IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දෙවැනි සතියටත් පැමිණ තිබෙන අතර ඊයේ (6) වොෂින්ටන් අගනුවරට දහස් ගණනක් පැමිණියහ.

‘‘කළු ජාතිකයන්ගේ ජීවිත වටිනවා (බ්ලැක් ලයිව්ස් මැටර්)’’ සහ ‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’’ යනුවෙන් හඬ නගමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර ප්‍රධාන මාර්ගවලත් වීදිවලත් පාගමනේ යෙදුණාහ.

අගනුවර පිහිටි ධවල මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක යොදා තිබෙන නමුත් විරෝධතාකරුවෝ ඒවා ගණනකට නොගත්හ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව හෙවත් පාර්ලිමේන්තුව පිහිටි කැපිටල් ගොඩනැගිල්ල මෙන්ම ‘ලින්කන් අනුස්මරණ’ පිළිරුව දක්වා තිබෙන වීදි සියල්ල විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබිණි.

විරෝධතාකරුවන්ගේ ගමන අවහිර කිරීම සඳහා මාර්ගවලට හමුදා රථ සහ නිලධාරීන් යෙදුවද ඉන් ප්‍රතිඵලයක් අත් නොවිණි. ඉන් සිදුවූයේ මාර්ග තදබදයක් නිර්මාණය වීම පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරයේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ලක්විය. සුදු ජාතික පොලිස් නිලධාරියකු වූ ඩෙරික් චෝවින් ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ බෙල්ල සිය දණ හිසෙන් විනාඩි නවයකට ආසන්න කාලයක් තද කරගෙන සිටි අතර හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ෆ්ලොයිඩ් මරණයට පත්විය. එම මරණයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම නගරකයම පාහේ විරෝධතා ආරම්භ වූ අතර ඇතැම් අවස්ථාවලදී ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. ‘‘අපේ බෙල්ලෙන් ඔබේ දණහිස ඉවත් කරගනු’’ යන්න එම විරෝධතාවල ප්‍රධාන සටන් පාඨයක් විය.

මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් වෙතින් ආරම්භ වූ විරෝධතා පසුගිය සතිය වනවිට ලොව වඩාත් ආරක්ෂිතම ස්ථානය යැයි සැලකෙන ධවල මන්දිරයේ දොරකඩ අභියසටම පැමිණියේ ය. මේ වනවිට ධවල මන්දිරයේ ආරක්ෂාව දැඩි කර තිබෙන අතර වොෂින්ටන් අගනුවර බොහෝ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත.
 
 
අල්ජසීරා
ඡායාරූප – රොයිටර්

055



අදහස් (32)

වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි

විජිත් Sunday, 07 June 2020 09:23 AM

(1 වන කොටස ) මට හිතෙන්නේ අපි ජීවත්වන්නේ ලෝක දෙකක කියලයි.. මෙය බලන සමහරු මට බනිවි.. දොස් පවරාවි... නමුත් මහත්වරුනේ, මහත්මියනේ ඇත්ත තිත්ත නිසා මම ඉවසන්නම්... මගේ හිතේ කාලයක් තිස්සේ තෙරපි තෙරපි වද දෙන මේ ඇත්ත.. ඔබටත් එසේම පෙනෙනවා නම්.. මට ඒ ඇති. අපි අපේ දුප්පත් රට ගැන ගනිමු.. සමාවෙන්න, අදූරදර්ශී, නූගත් දේශපාලුවන් රැසක් විසින් වසර 71 ක් පුරාවට කරන ලද විනාශයෙන් ලෝකයේ දුප්පත්ම, ණය බරින් වැඩිම රටක්වූ, නමුත් වසර 71කට කලින් ආසියාවේ පොහොසත් රටක්වූ අපේ ලස්සන ශ්‍රී ලංකාවට මේ අපරාධය සිදුකළ දේශද්‍රෝහීන්ට විරුද්ධව කවමදාකවත් අපේ රටේ ජනතාව එක්වී ප්‍රසිද්ධියේ විරෝධය දක්වලා තියෙනවාද...? අපේ රටේ නිරන්තරයෙන් සිදුකරන පරිසර විනාශයට, ගස් කොලන් කැපීම, සතුන් වැනසීම , ඉවක් බවක් නැතිව කැලෑ බිම් අත්පත්කරගැනීම නිසා සතුන්ට වනයක් නැතිවී මිනිසුන් සහ සතුන් අතර ඇතිවී ඇති ගැටුම් වැඩිවී, ගංගා ඇල දොළ රසායනිකයන්ගෙන් දුෂණය වී, ඉවක් බවක් නැතිව අහසට නගින දුම් රෝටුවලින් වායුව දූෂණය වී.. හදවත්, වකුගඩු,... වැනි රෝගීන්ගෙන් පිරුණු අපේ රට නැවත ගොඩනගන්නට අප කවදාකවත් එකාසේ පෙරමුණට ඇවිත් තියෙනවද..? ( 2 නි කොටසට ..)

