IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායක ධුරය සජිත්ට

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා   ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම  තීරණය කර තිබේ.

අද (05) පස්වරුවේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය ඉදිරියේදී ගැනීමට එහිදී තීරණය කර තිබේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (68)

විපක්ෂ නායක ධුරය සජිත්ට

Soma dubayi Thursday, 05 December 2019 11:41 AM

ජයවේවා..!!! රටම ඉල්ලන්නේ සජිත්.

:       7685       12130

saaliThursday, 05 December 2019 01:59 PM

කවදාවත් පක්ෂය වෙනුවෙන් කට ඇරලා, විරුද්ධවාදීන්ට එරෙහිව හඬක් නැගුවාද? පසුගිය වසරේ ආණ්ඩුව පෙරලන විට මෙයා සිටියේ කාළඟද? උගතෙක්, බුද්ධිමතෙක්, නිර්භීත මිනිහෙක් විපක්ෂයට නැතිද? මෙයා අවහිර කරන්නේ රටට අවශ්‍ය නිර්භීත විකල්ප නායකත්වයයි.

:       1015       2058

wijebahuFriday, 06 December 2019 05:55 AM

කවුද ඒ නිර්භීත නායකයා? රනිල්ද?

:       117       72

සුවදාThursday, 05 December 2019 02:35 PM

විශේෂයෙන්ම කොටි වෙන්නැති...

:       1124       1118

කළුතර මැල් Friday, 06 December 2019 08:30 AM

ජනාධිපතිවරණය ඉවර වෙලත් දිගටම සෝෂල් මීඩියා ටීම් එකට සල්ලි ගෙවන්න රෝහිත රාජපක්ෂ ළඟ කොච්චර සල්ලියක් ඇත්ද?

:       19       46

dilanThursday, 05 December 2019 02:48 PM

මෙයා පැරදුණාම කිව්වා නේද විවේක ගන්න කතාවක්... කෝ දැන් ඒවා මතක නැහැනේ, මෙයාගේ අවුලකට තියෙන්නේ ඔලුවේ ඉදන් නියපොත්තට වෙනකම්ම බොරුව මාර්කට් කරන එක තමයි.

:       563       1207

ලලන්ත Thursday, 05 December 2019 02:50 PM

රටම ඉල්ලන්නේ සජිත් නමුත් මෙයත් හැම මැතිවරණයකින්ම පරද වූවෙක් කියා හංවඩු ගැසී ඇත. මෙය තාවකාලික පත්වීමක් පමණි. ඉදිරියේදී උගත් බුද්ධිමත් කාන්තාවක් ඉදිරිපත්වන වගට තොරතුරු තිබේ. තාවකාලිකව සිටියත් සජිත්ව ජනාධිපතිවරණයෙන් දිනන බව සමීක්ෂණ මගින් ලණු දුන් සජිත් ළඟම ඉන්න කට්ටියගෙන් ප්‍රවේශම් වන්න.

:       220       756

samThursday, 05 December 2019 07:08 PM

වාහනයේදී ආසන පටි නොපැළඳීමට මොහුට දඩ නිකුත් කල යුතුය

:       105       114

samThursday, 05 December 2019 08:35 PM

සෝම ඩුබායි, සජිත්ව ඉල්ලන්නේ කොයි රටේද කියලත් කිව්වානම් හොඳයි ! මොකද ලංකාවේ නම් එයාව ඉල්ලපු ඡන්දදායකයෝ ප්‍රමාණය අපි කවුරුත් පසුගිය දාසය වැනිදා දැක්කානේ !

:       209       198

samThursday, 05 December 2019 11:36 PM

රටම ඉල්ලුවානම් ලක්ෂ 13කින් පැරදුනේ මොකද? එයාව ඉල්ලුවේ උතුරයි නැගෙනහිරයි කිව්වා නම් හරිනේද?

:       213       188

ChandiFriday, 06 December 2019 01:08 AM

රටම නෙවෙයි උතුරේ කොටි හිතවාදීන් විතරයි මෙයාව ඉල්ලන්නේ. එජාපයට තව අවුරුදු 20ක් වත් දිනන්න බැහැ.

