IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් සහය

(අංජුල මහීක වීරරත්න )
 
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය  නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා  ප්‍රකාශ කළ බව  සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා  පැවසීය.
 

එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි  ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති මන්දිරයේදී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.
 
මෙම සහය ලබා දීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (18)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් සහය

Nandalal DE SILVA - France Thursday, 13 June 2019 07:21 AM

අගමැති නරේන්ද්‍ර මෝදි එයාගේ රටේ සෞඛ්‍ය ගැටළු අවසන් කරාට පසු, අවම වශයෙන් ගමකට වැසිකිළි කිහිපයක්වත් හදාදී ඉන්දියානුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න විසදුවාට පස්සේ, අසල්වැසි රටවලට පිහිටවීමට ඉදිරිපත්වීම කොතරම් හොඳ කටයුත්තක්ද? ලෝකෙට පරකාසේ....ගෙදරට මරගාතේ !!!!!

:       50       106

kamaniThursday, 13 June 2019 05:18 PM

ඇයි අපේ රට කියලා වැසිකිලි වලින් පිරිච්ච රටක්ද? හම්බන්තොට පමණක් පවුල් 15 000කට වැසිකිලි නැහැල්ලු. මොණරාගල, බිබිල වැනි පළාත්වලත් එහෙමලු. ඉන්දියාව ගැන කියද්දී වැසිකිලි ගැන කියලා හිනාවෙන්න එපා. ඒ අය අපිට වඩා බොහෝ දුර ගිහින් ඉන්නේ. අපි අනුන්ට බැන බැන කාලය කාදමමින් එකම තැන ඉන්න ගෝත්‍රිකයින් පිරිසක්.

:       188       173

Vasanthi Thursday, 13 June 2019 07:27 AM

මෝදිට කියන්න ඉස්සෙල්ල ඉන්දියාව ගැන හිතන්න කියලා. ඉන්දියාවත් එක්ක බලන විට ලංකාව ස්වර්ගයක්. හරියට වැසිකිලිවත් නැති ඉන්දියාව කොහොමද අපේ රටේ සෞඛ්‍යය ගැන හිතන්නේ.

:       0       115

Sameera Thursday, 13 June 2019 08:00 AM

ඉන්දියාවේ සමහර ප්‍ර දේශ වලට ටොයිලට් නැහැ ..... ඉස්සෙල්ලා ඒවා හදලා ඉන්න..... ඉන්දියාවේ මිනිස්සු හොස්පිටල් එකේ ඉදන් මිනිය ගෙදරට ගෙනියන්නේ කර තියාගෙන.... එහෙම එකේ මෙයාලා අපිට ගිලන්රථ දෙන්නේ මිනිස්සු රවට්ටලා ඊට වඩා ලොකු වාසි බලාපොරොත්තුවෙන්

:       93       209

gaminiThursday, 13 June 2019 10:26 AM

ඉන්දියාවේ සමාජ හා ආර්ථික වෙනස්කම් වල දැඩි විෂමතා පවතින බව සැබැවි. නමුත් අමතක නොකළ යුතුයි ඉන්දියාව ලෝකයේ තාක්ෂණික වශයෙන් ඉහලටම පැමිණ ඇති බව. ලෝකයට විශේෂඥයන් සපයන ප්‍රමුඛ රට බවට ඉන්දියාව පත්වී ඇතිබව. ඇමෙරිකාව ඇතුළු දියුණු සැම රටකම ඉන්දියානු විශේෂඥයන්ගේ ප්‍රතිශතය වැඩි බව. ඉන්දියාවේ සුපිරි ගනයේ වෛද්‍යවරයන් හා වෛද්‍ය පහසුකම් පවතින බව. ඇමෙරිකාවේ සහ එංගලන්තයේ වෛද්‍ය විශේෂඥයන් ගෙන් විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන් බව. මේ අනුව අපේ රටේ වෛද්‍ය සේවාව දියුණු කිරීමට ඉන්දියාවට හැකියාවක් ඇත. හොද රාජ තාන්ත්‍රික සබදතා පවත්වා ගැනීමට ඉන්දියාව මෙවෙනි දේ කරයි.

:       0       74

wedageFriday, 14 June 2019 05:57 AM

අමතක කරන්න එපා ඉන්දියාව මේ ශ්‍රී ලංකාවට ගුවනින් පරිප්පු දමපු බව... ඒ මදිවට ලක්ෂයක හමුදාවක් බලෙන් එවලා රටම විනාශ කළා.

:       0       1

nandanaThursday, 13 June 2019 10:40 AM

ලංකාවෙත් වැසිකිලි නැති තැන් කොතරම් තියෙනවද? පාස්කු දින බෝම්බ ප්‍රහාරයේදී තුවාල වුනු බොහෝ දෙනෙක්ගේ ජීවිත ගැලවුනේ මීට පෙර ඉන්දියාවෙන් ලබා දුන් ගිලන්රථ සේවාව නිසා බව අමතක නොකරන්න.