:       4436       11210

JaySunday, 07 June 2020 12:46 PM

මේ වගේ වටිනා කමෙන්ට් එකකටත් අන්ලයික් දාන අය මොන මානසික මට්ටමක ඉන්නවද මන්දා...

:       924       124

kithsiri Sunday, 07 June 2020 07:16 PM

jay , සාමයට අකමැති එක මානසික ලෙඩෙක් ඔය වැඩේ කරන්නේ.

:       0       110

nandanaSunday, 07 June 2020 12:48 PM

සුද්දන් විසින් යටත් විජිත සමයේ රටේ මහා ජාතිය වූ සිංහලයින් දෙවන පන්තියේ පුරවැසියන් සේ සලකා ඔවුන්ට සිදු කරන්න ලද අසාධාරණය මොහුට අමතකවී ඇත. එදා සුද්දන් විසින් ඔය කියන දෙමළ, මුස්ලිම්, ජා, මැලේ, බර්ගර් "සහෝදරවරුන්ට" ඉංග්‍රීසි අධ්‍යාපනය හරහා ප්‍රමුඛතාවයක් දී ඔවුන්ව ආර්ථික හා සමාජීය වශයෙන් ඉහළ තලයක රඳවා තිබුණා. 1956දී සිදුවුයේ සිංහල ජාතියට තම උපන් මව්බිමේ නිසිතැන ලැබීම පමණයි. එහි ඇති වරද කුමක්ද? සත්‍ය කරුණ නම් ලංකාව 71 වසරකට පෙර, හෝ පසු ආසියාවේ පොහොසත් රටක් නොවීමයි. පසුගිය 71 වසරකට ප්‍රගතියක් සිදුවුයේම නැතිද? එදා 90% පමණ දුප්පත්කමින් පෙළුණු ග්‍රාමීය ජනතාව අද එයින් මිදී ඇත. එදා මිනිසෙකුගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 50ක් පමණ වුවත්, අද එය අවුරුදු 77ක් දක්වා වැඩිවී ඇත. රටේ අධ්‍යාපන සෞඛ්‍ය දර්ශකවල විශාල ප්‍රගතියක් වර්තමානයේ දක්නට ලැබීම වැනි දේ රට තුළ ඇතිවූ ප්‍රගතියේ ලක්ෂණ නොවේද?

:       1807       1564

rathnayakaSunday, 07 June 2020 03:06 PM

ඔබ පාසල් ගිහින් තියෙනවාද...? 1948 අප නිදහස් වනවිට, සුද්දා අපේරටේ බැංකුවේ විදේශ විනිමය පවුම් මිලියන ගණනක් ඉතිරිකර තබා ගියා. කොරියාව වගේ රටවල් හිටියේ අන්ත අසරණවෙලා. සිංගප්පුරුව අපිට බොහෝ පිටුපසින් .

:       1       132

සමරසේකර - ගම්පහ Sunday, 07 June 2020 03:18 PM

සිංහල ජාතියට තමයි උපන්බිමේ නිදහස... ගැන ඔබ කියන්නේ ඔබ හිතන්නේ සිංහල ජාතියේ උපන්බිම කොහේ කියලා හිතලාද. ඉන්දියාව... ලාට රට කියන්නේ කොහෙද? සිංහලයෝ වගේම දෙමළ අයත් මෙහාට ආවේ ඉන්දියාවේ ඉඳලා. විජය කියන හොරා තමයි සිංහලයින්ගේ ආරම්භකයා... ඊට කලින් මේ රටේ හිටියේ යක්ෂ, නාග, දේව වැනි වර්ගවලට අයත් අයයි..

