ඩයනා උදයංගනී
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (14) පත්වීම් ලිපි පිරිනමනු ලැබීය.
මෙම පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී අද (14) සිදුකෙරිණි.
විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.ඞී.ඒ හැරල්ඞ් යන මහත්වරු සහ විගණන ප‍්‍රමිති සමීක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ ගීගනගේ මෙනෙවිය මෙහි සෙසු සාමාජිකයෝ වෙති.
අදාළ ආයතනයන්හි 2006 වසරේ ජනවාරි 06 වැනි දින සිට 2018 ජනවාරි 31 දක්වා සිදුවූවා යැයි සැලකෙන දුෂණ හා අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරීක්‍ෂණ කර වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම කොමිසම පත්කර තිබේ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලන්කන් අක්‍රමිකතා සොයන්න පත්කළ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි
sirimal Wednesday, 14 February 2018 12:42 PM
මේ විදිහට ඉබි ගමනෙන් ගියොත් නම් " ශ්‍රී ලංකන් හොරු" අල්ලන්න තියා ගුවන් තොටුපළ කිට්ටුවටවත් ලඟාවෙන්න බැරිවෙයි. ලෝකය කැරකෙයි කාලේ ගෙවීයයි "මරුවා" ලඟා වෙනවා.