(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
(බෝම්බකරු රැදී සිටි කුලී නිවස)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී
Perakum Monday, 22 April 2019 06:29 AM
මෙම නිවසේ හිමිකරු කවුද? ඔහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.
ගල්කටස් Monday, 22 April 2019 06:41 AM
මෙවා පිපිරීමට පෙර සොයාගත්තා නම් ...? කවුද මෙවට වගකිව යුත්තේ ජනාධිපතිතුමා ආණ්ඩුවද??? විපක්ෂ නායකයාද..? නැත්නම් අපිද...?
jayath Monday, 22 April 2019 07:16 AM
අපි ! අපි ! අපි ! ජනාධිපති තුමා අන්තිම අහිංසකයි ! එයා ඔය මුක්ක්කන් කැව්මක් බදාගෙන , ජනාධිපතිකම ඇර අනිත් ඔක්කොම කරගෙන පාඩුවේ ඉන්නවා !ආණ්ඩුවත් මේකට වගකියන්න අවශ්‍ය නැහැ මොකද ආරක්ෂක ඇමති ආණ්ඩුවේ එක්කෙනෙක් නෙමි ! මුන්නහෙලා යැව්වේ අපි නෙව !
vipula Monday, 22 April 2019 07:25 AM
හරි හමන් නිලධාරීන් ඉහල පුටුවල නැතිකමත්, දේශපාලන නායකයන් හරිහැටි දැනුවත් නොකිරීමත්, දැනුවත් කළත් නිවැරදි තීරණ නොගැනීමත් යන කරුණු මත මෙවැනි දෙයක් සිදුවුණා. රටේ යුද්ධය නැතිකරන්න දේශපාලන මැදිහත්වීම් කොතරම් දුරකට අනර්ඝව සිදු වුණාද යන්න මෙය හොඳම උදාහරණයක්...
d.upul Monday, 22 April 2019 07:41 AM
බුද්ධි අංශ මෙම ප්‍රහාර පිළිබඳ කලින් ලිඛිතව දැනුවත් කරලා තිබියදීත් ආරකෂක අංශ මොකද කලේ?
Sudath Sri Monday, 22 April 2019 08:04 AM
මරාගෙන මැරෙන්න යන අයෙක් ජංගම දුරකථනය සහ සිම්පත් විනාශ කිරීම පිටුපස විශාල දෙයක් තිබිය හැකියි. බුද්ධි අංශ මෙම තොරතුරු අනුව සියලු දේ සොයා ගනීවි යයි මගේ අදහසයි...
saliyaMonday, 22 April 2019 10:19 AM
ඔවුන්ට එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
gbaseTuesday, 23 April 2019 02:49 AM
නමුත් වැඩිහරියක් බුද්ධි අංශ සාමාජිකයන් හිරේ....
ගොන් වස්සාWednesday, 24 April 2019 05:27 AM
හොරකන් කරපු උන්, මිනී මරපු උන් හිරේ තමා !
Ahamed Tuesday, 23 April 2019 08:36 AM
යම් දේපලක් කුලියකට හෝ බද්දකට දීමේදී එම ස්ථානයට පදිංචියට එන පිට පළාත්වල පුද්ගලයන් පිළිබඳව ග්‍රාමසේවක සහතිකයක් හෝ පොලිස් සහතිකයක් ලබගැනීම අනිවාර්ය කළයුතුමයි. කාගේත් ආරක්ෂාවට...
udaya Tuesday, 23 April 2019 06:21 PM
දන්නේ නැති නිසා අහන්නේ ඔය බුද්ධි අංශ ඕව ගැන හෙව්වේ හිරේ ඉඳලද? මොකද බුද්ධි අංශේ ගොඩක් අය හිරේ දාල නේද? එදා ඉඳලම බුද්ධි අංශයට කෙලවන එක කලේ ඔය මහා දන මුත්තෝ දෙන්න. දැන් ගිහින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න ඔන්න ලෝකේ ඉන්න ඕනෙම එකෙක්ට අපේ රටට ඇවිත් පහරන්න පුළුවන් කියල. 2025 විතරයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ තනතුරක් ලැබේවි.