IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශානිගේ ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරු මේනකා ඉවත්වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රිමාන්ඩ් බාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන  මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව  අභියාචනාධිකරණ විනිසුරු මේනකා ⁣විජේසුන්දර මහත්මිය  අද ( 23) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නාය. 

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා  බැලීම සඳහා  අද මේනකා විජේසුන්දර මෙනවිය සහ නීල් ඉද්දවෙල යන මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී එම විනිසුරුවරිය මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දෙන ලදී.

ඒ අනුව නැවතත් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී.

ඒ අනුව ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් මාර්තු 01 වැනිදා එම නව විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියම කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්  ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනාම අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 



අදහස් (7)

ශානිගේ ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරු මේනකා ඉවත්වෙයි

Puppa Tuesday, 23 February 2021 10:09 AM

මේ අවංක මිනිසා නිදහස් කරපල්ලා... කොමිසමේදී දැක්කා නේද මේ මිනිසාට ඇති දේපළ...

:       42       57

Nuwan Tuesday, 23 February 2021 10:26 AM

දේශපාලන පළිගැනීම් කියලා තමන්ගේ පුත්තු, නෑදෑයින්, හිතවතුන්ට තියෙන සාධාරණ නඩු විසිකරන්න එකඑක කමිටු ගේනවා.. නමුත් ඇත්තටම ඇස් පනාපිට පලිගැනීමට ලක්වෙන අය ලෝකෙම දන්නවා.

:       26       56

Demuni Uduwara Tuesday, 23 February 2021 02:23 PM

ශානි රජයට වැඩකළත් දේශපාලකයින්ට වැඩ කළේ නැහැ.. ඒ නිසා ඔහු ඒයින් නිදහස්..

:       59       44

Perera Tuesday, 23 February 2021 05:43 PM

ස්වාධීන තීන්දු දීමේ හැකියාවක් නැතුවා වත්ද?

:       0       0

Senarath Wednesday, 24 February 2021 03:20 AM

වැරැදිකරුවන් 100ක් නිවැරැදි කරුවන් කීමට වඩා බරපතල වරදක් එක නිවැරැදිකරුවෙක් හිතාමතාම වැරැදිකරුවෙකු කිරීම. බොරු සාක්කි හදපු නිසා අද කීයක් නිකරුණේ හිරේ ඉන්නවද?

:       1       1

sharm warn Wednesday, 24 February 2021 06:57 AM

නීතිපතිට කැමැති නඩු වැරැදි, නිවැරැදි නොබලා අහක දමනවා.. හරියට ගොනුකරන්නෙත් නැහැ. ශානි මහත්තයාටත් තිබුණේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න. කොහොම වුණත් ලස්සනට ගරුකටයුතු මන්ත්‍රී වෙලා ඉන්න තිබුණනේ ඉතින්.

:       0       3

athula Wednesday, 24 February 2021 08:26 AM

CID එකේ සිටි කීර්තිමත්ම, දක්ෂතම නිලධාරියා. මෙතුමා කිසිම අල්ලසකට යටනොවුණු හොඳ පිටකොන්දක් තිබෙන වටිනා මහත්මයෙක්... අපි පුදුම වෙන්නේ මෙතුමා හිරේ නොසිටියා නම් ගෝඨාභයගේ පාලනය තුළ පිට කොන්දක් සහිත කිසිම නිලධාරියෙකුටද රාජකාරිය කළ නොහැකියි. රජවෙන්න ඕන අය සිරගෙවල්වල... සිරගෙවල්වල ඉන්න ඕනෑ අය හිර ගෙවල්වල... ජඩකම් නොකර මෙතුමාව නිදහස් කරපල්ලා...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 452 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 487 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1025 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 243 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 406 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1873 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site