:       0       185

ගුණදාස Sunday, 07 June 2020 03:29 PM

සුද්දන් විසින් යටත් විජිත සමයේ රටේ මහා ජාතිය වූ සිංහලයින් දෙවන පන්තියේ පුරවැසියන් සේ සලකා ඔවුන්ට සිදු කරන්න ලද අසාධාරණය අද ලංකාවේ සුළු ජාතීන්ට සිදු නොවන්නේද? එදා 90% පමණ දුප්පත්කමින් පෙළුණු ග්‍රාමීය ජනතාව අද එයින් මිදී ඇත. 90% පමණ දුප්පත්කමින් පෙළුණු ග්‍රාමීය ජනතාව අද එයින් මිදී තිබෙන්නේ ඇමෙරිකාවේ වෙන්නට ඇත. ඔබගේ කියමන ලංකාව අදාල නැත. අපිත් එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්නේ අමාරුවෙනි. අපි දහසක් කම්කටොලුද ගොවිතැන් කර එම ඵලදාව විකුණාගැනීමට බැරි රටක අප ඉපදී ඇත. දුප්පත්කම නැතිනම් ලක්ෂ ගණනක් පවුල් වලට ජනසවිය ගෙවන්නේ කුමකටද? ඔය මහත්තයා එන්න කොළඹින් පිට පළාතකට දුප්පත්කම විදලා නැත්නම් දැකලා නැත්නම් ඒ ගැන පෙන්නලා දෙන්න...

:       1       196

kalinga Sunday, 07 June 2020 05:13 PM

සුද්දාරට පාලනය කරන කාලයේ රජයේ භාෂාව ඉංග්‍රීසි... ඒ භාෂාව ඉගෙන ගත්ත සිංහලයෝ නැතිද..? ඉංග්‍රීසි ඉගෙනගෙන ඉහළට ගිය සිංහලයින් හිටියේ නැතිද? දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු ඔක්කොමත් එහෙමමයි. ඒ අය ඉංග්‍රීසි ඉගෙනගෙන ඉහළට ගියා. දෙමළ, ඉංග්‍රීසි ඉගෙනගත් නැති කිසිකෙනෙකුට හොඳ රැකියාවක් ලැබුනේ නැහැ. ඉංග්‍රීසි ඉගෙන නොගත් සිංහල අයටත් ඒ සන්තෑසියම සිදුවුණා. සුද්දට තේරෙන භාෂාවෙන් තමයි වැඩකරන්න වෙන්නේ. සුද්දට සිංහලත් බැහැ, දෙමළත් බැහැ. ඔබ මේ වලිගෙ පාගාගෙන. ඔහොම කෑගහගගා ඉන්න හෙට අනිද්දා ඔබගේ ජාතිවාදී දේශපාලකයා චීන්නුනට මෙහෙ පුරවැසිකම දුන්නම ඔබේ කට වැසේවි...

:       1       203

කරුණාරත්න Monday, 08 June 2020 08:20 AM

ගම්වල මිනිස්සු හිගා නොකා හිගා කනවා, මහා එව්වෝ හොරකම් කරනවා, කොහෙද ඔය ඔබ කියන සංවර්ධනේ තියෙන්නේ. අහස උසට චිනාගෙන් ගත්ත ණය කන්දක් නම් තියෙනවා. ඔබ බනින සුද්දා අපේ රට සුරා කෑවත්, අපිට රුපියල් කෝටි ගණනක විදේශවිනිමය ඉතිරිකරලා ගියේ.

:       0       140

nandanaMonday, 08 June 2020 09:49 AM

රත්නායක, සුද්දා යනවිට විදේශ විනිමය පවුම් මිලියන ගණනක් ඉතිරිකර තිබුනේ අපේ බැංකුවේ නොව, ඔවුන්ගේ පවුම් වතු සමාගම් වල ගිණුම් වලයි. නිකම් වහලෙක් මෙන් දොඩවන්ට එපා.

