IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න

(අමල් වික්‍රමරත්න)
දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළා.

කොලඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන්ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තාවූ බවද ජයරත්න මහතා පැවසීය.

මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන්කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් එම එලිය අපට දක්නට ලැබෙන බවත් ජයරත්න මහතා පැවසුවා.

එම පොලව දෙසට වේගයෙන් එනු ලබන උල්කාශ්මියේ වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එම හේතුවෙන් උල්කාශ්මිය පුපුරා යනබවත් එම ශබ්දය විශාල ශබ්දයක් ලෙසින් පොලවට ඇසෙන බවද ජයරත්න මහතා පැවසුවා,

මේ අතර හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්වයක්දයි සැකකලහැකි බවද ජයරත්න මහතා පැවසුවා.



අදහස් (16)

විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න

කපිල Wednesday, 18 October 2017 06:36 PM

කාලගුණ වාර්තාවට තාම මොකවත් කීවේ නැ. මම හිතන්නේ ජනේලෙන් මේක පෙනිලා නැතිව ඇති.

:       757       957

jagath Wednesday, 18 October 2017 07:29 PM

උල්කාෂ්මයක් නෙවෙයි ගුවන් යානයක් බාලලු කොග්ගලට

:       212       49

සුනිල් ගීකියනෙග් Wednesday, 18 October 2017 07:51 PM

උතුරු ‍කොරියාවට සම්බාධක දැමීෙම් ප්‍රතිඵලයක් සම්බාධක ඉවත් කෙළ් නැත්නම් ඊළඟ මිසයිලය ඒවාවි. මේ අනතුරු අැගවීමක් ..............

:       0       115

Sathyapala Wednesday, 18 October 2017 07:56 PM

වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ? උල්කාපාතයක් වැටීම කාලගුණ අනාවැකියක් හෝ කාලගුණයට අදාළ දෙයක් නොවෙයි. එය එන බව දැනගත හැකි ක්‍රමයක් නෑ. දැනගත්තත් කොතැනට වැටෙයිද කියන්නත් බෑ. කොතැනට වැටෙයිද දැනගත්තත් වැටීම නවත්වන්නත් බෑ, මිනිස්සු එතනින් ඉවත්කරන්නත් බෑ. එන්නේ ඉතා වේගයන්. මේවා තේරුම් ගන්න. නිකරුනේ කාටහරි බනිනවට වඩා යමක් ඉගෙනගන්න.

:       151       177

kapilae Thursday, 19 October 2017 12:53 AM

ශ්‍රිපාදයෙන් පෙරලුන කුණු කන්ද වෙන්න බැරිද?

:       27       92

ජගත් ලියනගේ Thursday, 19 October 2017 01:36 AM

කොයි එකටත්, අර උතුරු කොරියාවේ එක්කෙනාගෙනූත් අහල බැලුවොත් හොඳ නැත්ද?

:       32       26

uddika Thursday, 19 October 2017 01:57 AM

කාලගුණයට මේක අදාළ නැහැ

:       29       42

jayath Thursday, 19 October 2017 03:07 AM

අනේ අපෝ කෝ මෙ අපේ සාත්තර, ජෝතිෂ්‍ය අය මේක ගැන මොනවත් කියන්නේ නැත්ද?

:       0       119

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 03:40 AM

බණ්ඩාරවෙල වැනි සුන්දර ප්‍රදේශයක් විනාශ කරපු දකුණු පැත්තේ ඉන්නා කට්ටියක් සොයා ආ වැහි නැති හෙණයක් වෙන්න බැරිද?

:       36       113

Nuwan Thursday, 19 October 2017 03:43 AM

චන්දන ජයරත්න මහතා බොරු කියන්න එපා , එය චීනය අභ්‍යවකාශයට 2011 දී යවා මේ වන විට පාලනයෙන් ගිලිහී ගොස් තිබෙන ‘ටියැන්ගොන්ග් 1‘ (Tiangong-1) නමැති අභ්‍යවකාශ විමන (space station) මිස උල්කාෂ්මයක් නොවේ , මෙය දැන් තහවුරුකරලා තියනවා

:       20       59

Dayaratne Weerakkody Thursday, 19 October 2017 07:56 AM

මේ වගේ එකක් දියවන්නාවට කඩාවැටුනොත් මොනතරම් වටිනවාද?

:       0       160

Nawa Thursday, 19 October 2017 08:35 AM

මම මෙය කොට්ටාව මත්හෙගොඩ මගේ නිවසේදී දැකීමට වාසනාවන්ත වීමි. මම සිටියේ උඩු මහලේ විවෘත ප්‍රදේශයක දකුණු ප්‍රදේශයට මුහුණලා ය . ඉතා විශාල රිදී වන අාලෝක ගණයක් ඉතා වේගයෙන් බටහිර පැත්තේ සිට නැගෙනහිර පැත්තට යන බව දුටිමි. එහි ගිනි වලිගය ඉතා දිගු වූ අතර ගමනේ අඩකින් පසු කෑලි ගැලවෙමින් පසු පසට විහිදෙනු දුටිමි. මම මෙහි අවසානයද දකිනු කැමැත්තෙන් දිව්වෙමි. කෙමෙන් කුඩා වී ගිය ගිනි ජාලය රිදී පහන් ගින්දර පැහැයට හැරී නිවී ගියේය. මම ඒ අතරම ගෙදර අනෙක් යට කෑ ගසා මාර දෙයක් වෙනවා යයි කියමින් සිටියෙමි. වෙන අයෙකුට එන්නට වෙලාවක් නැත. රාත්‍රී විස්තරයෙන් පසු එය විශේෂ දෙය බව දුටුවේ පත්තරවලින් උදයේය. තවත් බොහෝ ය එය දකින්නට ඇති යයි මට සිතී තිබිණි

:       0       1

Ashoka Thursday, 19 October 2017 09:01 AM

පැයට කිලෝමීටර 234,000 වේගයකින් වැටෙන උල්කාශ්මයක්. ඒක නම් හිතා ගන්න අමාරුයි..........

:       0       0

ayesha Thursday, 19 October 2017 10:25 AM

පුදුමයි නසා ආයතනයට කලින්ම මේ සිදුවීම පිළිබඳව පැවසීමට නොහැකි වීම ගැන.......

:       0       0

රඛිත ධනංජය Thursday, 19 October 2017 10:31 AM

මම නම් දැක්කා....හැබැයි කටාර් අහසෙහි..... video තියනවා

:       0       2

Kumari Saturday, 21 October 2017 08:17 AM

ඇති යන්තම් පත්තර බලලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 921 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 367 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 812 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 800 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 310 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 497 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site