(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට නොහැකිවීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීම නිසා සමාගමට අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි විය.
වැදගත් රාජ්‍ය නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණීම සඳහා සිටින බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසු අසත්‍ය කරුණුවලට රැවටීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීමට කටයුතු කිරීම නිසා මෙලෙස අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලක කළමණාකාර ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළේය.
ගුවන් ගතවී පැමිණෙමින් තිබු ගුවන් යානයක් ආපසු හරවා වෙනත් ගුවන් තොටුපළකට යැවීමේ මෙම සිද්ධිය වැනි සිද්ධියක් කිසිම දිනෙක සිදුවී නොමැති බවද 2014 ජනවාරී මස 14 වැනිදා මෙම සිද්ධිය සිදුවු බවද ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් හෙළි කළේය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලන්කන් යානය ආපසු හැරවීමෙන් අධික අලාභයක්
de silva Thursday, 09 August 2018 01:46 PM
ඒගොල්ල ඉස්සර හිටපු රජපවුලේ සමජිකයෝනේ , නමුත් පුදුමෙකට තිබෙන්නේ තවමමේ ගැන පරීක්ෂණයක් වත් ආරම්භ කරලා නැති එක
පිටිගල මිලානෝ Thursday, 09 August 2018 01:53 PM
මේ සහෝදර සමාගමට නැවත වරක් රට පාලනය කරන්න දෙමු. නේද?
ජයන්ත මිලානෝ Thursday, 09 August 2018 03:54 PM
අනේ දෙමුකො. ඊට පස්සෙ ඒගොල්ලන්ට දීලා කනවෝ කනවෝ කියන කොට මේගොල්ලන්ට දෙමු. අපේ රට ඉවර වෙනකං දෙපැත්තට දිදි ඉමු. හරි ශෝක්නෙ.
Nishantha Thursday, 09 August 2018 04:24 PM
රටට ආදරේ කරන, ජනතාවට ආදරේ කරන පාලකයෝ හා නිලධාරීන් ඉක්මනටම පත් කරගත්තේ නැත්නම් අපේ දරුවන්ට රටක් ඉතිරි වෙන එකක් නැහැ.
Chanak Los angelesFriday, 10 August 2018 01:14 AM
අඟහරු වලින් තමයි ගෙන්වන්න වෙන්නේ ...
Bimal Thursday, 09 August 2018 08:49 PM
ගුවන් යානා විතරක් නෙවෙයි මුළු රටකම මිනිස්සුන්ට ආපසු හැරෙන්න වෙන්නේ.
Bamunuarachchi Friday, 10 August 2018 01:20 AM
මේ සහෝදර සමාගමට නැවත බලය දෙනවා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැක්කානේ කලින් ඡන්දෙදි මොකද උනේ කියල
Bamunuarachchi Friday, 10 August 2018 02:31 AM
ගුවන් යානාව හැරෙව්වේ එක පුද්ගලයි. සංවර්ධනය දිසාවට ගිය රට ලම්බෝගිනි කාර්, රත්තරන් අස්වයෝ මොනවද කියා බලා ගන්න, කොටළුවෝ 2014 දී රට ආපසු හැරවූ එකේ විපාක තමයි දැන් අපි ගෙවන්නේ ඒ පාඩුව තක්සේරු කොරන්න පුලුවනිද. 2020 දී පවත් වන මහජන කොමිසම ආ පසු නියම දිසාවට රට හර වාවී. යහපාලකයෝ පටවා ගන්න රට ආපසු හරවනවා කියල කීවේ. බලනකොට පටවාගෙන තිබෙන්නේ කොටළුවෝ ටිකක්. දැන් සනීපද?
Saman Friday, 10 August 2018 03:56 AM
අනේද කියන්නෙ... පැය 1 1/2 ක් ඉන්න බැහැ, ප්ලේන් එකක් එනකම්.
Piyal Friday, 10 August 2018 04:07 AM
ඕක මොකක්ද ? තමන්ට ආසන වෙන් කලේ නැහැ කියල ලාභ ලබමින් තිබුන ගුවන් සේවය, 'එමිරේට්ස්' ලගෙන් ගත්තෙ ජනාධිපති මස්සිනා..
kalani Friday, 10 August 2018 05:57 AM
"ශ්‍රී ලංකාව ජාතික ගුවන් සේවයක් පවත්වා ගැනීමට තරම් ආර්ථික වශයෙන් තවම ශක්තිමත් නැත " අසල්වැසි රාජ්‍ය නායකයෙක් පැවසු වගක් මතකය.
upali Friday, 10 August 2018 12:44 PM
මෙයාලා රටට වැඩක් ඇති දෙයක් කරන්නෙත් නැහැ, හොරු අල්ලන්නෙත් නැහැ. රට නොරට්ටුන්ට පාවාදෙන එක විතරයි කරන්නේ... මෙහෙමත් ජහපාලනයක්.. හොරා කෑවත් අරගොල්ලන් හොඳයිනේ.