:       86       1

පූජා Sunday, 07 June 2020 04:43 PM

විජිත්, මම ඔබගෙන් ඉතා කරුණාවෙන් යමක් ඉල්ලන්න කැමතියි. හදිසි වෙන්න එපා. ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. දැන් මේ යන විදිහට ,අපගේ රටවල් වන අරගල නිසා , අපගේ ජීවිත පෙරටත් වැඩිය අවිනිශ්චිත තත්වයක තිබෙන බව සැලකිල්ලට ගන්න. දේශපාලන මතිමතාන්තර වලින් මදකට විරාමයක් ලබා, ඔබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන ලෙස මිතුරියක් වශයෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

:       0       54

විජිත්Monday, 08 June 2020 11:17 AM

මට තේරෙනවා පූජා. බලන්න.. අපි දෙන්න ඉන්න රටවල් දෙකේ ව්‍යවස්ථාවෙන්ම ජනතාවට ලබාදීලා තියෙන නිදහසෙන් චුට්ටක්වත් අපේ රටේ මිනිස්සු විඳිනවද..? කාලයක් මේ රටවල ජීවත්වුණාම අපිට පෙනෙනවා කොතනද වරද..? අනේ අපේ රට කොයි තරම් හොඳට හදන්න පුලුවනිද කියලා. වැඩිය ඕනේ නැහැ.. ලංකාව වටේම මහාමුහුද.. නමුත් තවමත් සැමන් ආනයනය කරනවා. රට වටේම තියෙන මුහුදම අවශ්‍ය නැහැ මුහුදෙන් හෙක්ටයාර් 250 ක කොටසකින් අපිට ඕනෑවටත් වඩා විදුලිය නිපදවාගන්න පුළුවනි. ශතයක්වත් වියදමක් නැතිව... ඇයි දෙවියනේ මේ පාලකයින් මේවා ගැන හොයන්නේ නැත්තේ..? ඔක්කොම හොරුවෙලා. දේශපාලකයන් ඔක්කොම එකතුවෙලා අපේ රට මහා ණයකාරයෙක් කරලා. දුකයි.. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. එ්කයි මම කියන්නේ දවසක රටේ ලොකු උද්ඝෝෂණයක් ආවොත් මමත් එකේ කොටස් කාරයෙක් වෙනවා. ඕනෑනම් පොලිසියෙන් වෙඩිතියයි.. ඒ වුණාට තව විජිත්ලා සිය ගණනක් අලුතින් බිහිවේවි...

:       1       32

පූජා Monday, 08 June 2020 03:31 PM

ඔයාව වෙඩි කාලා මැරෙන්න නොවෙයි, මට ඔයාව "විශ්වය හඳුන්වලා දීලා තියෙන්නේ. ලංකාවේ සිස්ටම් එකේ ලොකු වැරද්දක් තිබෙන බව... ඕනෙම උගත් කෙනෙකුට තේරෙනවනේ... ඒකෙ සැකයක් නැහැ. ඒත් පාට කණ්ණාඩි දාගෙන, වහල් මානසිකත්වයෙන් ජීවත්වෙන බහුතර අපගේ අසරණ ජනතාවට මේක තේරුම් යනවද? ඒ මිනිසුන්ව ඒ තත්වයට පත්කරලයි තියෙන්නේ. ඒ බහුතර ජතාවගේ සිතුම්, පැතුම් ආකල්ප තනිව ඉඳගෙන වෙනස් කරන්නට ඔයා හිතනවා නම් එය මිරිඟුවක් පමණක් බව සිතාගන්න. ඔයා මට බනී. කමක් නැහැ ඇත්ත කියන්නත් බිම වාඩිවෙන්නත්, මම බය වෙන්නේ නැහැ. ඔයා ලියන මේ සටහන්, ගමේ ගොඩේ නැත්නම් අනෙකුත් නගරවල ජීවත්වෙන ජනතාවට කියවන්න ලැබෙනවද? එයාලට ඒ පණිවිඩ යන්න තරම් පහසුකම්, වැටහීම් තිබෙනවාද..? සිස්ටම් එක වෙනස් කරන්න ගිය අයට සිදු වූ "සෝචනීය ඉරණම" ඔයා දන්නවනේ. ජීවිතය හරිම කෙටියි විජිත්... ඔයයි, මමයි දැන් අවුරුදු 40ක් නැත්නම් 50ක් පසුකරපු අය. තව කොච්චරද අපට ඉතිවෙලා තියෙන්නේ.. ඇයි අපි නිෂ්ඵල දෙයක් පසුපස ගිහින් ජීවිතය විනාශ කරගන්නේ.. ඔයා අපිට වටිනවා. ඔයාව නැතිකරගන්න අපිට බැහැ. ඉඩ නැහැ තව ලියන්න. කවදාහරි බහුතරයකට තේරුණු දවසට ඔයත්, මමත් සේරමලාම දිනුම්... ඉවසන්න.

