IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීවරු 76කගේ සහය සජිත්ට

(දයාසීලි ලියනගේ)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 76දෙනෙකු අද(11) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සහාය දැක්වීමට එකඟතාව දැක්වූහ.
 
ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවූ පිරිස, එක්සත් ජාතික පක්ෂයට නොව එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.
 
සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
මැතිවරණ කොට්ඨාස මට්ටමින් තමන්ට සහාය දක්වන අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමග යළි හමුවීමක් පවත්වන බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත.
 
මෙහි සම්බන්ධීකරණ කටයුතු සඳහා තුසිත හල්ලොලුව මහතා පත්කර ඇත.



අදහස් (38)

ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීවරු 76කගේ සහය සජිත්ට

ananda Friday, 11 October 2019 01:53 PM

අපේක්ෂක තනතුරුත් එ.ජා.පෙන්ම ගන්න

:       108       230

Bamunuarachchi Friday, 11 October 2019 01:56 PM

මට හිතා ගන්න බැරි රටට මෙතරම් සේවයක් කල ඝෝඨාභය මහතාට වඩා රටට මෙවෙනතුරු කිසිම සේවයක් නොකළ සජිත්ට සහය දක්වන්න හේතුව මොකක්ද කියලා. කවුරුහරි කියනවානම් මෝඩ කතා නොකියා නියම දේශපාලන හේතු කියන්න අපට දැනගන්න

:       2545       2010

කුමාරFriday, 11 October 2019 03:27 PM

ගෝඨාභය මහතා රටට කළ බව කියන සේවාවන් කිහිපයක් කියන්න පුළුවනිද? නොදන්නා නිසයි අහන්නේ...

:       807       825

ප්‍රසන්න Friday, 11 October 2019 05:34 PM

අර එක්කෙනෙක් අහනවා ගෝඨාභය කරපු සේවය, ඇයි යකෝ යුද්ධයම ඉවර කරපු එක...?

:       1332       1241

SanjuSaturday, 12 October 2019 06:02 AM

ගෝඨා කරපු යුද්ධය ගැන හිටපු ආමි කමාන්ඩර්ගෙන් අහන්න. මැරුණු සොල්දාදුවන්ට නිගරු කරන කතා කියන්න එපා. නීතිය බල්ලට දාලා වැඩකරන රාජ්‍ය නායකයන් අපිට ඕනෙද? නෑ..

:       54       203

LionSaturday, 12 October 2019 08:38 AM

යුද්දෙ ඉවර කලේ ටයි දාගෙන ඔෆිස් එකේ හිටිය ගෝඨාද?, මිලිටරි යුනිෆෝර්ම් ඇඳලා යුද බිමේ හිටිය ෆොන්සේකාද?

:       159       610

ගල්බමුණාSunday, 13 October 2019 01:31 AM

යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකාය.මොහු ජනතා මුදලින් කළේ කෞතුකාගාර සෑදීමය.සජිත් කළේ ජනතා මුදලින් කලේ අසරණ දුගී දුප්පත් අයට හිසට සෙවනක් සෑදීමය.මේ රටට බමුණු මත ගැලපෙන්නේ නැත.

:       1       13

Prabha Friday, 11 October 2019 01:56 PM

අවසාන තීරණය ගන්නේ රටේ ජනතාව මිස වෙන කවුරුත් නොවේ

:       113       286

chandima Friday, 11 October 2019 01:58 PM

හිටපු කියන්නේ පැරදුණු නැතිනම් ඉවත් කරපු කට්ටියනේ. ඒ ගොල්ලෝ දැන් වැලේ වැල් නැතුව ඉන්නේ රුපියල් දාහක් දුන්නත් ඕන පැත්තකට එනවා. අනික පැරදිලා කියන්නේ මිනිස්සු ඡන්දෙ නොදුන් නිසානේ? මේ කට්ටියගේ ඡන්දවත් ලැබෙයි කියලා සැලකුවොත් ඡන්ද 76ක් ෂුවර්...

:       1223       883

sirimal Friday, 11 October 2019 02:01 PM

"එක්සත් ජාතික පක්ෂයට නොව එක්සත් ජාතික පෙරමුණට" කියන එකත් හරියට අර "පොහොට්ටුවට නෙවේ හැබැයි ගෝඨාභයට" කිව්ව එකේ අනිත් පැත්ත වගෙයි...

