IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශවේන්ද්‍ර සිල්වාට යුරෝපා සංගමයෙනුත් විරෝධය

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී  සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි.

ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත කොළඹ යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.  

055



අදහස් (25)

ශවේන්ද්‍ර සිල්වාට යුරෝපා සංගමයෙනුත් විරෝධය

Chanak los angeles Tuesday, 20 August 2019 07:21 PM

රටේ ප්‍රශ්න වලට විදේශීය බලවේගයන්ට අතපොවන්න එපා කියා තරවටු කරන අයගේන් අහනවා නිකමට හරි ලංකාවට සම්බාධක පැනවුවොත් අපිට ජාත්‍යන්තර ආධාර නැතිව කෙලින් හිටගන්න පුළුවන් ලෙස අපි දියුණුද කියලා ?

:       2512       285

JayaTuesday, 20 August 2019 10:30 PM

ඔයාට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ මෙයා. ලොස් ඇන්ජලිස් වලට වෙලා ඉන්න පුළුවන්නේ.. කොහොමත් ඔය වගේ වහල් මානසිකත්වයක් තියන මිනිස්සුන්ගෙන් මේ රටට වැඩක් නෑ,

:       2       102

SidathTuesday, 20 August 2019 11:47 PM

සම්බාධක දාන්න කියන්න. ඕක දාපු දවසෙ ඉඳන් අපේ මේ කම්මැලි කට්ටිය යක්කු වගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ රට නිකම්ම දියුණු වෙනවා.. සම්බාධක කිය කිය හැම මඟුලටම අතදාන්න දෙන තරමට නිවට වෙන්න පුළුවන්ද

:       0       51

ගොන්ගාලේ ගොඩබණ්ඩා Wednesday, 21 August 2019 01:00 AM

චානකලා වගේ අය ඉන්නකම් බලවත් රටවලට හොදයි. මිනිස්සු තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනේ.

:       1       44

ShanakaWednesday, 21 August 2019 02:01 AM

ඔයාල වගේ අය ඉන්නකන් එහෙම බැ

:       0       20

NishanWednesday, 21 August 2019 02:12 AM

පිස්සු කියවන්න එපා. ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුලේ නෙවෙයි. ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ. අපි ඇමරිකාවට, චීනෙට වඩා බලසම්පන්න රාජ්‍යක්. අපිට ඕනේ නම් පුළුවන් මුළු ලෝකෙටම ගහලා අළු දුවිලි කරන්න.

:       8       121

NamalWednesday, 21 August 2019 02:18 AM

ඔව් හිටගන්න පුලුවන්.

:       0       15

සමන්තWednesday, 21 August 2019 03:48 AM

ඔබ කියන්නේ ලංකාවේ තීරණ ගත යුත්තේ විදේශ රටවලට අවශ්‍ය විදිහට කියලාද. විදේශ රටවලට අවශ්‍ය විදිහට තීරණ ගත්තානම් LTTE එක තාමත් පරාජය කරන්න බෑ.. අපට සම්බාධක පැනවුවොත් අපේ රටේ මිනිස්සු දැන ගනීවී විදේශ ආධාර නැතිව කොහොමද ජීවත් වෙන්නේ කියලා.. එදාට මේ රට පෙර රජ සමයේදී වගේ ස්වයංපෝෂිත රටක් වෙයි. අපේ රටේ ප්‍රශ්න අපි විසදගන්නම්.

:       5       106

සමන්තWednesday, 21 August 2019 08:13 AM

සමහර වෙලාවට අපි කට පැත්ත ඇදලා දෙඩෙව්වට කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඔය ලොකු ටෝක් දීලා 1970-77 කාලෙදී දැක්මක් නැතුව ස්වයංපෝෂිත වෙන්න ගිහින් හාල්පොලු, මිරිස්පොලු දාලා මිනිස්සු වින්ද දුක දන්නේ නැතුව ඇති. ඒ ජාත්‍යාලය වැඩිවෙලා මිනිස්සු ජේ.ආර්.ට බියෙන් බලයක් දුන්නා. ඒ නිසා නොදන්න බයිලා කියන්න එපා.

:       40       2

Ruwan Wednesday, 21 August 2019 04:35 AM

ඩිසල්යික් දෑම්මට් වෑඩක් නෑහෑ ඕකයි ඈත්ත ඔලුව නෑති අය මෙච්චර ඉන්නවද අප්පා අපේ රටේ

:       9       60

d.upulWednesday, 21 August 2019 04:57 AM

දහස් ගණනක් ඔබේ අදහසට විරුද්ධ බව පෙනුනත් මේ තමයි ඇත්ත. අපේ අතීත ශ්‍රී විභූතිය ගැන උදම් ඇනුවට දැන් අපි අර මොකක්ද කහගන්න නියපොත්තක්වත් නැති ජාතියක් බවට පත්වෙලා. අවුරුදු 71ක් තිස්සේ දේශපාලනය කල උතුමන්ලා දුන්න තෑග්ග තමයි මේ. තවත් මේ නිකමුන්ට කඩේ යන්නේ නැතිව අපට දෙපයින් නැගී ඉන්න හැකි රටක් නිර්මාණය කරන දැක්මක් තියන නායකයෙක් පත්කර ගනිමු.