:       0       8

Ruhunu Thursday, 13 June 2019 08:29 AM

මෝදී මහත්තයෝ ලෝකේ රටවල් ගණනාවක්ම ලංකාවේ සෞඛ්‍ය දියුණු කරන්න හැදුවා. තවම කාටවත් ඒක කරන්න බැරි වුණා. නමුත් අපේ දේශපාලකයෝ නම් දීයුණු වුණා

:       60       68

Hafeel Thursday, 13 June 2019 08:33 AM

ඉන්දියාවේ තියනවා ඕනේ තරම් ගිලන් රථ නැති රෝහල් සහ වැසිකිලි නැති නිවාස. එහෙම තියෙද්දීත් අපිට උදව් කරනවා නං?

:       1       8

Bamunuarachchi Thursday, 13 June 2019 09:17 AM

ඒ ගොල්ලොත් රටට පරකාසේ ගෙදරට මරගාතේ.

:       0       3

sharm warn Thursday, 13 June 2019 09:18 AM

කිසිම තත්ත්ව පාලනයක් නැතුව ඖෂධ හදලා අපිටම විකුණන ඉන්දියාවෙන් ද දැන් අපේ සෞඛ්‍ය නගා සිටුවන්න උදව් ගන්න යන්නේ ? අපේ ආයුර්වේදය පිළිඅරගෙන බටහිර මිනිස්සු මෙහෙ එනකොට අපි සුපුරුදු ලෙස ඉන්දියාවෙන් හරි වෙන රටකින් හරි හිගා කන්නේ ..

:       0       12

ආර්.සේනාරත්න Friday, 14 June 2019 05:54 AM

ඔයා කට වහගෙන ඉන්න. ඉන්දියාවෙන් බෙහෙත් ආනයනය කරන්නේ මමයි මගේ නෑදෑයෝ කට්ටියකුයි. අපි හොඳම බෙහෙත්, ලාබෙට ගෙන්වනවා. මම දොස්තර කෙනෙක්. මම බෙහෙත් ගැන හොඳට දන්නවා. මට ලෝක සෞඛ්‍ය සංගමයෙන් සුවපති සම්මානය ලැබුනේ නිකම්ද? ඔය ආයුර්වේද බෙහෙත් බිබී වැඩකරන්න බැහැ. ටක් ගාලා හොඳවෙන බෙහෙත් තමයි ඕනෑ. ඔබට අවවාදයක් මේ දුන්නේ. මීටපස්සේ ඕන නැති දේවල්වලට කටදාන්න එපා.

:       0       0

Nimal Thursday, 13 June 2019 10:51 AM

ඉන්දියාවේ රජයේ රෝහල් කියන්නේ ඉතාම කඩා වැටුන ආයතන. මේ කරන්න යන්නේත් ලංකාවෙත් ඒකම කරන්න තමයි

:       0       24

menna Thursday, 13 June 2019 12:29 PM

ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් නොවේ බටහිර වෙදකමයි ආයුර්වේද වෙදකම දෙකම සහභාගී කර ගත්තෝත් හොඳයි.

:       0       1

රවින් Friday, 14 June 2019 01:46 AM

හැ.............. මෙයා මේ කියන්නේ තව කොමිස් වැඩක් ගැන. දැන් කියයි ඉන්දියාවෙන් තව තව තත්වයෙන් බාල ඖෂද මේ අවභෝදතාව අනුව ගෙන්නන්න වෙනවයි කියලා. හැබැයි ගේන්නේ සිය පවුලට අයත් සමාගම් විසින්.

:       0       1

ratna P Friday, 14 June 2019 02:55 AM

අපිට කොච්චර ආධාර ලැබුනත් වැඩක් නෑ, අපේම සෞඛ්‍ය සේවය ගැන විස්වාසයක් නැති ඇමති කෙනෙක් ඉන්න කොට. එයා යන්නේ සින්ගප්පුරුවටනේ.

:       0       26

jayath Friday, 14 June 2019 04:24 AM

ඉන්දියාව අපේ අවංක මිතුරෙක් නෙමි තිත්ත උනත් ඇත්ත එකයි නමුත් , ඉන්දියාවේ වැසිකිලි නැති වුනත් - ඒ රටේ සෞඛ්‍ය සේවාව අන්තිවුනත් අපට නොමිලේ දීපු ගිලන් රථ සේවයට නම් ස්තුති වන්ත වෙන්න ඕන එ්ක කවදාවත් මේ රටේ උදවිය කරාවි කියල හිතන්න බැරි දෙයක්

:       0       2

wedageFriday, 14 June 2019 05:59 AM

නොමිලේ දීපු ගිලන් රථ වලට පසුව මුදල් දුන්නා අමතකද? හර්ෂගෙන් අහලා බලන්න මේ රථවලට අමතර කොටස් මුදල් වලට තමයි දෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 200 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 417 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 506 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 501 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 150 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1699 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site