IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෛද්‍යවරු රාජිත ගැන අගමැතිට පැමිණිලි කරති

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් හේතුවෙන් කඩාකප්පල්වීමේ අවදානමක් තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.



අදහස් (37)

වෛද්‍යවරු රාජිත ගැන අගමැතිට පැමිණිලි කරති

ONE SRILANKAN Monday, 17 July 2017 02:45 PM

ඇවිලෙන ගින්නට පිදුරු දමන වැඩ කරන අයට වෙන මොනවා කියන්නද? ඉහළ බලධාරීන් නිදාගෙන අන්ධ, ගොළු, බිහිරි වගේ ඉන්නවා නම්... දරුවෝ 12000 පාරට දමලා විකාර කරනවා.

:       1012       1140

nilmini Monday, 17 July 2017 02:51 PM

ඇමතිතුමා නියමයි. මේ ත්‍රස්තවාදීන්ට මහින්ද චින්තන ක්‍රමයෙන් පිළිතුරු දීම හොඳයි.

:       981       1987

ReksMonday, 17 July 2017 03:54 PM

ඕකට දොස්තරලා 100ක් වත් එකතුකර ගත්තොත් මම ඔළුවෙන් හිටගන්නවා.

:       600       259

KamalTuesday, 18 July 2017 02:41 AM

ඇයි එහෙනම් ජී එම් ඕ ඒ එක බය වෙලා දඟලන්නෙ?

:       15       460

tony-maharagamaTuesday, 18 July 2017 06:00 AM

රෙක්ස්, ඔළුවෙන් තමයි හිටගන්න වෙන්නේ.. දැන් ඒකත් හරියන්නේ නැහැ. මොකද, ඔය ජී.එම්.ඕ.ඒ. එකේ අසාධාරණ වැඩවලට සහ පහුගිය ආණ්ඩුවට කඩේ යෑමට විරුද්ධ බොහෝ වෛද්‍යවරුන් කරකියාගන්න දෙයක් නැතුව කරබාගෙන ඉන්නවා කියන එක තතු දන්නා උදවියට රහසක් නෙමෙයි. ඒ අයට සාධාරණයක් කරන්නයි රාජිත ඇමතිවරයාගේ ඔය උත්සාහය. නියමයි ඇමැතිතුමනි.

:       22       224

ReksTuesday, 18 July 2017 11:35 AM

අනේ ඇත්තමද? නැතුව අර වැඩිහිටි අයගේ කොන්ත්‍රාත්තුවකට නෙවෙයිද? අනේ හොඳා... එහෙනම් මම ඔළුවෙන් හිටගන්නම්කෝ...

:       0       0

somasiri Monday, 17 July 2017 03:25 PM

වෘත්තීය සමිතියක් හදන්න ඕනෑම අභිමත කණ්ඩායමකට ඉඩ තිබිය යුතුයි. එම අයිතියට අභියෝග කරන්න කාටවත් අයිතියක් නැහැ. අලුතින් හදන සමිතියට එන අය ඒවි. එන්නැති අය පරණ එකේ ඉඳීවි. ඒක කාගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. වෘත්තීය සමිති හදන අයිතිය කාගේවත් බුදලයක් නොවේ. ජී.එම්.ඕ.ඒ. ඒක හැමවිටම හිතන්නේ රටේ නීතියට ඉහලින් තමන් ඉන්න බවයි. මේ මෝඩකම ඔවුන් කවදා තේරුම් ගනියිද?

:       102       888

LakviduTuesday, 18 July 2017 01:25 AM

හරියට විමල් වීරවංශ ජවිපෙ එකෙන් එලෙව්වම අලුත් පක්ෂයක් හදාගත්ත වගේ. සූ ගාලා දොස්තරලා 10ක් විතර ඉඳීවි.

:       209       24

LakviduTuesday, 18 July 2017 01:28 AM

මෙන්න නව ප්‍රවණතාවය. මිට පස්සේ අපේ රටේ සැම ඇමතිතුමාලටම තමන්ගේ පෞද්ගලික වෘත්තීය සමිතියක් පිහිටවාගන්න කියමු. එතකොට සියලු වෘත්තීය ගැටළු විසදේවි. පිස්සු නැත්නම් හොඳයි.

:       98       115

de silva berlin Monday, 17 July 2017 03:36 PM

අැමැතිතුමනි ඔහොම යමු. අලුතෙන් වෘත්තීය සමිති හදන්න නීතියෙන් කිසිම බාධාවක් නැත. අැමැතිතුමාත් දන්ත වෛද්‍යවරයෙකු නිසා ඔහුටත් වෘත්තීය සමිතියක් හදාගැනීමට සදාචාරාත්මක සහ නීතිමය අයිතියක් ඇත. එතකොට වෛද්‍ය සංගමය ජනතාවගේ ජිවිතත් සමග සෙල්ලම් කරමින් වර්ජන කරනකොට ඔවුන්ට උත්තරදෙන්න පුළුවන්..

:       75       425

sena Monday, 17 July 2017 03:42 PM

හැම වෘත්තියකටම විවිධ වෘත්තීය සමිති තියෙනවානේ... ඉතින් මොකක්ද වැරැද්ද?

:       28       420

Sarojini Monday, 17 July 2017 03:51 PM

රාජිත වැනි දහ දෙනෙක් හිටියා නම් රජයත් ගොඩ, ලෙඩ්ඩුත් ගොඩ, දොස්තරලත් ගොඩ, වෛද්‍ය සිසුවනුත් ගොඩ, අන්තිමේ රටත් ගොඩ. අපි වෛද්‍ය සිසුවන් පිරිසක්. ඔබට ජයවේවා ඇමතිතුමනි.

:       78       603

buddikaMonday, 17 July 2017 06:00 PM

ඔලුව හොද නැද්ද තාම

:       389       502

ReksTuesday, 18 July 2017 01:17 AM

ඕක අංගොඩ කියලා නිවැරදි වෙන්න ඕන

:       42       104

Ravindra KumaraTuesday, 18 July 2017 03:24 AM

මේ අය නම් වෛද්‍ය ශිෂයෝ නම් වෙන්න බෑ සාමාන්‍ය දැනීමක්වත් නැ. අනිවාර්යෙන් සයිටම් වෙන්න ඇති

:       129       31

චතුරWednesday, 19 July 2017 09:35 AM

සරෝජිනී කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මම නම් හිතන්නේ රාජිත මැතිතුමාගේ ලේලි කියලා...

:       0       0

Rohitha Monday, 17 July 2017 04:52 PM

සරෝජිනී- ඔය වගේ වෛද්‍ය සිසුවන් අපි ඉගෙන ගන්න කලෙත් (88/89) ගොඩක් හිටයා. හැබැයි එයාලත් ඔයාල වගේ ඉගෙනගන්නවා වෙනුවට දේශපාලනය කරන්න ගිහින් අන්තිමට කරගත්තු දෙයක් නෑ. නිකන් අපරාදේ ජිවිතයෙන් වන්දි ගෙව්ව එක විතරයි වුනේ. අපිත් පුරුවේ තිබුන පිනකටද කොහෙද ඒ පාරට වැටුනේ නෑ. එහෙම වුනානම් අද අපිත් මැරිච්ච පාරවල් වල බෝක්කු වල ගසුත් පැල වෙලා මෙලහකට. ඒක නිසා දෙයියන්ගේ පිහිටෙන් රට හදන්න කලින් තමන් හැදිලා, උපාධිය ඉවර කරලා තමාගේම කකුල් දෙකන් නැගිටින්න පුළුවන් වුනාම ඕන තරම් දේශපාලනය කරගන්න. ඔයාලටත් පින් අහිංසක රෝගීන්ටත් පින්.

:       529       711

Rvindra Monday, 17 July 2017 04:57 PM

පුදුම නීතියක්නේ.. රටේ ඕනෑම කෙනෙකුට වෘත්තිය සමිති හදන්න බැරිද.. ඒකටත් ජීඑම්ඕඒ මාෆියාවෙන් අවසර ගන්න ඕනෙද? දැන් එතකොට ජේවීපී එක සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා එකක් හදලා තියෙන්නේ. ඒක කමක් නැද්ද?