:       0       120

විජිත් Tuesday, 09 June 2020 09:33 AM

පුජා, ඔයා කියලා තියෙන දේවල් සියල්ලම ඇත්ත. දැන් මගේ ඔලුව නිදහස්. මට මේ ඇත්ත කියාගන්න අවස්ථාවක් එනකම් හරිම කලකිරීමකින් හිටියේ. කොමෙන්ට්ස් දැක්කමත් සතුටුයි. ' ඇත්ත මිනිස්සුත් ' තවම ජිවත් වෙනවා කියලා ලොකු සතුටක් ඇතිවුනා. අපේ රට ගත්තොත් ඔය දේශපාලුවෝ කියන්නෙම සංවර්ධනය ගැනමනේ... අපි අරක කළා මේක කළා කියලා. අපි කාලයක් ' මේ ලෝකවල' ඉන්න නිසා 'ඒ ලෝකයේ ' සිදුවන්නේ කුමක්ද කියා හරි හැටි අවබෝධයක් නැතිබව දවසක් මම අත්දැකීමෙන්ම දැකගත්තා. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ නිවාඩුවට මම ලංකාවට ගියාම උඩවලවේ ගියා. අලි බලන්නත් එක්ක. අලි බලලා ලබපු සතුට මොහොතකින් නැති වෙලා ගියා ඒ පැත්තේ ජිවත්වන දරුවන්ගේ දුක් බර කතාව ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ. මට ස්ථිරයි ඔයා දැක්කනම් අඬනවා.

:       0       45

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 09 June 2020 01:15 PM

විජිත්, ඇත්තමයි මට මෙය මිස් වුණා. දැන් හමුවුනේ. ඔයා ගැන මට හරිම ආඩම්බරයි. පූජා ඇතුළු මෙතන අදහස් දමා ඇති ප්‍රඥාවන්තයන්ගේ අදහස් ඉතාමත් අගය කරනවා. සත්‍ය වශයෙන්ම මට ඔවුන් ගැනද ඇත්තේ අසීමිත ආදරයක්...

:       0       43

විජිත් Sunday, 07 June 2020 09:43 AM

(2 කොටස ) 1956 සිට.. ආත්මාර්ථකාමී,බලලෝභී මෝඩ දේශපාලුවන් විසින් " ඡන්දය " පතාම අවුළුවන ලද වර්ගවාදී ගින්නෙන් සිංහල,දෙමල, මුස්ලිම්, ජා, මැලේ, බර්ගර්.. අපේ සහෝදර ජනතාවගෙන් කී ලක්ෂයක් මියගියාද? කාටවත්ම වරදක් නොකළ උගත්, බුද්ධිමත් අහිංසකයින් කොපමණ අපේ රට අතහැර ගියාද..? ඔව්, ඔවුන්ගේ සේවය අපේ රටට අහිමි වුණා. ඔවුන්ගේ ජීවිත බේරාගත් රටවල් පොහොසත් වුණා. අදටත්.. මේ මොහොතේත්.. මේ ජාතිවාදය අපේ රටේ පැතිරිලා තියෙනවා. පතුරවලා තියෙනවා. රටට ආදරේට නොව.. ඡන්දයට ආදරේට... මිනිස්සුනේ මේ අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ ,බර්ගර්.. ඔක්කොම ඉපදුණ, මැරෙන රට... අපි එකිනෙකා හුවමාරු කරගන්නේ අපේ හුස්මමයි... ඔබ හෙලන හුස්ම වාතලයට ගොස් නැවත මාකරා එනවා මම ගන්න හුස්ම ලෙස... මම අහනවාද ඒවා සිංහලද, දෙමළද නැත්නම් මුස්ලිම් හුස්මද කියලා..? දේශපාලුවන් අපව කෙටවීම කවමදාකවත් නවත්වන්නේ නැහැ. ඔබයි.. මමයි.. අපියි.. ඔක්කොම එකතුවෙලා.. මේ එකම අහස යට එකම පොළොවේ එකට ජීවත්වන්නට අරගලයක් කරන්නේ කවදාද..? මගේ පරම පැතුම එයයි..!!! එදාට.. ලෝකයේ කොහේ සිටියත් මමත් ඔබලා සමගයි...

:       3787       1036

isurandi Sunday, 07 June 2020 10:59 AM

නීතියක් ඇති රටක බයක් සැකක් නැතුව ඕනෑම වෙලාවක එළියට බැහැලා පුළුවන්. ඇමරිකාවේ ජනයා බයක්, සැකක් නැතුව පාරට බැස්සේ එයාලගේ නීතියේ සැබෑ ප්‍රතිරූපය දැනගෙන. නමුත් නීතිය වැනෙන රටක ජීවත් වෙන මිනිස්සු බයයි.. මෙහෙම එඩිතරව පෙරමුණ අරන් කෑකෝ ගහන්න. මොකද හොඳාකාරවම දන්නවා අන්තිමට මොකක්ද වෙන්නේ කියලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ නීතියක් පවතින තුරු එහෙම පෙළගැසීමක් වෙන්නේ නැහැ... ඉර හඳ පවතින තාක්කල්...

:       0       12

kamaniMonday, 08 June 2020 06:42 AM

ඔබ හරි. නමුත් කවූද හරි මිනිස්සු එකෙතුවෙලා මේ වහල් බව බිඳිනවා. මල මිනි උඩින් තමයි ඒ ජය ලබන්න වෙන්නේ. අනාගත පරපුර වෙනුවෙන්.

:       0       82

චන්ද්‍රසේකර - කොළඹ Tuesday, 09 June 2020 08:50 AM

ඔබගේ කතාව අගේ කරනවා. ලෝකයේ තියෙන අසාධාරණම අධිකරණ පද්ධතිය තියෙන්නේ ලංකාවේ. දූෂිත දේශපාලුවන්ට ඕනඕන විදිහට නැමෙන්න, නඩු කරයින්ගේ කොඳු නාරටි කඩලා තියෙන්නේ... ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල එහෙම නොවෙයි. නීතිය නීතියමයි. එය කාටත් පොදුයි. අපිට අමතක නැහැ යහපාලන ආණ්ඩුවෙන් කිව් හොරු ඇල්ලීම... අන්තිමට එ් ගොල්ලෝයි, හොරුයි ඩීල් එකක් දමාගත්තා. කවදා හරි දවසක දේශපාලනයෙන් තොරවම මිනිසුන් අතරින් නැගෙන උද්ඝෝෂණය නතර කරන්න ඔය කිසිම ජගතෙකුට හැකි වෙන්නේ නැහැ. එදාට හමුදාවත් ජනතාවගේ පැත්ත ගන්නවා. අපි බලාගෙන ඉමු.

:       0       25

isuru Sunday, 07 June 2020 11:14 AM

මේ රැල්ල ලංකාවටත් එයි ද ..?

:       597       177

නන්නාදුනන හාදයා Sunday, 07 June 2020 03:13 PM

එනවා නමුත් කවදාද දන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු ඔක්කොම එකතුවුනොත් මොනවාද කරන්න බැරි.

