(මනෝප්රිය ගුණසේකර)
මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන යැයි කියන වෙලේ සුදාගේ බිරිඳට අයත් නුගේගොඩ මහජන බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කොට ඇති රුපියල් කෝටි ගණනක රන් ආභරණ ඇයට මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන අපේ‍්‍රල් 27 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (13) දැනුම් දුන්නේය.
රුපියල් කෝටි 17ක මුදල් හා දේපල උපයාගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරි නඩු දිනයකදී මෙම චෝදනා කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි කියමින් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලිගේ මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
2010 ජනවාරි පළමු වැනිදාත් 2012 අපේ‍්‍රල් 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපල උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශණී සහ ඔහුගේ ඥාති නැගණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙලේ සුදාගේ බිරියගේ රන් අබරණ සම්බන්ධ නියෝගය අප්‍රේල් 27 වැනි දා
Ajith Nissanka Wednesday, 14 March 2018 05:15 PM
පවුනේ දීලා දාමු!