IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාව ගැන පැමිණිලි කරන්න උතුරේ ඇමැතිවරු ජිනීවා යති

 
(සිරාජ් හසීම්)
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට  වී ශ්‍රීලංකාවට එරෙහිව කරුණු කීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මැති ඇමැතිවරුන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු මුල් සතියේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටව යාමට නියමිතය.


මෙම කණ්ඩායමේ මූලිකත්වය තමන් සහ උතුරු පළාත් ඇමැතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් ගන්නා බවත් සංචාරයට සහභාගී වන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව දෙමළ ජාතික  සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතා වෙත ඉදිරි සතිය තුළ ඉදිරිපත් කරන බවත් එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා  පැවසීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ලබන 26 වැනි දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී  ආරම්භ වන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකර ඒවාට සම්බන්ධ සියළු පාර්ශව හට දඩුවම් පැනවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී ඇත.

2015 වසරේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව මෙරට තුළ මෙතෙක්  ක්‍රියාත්මක කර නොමැති බවත්  ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මේ නිසා ජිනීවා සැසිවාරයට සහභාගී වී විදේශීය නියෝජිතයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් හට ලක් රජයේ මෙම ක්‍රියා කලාපය පහදා දෙන බවත් සිවාජිලිංගම් මහතා තවදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පෙබරවාරි 27 වැනි දා සිට මාර්තු 23 වැනි දා තෙක් පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් මාර්තු 16 වැනි දා ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවද ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (9)

ශ්‍රී ලංකාව ගැන පැමිණිලි කරන්න උතුරේ ඇමැතිවරු ජිනීවා යති

[email protected] Friday, 09 February 2018 09:09 AM

යන්න යන්න ගිහින් කියන්න. හැබැයි රටේ නැතිවෙන සාමයට, හැමදාම වගකියන්න ඕනේ ඔයාලා කියන එකත් අමතක කරන්න එපා! මම දෙමල, එහෙත් ඔයාලගේ ඔය ජාතිවාදී අදහස් නැති කෙනෙක්. මම ඇතුළු තව මේ රටේ ඉන්න දහස් ගනන් දෙමල ජනයා, ඔය උතුරේ ඉන්න ජාතිවාදී නායකයින්ට කැමති නැහැ. මේ රටේ හිටපු දැනට ඉන්න බොහෝ සිංහල නායකයින් දිහා බලලා හෝ හැදෙන්නකෝ!

:       241       301

Praba Friday, 09 February 2018 09:56 AM

ආයෙත් මේ රටේ පස් පාගන්න දෙන්න එපා. එයාපෝර්ට් එකේදීම ගහලා පන්නන්න.

:       103       624

Raveendra Friday, 09 February 2018 10:55 AM

මේ උන්දැලාද උපතින්ම අනිකාට ගතු කියල වැඩේ කරගන්න හදන නිවටයෝ ටිකක්. මේ මුළු ලෝකෙම ලැබුණත් අඟහරු ලෝකේ ගිහින් ගතු කියයි.. ලෝකේ අපිට මදි කියලා. එ් තරමටම හිඟන්නෝ ටිකක්....

:       43       272

laksman Friday, 09 February 2018 11:12 AM

මේවට පිළිතුරු දෙන්න පුළුවන් කණ්ඩායමක් දකුණේ අපි පත්කරන්නේ නැහැනේ.. අපි කරන්නේ බත් පැකට් එකට, කසිප්පු ටිකට, සිල් රෙද්දට ඡන්දය දෙන එකනේ...

:       205       132

RaveendraFriday, 09 February 2018 11:58 AM

ලක්ෂ්මන් මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදි අදහසක් ඉදිරිපත්කර ඇතිබැවින් අපද සතුටු වන්නෙමු. ඇත්තෙන්ම බලය වෙනුවෙන් කුලල් කා ගන්නා "මීහරක් රැලක්වීම" කණගාටුවට කරුණකි.

:       10       68

BamunuarachchiSaturday, 10 February 2018 08:20 AM

රවීන්ද්‍ර මීහරක් කුලල් කාගන්නේ නැත. මී කරක් එකතු වී සිංහයකුට පහර දෙන හැටි යූ ටියුබ් එකේ දැක තිබෙන්වා නේද? අපේ මිනිසුන් අපටම උපමාකර ගන්නවා හැරෙන්නට එතරම් පහත් තත්වයේ සතුන් ලෝකෙට දෙවියන් මවා නැත. බයිබලයේ කියවෙන හැටියට පළමු මිනීමැරුම කලෙත් මිනිසුන්ය. ඒ ආබෙල් කාඉන්ව මරා දැමීමෙන්ය.

:       0       0

BamunuarachchiSaturday, 10 February 2018 05:04 AM

මම තාම ඡන්දය දුන්නේ නැත. කරුණාකරලා මෙතන ලියන්න මේවට පිළිතුරු දෙන්න පුළුවන් කණ්ඩායම කව්ද කියලා. සිල්රෙද්ද එපා කියනවනේ... එතකොට මහින්ද අවුට් එහෙම නම් සීනුවටද? අලියටද? ටක් ගාලා කියන්න මම තව ටිකකින් ඡන්දය දාන්න යනවා. හැබැයි සීනුව කියනවා ඒ ගොල්ලෝ කාටත් සමතැන දෙනවයි කියලා. රනිල් හදනවා 13 ක්‍රියාත්මක කරන්න. මම පඹගාලක පටලිලා ඉන්නේ. හැබැයි දෙමලාට හිස නොනැමුවේ මහින්ද විතරයි.

:       0       0

ජයන්ත මිලානෝ Friday, 09 February 2018 11:28 AM

සුපිරි ඇමැති වරප්‍රසාද විඳිමින්, තමන් පය ගහලා ජීවිතය බේරාගෙන ජීවත් වෙන රටට විරුද්ධව ගතු කියන්න සුද්දා ගේ පය ලෙව කන්න යනවා. එහෙම හිටියා නම් හොඳ නැතිද?

:       0       103

Bamunuarachchi Saturday, 10 February 2018 04:57 AM

ඔන්න මේ ගොල්ලන්ටයි, අර ඇඟිල්ලෙන් බෙල්ල කපන හැටි පෙන්නන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 0 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 157 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 188 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 497 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 344 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 840 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site