:       0       141

lanka Sunday, 07 June 2020 12:17 PM

කළු ජාතිකයෙකුට සිදුවූ අසදාරණය වෙනුවෙන් අද ඇමෙරිකාවේ පවතින විරෝධතා රැල්ලට බහුල වශයෙන්ම පුරෝගාමී වී ඇත්තේ සුදු ජාතික ඇමෙරිකානුවන්ය. සුළු ජාතික "කළු ඇමෙරිකානුවන්" වෙනුවෙන් ඔවුන් මේ අවස්ථාවේ හැඟීම් බරවීම ප්‍රශංසනීය දෙයක් බව මම සිතමි.

:       496       238

JAy Sunday, 07 June 2020 12:46 PM

මේ වගේ වටිනා කමෙන්ට් එකකටත් අන්ලයික් දාන අය මොන මානසික මට්ටමක ඉන්නවද මන්දා...

:       586       188

Ajith Nissanka Monday, 08 June 2020 01:55 AM

සුපරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කටමැත කියෙව්වත් එම රට තුළ ද සුළු ජාතික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව මේ විරෝධතා වලින් ඔප්පු වෙනවා ! හැබැයි මෙහි 11% ක් වන කළු ජාතිකයන්ට සිය අයිතිවාසිකම් දිනා දීම සදහා 70%ක් වන සුදු ජාතිකයන්ද උනන්දුවෙන් ඔවුන් සමග පෙරට එන හැටි දුටුවම අපි ගැන දෙසැරයක් හිතන්න වෙනවා. සුළු ජාතික දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහ ජාතිය වන සිංහල මිනිස්සු පෙනී සිටපු කාලයක්වත් සිංහල ජාතිකයන්ගේ යම් ගැටලුවක් වෙනුවෙන් අනික් සුළු ජාතින් අප සමග අත්වැල් බැද ගෙන සටන් කල දවසක්වත් මටනම් මතක නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ මගෝදිස්ලට හොරකම් කරන්නනම් කිසිම ජාතිවාදී බවක් ඇත්තේ නැහැ.

:       0       28

අතුල Monday, 08 June 2020 11:55 AM

ශ්‍රී ලංකාවේ ජීවත්වන අපි හැමෝම "ශ්‍රී ලාංකිකයින්" මිසක් මේක "සිංහල - බෞද්ධ රටක්" නොවෙයි. ඉන්දියාවෙන් නෙරපපු විජය කියන තක්කඩියට කලින්, ලංකාවේ විවිධ ආදි වාසීන්, යක්ෂ, නාග ගෝත්‍රවල අය ජීවත් වෙලා තියෙනවා. "අපි පැවත එන්නේ කාගෙන්ද නොව, අපි පැවැතිය යුත්තේ මොන ආකාරයෙන්ද" කියන එකයි වැදගත්. අපේ රටේ බහුතරය සිංහල - බෞද්ධ... නමුත් මේ රටේ ජීවත්වෙන සියලුම ජාති, ආගම්වලට අයත් පුද්ගලයින්ට නිදහසේ, සාමකාමීව ජීවත් වෙන්න අවස්ථාව තිබිය යුතුයි. හැමෝටම ගරු කළයුතුයි. අපේ රටේ යුද්ධය දිනන්න මුස්ලිම් මිනිසුන් විශාල වශයෙන් සහයෝගය දුන්නා. ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශවල 90% ක්ම වගේ හිටියේ මුස්ලිම් නිලධාරීන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය ද්‍රවිඩ ජනයාගෙන් පැවැත එන්නක් නිසා, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව සහයෝගය ලබාදීමට "විශාල බයක්" තිබුණා. ඒත් සැලකිය යුතු සහයෝගයක් ඔවුන්ගෙන් ලැබුණා. "අපි හොඳ බෞද්ධයෝ" කියලා කෑගැහුවට, අද බෞද්ධයන් 1000 කින් එක්කෙනෙක්වත් බුදුරජානන් වහන්සේ දේශණාකරපු මාර්ගයේ යනවද? හිත් ඔක්කොම වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මමත්වයෙන් පිරිලා... ගුණධර්ම තුරන් වෙලා. පුංචි කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලය සතුටින් ජීවත්වෙමු...

:       1       102

nandana Monday, 08 June 2020 03:29 PM

සමහරක්ගේ අදහසට අනුව අප සියලු දෙනාම "ශ්‍රී ලාංකිකයින්" ලෙස රටේ ජීවත්විය යුතුයි. එතකොට අවුරුදු 30 එකට ඉන්ට බැරි නිසා වෙනම රාජ්‍යයක් ඉල්ලවා මිනීමරා ගත්තේ සිංහලයින්ද නැත්නම් දමිලයින්ද? ඉතිහාසයේ සත්‍ය කරුණු නිරීක්ෂණය කළහොත් කවර පාර්ශවයකට අනෙකුත් අය සමග සමගියෙන් ජීවත් විය නොහැකිදැයි ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

:       204       1

කරූ - මහනුවර Monday, 08 June 2020 06:45 PM

නන්දන, අවුරුදු 30ක යුද්ධයට මුල පිරුවේ අපේ ජාතිවාදියන්. 1956 සිංහල පමණයි ප්‍රශ්නයෙන් තමයි ඔක්කොම ගිනි ඇවිලුනේ... 1948 නිදහස ලබාගන්න ද්‍රවිඩ උගතුන්, මුස්ලිම් උගතුන් කොපමණ සහයෝගය දුන්නද? ඔබ වැනි ජාතිවාදීන් අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඔළුගෙඩි විනාශ කරනවා. ඔබ ලිඳේ ඉන්න ළිං මැඩියෙක් වගේ... ඔබ මානව හිමිකම් ප්‍රඥප්තිය ගැන දන්නවාද? මතක තියාගන්න ලෝකය තියෙන්නේ ලංකාවතුළ නොවේ ලංකාව තියෙන්නේ ලෝකය තුළ කියලා. ඔබ වැනි මෝඩයින් සමග කථාකිරීමත් අප්‍රසන්න දෙයක්.

:       0       90

nanadanaTuesday, 09 June 2020 09:55 AM

1956දී වුනේ එදා රටේ බහුතරයක් භාවිතා කළ සිංහල භාෂාවට සහ බහුතරයක් ඇදහූ බුද්ධාගමට නිසි තැන ලැබීම පමණි. එහි ඇති වරද කුමක්ද? එයින් ඒතාක් කල් සුද්දන් යටතේ වරප්‍රසාද ලත් යම් ජන කොටස් වලට රජයේ රැකියා, විශ්ව විද්‍යාලවල ඉහළ තනතුරු වැනි දේ ලැබීම අඩුවූවා නම් එය පිළිගතයුතු යථාර්තයක් පමණි. යුද්ධයකට මුල් වූයේත් සමහරෙක්ට සුද්දන් යටතේ ලැබුණු වරප්‍රසාද නැතිවීම දරාගත නොහැකි වීම නිසා විය හැකියි. හැරත්, '56දී සිදුවූ පරිවර්තනය එදා මහජන ඡන්දයකදී, බහුතරයක් විසින් අනුමත කළ දෙයක්... ඔබ වැනි කොන්දක් නැති, යථාර්තය වටහාගත නොහැකි මෝඩයෙකු සමග විවාද කිරීම නිකම් කාලය කා දැමීමක් පමණි.

:       156       0

shantha - kandyTuesday, 09 June 2020 03:50 PM

කවුද ඔබට අරක්කු වීදුරුවක් දුන්නේ... නොමිලේ නේද..? නොමිලේ දෙන අරක්කු බීලා ඔබගේ මොලේ කචල් වෙලාද කොහෙද?

:       0       83

nandanaTuesday, 09 June 2020 10:55 PM

ශාන්ත, තමන්ගේ පුරුදු හැමෝටම තියෙනවා කියලා හිතන්ට එපා.

:       0       0

shantha- kandyWednesday, 10 June 2020 11:35 PM

පුරුද්දට හරි තවම ඉස්කෝලේ ගිහින් නැහැ නේද...?

:       0       0

nandanaFriday, 12 June 2020 02:49 PM

ආයෙමත් තමන්ගේ පුරුදු ගැන කියවනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 0 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 111 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 516 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 941 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 671 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1523 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site