:       245       216

Poraksl Friday, 06 December 2019 02:18 AM

පොහොට්ටුවට ඕනි රනිල් විපක්ෂ නායකකමේ ඉන්න. මේ අදහස් බැලුවාම ඒක තේරෙනවා.

:       38       114

max Thursday, 05 December 2019 11:42 AM

රනිල් මහතා දේශපාලන වශයෙන් කෙතරම් නම් සූර පුද්ගලයෙක්ද යන්නට මෙයද උදාහරණයකි. දැන් ඉතින් ඒ පරාජයත් (මහා මැතිවරණ) සජිත් පිටටම!

:       204       728

DilanThursday, 05 December 2019 01:19 PM

ඔබ හරි. රනිල් හැමදාම කළේ තමාට අවාසිදායක සෑම විටම පළිහක් විදියට වෙනත් කෙනෙක් පාවිච්චි කරලා ඔහු ආරක්ෂා වෙන එක. ඒක වරදක් නොවෙයි දක්ෂතාවය. සජිත් දෙවෙනි වරටත් ඒකට අහුවුණා. ඕනෑම කෙනෙක් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න කැමති නෑ. ඒත් සජිත්ට ඒක තේරුම් ගන්නවත් බැරිවුණා. සජිත් කියන්නේ රටක් පාලනය කරන්න තරම් දූරදර්ශීභාවයක්, රාජතාන්ත්‍රිකභාවයක් සහිත කෙනෙක් නොවෙයි. සජිත්ට ඔහු ගැන තිබෙන්නේ අධිමානයක්...

:       2323       2354

MaheshThursday, 05 December 2019 01:46 PM

දේශපාලන වශයෙන් නම් වැඩක් නැහැ. මිනිහා ගහන ගැට වල මිනිහාම තමයි වැටෙන්නේ. හැබයි පක්ෂ නායකකම රැකගන්න ඕන කුණු වැඩක් කරනවා.

:       148       185

jim kuru Thursday, 05 December 2019 11:42 AM

ජයවේවා...!!! 

:       203       470

Kumara. Thursday, 05 December 2019 11:47 AM

අලුත් දෙයක් නෙමෙයි. ඩඩ්ලි සේනානායක මහත්මයා 1970 ජේ.ආර්. මහත්තයාට දීලයි ගියේ...

:       26       216

samiraThursday, 05 December 2019 02:36 PM

නැහැ කුමාර, ඩඩ්ලිගෙන් ඒ තනතුර ගත්තා. එතකොට ඩඩ්ලි මහත්තයා ඉස්පිරිතාලේ... ජේ.ආර් ඉස්පිරිතාලෙට ආවා. එතන ඉන්න කට්ටියට කීවා වැඩ කටයුතු ලැහැස්ති කරන්න ' කියලා. ඔන්න ඔහොමයි ඩී එස් හදපු එජාපය ජේ ආර්ට පත්වුණේ.. එහෙම නොවුනානම් අද සමහරවිට රුක්මන් සේනානායක අගමැති හෝ විපක්ෂ නායක.... ඔය රනිල් කියන්නේ ජේ.ආර්ගේ බෑනෙක් විතරයි.

:       1       98

සිරිමල්Friday, 06 December 2019 01:49 AM

සමීර නිවැරදි නැහැ. එජාපය පැරදුනේ 1970 දී ජේ.ආර් ට විපක්ෂ නායකකම දුන්නේද 1970 දී ඩඩ්ලි මැතිතුමා. ඒ කාලේ රෝහලේ හිටියේ නැහැ. එතුමා පක්ෂ නායකයා ලෙසට සිටියේ. සිංහල ඥාති ක්‍රමයට අනුව නම් රනිල් ජේ.ආර් ගේ බෑනා නොවෙයි ඥාති පුත්‍රයාය. ඉංග්‍රීසි ක්‍රමයට බාප්පලා මහප්පලා නැහැනේ සිටින්නේ අංකල්ලා හෙවත් මාමලාය

:       104       173

Mahee Thursday, 05 December 2019 11:50 AM

කෑ ගහලා, කෑ ගහලා ජනපති අපේක්ෂක වුණා. කෑ ගහලා කෑ ගහලා විපක්ෂ නායක වුණා. ඊ ළඟට කෑ ගහන්නේ?

