IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර නව ගැසට් පත‍්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප‍්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහර ජයසිංහ මහතා මෙසේ අධිකරණයට දැනුම් දුන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු  කර තිබූ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ 2012 ඔක්තෝබර් 10 වැනි දා ප‍්‍රකාශ කළ අංක 1779 / 15 දරණ ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.

ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝණය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.

පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (23)

විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

Champa Monday, 25 November 2019 11:52 AM

එහෙම කොහොමද? නීති විරෝධීව විල්පත්තුවට අයත් ප්‍රදේශවල පදිංචි කරලා ඉන්න අවතැන් වූවන් කියලා දේශපාලකයෝ වර්ග කරලා තියෙන මිනිසුන් ආපහු හිටපු තැන්වල පදිංචි කරලා බලහත්කාරයෙන් එළිකරපු විල්පත්තු ඉඩම් ටික නැවත විල්පත්තුවට අරන් දෙන්න ඕනේ. නීතිය ඒකයි. දකුණේ එහෙම ඔහොම එකක් කරා නම් ඔහොම රක්ෂිතයේ ඉඩම් ටික බලෙන් පදිංචි වුණු සිංහලයින්ට දෙනවද? අවතැන් වෙලා නම් නැවත පදිංචි කරන්න ඕනේ රක්ෂිත වනාන්තර වල කියල නීතියක් කොහෙද තියෙන්නේ? මේක කලිනුත් කිව්වා වෙන තැන්වල... ඔය අවතැන් වුනයි කියන මිනිස්සුන්ගේ පහුගිය අවුරුදු 10ක් පෙර පදිංචිය බලන්න ඕනේ ඉස්සෙල්ලා. විල්පත්තුවේ බලෙන් අයිති කරගත්ත ඉඩම් අයිති වෙන්න ඕනේ විල්පත්තු රක්ෂිතයට මිසක් මිනිස්සුන්ට නෙමෙයි.

:       328       4305

arunaTuesday, 26 November 2019 03:23 AM

මේ තාම යන්නේ ගිය ආණ්ඩුවේ කැබිනට් තීන්දු. නීතිපති දෙපාර්තමේන්තුව ඒවා නැවත සමාලෝචනය කර නව ආණ්ඩුවේ තීන්දු විතරක් උසාවියට ඉදිරිපත් කල යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිත ක්‍රියාවක්

:       167       121

janakaTuesday, 26 November 2019 04:30 AM

ගැසට් එකක් ගේන්න යනවා කිව්වෙත් කලින් කැබිනෙට් එකෙන්ද ආයුබෝවන්ඩ ?

:       1       16

ranhansaTuesday, 26 November 2019 03:38 AM

අලුත් ආණ්ඩුව අලුත් කැබිනට් තීරණයක් ඉක්මනින් අරගෙන මේවා නැවැත්විය යුතුයි

:       0       14

NuwanJTuesday, 26 November 2019 04:49 AM

මේ තීන්දුව කැකිලේ නඩු තීන්දුවක්. ‌මෙහෙම වුනොත් අනිත් අයටත් පුලුවන් ‌කොහෙ හරි කැලයක් අල්ලගෙන පදිංවි ‌වෙන්න. අලුත් මම හිතන විදියට ආණ්ඩුව ඉබිගමනේ යනකොට පරණ ‌සෙට් ඒක වැඩේ ‌දෙනවා. දැක්ක‌‌නේ ඒක පවුලක් ආණ්ඩුවට වැලිගහලා රටින් පැනපු හැටි. නියම ‌වෙලාවට ක්‍රියාත්මක වුනානම් ඒහෙම ‌වෙන්නෙ නෑ. සතියක් ගිහිල්ලත් තාම ඇමතිවරු ටික පත්කරගන්නත් බැරිවුනා. ප්‍රමාදය පසුතාවිල්ලට ‌හේතුවේ.

:       0       4

ranjith Monday, 25 November 2019 12:17 PM

හොඳ වැඩක්... වනාන්තර රැකගන්න එක අද වෙනකොට බොහෝ රටවල ඔක්සිජන් මුදලට ගන්න වෙලා මේ රටේ වනාන්තර රකින එක ආරක්ෂක හමුදාවලට දෙනවා නම් හොඳයි.

