සුජිත් හේවාජුලිගේ
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ඇතුළත්වීමේ හැකියාවක් නැතැයි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීප‘‘ යට අද (14) පැවැසීය.
‘‘ප්‍රායෝගිකව ඒක වෙන්න බැරි දෙයක්‘‘ යැයිද උන්වහන්සේ පැවැසූහ.
අතුරලියේ රතන හිමයෝ මෙසේද පැවැසූහ.
‘‘ජනාධිපතිවරයා විසිවැනි සංශෝධනයක් ගේන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටේ ජනමතයක් ඇති කළේ නැහැ.ඒ වගේම විධායකයේ නරක ලක්ෂණ ඉවත් කරනවා විනා මුළු විධායකය ඉවත් කරනවා කියලා එතුමා කිව්වේ නැහැ.
විධායකය සම්පුර්ණයෙන්ම ඉවත් කළාම රටේ ඒකීයභාවයට තියෙන බලපෑම එතුමා තේරුම් ගන්න ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ නැහැ.ව්‍යවස්ථාවෙන් පෙරලියක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවල කල්ලියක්.
විධායකය සංශෝධනය කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා අපට ලියලම දීලා තියෙනවා.
ජෙවීපී එකයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි අද හිතන විදිහ සමානයි.ජාතික සංස්කෘතිය පිළිබඳ ඒ දෙගොල්ලෝම අද ඉන්නේ ලිබරල් මතයක.ඒ නිසා දෙගොල්ලෝ මේ වෙලාවේ එකට ගැළපෙනවා.
අද ජේවීපී එක ඉටු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අභිලාෂයක්‘‘ කියලා මට හිතෙනවා.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ගේන්න බෑ
Kumar (Gulf) Friday, 14 September 2018 07:32 PM
අද කළයුතු වඩාත්ම වැදගත් දේ තමයි වහාම වැඩි ඡන්දයෙන් පළාත් සභා අහෝසි කරන එක.., නැතිනම් අනිවාර්යයෙන්ම රට බෙදෙනවා. නැවත ජාතිවාදී, බෙදුම්වාදී අරගල ඇතිවෙනවා. දැම්ම ගහ නියපොත්තෙන් කඩා දැම්මේ නැතිනම් පසුව පොරවෙන්වත් කපන්න බැරිවෙනවා.
ධනුෂ්කSaturday, 15 September 2018 02:49 PM
පළාත් සභා නිසා රට බෙදෙනවා කියලා මෝඩ මිනිසුන් අන්දන්න දේශපාලකයන් කියන කතා ඔබතුමාත් කියන්න එපා. එහෙනම් මීටත් වඩා ප්‍රාන්ත අාණ්ඩුවලට බලය බෙදා අැති අැමරිකාව, ඉන්දියාව, රුසියාව අාදී රටවලුත් කැඩෙන්න එපැයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමට පෙර එහි ප්‍රාන්තවලට හමුදා බලය පවා ලබා දී තිබුණා. ෆෙඩරල් යනු විවිධත්වය තුල එ්කීයත්වය යන සංකල්පය මත බෙදී වෙන්වී යාමට තුඩු දෙන කොටස්... එකට බැඳ තබා ගැනීමට අැති දෙයක්. නමුත් මමද පළාත් සභාවලට අකමැතියි. වෙන මුකුත් නොව එය සුදු අලියෙක් නිසා. ලංකා අාණ්ඩුව මේ රට බෙදුවත් හමුදා බලය යොදා හෝ ලංකාවේ වෙනම රටක් බිහිවීමට ඉඩ නොතබන එක 1983න් පසු ඉන්දියානු අාණ්ඩුවේ මූලිකම ප්‍රතිපත්තියක්. බෙදනවා නම් මෙලහටත් බෙදලා...
Chanak Los angeles Friday, 14 September 2018 09:20 PM
කොපමණ කාලෙකින් පිණ්ඩපාතයේ වැඩියේ නැතිද?
BamunuarachchiSaturday, 15 September 2018 04:12 PM
ඔහේගේ පාංශුකූලේට එන්න හිතපු දා ඉඳලා...
Ashan Friday, 14 September 2018 10:03 PM
"මුසාවාදා වේරමනී සික්ඛාපදං සමාදියාමී" ඔබ වහන්සේ යලි ඉපදුනාවත්ද? ජනාදිපතිගේ පරණ කතා යලි බලන්න...