:       795       1172

රණවක Thursday, 05 December 2019 02:44 PM

ගෙදර යන්න වෙනවා...

:       355       389

Ruwan RFriday, 06 December 2019 04:51 AM

ලැජ්ජාවක් නැති හින්දා..............

:       48       59

Hemantha Thursday, 05 December 2019 12:00 PM

සුබ පැතුම්...

:       240       453

Lakmal Thursday, 05 December 2019 12:00 PM

ජයවේවා...!!! 

:       233       506

Sarath Thursday, 05 December 2019 12:05 PM

ජයවේවා...!!!

:       259       543

Rasika Pradeep Thursday, 05 December 2019 12:19 PM

යාන්තන් එක යුද්දයක් ඉවරයි එජාප පිරිසට. මීළඟ සටන පක්ෂ නායකකම රනිල්ගෙන් ගලවගන්න එක තමයි. කවදා ඒක අතාරිද දන්නේ මහත්තයම තමයි. මොනවා උනත් එජාප පාක්ෂිකයන්ට කිරිබත් කන්න පුළුවන් හේතුවක් මේක.

:       619       662

Ruwan RFriday, 06 December 2019 04:55 AM

දන්නේ නැති කමට අහන්නේ. විපක්ෂ නායක කියන්නේ එජාපයේ තනතුරක්ද? පාර්ලිමේන්තුවේ තනතුරක්ද?

:       2       64

Kusal Liyanage Thursday, 05 December 2019 12:20 PM

සජිත්ට තව මදි, දැන් පක්ෂ නායකකමත් ඉල්ලයි. පාක්ෂිකයන් බලාගෙන ඉන්නේ. උඩ පනින ඔක්කොම සජිත්ගේ පැත්ත ගන්නේ වාසි බලාගෙන. පාක්ෂිකයින් ඔක්කොම සජිත්ට කැමති නැත. කැමති නම් පරදින්නේ නැහැනේ...

:       1049       787

sujeewa sampath Thursday, 05 December 2019 12:22 PM

ජයවේවා ඔබතුමාට... සුබ පතනවා... කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න.

:       278       565

nimal007 Thursday, 05 December 2019 12:30 PM

අපෙන් සුබපැතුම්... ඒජාප..යට සුබ අනාගතයක්...

:       443       794

තනි අලියා Thursday, 05 December 2019 12:31 PM

බලමුකෝ ඒකත් කරන හැටි. ජනාධිපති අපේක්ෂකකම ඕනෑ කියලා ඉල්ලගෙන ගොන් කතා කියලා තිබ්බ ඡන්ද ටිකත් නැති කරගත්තා. ඒකත් පරාදවෙලා දැන් විපක්ෂනායකකමට පොරකනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගැලපෙන්නේ නැතිනම් වෙන උගත්, බුද්ධිමත් නායකයන්... එජාපෙ නැද්ද මේ සාමාන්‍ය පෙලවත් පාස් නැති කෙනෙකුට දෙන්නේ? මොනව නැතත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි එකම සුදුස්සා. බලන්න එතුමාගේ නිහතමානිකම මෙයා ඉල්ලපු හැමදේම දුන්නනේ. ඒ අරගෙනත් කරගන්න බෑනේ...

:       3088       2186

hudsonFriday, 06 December 2019 05:59 AM

ඔයා පොහොට්ටුවේ ප්‍රශ්න විසඳ ගන්න. අපි අලියාගේ ප්‍රශ්න විසඳගන්නම්. අපිට හොඳ නායකයා අපි තෝරගන්නම් නිකන් කොටවන්නේ නැතිව ඉන්න මෙයා.

:       9       24

lanka Thursday, 05 December 2019 12:39 PM

පොඩි මිනිහට ජයවේවා!

:       321       410

kumara Thursday, 05 December 2019 12:41 PM

අද නොදුන්නොත් සිරිකොතේ නිදාගන්න හිතාගෙන කොට්ටෙත් අරන් ඇවිත්..

:       9       225

Nandalal DE SILVA - FranceThursday, 05 December 2019 01:23 PM

සිරිකොතේ නිදාගන්න කොට්ටේ අරගෙන ආපු සජිත්ට පැදුර එලා දුන්නේ ඔබතුමාද? දැන් එහෙනම් එයාට ලස්සන සිහින දකිමින් නින්ද යනකම් සුන්දර ගීතයකුත් ඔබම ගයන්නකෝ...

:       164       144

kumaraThursday, 05 December 2019 02:38 PM

පැදුර එලා දුන්නේ රනිල්... තව මාස තුනක් නිදාගන්න පුළුවන් වෙයි.. අකුලාගෙන යන්න තමා වෙන්නේ.. කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ...

:       153       318

Sujeewa Thursday, 05 December 2019 01:19 PM

රනිල් ගැන එජාපයවත් හරි අගය කිරීමක් නොකිරීම, UNP යෙත්, රටේත් අභාග්‍යකි. 2005 ඔහු මහින්දට පැරදුනේ ඡන්ද180,786 කිනි. 2019 දී, සජිත් පැරදුනේ ඡන්ද 1,360,016 කිනි. රනිල් උතුරේත්-නැගෙනහිරත් 85% ඡන්ද සජිත්ට ලබා නොදෙන්න, සජිත් පරදින්නේ ඡන්ද මිලියන 2 කිනි. 2005 දී, උතුරේ ඡන්ද දීම LTTEය අහෝසිකර තිබියදීත්, රනිල් එදා, තව ඡන්ද 90,393ක් ගත්තා නම්, 2005දී ඔහු ජනාධිපති වන්නේය. ඔහු 2010, 2015, 2019 තරග 3න්ම අනෙක් තරගකරුවන්ට ඉඩ දුනි. ඔහුට අප බැන්නත්, එකක් අප අමතක නොකළ යුතුය. ඔහු 4 වරක් අගමැතිකම් කළත්, 3න් වරක්ම රටේ ජනාධිපති අනෙක් පක්ෂයක (චන්ද්‍රිකා සහ මෛත්‍රී) වූවා පමණක් නොව, ඔවුන් රනිල්ගේ කකුලෙන් අදින්නට විණි. 1993/94 මාස නවයකදී පමණක් DB විජේතුංග රජයේ අගමැතිලෙස පමණක් එය සිදු නොවීය. රටට අවශ්‍ය වන්නෙත්, රටට යෝග්‍ය වන්නෙත් GR / MR සුසංයෝගය වුවත්, රනිල් නාමය කිර්තිමත්ය. අප රටේ උපාධියක් ලැබූ එකම අගමැතිත් ඔහු පමණි.

:       1736       1942

MaheshThursday, 05 December 2019 01:51 PM

රනිල් ඉල්ලුවා නම් ලක්ෂ විස්සක් ගන්නේ නෑ. මොලේ නැති කම්මැලියෙක් වගේ. 2001 රාජ්‍ය බලය ලැබුනේ එවකට ශ්‍රිලනිපයේ කොටසක් ආපු නිසා. 2015ත් වුනේ එහෙමයි. නැතුව කරපු දෙයක් නෑ. අනික ඔය උතුරු නැගෙනහිර ඡන්ද කොහොමත් වැටෙනවා. රාජ්‍ය බලය ලැබුණාම... ඒක රැකගන්න බැරි මනුස්සයෙක් ගැන තව මොනවා කිව්වත් වැඩක් නෑනේ...

:       141       824

rathuvithanaThursday, 05 December 2019 02:39 PM

සමූහ මිනීමැරුම් වලට එල්ලුම් ගස් යන්න හිටපු අය බේරුණා. නැත්නම් අද ඒ අය කුඩුවේ නැත්නම් අපායේ...!!!

:       43       136

ajith Thursday, 05 December 2019 01:22 PM

පොඩි මිනිහගේ බලාපොරොත්තුව...

:       162       618

wimal Thursday, 05 December 2019 01:23 PM

වැඩක් නැහැ.. ගෝඨාභයට තවත් වාසි... යූ.එන්.පී.යට කවදාවත් බැහැ අායෙමත් ආණ්ඩුවක් පිහිටුවන්න.

:       817       486

chamath Thursday, 05 December 2019 01:24 PM

නායකයෙකුට ඔබතුමා ගැලපෙන්නේ නැහැ. ඔබතුමාගේ ආසනයත් පැරදුණු එකේ රටක් දිනවන්න ඔබතුමාට බැරි බව අපි දන්නවා.

:       1157       442

රජින්ද Thursday, 05 December 2019 01:35 PM

ජනාධිපතිවරණෙන් පස්සේ ලංකාවේ මේ වෙන වැදගත් දේශපාලන පසුබිම එක්ක සජිත්ට හීනෙකින්වත් මැතිවරණයක් දිනන්න වෙන්නේ නැහැ. මොකද හැමෝම දැනගත්තා සජිත් සහ ඔහු වටා ඉන්නා පිරිස බෞද්ධයින්ට ලං වෙන්නේ ඡන්ද වලට මිසක් ජාතික හැඟීමකින් නොවෙන බව දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා මෙවර මේ සියලුම රාජ්‍ය නොවන සංවිධානවල පදේට නටන සහ බෙදුම්වාදීන්ට කඩේයන මේ පිරිස දේශපාලනයෙන් සදා අනාථ වෙනවා. එය මගේත් රටේ බහුතර ජාතිමාමක ජනතාවගේත් පැතුමයි.

:       533       1036

මාර්ග නීති Thursday, 05 December 2019 01:48 PM

සීට් බෙල්ට් කෝ?

:       3       56

අතුල Thursday, 05 December 2019 01:48 PM

දේශපාලනයේ දී කුලල් කා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ...

:       1       63

Prasanna Rathnasiri Thursday, 05 December 2019 02:06 PM

බොහෝ සුළුතරයකට උඩ පන්නිනට හැක. නමුත් මේ එජාපයේ අවසානයයි. කණගාටුයි.

:       570       221

Chaina Thursday, 05 December 2019 02:28 PM

ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනගහනය 50% ඉක්මවා ගියදවසට සජිත් ජනාධිපති වෙනවා. ඊට කලින් දෙමළ සිංහල සියලුම ජනතාව ශ්‍රී ලන්කන් විය යුතුය. මුස්ලිම් අය නම් හිතන් ඉන්නේ ඒ අය අරාබියේ කියලා..

:       5       75

කපුරු හාමි Thursday, 05 December 2019 02:29 PM

මේ රටේ නායකකම් කරන්න පුලුවන් මැදමූලනේ අයට විතරද? ප්‍රේමදාසලට මොකද බැරි. කුහක, දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදී දේසපාලුවන් ඉන්නතාක් මේ රටට කිසිම සුගතියක් නැහැ.

:       77       175

kapila Thursday, 05 December 2019 02:29 PM

සජිත් විපක්ෂ නායක වීම ගැන එතුමාට මගේ සුබ පැතුම්... සජිත් වැනි විපක්ෂ නායකයෙකු ලැබීම රටේ භාග්‍යයක් විදිහටයි මම දකින්නේ... රටකට හොඳ ආණ්ඩු පක්ෂයක් මෙන්ම එම ආණ්ඩුව කරන වැරදි ගැන කතා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍ය වෙනවා.

:       22       52

ටිකිරි Thursday, 05 December 2019 02:36 PM

කෑම ලෑස්තියි..!

:       15       178

Shan Thursday, 05 December 2019 02:52 PM

අවුරුදු 20ක්ම විපක්ෂයේ ඉන්න හොඳේ...