:       2       105

samWednesday, 21 August 2019 06:03 AM

එස්. මහින්ද හිමියන් හිටියනම් තවත් කවි ටිකක් ලියාවි මේ ගැතිකම ගැන.

:       0       119

chinthakaWednesday, 21 August 2019 08:39 AM

දැන් මෙහෙම හිතන්න, ඔය ඔයා වැඩකරන තැන සුද්දා කියනවා ඔයාගේ බිරිඳව මට දෙන්න.. නැත්නම් හෙට සිට ඔයාට මෙතන වැඩ නැහැ කියලා. (මෙවැනි සිදුවීම් ලෝකයේ කොතැනත් නිතර සිදුවේ) ඔයා බඩගින්නේ ඉන්න වෙයි කියන බයට ඔයාගේ ආදරණීය බිරිඳව අර සුද්දට දෙනවද? අන්න ඒ ප්‍රශ්නේට දෙන උත්තරේ මත සම්බාධකවලට බයේ රට පවා දෙනවද? නැද්ද? කියලා අපිට පිරිස් දෙකක් වර්ග කරගන්න පුළුවන්...

:       0       1

Chanak los angelesWednesday, 21 August 2019 08:14 PM

ඔබගේ ඔය කතාව ලංකාවට නම් ගැලපෙනවා .

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 20 August 2019 09:38 PM

ඇමෙරිකා එක්සත් ජනපදයත්, යුරෝපා සංගමයත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම ගැන අසතුට පළකරන්නේ හේතු සාධක නැතිව නොවේ ! ජාත්‍යන්තරය හමුවේ සිල්වාට එරෙහිව පැහැදිලි දරුණු චෝදනා තිබෙන බව මුළු ලොවම දන්නා රහසකි.

:       68       166

මුණසිංහ Wednesday, 21 August 2019 02:06 AM

2009 යුද්ධය යන වෙලාවෙත් ඔය කට්ටිය අපිත් එක්ක හිටියෙ නැහැ. ඇයි අපිට බැරි තනියම ජාතියක් ශ්‍රි ලාංකික හැටියට කෙලින් හිටගන්න. ඔය සේරම කොටි ඩයස්පෝරාවට උත්තර නොදී යටින් උඩ ගෙඩි දීපු එකේ ප්‍රතිඵල. දැන්වත් තේරුම් ගත්තොත් හොදයි මේවා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරමු. ලෝකයේ රටවල් අනිත් රටවල් වලට ඕන විදියට වැඩ කරන්නේ නැහැ.

:       0       53

Ranil Wednesday, 21 August 2019 02:16 AM

එක එක්කෙනාට අමාරු වුනාට අපිට මොකද යුදහමුදාපතිට රටේ මිනිස්සු කැමති නම්

:       0       47

ධම්ම Wednesday, 21 August 2019 02:59 AM

රටේ ප්‍රශ්න වලට විදේශීය බලවේගයන්ට අතපොවන්න ආරාධනා කර ලංකාවට සම්බාධක පැනවීමේ අවදානම නැතිකර ගනිමු.

:       7       2

lalithm Wednesday, 21 August 2019 03:06 AM

අපිට සම්බාධක දරාගන්න බැහැ. එහෙම දමපු රටවල් ඉරාකය වගේ ඒවාට හොඳ ආදායමක් තියෙනවා. කියන කතාව ඇත්ත. තව ටිකක් ආර්ථික වශයෙන් ඉස්සහරහට යනකම් අපි පොරවල් කියල හිතන එක පල් මෝඩ කමක්. වීරයෝ වෙන්න කලින් කෙලින් හිටගන්න ඕනේ.

:       55       113

Deepal Nirosh Wednesday, 21 August 2019 03:32 AM

ඔන්න ඒකමත් ඒක රටක බලු රංචුවක් හිටියළු. මේ බලු රංචුවෙ ඒක බල්ලෙක් මොකද්ද හේතුවකට ඒක පාරටම බුරන්න ගත්තළු. මේක දැකපු රංචුවෙ අනිකුත් බල්ලොත් ඇහිච්ච නිදාගෙන හිටපු බල්ලොත් නැගිටල අර බල්ල දිහා බල බල බුරන්න ගත්තළු. ටික වෙලාවකින් අර මුලින් බුරපු බල්ල බිරුම නවත්තල තම නිවස පැත්තට ගියාළු. ඊට පස්සෙ අතිත් බල්ලොත් බිරුම නවත්තල හිස හැරුණු අතේ ගියාළු. ඔන්න ඒච්චරයි, පොඩ්ඩක් ඉවසමු.

