IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති

(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.


පොලිස්පති සහන මැදිරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද පොලිස්පතිවරයා කීය.


සිද්ධිය පිළිබඳව පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ල පලකර ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


කොළඹ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශණ පවත්වයි.


පොලීසියට ලැබී ඇති මෙම පැමිණිල්ලට අනුව සැකකටයුතු කිරිපැකට් බෙදාදී ඇතැයි පැවසෙන්නේ කොළඹ යූනියන් ප්‍රදේශයේදී යැයි කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය. 



අදහස් (19)

විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති

isuru Sunday, 09 September 2018 04:23 PM

මේක එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිපලයක් ඕක ඇතුලේ වැඩක්

:       512       403

ravi Sunday, 09 September 2018 04:26 PM

මේක මේ ලැජ්ජාව වහගන්නයි යම් යම් පුද්ගලයින්ට දොස් කියන්න හදාගත්ත කතාවක්! මේවට පොලිසියේ කාලය නස්ති කරනවානම් ඒක ලොකු විහිළුවක්.

:       423       215

kosala Sunday, 09 September 2018 04:27 PM

අරක්කු බිලා කිරි බොනකොට විසවෙනවා .

:       412       378

ogasthin Sunday, 09 September 2018 04:28 PM

ඒ අයම කිරි වලට වස දාලා වෙනත් අය අල්ලන්න යන උත්සාහයක් වගේ .

:       364       264

Asanka Sunday, 09 September 2018 04:59 PM

අපි විනෝද චරිකාවක් යනකොට වුනත් කන බොන දෙවල් අරන් යනවනේ. නොදන්න මිනිස්සු දෙන දේවල් කන්න යන්නෙ නෑනේ. ඉතින් මේ ගමනෙත් කෑම බීම බාරව අය ඇතිනේ, අන්න එයාලා තමයි මෙකට වගකියන්න ඕන නේද ? අනික දන්සලක වුනත් කෑම සවුත්තු නම් අල්ල්ගන්නෙ දන්සල කරපු අය නේද ?

:       661       605

anandaTuesday, 11 September 2018 03:00 PM

ඔයා හරි අපි කියන්නෙත් මේ කිරි පැකට් දන්සැල දුන්නු අය අල්ලන්න කියලා තමයි. විනෝද චාරිකා යන අය මග දිගේ නොදන්න මිනිස්සු දෙන දේවල් කන්නෙ බොන්නෙ නැහැ. මේ මේක ලංකාව කන්න බොන්න නෙමේ දෙමල පත්තරේ උනත් නිකං දෙනවනම් පැනලා ගන්නෙ. අනික වෙසක් පොසොන් දන්සැල් වලින් කන්නෙ අඳුනන මිනිස්සුද දෙන්නෙ කියලද බලලද

:       0       0

sirimal Sunday, 09 September 2018 05:33 PM

දේශපාලුවෝ සහ කොම්පැනිකාරයෝ බොරදියේ මාලු අල්ලන්නයි හදන්නෙ. මේ කිරි පැකට් මේ විදියට පිම්බෙන්නෙ ඇතුලත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීමෙනුයි. ඒවා ශීතකරණයෙන් පිට තැබීමෙන් මෙසේ සිදුවීම සාමාන්‍ය දෙයක්. කිරි පැකට් වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් පැශ්චරීකෘත කිරි. මේ කිරි වල සියලු ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර නැත. හානිකර ජීවීන් යම් ක්‍රමවේදයක් මගින් විනාශ කර ඇත. මේ නිසා ස්වභාවික කිරි වල ඇති සියලු විටමින් සහ ප්‍රෝටීන විනාශ නොවේ. එය පෝෂණීය පානයකි. එය ශීතකරණයක් තුල තැබිය යුතුය. ගිනි අව්වේ තිබු විට එහි ඇති හානිකර නොවන ජීවීන් ක්‍රියාත්මක වීමෙන් ස්වසනයෙන් පිටවන වායුන් නිසා මෙසේ පැකට් පිම්බෙයි. දෙවන වර්ගය කල් කිරි. මේවා සම්පූර්ණයෙන් ජීවාණුහරනය කර ඇත. ශිතකරනයකින් පිට මේවා තැබිය හැකිය. දැන් මේ ගිනි අව්වේ තැම්බුන නිසා නරක්වුන කිරි පැකට් පෙන්වා " වස එන්නත් කළා" කියමින් ගෙනයන ප්‍රචාරය පිටුපස දේශපාලනය මෙන්ම වෙළඳ මාෆියාවක්ද ක්‍රියාත්මක වන බව පෙනී යනවා. මේක ගැන තව කථාකල යුතුය.

:       725       528

පිටිගල මිලානෝ Sunday, 09 September 2018 06:05 PM

කල් ඇතුව ගිණි කාෂ්ටකේ කිරි පැකට් සහ බත් පැකට් ගොඩ ගහලා තැබුවා. ඉන්පසු ශීතකරණ තුල පමණක් තැබිය යුතු මෙම කිරි පැකට් නරක්වුනා සහ කෑම පැකට් පිළිණු වුනා. මත් පැනෙන් සංතෘප්ත වුන මේ අතේ සතේ නැති අහිංසක මිනිස්සු මේවා කාලා අහුමුලුවල මළපහ කළා. මේ අහිංසකයෝ රෑ කෑම ඉල්ලනකොට ලොරි බාගෙකින් සිලි සිලි මලු වල ඔතාපු පාන් පෙති දෙකක් සහ සම්බල් සෙනග දෙසට විසි කලේ හරියට අසු ගණන්වල ඉන්දියාව අපට පරිප්පු දැම්මා මෙනි. රටවැසියා මෙතරම් පහත් තත්වයකට වැටුන දවසක් මා මෙතෙක් දැක නැත.