:       126       118

denin Thursday, 05 December 2019 03:46 PM

පසුගියදා පුද්ගලයෙකු කියනවා ඇසුණා ඔහු දේහලක්ෂණ විද්‍යාව දන්නවා ඒ අනුව දැනට සිටින දේශපාලකයින්ගෙන් නායකත්ව ගතිලක්ෂණ තිබෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය මැතිතුමාට, රනිල්ට, කරු ජයසූරියට හා නවීන් දිසානායකට පමණයි කියා.

:       2       74

Don Thursday, 05 December 2019 03:59 PM

සජිත් පරාද කරේ කහ සිවුරු පොරවාගත් අයයි. තාත්තත්, පුතාත් කලේ පවුල් 1000 ඉන්න ගමට ගෙවල් 100ක් දීලා විරුද්ධවාදීන් 900 ක් ඇතිකරගෙන පැත්තක ඉඳගෙන ඡන්ද ගරාගෙන කන එකයි...

:       55       151

chamath Thursday, 05 December 2019 04:12 PM

කපුරු හාමිට ලංකාවේ දේශපාලනය ගැන කිසිම වැටහීමක් නැත. තව අවුරුදු විස්සක් විතර ගෝඨාභය ලංකාවේ ජනපති කියන එක අමතක කරන්න එපා

:       262       194

wije Thursday, 05 December 2019 04:25 PM

අනේ මන්දා සමහර අයනම් කියලා තියනවා රටම ඉල්ලන්නේ සජිත්ව කියලා. හැබැයි රටම ඉල්ලනවා කිවුවාට ඡන්ද ලක්ෂ 13කින් පරාදයි. අඩුම තරමේ එයාට එයාගේ ආසනයවත් දිනාගන්න බැරිවුණා නේද? කවුරු නායකයා වුනත් වැඩක් නැහැ වටේ ඉන්න හොරු ටික අයින් කරනකම් දිනන්න බැහැ. ඉස්සර එක යුගයක් තිබුනා කැපුවත් කොළ පාට, කැපුවත් නිල්පාට කියලා කියාගත්තු. හැබැයි දැන් ඒ යුගය ගෙවිලා ඉවරයි. දැන් මිනිස්සු හොදට හිතලා බලලා තමයි කතිරය ගහන්නේ දේශපාලඥයෝ හිතනවාට වඩා නම් මිනිස්සු බුද්ධිමත්.

:       223       175

dhammika Thursday, 05 December 2019 04:52 PM

අලුත් ගමනක් යන්නට අපි ඉන්නවා ඔබත් එක්ක. ජය වේවා!

:       173       13

mdd Thursday, 05 December 2019 05:28 PM

සුබපැතුම් ! ශක්තිමත් විපක්ෂයක් ඇතිවිට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්.

:       1       2

පද්මිණි මොරවක Thursday, 05 December 2019 06:05 PM

මෙහෙමයි. එජාප තරුණ මන්ත්‍රී කැරලිකරුවන් පිරිසක් මාෆියාවක් බවට පත් වෙලා. රනිල් සහ ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත්ව පත් කරන්නේ සජිත්ටවත් එජාපයටවත් තියෙන ආදරේට නොවෙයි. අර ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලිලා ජේ.ආර් යටතේ විරාජමානව හිටියා වගේ මේ අයට රනිල් ඇතුළු ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත් යටතේ ඒ පැරැන්නෝ හිටියා වගේ ඉන්නයි ඕන. ඇයි දැන් ඉන්නේ මධ්‍යම තනතුරු වලනේ. රනිල් කෙලින් වැඩ කරන නිසා මේ අයට ඒ මනුස්සයා ඇහේ කටු අනිනවා වගේ. මේ කැරලිකරුවෝ තමයි සජිත්ටත් පස්සේ කොටන්නේ. අන්තිම කෙලෙහි ගුණ නොදත්, ආත්මාර්ථකාමී දුර්ජනයෝ ඒ අය ඒ අය මරා ගන්න දවසක් එනවා. එතකොට රනිල්ලා, රවීලා, ජෝන්ලා, වජිරලා, අකිලලා පක්ෂෙන් ගිහිල්ලා. තව අවුරුදු 20 කට එජාපයට ආත්මයක් නැහැ. එන ඔක්කොම ඡන්ද පරදිනවා. රනිල්ව තියාගත්තොත් ආත්මයක් තියෙනවා.