:       337       482

Mo77Monday, 25 November 2019 03:01 PM

ඔබට මෙම ලිපිය තේරුම් ගන්න පුළුවන්ද? කොහොමද මේක හොඳ වෙන්නේ?

:       30       707

ධනුෂ්කMonday, 25 November 2019 03:40 PM

වහල් භාවයේ තරම... මීට වඩා දෙයක් කරත් හොඳයි කියයි. මට මතකයි මෙතුමා පහුගිය කාලේ දාපු අදහස්. එ් කාලේ හොඳ නැති දේ දැන් හොඳයි. දැන් මොකද දැන් ඉන්නේ තමන්ගේ වහල් හිමියා නිසා ...

:       32       160

MaheeTuesday, 26 November 2019 03:50 AM

රන්ජිත්, මෙතන තියෙන ප්‍රශ්නය 'ආරක්ෂාව' නෙමෙයි. ප්‍රශ්නය වී තියෙන්නේ හොරෙන් අල්ලගත්තු රජයේ ඉඩම් නීත්‍යනුකුලව බාර දෙන්න හදන එකයි. අපේ කරුමේ කියන්නේ, අපට රට රැකගන්න වෙලා තියෙන්නේ ත්‍රස්තයින්ගෙන් නෙමෙයි, අපේ ආණ්ඩුවලින්.

:       0       33

sandy123 Monday, 25 November 2019 12:20 PM

හිටපු ඇමතිතුමා කරණමක් ගහන්න වගේ ලැහැස්තිය...

:       1       127

saman Monday, 25 November 2019 12:28 PM

මහින්ද සහ බැසිල් දීපු ටික ගෝඨා නීතිගත කළා... එජාපය පසුගිය කාලේ මඩ නෑවා...

:       393       1133

Gamage Monday, 25 November 2019 12:29 PM

එ්ක හොඳ අදහසක්. දැන් ඔය ඇමරිකානු ඩොලර් සමාගමට සින්නක්කර දුන් ඉඩම් එහෙමත් ගන්නවද? ඒ වගේම දකුණෙන් ගෙනිහිල්ලා මුලතිව් වන සංරක්ෂිතයේ පදිංචි කරපු අපේ සිංහල පවුල් එහෙමත් අයින් කරන්නේ නැහැ නේද? මහවැලියේ එහෙම පදිංචි කරපු දකුණේ සිංහල පවුල් එහෙමත් අයින් කරන්නේ නැහැ නේද?

:       383       189

MoMonday, 25 November 2019 03:04 PM

මේ කරන්නේ අනුවණ වැඩක්ද?

:       0       29

ChampaMonday, 25 November 2019 06:38 PM

ගමගේ, මුලතිව් රක්ෂිතය එලිකරලා සිංහලයෝ පදිංචි කළා? කොහෙද? කවුද? කවදද? රිෂාඩ් බදීයුදින් මුලතිව් රක්ෂිතය එලි කරලා මුස්ලිම් මිනිස්සු පදිංචි කරන්න යනකොට හාමුදුරුවරු කැහගහල නවත්ත ගත්තා. මහවැලියේ මිනිස්සු පදිංචි කරන එකේ වැරැද්ද මොකක්ද? මහවැලිය අවට තියෙන්නේ කෘෂි ඉඩම්. ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය පටන් ගත්ත දවසේ ඉඳන් ගංගා ආශ්‍රිතව මිනිසුන් පදිංචි වීම සහ පදිංචි කිරීම සාමාන්‍ය සංසිද්ධියක්. ඔය මදි.

:       56       153

රජින්ද Monday, 25 November 2019 12:49 PM

මේ තීන්දුව දුන්නොත් ඒක සෑම ප්‍රදේශයකම බලපැවැත්වෙන තීන්දුවක් වෙනවා. එතකොට දැනටමත් බලහත්කාරයෙන් රක්ෂිත වනාන්තර, සංවේදී ජල පෝෂක සහ වැසි වනාන්තරවල අනවසරෙන් පදිංචිවෙලා ඉන්න ජාවාරම්කරුවන්ටත් පුළුවන් වෙයි ඔවුන්ගේ භුමිවලට නීත්‍යානුකූල අයිතියක් ගන්න. ඒ නිසා වහාම මේ ගැසට් එක අවලංගු කළ යුතුයි. විල්පත්තුවේ දැනට බලෙන් හා දේශපාලන අතපෙවීම් නිසා පදිංචිවෙලා ඉන්න අයට පුත්තලම වෙනත් ස්ථානයක මහල් නිවාස සංකීර්ණ තනා ඒවා ලබා දිය යුතුයි. එතෙක් මේ අයට ඔහොමම ඉන්න දීලා පසුව ඒ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ යුතුයි. ගෝඨාභය මහත්මයාගෙන් මේ විල්පත්තුව ජාතික සම්පත වෙනුවෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපි විමසිල්ලෙන් ඉන්නවා.

