ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය වසර 5 ඇතුළත විදේශගත වූයේ 15 වතාවක් පමණක් බවත් එම වසර පහ ඇතුළත 80 වරක් විදේශ ගතවී ඇතැයි යන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයන ඒකකය කියා සිටී.
2018 ජුනි මස 27 දින ලංකාදීප වෙබ් අඩවියේ පලවූ “එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ” යන ප්‍රවෘත්තිය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයන ඒකකය මෙම ලිපිය එවා තිබේ.
ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුපියල් මිලියන 300 ට ආසන්න මුදලක් ගසා කෑමට මෑත කාලයේ දී එක්තරා කණ්ඩායමක් උත්සාහ කළ බවත් ඊට එරෙහිවීම නිසා මෙම විශේෂඥ වෛද්‍යවරයාට අභූත චෝදනා එල්ල කරන බවත් කරුණු පැහැදිළි කිරීමේ ලිපියේ සටහන් වේ. කරුණු පැහැදිළි කිරීමේ ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද යවනු ලැබ තිබේ.
එම ලිපියේ මෙසේද සටහන් වේ.
දැනට ජාතික රුධිර පාරවිලයන සේවයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් පමණ සේවයේ නිරත අතර ඊයේ (27 වැනිදා) පළවූ ප්‍රවෘත්තියේ වාර්තාවන ආකාරයට ශ්‍රි ලංකාවේ සිටින රුධිර පාරවිලයනය පිළිබඳ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු එහි දී ඉලක්ක වී තිබේ.
මෙම වෛද්‍යවරයා රුධිර පාරවිලයනය පිළිබඳ මෙරට බිහි වූ ප්‍රවීනතම විශේෂඥ වෛද්‍යවරයකු වන අතර ජාතික මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් අපේ රටට කීර්තියක් ගෙන දී ඇති වෛද්‍යවරයෙකි. ඔහු (පසුගිය වසර 5 ඇතුළත) ගමන් වාර 80 ක් විදේශ ගත වී ඇතැයි ඔබ වෙබ් අඩවිය සඳහන් කර ඇති නමුත් පසුගිය වසර 5 තුළදී ඔහු විදේශ ගමන් 15කට පමණක් සහභාගී වී ඇත.
රුධිර පාරවිලයනය පිළිබඳ ජාත්‍යයන්තර සංවිධානය ( International Society of Blood Transfusion ) යනු ලොව පුරා ගුණාත්මක රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාවක් පැවත්වාගෙනයාම සහ ඒ සඳහා පර්යේෂණ සිදු කිරීමේ අරමුණ පෙරදැරිව බිහි වී ඇති ලොව ප්‍රමුඛතම සංවිධානයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා රුධිර පාරවිලයනය පිළිබඳ තම ජාත්‍යයන්තර ප්‍රතිපත්ති සැකසීමේ දී මෙම සංවිධානයේ උපදෙස් අනුව ක්‍රියා කරයි.
මෙම විශේෂඥ වෛද්‍යවරයා රුධිර පාරවිලයනය පිළීබඳ ජාත්‍යයන්තර සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාය. එම ජාත්‍යන්තර සංගමය සෑම වසරකම පාහේ ප්‍රධාන සැසිවාරයක් පවත්වන අතර එහි දී නව පර්යේෂණ එළි දැක්වේ. මෙහි දී පර්යේෂකයින් යොමු කරන පර්යේෂණ නිබන්ධන තේරීමේ කමිටුවේද සමාජිකයෙකු වශයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කරමින් සිටී. එමෙන්ම එම සංවිධානයේ රුධිර පට්ටිකා ආශ්‍රිත ප්‍රතිදේහජනක නාමකරණ කමිටුවටද ඔහු ඇතුළත් වී සිටී. මෙම වෛද්‍යවරයා ඉහත ගමන්වාරවලින් කිහිපවතාවක් එහි වාර්ෂික සැසිවාරයට සහභාගී වී තිබේ.
මීට අමතරව මෙම විශේෂඥ වෛද්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් අවස්ථා ගණනාවක දී කලාපීය රටවල රුධිර පාරවිලයනය නගා සිටුවීම සඳහා විශේෂඥ උපදෙස් දෙමින් ඔහුගේ දායකත්වය ලබා දී ඇති අතර වසර ගණනාවක් රුධිර පාරවිලයනය පිළිබඳ ආසියානු සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥයින්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරයෙකි.
ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන ක්ෂේත්‍රය අද ලබා ඇති සෑම දියුණුවක් පසුපසම සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා විසින් පර්යේෂණ නිබන්ධන බොහෝ ගණනක් ඉදිරිපත් කර ඇත. සෑම විටම නිහඩ චරිතයක් වූ බැවින් විශේෂඥ වෛද්‍යවරයා තම අපරිමිත කාර්යභාරය පිළිබඳ අඬබෙර ගැසුවේ නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ රුධිර පාරවිලයනය පිළිබඳ පශ්චාත් උපාධි අංශයේ ප්‍රධානත්වය දරන මෙම විශේෂඥ වෛද්‍යවරයා දකුණු ආසියාතික රුධිර පාරවිලයන සංගමයේද (SAATM) ආරම්භක සාමාජිකයෙකි.
මෙම කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය සේවයේ පවා නොයෙදී උදෑසන 7.00 සිට රාත්‍රි 9.00 හෝ 10.00 වනතුරු ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථානයේ ගත කළේ එහි උන්නතිය වෙනුවෙනි. අත්‍යවශ්‍ය ජාත්‍යයන්තර සමුළුවක් සඳහා සහභාගී වූ අවස්ථාවල දී හැරුණු විට මෙම විශේෂඥ වෛද්‍යවරයා නිවාඩු ලබා ගත්තේ නැත. ඉරිදා, අලුත් අවුරුද්ද, පෝය හෝ සතියේ දින ඔහුට සතියේ රාජකාරී දිනයන් සේම විය. ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී ඕනෑම දිනයක ඔහුව දැක ගත හැක්කේද එබැවිනි.
ලංකාවේ ලේ බැංකු 102ක් ඇති අතර මෙම ඕනෑම ලේ බැංකුවක ඕනෑම තරාතිරමක කෙනෙකුට ගැටළුවක් ඇති වුවහොත් දවසේ කුමන වේලාවක දී වුවද ඔහුගෙන් උපදෙස් ලබා ගත හැකිය. සැබැවින්ම ජාතික සම්පතක් වන මෙම විශේෂඥ වෛද්‍යවරයා පසුගිය වසර 5 ඇතුළත, එනම් 2014 මැයි මස සිට මේවනතෙක් 15 වරක් විදේශගත වී ඇති අතර ඉන් බොහොමයක් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා විසින් නම් කර ලබා දී ඇත. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඊට සාක්ෂි දරයි.
ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුපියල් මිලියන 300 ට ආසන්න මුදලක් ගසා කෑමට මෑත කාලයේ දී එක්තරා කණ්ඩායමක් උත්සාහ කළේය. (මේ පිළිබඳ සාක්ෂි අවශ්‍ය ඕනෑම විටක අදාළ නිලධාරීන්ට පෙන්විය හැකිය.) මෙම විශේෂඥ වෛද්‍යවරයා එහි දී ඔවුන්ට එරෙහි විය. මෙම විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකරන්නේ එවන් පිරිසකි.
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශේෂඥ වෛද්‍යවරයා රටගියේ 15 වරක් පමණයි
ගාමීණී Friday, 29 June 2018 06:10 AM
රටට සේවයක් කරන උගතෙකුට මෙතන විශාල අසාධාරණ ලෙස මඩ ගැසීමක් සිදුවී තිබෙන බව පැහැදිලියි. ජාතිය වෙනුවෙන් අපි ඔහුගෙන් සමාව අයදිමු.
lalith Friday, 29 June 2018 06:33 PM
අර ඇමතියයි, පුතයි, යනවට වඩා මෙතුමා ගියඑක කොයිතරම් හොඳද?
lakshman Saturday, 30 June 2018 05:32 AM
මෙවැනි ගෞරවනීය සමාජයට සහ ලෝකයටම වටිනා අයවලුන් ගැන ප්‍රවෘත්ති ලියනවිට හරියාකාරයෙන්ම සත්‍ය ලෙසම තහවරු කරගෙන වාර්තා කළා නම් හොඳයි නේද කියල දැන්වත් හිතෙනවා නම් !!!