:       1       108

ටිරෝන් Thursday, 05 December 2019 07:13 PM

චමත් කියන කෙනානම් දේශපාලනෙන් කෙළපැමිනි කෙනෙක් වගේ. පෙරහැරෙ ලස්සන පේන්නේ බලන් ඉන්න කෙනාට මිසක් පෙරහැරෙ යන කෙනාට නෙවෙයි. ලංකාවේ දේශපාලුවෝ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       2       7

siri Thursday, 05 December 2019 07:39 PM

පරාජයේ අන්ත පරාජයකටද යන්න හදන්නේ?

:       10       1

chandima Thursday, 05 December 2019 08:33 PM

ලෝකේ කැරකෙනකොට එක කාලයක් එක යෝධයෙක් කරගහගෙන යනවලු ඉන්පස්සේ අනික් යෝධයාට දෙනවලු. ඒ වගේ විරුද්ධ පක්ෂේ නායකකම අවුරුදු විසිපහක් තිහක්ම කරගපු රනිල් මීළඟ අවුරුදු විස්ස තිහ කරගහන්න "උගත්, බුද්ධිමත්, පනස් පහේ තරුණ නායකයට" බාරදුන්න වගයි. එයට සුදුසු ඔය වගේ තනතුරක් තමයි. රටක් කරගෙන යන්න තරම් දැනුමක් නැහැ. පෙනෙන්නේ නැතිද වෙහෙර විහාර හදනවා කිව්වා මිසක් රටට වැඩක් ඇති වැඩපිළිවෙලක් කිව්වේ නැහැනේ.

:       2       6

Chathuri Thursday, 05 December 2019 09:55 PM

මේ. සැවොම මොනවා කිව්වත් තව අවුරුද්දකින් රටේ අගමැති තනතුර ඔබට හිමි වෙනවා. කවුරුත් ලියලා තියාගන්න. බොරුනම් බලන්න. බොරු සාස්තර කාරයෝ වගේ නෙමේ මම. සජිත් අගමැති ඔබට ජය !

:       9       17

sisira Thursday, 05 December 2019 10:10 PM

පොදු පෙරමුණට විශාල ජයක්. මහා මැතිවරණයේදීම එජාපය හෝදලාම දමත හැකි මෙයාගේ නායකත්වයත් සමග.

:       8       1

Adam Friday, 06 December 2019 12:09 AM

මෙයා කවදාවත් ඇමතිකමකට වඩා ඉහලට යන්නේ නැහැ.

:       2       6

dammika kodagoda Friday, 06 December 2019 12:20 AM

ඔබ තාත්තා වගේ දක්ෂයෙක් නම් නෙමෙයි.

:       2       6

lalithm Friday, 06 December 2019 04:10 AM

කොහොමත් පන්සල් ටික වන්දනාවේ යන්න. ඒක තමා ලංකාවේ වත්මන් ජාතික සහ ආගමික අනන්‍යතාව කියල මාකට් කරන්නේ.

:       1       6

හෙක්ටර් Friday, 06 December 2019 10:12 AM

මේකේ රනිල් ඕන කියලා කමෙන්ට් දාලා තිබෙන 95% ක් පොහොට්ටු කුලී හමුදා අය .

:       1       226

shasi kumar Friday, 06 December 2019 11:30 AM

මහා මැතිවරණයකදී ලොකු අභියෝගයක් තියනවග නොදෙන්නවා නොවෙයි. ඔබතුමා විපක්ෂ නායකකම ලබගත්තද? තමන් ඉන්න පක්ෂය බේරාගැනීමට ගත්ත සුදුසු තීරණයයි. රට වෙනුවෙන් හොඳ විපක්ෂ නායකයෙක් වෙලා ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න. ඔබට උචිත කාලයේ ඔබට උචිත තනතුරු ලැබෙයි. සුබපැතුම්..!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 58 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත



දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 346 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 608 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 701 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 660 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site