(ද හින්දු ඇසුරිනි - 125)
ඉන්දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණයෙකු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුබ්‍රමනියම් ගනේෂ් නැමැති විසි හය හැවිරිදි පුද්ගලයෙකි.
මොහු රිය අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු කාලයක පටන් එම ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකු බැව් පැවසේ. මෙම ලාංකිකයා සමඟ අදාළ ලොරි රථයේ ගමන්ගත් තවත් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු රිය අනතුරෙන් මියගොස් තිබේ.
ලාංකිකයා ඇතුළු සිව්දෙනා ගමන්ගත් සිමෙන්ති පැටවූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයේ අසල පිහිටි වෙළඳ සලක හැප්පීමෙන් පසුව එම රථය පෙරළි ගොස් අනතුරට ලක්ව ඇති බවද සඳහන්ය.
අනතුරෙන් පසුව ලොරි රථයේ රියදුරුට තුවාල සිදුවී නොමැති අතර ඔහු වහා එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි සඳහන් වේ. මෙම රිය අනතුරෙන් ශ්‍රී ලාංකිකයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. තවත් තිදෙනෙකු එම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට