IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමේ විභාගයට හේතු නොදන්වා අධිකරණයට නොපැමිණ සිටි වෛද්‍ය සභාවේ එක් සාමාජික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව අද අධිකරණයට නොපැමිණ සිටි නමුත් ඔවුන් වෙනුවෙන් නීතීඥයින් පෙනී සිටි වෛද්‍ය සභාවේ තවත් සාමාජික වෛද්‍යවරුන් තිදෙනෙකුට අධිකරණයට නොපැමිණීම පිළිබඳ ලබන නඩුවාරයේදී කරුණු පැහැදිලි කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබූ වෛද්‍ය එස්.එස්.ඒ සේනාරත්න මහතාටය.

මෙම පෙත්සම ලබන ජූලි 22 වැනිදා යළි සලකා බැලීමට නියෝග කෙරිණි.

මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූණි.

තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි  ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක‍්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි  සූරියආරච්චි  විසින් මෙම පෙත්සම වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නම් කර ඇත.

පෙත්සම්කාරිය කියා සිටින්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබාගෙන සිටින තමන්ව ලියාපදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය තමන්ව ලියාපදිංචි කරන ලෙස ඉකුත් 2017 වසරේ ජනවාරි මස 30 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව පෙත්සම්කාර සිසුවිය කියා සිටින්නීය.

ඒ අනුව තමන්ව ලියාපදිංචි කරන මෙන් නිකුත් කර ඇති අධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරී සිසුවිය විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කාර සයිටම් වෛද්‍ය උපාධිධාරිණිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සමඟ නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටියහ.



අදහස් (1)

වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

මෙලන්ත Wednesday, 26 June 2019 12:52 AM

ලංකාවේ හැමෝම දේශපාලනය කරනවා. තමන්ගේ රැකියාව, වගකීම ඉටු කරන කිසි කෙනෙක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 256 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 736 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1900 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2132 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 640 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 276 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site