:       0       30

ධනුෂ්ක Wednesday, 21 August 2019 03:46 AM

හමුදාපතිට විරුද්ධයි හැබැයි ඔවුන්ට එ් කාලේ අණ දුන්න අය ජනාධිපති අපේක්ෂකයෝ වෙද්දි. සද්දයක් නෑ. ඇයි ඇමරිකන් නිසාද?

:       37       9

sharm warn Wednesday, 21 August 2019 04:38 AM

එතකොට ලංකාව කියන්නේ යුරෝපා සංගමේ , එංගලන්තේ , ඇමරිකාවේ හෝ වෙනත් ඕනෑම බටහිර ධනවත් රටක යටත් විජිතයක් ද ? අපිට ආර්ථික සම්භාධක පනවන්න මේ ය ක්‍රියා කරනවා නම් ලෝකයේ වෙනත් කිසිම රටක යුධ අපරාධ සිදු වෙලා නැහැ කියලා ද මේගොල්ලෝ කියන්නේ ? මේ කියන රටවල අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය වෙද්දී මෙච්චර අපේ රට ට ඇඟිලි ගහන්න එන්නේ මොකටද කියලා තේරෙන්නනේ නැද්ද මේ රටේ මිනිසුන්ට ? ආර්ථික සම්භාධක පැනෙව්වොත් ඇත්තටම අපිට ජීවත් වෙන්නම බැරි වෙනවද නැතිනම් නිවට නිහීන කම නිසා ඒ වගන්තියේ එල්ලීගෙන ඉන්නවද ??? ලෝකයේ අනිකුත් ආර්ථික සම්භාධක වලට හසු වෙලා ඉන්න රට වල මිනිස්සු දැන් මැරිලද එතකොට?? මෙව්වා තමයි මට නම් තියෙන දැවෙන ප්‍රශ්න ඉතින් ...

:       0       30

sam Wednesday, 21 August 2019 06:02 AM

මම ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඒ නිසා කවුරුන් හෝ අපේ රටට ආදරය කරන කෙනෙක්ට බැරිද මගේ මේ අදහස් ටික අර දීලා තිබෙන ටෙලිෆෝන් නොම්මරයට කියන්න. ජර්මනිය සහ ඉතාලිය එක්ව විසිවෙනි ශතවර්ෂයේ මුල භාගයේදී යුදෙව් ජාතිකයන්ට සහ ජිප්සීස් නමින් හඳුවන ජන වර්ගයට, සහ පෝලන්තය, ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු නොයෙක් රටවලට ආක්‍රමණය කිරීම අපේ බලවත් කනස්සලට හේතුවී ඇත. නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය මෙන්ම පෘතුගාලයද 16 වන ශතවර්ෂයේ සිට 20 වන ශතවර්ෂය දක්වා ශ්‍රී ලංකාව ආක්‍රමණය කර අපේ රටවැසියන්ට අතවරකිරීම අපි හෙලා දකිමු. ඔබ සියලුදෙනාම එක්ව ඒ ගැනද කටයුතු කරන මෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඉල්ලා හිටිමු.

:       0       122

Ananda Wednesday, 21 August 2019 06:19 AM

ජර්මනිය යුද අපරාධගැන කතා කරන්න??, මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ??. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉතිහාසේ අමතක වෙලාද ?. ඔය රටවල් ඔක්කොම යුද අපරාදවලට සම්බන්දයි , ත්‍රස්තවාදීන්ට උදව් කිරීමෙන්. අවි ආයුද විකිණීමෙන් .විශේෂයෙන් නොර්වේ කොටින්ට ආයුද විකුණුව. ඔය හැම රටකටම ලෝකේ කොහෙහරි යුද්ද ඕන, ඒගොල්ලන්ගේ පැවැත්මට .

:       0       59

රෝයි මයිකල් Wednesday, 21 August 2019 08:57 AM

සිරා කරන්නේ යන යකා කොරහත් බිඳන් යන සෙල්ලම... ගිය සතියේ උසස්වීම් දුන්නු කරන්නාගොඩත් එහෙම තමයි. සිරා කාඩ් කුට්ටම අනලා යන්නේ ඊළඟට එන කෙනාට බඩ ගාන්න.

:       38       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 940 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 185 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1093 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1132 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1408 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1251 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site