:       0       808

raviMonday, 25 November 2019 03:00 PM

ඒ අයව විල්පත්තුවේ මුලින්ම පදිංචි කලේ දැන් ඉන්න අය තමයි...

:       100       158

නන්නාදුනන හාදයා Monday, 25 November 2019 12:52 PM

මේක දේශපාලුවන්ගේ අදහසක්. ඔය අතරේ ඔය දූෂිතයින් තම තමන්ට අක්කර 10-15 වෙන්කර ගන්නවා.1970 කාලයේ ලක්ෂ්මන් ජයකොඩි ලොක්කත් ඔය දේම කළා සිංහරාජයේ. මගේ තාත්තටත් කීවා... ඔයත් අක්කර 10ක් විතර වෙන්කරගන්න කියලා. එ්ත් මගේ තාත්තා බොහොම කල්පනා කරලා එය ප්‍රතික්ෂේප කළා.. මේවා බොරු නොවෙයි... සාක්ෂි ඇතිව කියන ඒවා.

:       0       388

මුණසිංහ Monday, 25 November 2019 03:18 PM

මෙය නොකළ යුතු දෙයක්. ඒ අනුව ඕනෑම රක්ෂිතයක් එළිකරලා මොනවා හරි බොරුවක් ගැහුවම රක්ෂිත මායිම් වෙනස් කරාවි. අනෙක මේ ඉන්නේ අවතැන් වූවන් නොවේ. මොවුන් සියල්ලටම ස්ථිර වාසස්ථාන තියෙනවා. මන්නාරම හරහා යන පුත්තලම පැත්තෙන් යන බස් අධ්‍යයනය කරන්න. ඔවුන් යන්නේ උදේට- හවසට ආපහු පුත්තලමට එනවා. ඡන්දෙ දින ඒක හොඳට පෙනුණා. පුත්තලමේ ඉඳන් මන්නාරම් යනවා ඡන්දෙ දාන්න.

:       0       422

Rasika Monday, 25 November 2019 03:26 PM

නොකළ යුත්තක්...

:       0       273

අමිල Monday, 25 November 2019 05:21 PM

ඕක ඉතින් නොදන්න දෙයක් නෙවෙයි. මම නම් දැනගෙන හිටියා ගෝඨා ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි කියලා. මම මේ පාර ඡන්දය දුන්නේ අඩුම නරක කෙනා තෝරලා මිසක්, හොදම කෙනා තෝරලා නෙවෙයි. සිංහල ඡන්ද වලින් කවුරු ආවත් වැඩක් නෑ,

:       54       10

kanchana Tuesday, 26 November 2019 02:21 AM

මෙවන් තීරණ ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක. එහෙනම් ලංකාවේ ඔක්කොම වනාන්තර ඉවත් කර මිනිස්සු පදිංචි කරමු. පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ.

:       0       66

sharm warn Tuesday, 26 November 2019 03:15 AM

අපේ රටේ හැමදාමත් සිද්ද වෙන එකම දේ තමයි දේශපාලන දුෂණ. එකම වෙනස පාට ... වරකට කොළ වරෙකට නිල්. දැන් අලුතෙන් කුරහන් පාටත් එකතු වෙලා... දුන්නනේ වෙනසක් ඉල්ලලා. දැන් ඉතින් සතුටින් භුක්ති විදින්නකෝ. වෙනස. අපි තව ටිකක් පහු වෙලා අහන්නම් "වෙනස සැප ද ...?? " කියලා.

:       0       2

Amara Tuesday, 26 November 2019 07:32 AM

2012 රට පාලනය කරපු කෙනා හිතාගෙන හිටියේ සල්ලි එනවනම් ඔක්කොම ආයෝජන තමා කියලා. දැන් පව් පින් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1203 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site