:       387       1146

ratnamalala Sunday, 09 September 2018 06:06 PM

අපක්ෂපාති පරීක්ෂණයක් කරලා කුමන පැත්තකින් හරි වැරැද්දක් වෙලා තිබේනම් උපරිම දඬුවම් දිය යුතුමයි.

:       187       605

Hafeel Monday, 10 September 2018 01:28 AM

ඒකාබද්යට මේ කිරි පැකට් සිද්ධිය මෙහම රිදෙනවනං, වැලිකඩ, රතුපස්වෙල, කටුනායක, හලාවත ජීවිත අහිමිවූ පවුල්වලට මොන තරම් දුක ඇති. මේ පව් නිසා තමයි, අද හිටපු පාලකයෝ උද්ගෝෂණ කියමින් පාරවල් ගානේ ඇවිදිනවා. අධිකරණ, හිර ගෙදර ගානේ රස්තියාදු වෙනවා.

:       315       234

සතයපාලMonday, 10 September 2018 06:23 AM

හෆීල් කටුස්සාවගේ පාට මාරු කෙරුවද ?

:       1       7

HafeelMonday, 10 September 2018 07:57 AM

සත්‍යපාල, මට පක්ෂ, පාට, ආගම්, ජාති අදාළ නැහෙ. හරි දෙවල්ට හරි කියනවා. වැරදි දෙවල්ට වැරදි කියනව. එකට තමයි මම හැමවිටම කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකටම චෝදන්න්වල් තියාව වගේම, මේ අවුරුදු 70 තුල ප්‍රධාන පක්ෂ දෙකම රට ගොඩනගන්න අසමත් කියල. පොහොට්ටුත් මේ ප්‍රධාන පක්ෂයට අයත් තමා. වර්තමාන ආණ්ඩුවත් දුෂණ, වංචා, හොරකම් නැති කරන බව කියමින් බලයට ඇවින්, මහ බැංකු විනාශ කළා. සුද්දෝ නිදහස දෙනකොට මේ රට කාටවත් සතයක්වත් ණයක් නැතුව තමා දීල ගියේ.

:       1       12

vipula Monday, 10 September 2018 03:35 AM

පාට පක්ෂ , දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා , එවැන්නක් සිදුකර ඇත්නම් මරණ දඩුවම දියයුතුයි.

:       1       106

OMG Monday, 10 September 2018 04:27 AM

දේශපාලන ගැත්තන්ට දෙපාරක් හිතන්න වෙනවා. තමුන් විහින් අමාරුවේ වැටෙනවද නැත්ද කියලා. තුවාලය තියන කෙනාටම තමා තුවාලයේ අමාරුව දැනෙන්නේ. ඔවුන් දැන් විදවවී. අනික් අය ටිකක් උණුසුම තියන කොට ඒ ගැන කතා කරලා අමතක කරලා දාවී. දැන් තමන්ට තෙරේයි තමන් කරපු මෝඩ කම.

:       0       3

ravi Monday, 10 September 2018 04:57 AM

බඩ බුරුල් වෙච්ච අය ගැන කතාකරනවා මිසක් ... මැරිච්ච අය ගැන කතාකරන්නේ නැහැ නේද ???

:       1       3

සතයපාල Monday, 10 September 2018 05:33 AM

මෙහි වගකීම මෙම අවස්ථාවාදී උද්ඝෝෂණය සංවිධානය කළ හා එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ නාමල් බේබි බාරගතයුතු අතර පොලිස්පතිවරයාගේ මූලික වගකීම වන්නේ ඔහු කැඳවා මේ ගැන ප්‍රශ්න කිරීම වන අතර විශේෂයෙන් ආහාරපාන හා මත්පැන් සැපයුම් කරුවන් ගැන විස්තර සොයාබලා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගතයුතුය.

:       1       1

samantha Monday, 10 September 2018 07:01 AM

කොමෙන්ට්ස් කියෙව්වම යහපාලනේට කඩේ යන වහල්ලු ටික හොඳින් අදුරගන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මේ වැඩේ කරලා ඇත්නම් පාට පක්ෂ නොබලා ඔවුන්ට දැඩි දඩුවම් දෙන්න කියලා කියන්න මොවුගේ කටවල් ඇරෙන්නේ නැහැ. කවුරු වුනත් මෙතන පීඩාවට පත් වෙලා තියන්නේ විරෝධතාවයකට ආපු අහිංසක මිනිස්සු.

:       1       89

athuraMonday, 10 September 2018 08:25 AM

ඔබතුමාලා වගේ කට්ටිය ඔය ගල්පැලෙන බොරුවලට අහුවුණාට බහුතරයක් ඉන්නේ බත්කන මිනිස්සු...

:       0       26

isuru Monday, 10 September 2018 07:24 AM

මේක ගෙදර වැඩක් .

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 241 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 936 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2360 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1626 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 950 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2197 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1443 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site