Saman Saturday, 15 September 2018 12:33 AM
ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැති මනුස්සයෙක්... ඉස්සරවෙලාම ඒජාපය පත්කළ මන්ත්‍රීකමෙන් අයින්වෙලා ජනාධිපතිගේ පක්ෂයෙන් මන්ත්‍රීකමක් අරගෙන, ඊටපස්සෙ කතාකරන්න.
RNG Sunday, 16 September 2018 01:26 AM
තමුන් වගේ පක්ෂෙට කඩේ යන්නේ නැති කෙනෙක් මේ හාමුදුරුවෝ.......මොන පක්ෂයේ හිටියත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඕන ..ස්වාමීන් වහන්සේ නමකට ඔය විදියට අපහාස කරලා පව් පුරවගන්න එපා කියලා විතරයි කියන්න තියෙන්නෙ ..
BamunuarachchiMonday, 17 September 2018 07:44 AM
වැඩිදුර ලියන්නේ නැහැ ඔබට හිතන්න හැකියාවක් තිබෙනවා නම් මෙන්න මේ ගැන හිතන්න ඔබ ඔය කියන ලැජ්ජාව බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ට තිබුනෙත් නැද්ද? හිතන්න, ඒ පුද්ගලයා ගැන නොවෙයි කියන කාරනා ගැන.
Susil Saturday, 15 September 2018 12:35 AM
ත්‍රිපිටකය ගැන දන්නෙ නැතිවුනාට, ආණ්ඩුක්‍රම විශාරදයෙක් වගෙයි කතාව...
Sanath KandySaturday, 15 September 2018 11:45 AM
ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දින පටන්ම ජවිපෙ මතය වුනේ එය අහෝසි කළ යුතු බවයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි හැමෝම බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙලා. පහුගිය ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කළත් ජවිපෙ කිසිවිටෙක එජාප ආණ්ඩුවක් පිහිටුවීමට දායක වෙලා නෑ. රනිල්ගේ එජාප ආණ්ඩුවේ ඉඳිමින් ජවිපෙට චෝදනා කරන්නේ කොහොමද හාමුදුරුවනේ...?
RoshanSaturday, 15 September 2018 03:21 PM
රතු අලින්ට කඩේ යන්න එපා. පළාත් සභා අහෝසි නොකර විධායකය අහෝසි කරපු ගමන් රට කැඩෙනවා.
maal Saturday, 15 September 2018 02:27 AM
ලංකාවේ තිබෙන සියලුම ආගම් විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආගම්. පැරණිම ආගම මීට අවුරුදු 2200 කට පෙර අසෝක අධිරාජයාගෙන් ලැබුණු ත්‍යාගයක්. දැන් අපේ රට පාලනය වෙන්නේ ප්රජාතන්ත්රවාදය යනුවෙන් හඳුන්වන - මිනිසා විසින් මිනිසා සඳහා මිනිසාගේම - රාජ්‍ය ක්‍රමයකට අනුවයි. කිසිම ආගමික නායකයකු හෝ වේත්‍රධාරියකු වැටුපක් සහ අනෙකුත් වරදාන ලබන පාර්ලිමේන්තුවට පත් නොකිරීම ජනතාව සතු යුතුකමකි. පත්කළ මන්ත්‍රී ධුරයකට වත් පත් නොකළ යුතුයි.
Nishanath Saturday, 15 September 2018 02:52 AM
අපේ අභිලාෂ ඉටුකරන කෙනෙක් නෑ. ඔක්කොම ඒ අයගේ අභිලාෂ ඉෂ්ට කරන අය තමයි.
Hafeel Saturday, 15 September 2018 03:12 AM
1994 සිට පැවති සේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකවරු පොරුන්දු වුනේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසිකරන බවයි. එ්කට 2/3 ටත් එහා ජනවරමුත් නොකඩවා ලැබුණා. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකම ගත්තු ඡන්ද ප්‍රතිශතය බැලුවත්. දෙගොල්ලන්ගේ පොරුන්දු එකයි. ඒ නිසා අමුතුවෙන් ජනවරමක් අවශ්‍ය නැහැ. පවතින විධායක ධුරයත්, පළාත් සභාවත් විශාල මුදල් නාස්තිය හැර රටට කිසිසේත්ම ප්‍රයෝජන නැත. සමහරු කියනවා යුද්ධය දිනන්න විධායක ධුරය අවශ්‍ය වූ බව. නමුත් යුද්ධය දිනන්නත්, විධායක ධූරයටත් කිසිම සම්බන්ධතාවක් නැහැ. මොකද යුද්ධය දිනන්න හදිසි නීතිය සම්මත කිරීම සහ මුදල් වෙන්කිරීම වුනෙත් පාර්ලිමේන්තුවෙන්.