:       13       508

LakviduTuesday, 18 July 2017 01:21 AM

ඕනෑම කෙනෙකුට වෘත්තීය සමිතියක් හදාගන්න අයිතියක් තිබුනත්, ප්‍රශ්නයකට විසදුම අලුත් වෘත්තීය සමිතියක් හැදීම නොවේ. එතකොට අනිත් හැම ප්‍රශ්නෙමත් විසදන්න යන්නේ ඔහොමද? තමන්ගේ නොහැකියාව සහ දඩබ්බරකම වසා ගැනීමට දරන අසාර්ථක උත්සහයක්!

:       219       41

ප්‍රසාද් Monday, 17 July 2017 06:38 PM

රජයේ වෛද්‍ය නිලධාරී මහතුනි, අති විශිෂ්ටයි ඔබගේ උත්සාහය.

:       842       1708

Chanak Los angeles Monday, 17 July 2017 06:43 PM

දොස්තරලාට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න එපා . ඔවුන්ට දොස්තර වරුන් වීමට අමු ද්‍රව්‍ය සැපයෙන්නේ අහිංසක ජනතා සල්ලි වලින් .. පරාජිත දේශපාලකයෝ මෙයිනුත් වාසියක් ගන්නයි කට ඇරගෙන බලන් ඉන්නේ .

:       20       414

ReksTuesday, 18 July 2017 01:23 AM

එතකොට මහත්තයෝ, දේශපාලකයන්ට විතරද තමන්ට ඕන ඕන විදියට නටන්න අයිතිය තියෙන්නේ ?

:       28       98

duminda Monday, 17 July 2017 09:43 PM

ලංකාවේ දොස්තරලාට කොහෙන්ද වෘත්තීය ගෞරවයක්. එයාලම තම එක නැති කරගත්තේ. දැන්

:       37       180

de silva Monday, 17 July 2017 10:07 PM

රජයේ හැම දෙපර්තුමෙන්තුවකම, වෘත්තීය සමිති කිහිපයක් තිබෙනවා, අඩුම තරමේ පුද්ගලික බස් සේවයේත් වෘත්තීය සමිති කිහිපයක් තිබෙනවා , එතකොට දොස්තරලටත් අවශ්‍ය නම් වෘත්තීය සමිති 2-3 හදාගන්න පුළුවන්, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.

:       0       53

ලුම්බිණි Tuesday, 18 July 2017 12:47 AM

වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් වෙයි කියල මම හිතන්නේ නැහැ. වෘත්තීය ගරුත්වයක් නැති අය අතර නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

:       0       151

wedage Tuesday, 18 July 2017 03:30 AM

මේ පිළිබඳව අගමැතිතුමා සොයාබලා කටයුතු කරන්න මොකද අගමැතිතුමා උගතෙක් නිසා මෙයට සාදාරණ විසදුමක් දේවි

:       16       27

de silva Tuesday, 18 July 2017 04:57 AM

අගමැතිතුමාට කිව්වා කියලා එතුමා කුමක් කරන්නද? එතුමාට පුලුවන්ද වුර්තිය සමිති හදන එක නවත්වන්න.. වෛද්‍ය සමිතිය මොකද බය ?

:       0       52

Kamal Tuesday, 18 July 2017 05:29 AM

මෙයාලා හැම එකකටම අඬාගෙන ගිහින් පැමිණිලි කරනවා. තාම ළදරුවො වගේ. කවදා වැඩිහිටියො වෙයිද මන්දා.

:       1       46

ගාමිණී Tuesday, 18 July 2017 06:00 AM

වෘත්තිය සමිතියක් හදන්න හත් දෙනෙක් හිටියාම ඇති. වෛද්‍යවරු සියළු දෙනාම එකමුතු නම් ඇයි වෘත්තිය සමිතියක් හදනවට විරුද්ධ වෙන්නේ.