:       74       71

Chathuri Friday, 11 October 2019 02:02 PM

එතකොට ගෝඨාගේ ඇමරිකා පුරවැසිකම නැවත ලබා ගන්නවද? මොකද එන පොට හොඳ නැහැ... අනුර කුමාරත් කිව්වා මාස දෙකයි දෙන්නේ රජයේ දේපල මුදල් හොරාකාපු සේරම බාරදෙන්න... අනේ මන්දා හිතන කොටත් බය හිතෙනවා.. මගුල් තුනක් ජයට කෑවා එක ළඟ... , දේවාලේ කපුවන්ට වෙනරටක පුරවැසිකම හදාගන්න වෙයි. කපුවාගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. සුමනදාස ඉන්නවදවත් කියලා තොරතුරක් නැහැ.. පව් අප්පා...!!!

:       176       891

Sujeewa SilvaFriday, 11 October 2019 04:01 PM

චතුරි, හෙට උදේ නැගිට්ටම, ඇල්පිටියේ ප්‍රතිඵල බලා, ඔබ කිව්දේ ඇත්තක් තිබේද කියලා බලන්න. දැන්වත් ඔය ජරාපාලනයට කඩේ යන එක නවත්වන්න.

:       910       303

SamanFriday, 11 October 2019 04:59 PM

ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද සංඛ්‍යාවෙන් 59.08%ක්ම ලබාගෙන ඇත. මෙම තත්වය සළකා බලන කළ ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතාවලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනීයයි.

:       61       642

ChathuriFriday, 11 October 2019 05:32 PM

අැල්පිටියද විතරද ගමකට තියෙන්නේ...? ඇල්පිටියේ විතරද මිනිස්සු ඉන්නේ...

:       28       181

මුණසිංහSaturday, 12 October 2019 01:34 AM

අපෝ නැහැ චතුරි යාපනේ ඉන්නව ඔයාලගෙ කට්ටිය.....ගුරුකන්දෙ එහෙම....අර පස්කපන්නත් ආවේ...

:       33       72

SankaSaturday, 12 October 2019 05:20 AM

සුජීව... කත් අදින්නේ මන් හිතන්නේ හමුදා පාලනයක් ගේන්න වෙන්නැති... එතකොට අපිට මතකයි ඒ කාලේ වෙච්ච වැඩ. අම්මෝ බයයි.

:       61       229

KumariFriday, 11 October 2019 07:13 PM

චතුරි, අබිං කාපු අයත් ඔය වගේ දොඩවනවා තමා. ඔක්කොටොම කලින් පියවි සිහියට එන්න. ඊට පස්සෙ සිරිකොතේ රෙදි අපුල්ලන එක නවත්තන්න. ඊලඟට සිරිකොතේ බැංකු හොරුන්ට මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ටික භාණ්ඩාගාරෙට දෙන්න කියන්න.ඔයාගේ නැතත් රටේ පෞද්ගලික සේවයේ වැඩ කරන මිනිස්සුන්ගෙ ඊපීඑෆ්, ඊටීඑෆ්, ග්‍රැටිවිටි එකට ගහපු 14% ටැක්ස් එක නැති කරන්න කියන්න. ෙ

:       23       34

Mann Friday, 11 October 2019 02:28 PM

ඒකනායක මොඩ්ල් කීයක් ඉන්නවද?

:       0       9

fasmy Friday, 11 October 2019 02:43 PM

ඔය බංකලොත් අය ගෙම්බන් වගේ දෙපැත්තටම පනිනවා අවංක, බුද්ධිමත් ජනතාව අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබලවේගය මාලිමාව සමග එක්වෙමින් සිටිනවා..

:       172       109

rohana Friday, 11 October 2019 02:44 PM

බමුණෝ ගෝඨා සහ සහෝදර පිරිස කලේ මිනිස්සු මරපු එකයි, හොරකම් කරපු එකයි. ඒවාට මොලේ තියෙන මිනිස්සු කැමති නැහැ. බමුණා වගේ හරක් නම් කැමති වෙයි.

:       853       1451

LiyanageFriday, 11 October 2019 03:20 PM

රෝහණ, රනිලුයි, සජියයි කරෙත් බැංකු සුද්ද කරන එකයි, නිධන් හාරපු එකයි. රටේ සම්පත් ටික විකුණන් කාපු එකයි. ඒවටත් මොලේ තියෙන එකෙක් කැමති වෙන්නේ නැහැ.

:       557       617

Dayasili Friday, 11 October 2019 03:00 PM

වැඩක් නැහැ. කොහොමත් රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ... උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු...

:       526       577

ranjith Friday, 11 October 2019 03:20 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තක්කඩියන්ට පාවා දීලා නායකයන් එම පක්ෂය විනාශ කරලම දැම්මා.