BamunuarachchiSaturday, 15 September 2018 01:41 PM
ජනාධිපති බලතල අහෝසි කිරීමෙන් ඔබටයි, මටයි ඇතිවන වාසි මොනවද? ඔබලාට කොහොම වුණත් සිංහල අපිට අවාසියි. එ් නිසයි අපි අකමැති.. ජනාධිපති ඔහුගේ තනි කැමැත්තට වැඩකළ හැකි බලය නැතිකර ගන්නවාට. යුද්ධය දිනීමට මේ බලතල බොහොම ප්‍රයෝජන වුණා. නැතිනම් ත්‍රස්තයින්ට මල්ටිබැරල් ප්‍රහාරයක් දෙන්නත් පාර්ලිමේන්තු අවසරය ගන්න සිදුවෙනවා...
HafeelSaturday, 15 September 2018 09:25 PM
මෝඩ කතා. මල්ටි බැරල් ගහන්න ජනාධිපති නියෝග අවශ්‍යද? මෝඩ තර්ක.......
BamunuarachchiSaturday, 15 September 2018 04:08 PM
දන්නා තරම තමයි ඔය කිව්වේ...
RNG Sunday, 16 September 2018 01:39 AM
ඔබට නොතේරුණාට විධායක ජනාධිපති ධූරයේ ජනාධිපති සතු බලතල නිසා තමයි මෙතරම් ඉක්මනට යුද්ධය ඉවර කරන්න පුළුවන් උනේ..නැත්නම් ජනාධිපතිට රූකඩයක් වගේ වෙමින් එක එක්කෙනාගෙන් අවසර ගනිමින් තමයි ඔය වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න තීරණ ගන්න වෙන්නෙ..ඒ නිසා අපි කියන්නෙත් මේ ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියලා..
BamunuarachchiSunday, 16 September 2018 08:40 AM
යමක් කෙටියෙන් කිව්වම තේරුම් ගැනීමේ හැකියාවක් අරයාට නැහැ. ඒ ගැන පුදුම වෙන්නෙත් එපා...
samank Saturday, 15 September 2018 04:20 AM
පහුගිය දවස්වල බැරිදේවල් ඕනෑතරම් කලේ. මේ පාරත් බැරිවෙන එකක් නැහැ කීයක් හරි පාත්තරේට වැටුණොත්...
Shan Saturday, 15 September 2018 08:11 AM
අනේ හාමුදුරුවනේ, ධර්මය හරියට තේරුම් ගන්න. පේන කියන එකත් නවත්තලා සසරෙන් එතෙරවෙන්න බලන්න.
BamunuarachchiSaturday, 15 September 2018 10:10 AM
දැන් ගිහියන් හාමුදුරුවරුන්ටත් බණ කියනවා. තව ටික දවසකින් පාංශුකූලේ දෙන්නත් යාවි...
ranjith Saturday, 15 September 2018 01:55 PM
චීවරයේ වටිනාකම නැතිකරන පාර්ලිමේන්තු රිංගාගෙන ඉන්නේ මේ කණ්ඩායම...
BamunuarachchiSunday, 16 September 2018 04:29 AM
චීවරයේ වටිනාකම පන්සලට පමණක් සීමාවෙලා නැහැ. ඉස්කෝලේ ගියානම් රටේ ඉතිහාසය විෂය ඉගෙන ගත්තානම් රජතුමාට දශරාජ ධර්මයෙන් රට පාලනය කරන හැටි කියා දුන්නේ හා පරසතුරන්ගෙන් රට බේරා ගන්න රජවරුන් පාලකයින් දිරිගන්වුවේ හාමුදුරුවරු. නැතුව ඔහෙලා හිතන් ඉන්නවිදිහට ඔහේලාට පාන්සකුලේ දෙන්න විතරක් නොවෙයි හාමුදුරුවරු ඉන්නේ.
dinesha Saturday, 15 September 2018 02:21 PM
අපි විරුද්ද වෙන්නම් ඔයාල කරගෙන යන්න... ඔහොමනේ කලින් කතාවුණේ.