බලලා අංකය ඇතුලත් කරලා තමයි බදු අඩුකර බිල ලීවේ.

:       0       3

OMG Monday, 10 September 2018 03:55 PM

ඉතා කාලෝචිත අදහසක්...

:       0       0

de silva berlin Monday, 10 September 2018 05:12 PM

අනිවාර්යයෙන්ම ඕක ගෙවන්න ගුවන් තොටුපලේ කවුන්ටර් 20 විතර හදලා අලුතෙන් 150 ක විතර සේවක මණ්ඩලයක් පත්කරගන්න වෙනවා. මොකද පැය 24 ම ආවරණය වන විදිහට ශිෆ්ට් එකට වැඩ කරන්න ඕනේ. නිවාඩු දෙන්න ඕනේ. අපි දන්නවනේ අපේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය, නැතිනම් ඔතන 200-300ක විතර පෝලිමක් හැදේවි ඕක ගන්න ඕනේ නම් පැය 5 කට විතරවත් කලින් ගුවන් තොටුපලට යන්න වේවි. ඕකෙන් වෙන්නේ දුෂිත නිලධාරීන්ට හොරකම් කරන්න තවත් අවස්ථාවක් ලැබෙන එක. මතකනේ වැට් බදු වංචාව, දැන් ඉන්න ගුවන්තොටුපල් සේවකයෝ සංචාරකයෝ පසුපස යුරෝ, ඩොලර් හිඟමනේ යනවා, ඊට පස්සේ බිල් ඉල්ලමින් පස්සෙන් යාවි, අනේ ඕව බොරුවට තව අවුල් කරන්න එපා, පුලුවන්නම් භාණ්ඩ මිලදී ගන්න කොටම සංචාරකයාගේ වැට් බද්ද අඩු කර බිල්පත නිකුත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 24 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 212 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 233 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 544 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 370 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 892 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site