:       3       113

gfgfg Friday, 11 October 2019 03:34 PM

හොඳයි

:       0       11

පී දයානන්ද Friday, 11 October 2019 04:42 PM

පවුල් දහයක විස්සක ඔබලා කව්රු ඒ පැත්තට ගියත් ලක්ෂ ගණනින් ජනතාව ඡන්දය දෙන්නේ ගෝඨාටම තමයි.

:       323       52

Saman Friday, 11 October 2019 05:00 PM

ඇල්පිටිය වගේ පුංචි ඡන්දයකින් ජනාධිපතිවරණය තීරණය කරන්න බැහැ. මහින්ද මෙහෙම කියන්නේ පොහොට්ටුවේ ලොක්කා නිසයි...

:       62       179

janaka Friday, 11 October 2019 05:40 PM

ලේකම් කෙනෙක්ට විධායක ජනාධිපතිකමක් දරන්න ඇති සුදුසුකම් මොනවද? දේශපාලන පත්වීමක් තමයි මේ ලේකම්කමත් ඒවගේ කෙනකුට දෙන්න පුළුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       117       122

nipun jayesundaraSaturday, 12 October 2019 01:11 AM

එතකොට අර අට පාස් ග්රාම සේවකයාට තිබෙන සුදුසුකම ?

:       2       41

Jeewan Friday, 11 October 2019 07:05 PM

මේ වගේ ගොන් තර්ක දාන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද. දන්නෙ නැති නිසයි ඇහුවෙ? ඉස්කෝලෙ යන්න ඕනෙ කාලෙ කැලේ පැන්නහම ඔහොම වෙනව තමා.

:       0       0

Sarath Friday, 11 October 2019 07:22 PM

බර ගානක් ගෙවන්න ඇති..........

:       0       0

chandima Friday, 11 October 2019 09:51 PM

අතේ තියෙන සල්ලි ටික ඔහොම එක එක්කෙනාට බෙදල ඉවර කරගන්න එපා. අන්න ඇල්පිටියේ ප්‍රතිපල ඇවිත්. මේ විදියට බලපුවම අර එක වතාවක් වගේ තව කි කාලයක් අතින් කකා ඉන්න වෙයිද කියන්න බැහැනේ?

:       20       10

saman Friday, 11 October 2019 10:03 PM

ගොටාජය

:       81       98

rukshan Saturday, 12 October 2019 05:13 AM

මන්ත්‍රීවරුන්ගේ නම් කියන්න...

:       0       0

beau Saturday, 12 October 2019 07:28 AM

ඔය ඉන්නේ තමන්ගේ ගෙදරම තියාගෙන හිටපු සතුරන්. මුන් තමා ගෙදර වෙන හැම දෙයම යු එන පීයට පාවා දෙන එවුන් . මුන්ව ශ්‍රී ලංකා පක්ෂෙන් පන්න දමාන්න

:       0       0

sanjeewa Saturday, 12 October 2019 09:06 AM

ගෝඨාබය ඉන්න කලේ කරපුවා අපි හොදට දන්නවා මොකද හමුදාවේ අයට දීපු වාදයක් කණු සුද්ද කර එක අපිට නම් මතකයි

:       0       9

sirimal Saturday, 12 October 2019 09:17 AM

මංගල සමරවීරගේ ගෙදරදී පැවැත්වුන මාධ්‍ය සාකච්ඡාවකදි ඔබතුමාගේ ශ්‍රී මුඛයෙන් කියනවා ඇහුනා " ජනාධිපතිතුමාගේ සහ චන්දිකා කුමාරණතුංග මැතිනියගේත් සහාය ලබාගන්න එක ඔන්න මෙන්න" කියල. "එහෙම වුණොත් දිනලා හමාරයි" කියල කවුදෝ කිව්වා අහුනානේ නැද්ද මහත්තයෝ.

:       7       101

sanath Saturday, 12 October 2019 09:22 AM

හුරේ... සජිත්ට ඡන්ද 76ක් එකතු කරන්න පුළුවන්... සල්ලි අරන් පිම්මවල් පනින තරමට එ් අයට ඡන්දෙ දුන්නු අය පනින්නේ නෑ...

:       1       1

kamil Saturday, 12 October 2019 03:01 PM

76 ක්... ඔය ආරම්භය අවසන් වෙන්නේ ලක්ෂ 10කටත් එහා ඡන්ද අරන්...

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 620 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2016 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1481 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 835 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2047 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 100 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site