:       0       16

kumar (galf) Tuesday, 18 July 2017 06:18 AM

මොකටද මගේ කට අගේට "වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් පිරිසක් ලංකාවේ ඉන්නවා" ලෙඩ්ඩු මැරෙනවා ඉස්පිරිතාලවල බංකු උඩ, මෙයාලා ප්‍රයිවෙට් චැනලින් පිට පුද්ගලික ඉස්පිරිතාලවල....

:       1       141

arunalu Tuesday, 18 July 2017 06:47 AM

ඇමතිවරු කල යුත්තේ රටේ ප්‍රශ්න විසඳන එක. නමුත් රාජිත ඇමතිතුමා කරන්න හදන්නේ විසඳන්න ඕනේ සයිටම් ප්‍රශ්නය තවත් පටලවන්නයි. මේ ඇමතිතුමා කලයුත්තේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි මේක විසඳන්න දීල පැත්තකට වෙලා ඉන්න එක. පුළුවන්නම් දේශපාලනයෙන්ම ඉවත්වෙනවා නම් එ්ක මෙරටට කරන ලොකුම උදව්වක්.

:       185       119

ramani Tuesday, 18 July 2017 07:38 AM

රාජිත සේනාරත්න මහතා ඇමති ධුරයක් දරද්දී එම අැමැතිකමටම සම්බන්ධ සේවයට වෘත්තිය සමිති හදන්නේ කොහොමද? මේ සම්බන්ධව රජයේ පියවර කුමක්ද? භාරත ලක්ෂ්මන් මහතා ජනාධිපති උපදේශක ලෙස සිටිමින් ඔහුගේ පියා සමග රජයට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මෙහෙයවීම නිසා ඔහුත් අමාරුවේ වැටුණේ. කන්ෆ්ලික්ට් ඉන්ටරෙස්ට් කියන ඉංග්‍රීසි මතය මෙතනට අදාලයි නේද?

:       103       36

kumar (galf)Tuesday, 18 July 2017 09:45 AM

බයිලා කියන්නේ නැතිව ඉන්න රමණි, අසාධාරණ ලෙස රටේ රෝහල් සේවය කඩාකප්පල්කරන වෘත්තීය සමිතිවලට විරුද්ධව සාධාරණ සටනක් දෙන්න අනිත් අය එකතු කරන්න ඕනෑ. බණ්ඩාරනායක මහත්තයා එදා ඔයටික කලානම් අපේරට වියරු වාමාංශික රැල්ලෙන් බේරාගෙන සංවර්ධනය කරා යන්නට තිබුණා. වෘත්තීය සමිති හා වර්ජන තමා එදා රට විනාශ කළේ...

:       0       0

sahan Tuesday, 18 July 2017 08:13 AM

මේක මාර වැඩක්නේ... පාදෙණිය මහතා ප්‍රමුඛ කොන්දොස්තරලට විතරද වෘත්තීය සමිති පිහිටුවාගෙන දේශපාලකයන්ට කඩේ යන්න පුළුවන්, රාජිත ඇමතිතුමනි ඔබතුමා හරි...

:       0       106

Reks Tuesday, 18 July 2017 11:42 AM

මයි කාර්.., මයි පෙට්‍රල්..., මයි මිනිස්ට්‍රි, මයි යූනියන්...

:       0       0

Lakvidu Tuesday, 18 July 2017 11:55 AM

අතීතයේ ගොඩක් අය ජී.එම්.ඕ.ඒ. එක කඩන්න උත්සාහ ගත්තා. ඒත් ඒ එක උත්සාහයක්වත් හරිගියේ නැහැ.

:       0       48

Reks Wednesday, 19 July 2017 11:39 AM

මෙතන ප්‍රතිචාර දාන අය හිතන්නේ ජී.එම්.ඕ.ඒ. එකේ ඔක්කොම මහින්ද මහත්තයට ඡන්දෙ දීපු අය කියලා. ඒකේ බාගෙටත් වැඩිය ඉන්නේ එජාපෙ අය... ඒ වුණත් ඒගොල්ලොත් සයිටම් එකට විරුද්ධයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 283 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 680 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 570 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1397 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2857 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1857 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site