IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වීරවංශට එරෙහි මූල්‍ය වංචා නඩුව කල් යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
                                   
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 7 1 / 2 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අගොස්තු මස 06 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.
 
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන  බාරදී ඇතැත් එම ලේඛන  පරීක්‍ෂා කිරීම සඳහා කල් අවශ්‍ය බව කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


මෙම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා අද  (16) කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.


2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/ 2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.


2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.


මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට බාරදිය ලේඛණ පසුගිය නඩු  දිනයටත්  කලින් ඔවුන්ට බාර දී ඇතැයි කීවාය.


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබිය යුතු සියළු ලේඛන ලබාදී ඇතැත් එම ලේඛන පරීක්‍ෂා කිරීම සඳහා  තමන්ට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (13)

වීරවංශට එරෙහි මූල්‍ය වංචා නඩුව කල් යයි

දීපාක් කරුනාරත්න Wednesday, 16 May 2018 11:09 AM

ආ.. ඇත්තද? කොහොමත් ඉතින් ඕවා මේ ආණ්ඩුව පෙරලිලා තව එයාලගේ ආණ්ඩුවක් එනකන්ම කල් යාවි. ඊට පස්සේ චෝදනා බොරු කියලා නිදොස් කොට නිදහස් කරාවි.

:       0       274

parakkrama Wednesday, 16 May 2018 11:22 AM

මීට පෙර නඩුව කැඳවනු ලැබුවේ කවදාදැයි බලමුද? ඊට, අගෝස්තු මාසය තෙක් මාස තුන එකතු කළ විට යථෝක්ත ලේඛන පිරික්සීමේ කාලය හිතා ගනිමු. නීතීඥතුමාගේ කෙරුවාව කොහොමද කියලත් හිතා ගනිමු. තව දෙතුන් වතාවක් කල් ගියොත් වැඩේ ගොඩම තමයි. යහපාලනය වලපල්ලටම තමයි. මේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වභාවයයි කියල තමයි හිතෙන්නේ.

:       0       162

sirimal Wednesday, 16 May 2018 12:07 PM

ඉවරක් වෙනකල් නඩු අහන උසාවිවලට මේ නඩු එන්නේ බැඳුම්කරේ ඉවරක් කළාට පස්සෙද? එතකොට පෝය දෙක ගෙවෙයි දන්නේම නැතුව.

:       1       65

wasantha Wednesday, 16 May 2018 01:21 PM

පව්, තව ටිකක් ඊළඟට හම්බ කර ගනීවි. අලියෙකුත් ගනීවි. අවුරුදු 12ක් යන තෙක් වාහන දෙන්න එපා..!!!

:       0       8

Chanak Los angeles Wednesday, 16 May 2018 02:14 PM

අර සුගන්ධිකා අධිකරණය ගැන හෙළිකරන ඒවා අහනවිට පුදුම හිතෙනවා..

:       0       66

Kayithan Muththaa. Wednesday, 16 May 2018 03:35 PM

මොන කෝටි හතාමාරද? ඒ දවස්වල මෙයාගේ දුගී නෑයින්ගේ ගෙවල්වල තිබුණේ කෝටි ගණන් වටිනා වාහන. නෑයන්වන වඩු බාස්ලා, මේසන් බාස්ලාට අරන් දුන්නේ කොළඹින් තට්ටු තුන හතරේ ගෙවල්. පවුල් වල බෝහෝ දෙනාට දී තිබුනේ රජයේ වාහන... ඇත්තටම මේ රජයත් මේවා හරිහැටි සොයා මොවුන්ට නිසි දඬුවම් ලබාදී නැහැ. මොවුන්ගේ වත්කම් රාජසන්තක කර ජනතාවගේ බදු මුදල්, බඩු මිල අඩුකළ යුතුයි. හොරකම් වලට සම්බන්ධ අනෙත් අය යහතින් නිදැල්ලේ සිටිනවා. රහස් පොලීසිය යොදවා ඔවුන්ගෙන් තොරතුරු ගතහොත් රට නොදන්නා බොහෝ දේ එළිවේවි !!!

:       1       102

Sunil Wednesday, 16 May 2018 03:51 PM

ඒවා කල් නොදා කොහොමද? යහපාලනය ඒ ගොල්ලන්ට මිස ජනතාවට නොවේ.

:       0       10

සතයපාල Wednesday, 16 May 2018 04:18 PM

මාස තුනකට සැරයක් නඩුව කැඳවන්නේ නඩුවාර විස්සක් ගියොත් නඩුව අහලා ඉවර කරන්න මාස හැටක් ගතවෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක්... එතකොට ඊළඟ ආණ්ඩුව ඇවිත් ඒ ආණ්ඩුවේ විමල් වීරවංශ ඇමතිකෙනෙක් වුනොත් නඩුවට අබ සරණයි.

:       0       79

Chanak Los angeles Wednesday, 16 May 2018 07:14 PM

මොහු ඉස්සර කතාව පටන්ගන්නේ මට ෆුට් බයිසිකලයක් ගන්න රුපියල් 100 ක් වත් තිබුනේ නැහැ කියලයි .. එහෙව් පුද්ගලයා සුළු කාලයකදී කෝටිපතියෙක් වෙලා ? මොහු කියනවානම් සාධාරණ ලෙසයි පොහොසත් වුනේ කියා එහෙම පොහොසත් වෙන ක්‍රමය කියල දෙනවනම් දුප්පත් කම සුනේ සුන් ..

:       0       66

rocky Thursday, 17 May 2018 01:21 AM

මේ නඩු කව දාවත් අහන්නේ නැත් නම් ජනතාවගේ මුදල් තවත් නිකම් අනිවාරතේ වියදම් නොකර මිනිසුන්ව නිදහස් කර දමන්න. ලංකාවේ අධිකරණය ගැන විස්වාසයක් තැබීම අපහසු බව පෙනෙනවා.

:       0       5

Karunarathna - Gampola. Thursday, 17 May 2018 02:18 AM

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහත්මා, නීතීඥ සුගන්ධිකා ෆ්රනාන්දු මහත්මිය මෙම අධිකරණ ක්‍රියාවලිය ගැන පැවැත්වූ දේශනයට සවන් දෙමු. මේක මගේම රටදය් හිතාගන්න පුළුවනි. අපසියලුදෙනාම අවදියෙන් සිටිය යුතුයි. ස්තුතියි.

:       0       36

mahinda Thursday, 17 May 2018 05:54 AM

කල් යනවා කියලා අහලම ඇති වෙලා. නඩුව ගන්න පුළුවන් දාට විතරක් කතා කරලා ඉවර කරා නම් ඉවරයි නේ. මිනිස්සු රවට්ටන වැඩ. නඩු කල් දාන එක හරිම විහිළුවක් වෙලා. ඇයි උසාවි උදේ හවස තියලා නඩු ඉවර කරන්න බැරි.

:       0       2

MHINDA Thursday, 17 May 2018 06:23 AM

බාලගිරි දෝෂයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 99 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 149 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 181 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 449 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 399 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1692 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site