IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය

(අජන්ත කුමාර අගලකඩ) 

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට ගෙන ආ යෝජනාවක්  අද (19)  පස්වරුවේ පැවැති  විශේෂ කැබිනට් රැස්වීමේදී  ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන්  ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ.

යෝජනාව ඉදිරිපත් කර   ඇත්තේ අගමැතිවරයා විසින් බවද රජයේ ආරංචි මාර්ග කියයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි  කළ හැකි බව සඳහන් කරමින්  ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්  ලෙස ඉදිරිපත් කර ඇති  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා විසින් අද (19) පස්වරුවේ හදිසි  කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබූ අතර  එහිදී මේ සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ  සිවිල් සංවිධානවල  ඉල්ලීමක් ලෙස  මෙම යෝජනාව ගෙන එන බවයි.

එම යෝජනාවට පක්ෂව  රවී කරුණානායක ,සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක්  අදහස් දක්වා ඇති අතර  ඇමැතිවරුන් යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.

මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, පී දිගම්බරන්, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල ප්‍රමුඛ ඇමැතිවරු පිරිසක් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ. 

 



අදහස් (49)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය

Suranga Thursday, 19 September 2019 11:57 AM

අන්තිම තුරුම්පුව...

:       175       658

CHANDIMAThursday, 19 September 2019 11:18 PM

මේ තවත් රනිල්ගේ සටකපට උපායකි. ජනතා අප්‍රසාදයට පත්වී සිටි එක්සත්ජාතික පක්ෂය තුල කුලල්කගනිමක් පෙන්වා රනිල් කුජීතු වූ බව පෙන්වා රනිල් කෙරේ ඇති ජනතා කෝපය වාසියකට හරවාගෙන අවසන් මොහොතේ සජිත් නම්කොට ජයග්‍රහණය කිරීම රනිල්ගේ උපායයි. මේ කපටි උපායට අසුවන්නෝ මෝඩයෝය. සජිත් දිනුවත් දින්නේ එජාපයම බව සිතට ගන්න.

:       0       0

Vajira Thursday, 19 September 2019 12:00 PM

මේ දෙගොල්ලටම තේරිලා තියෙන්නේ මේ වතාවේ ජනතාව පරණ මෝඩකම් කරන්නේ නැහැ කියලා. අවුරුදු 71 ක් තිස්සේ රට කාපු පල් හොරුන්ට ආයෙත් මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. රට ගොඩනගන වැඩපිළිවෙලක් ඇති. එකම විකල්පය වන ජාතික ජන බලවේගය වටා උගත් බුද්ධිමත් ජනතාව එක් වෙමින් සිටිනවා. අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක දිනවීමට රටට ආදරේ කරන සියලුම ජනතාව පෙළගැසෙමින් සිටිනවා.

:       12076       12405

somawanshaThursday, 19 September 2019 02:11 PM

වජිරා කියලා නමක් දාගෙන බොරු කියන්න එපා.. අයර්ලන්තේ ලාංකික ජනතාවගෙන් ඇහුවා නම් යස අගේට කියයි අනුර ගැන...!!!

:       1367       1375

NissankaThursday, 19 September 2019 06:59 PM

ඔය කියන්නේ අයර්ලන්තේ ගේ ගැන වෙන්න ඇති. ඒක තියෙන තැන පෙන්නන කෙනෙකුට ගේ ලියලා දෙනවා කියලා අනුර සහෝදරයා ප්‍රසිද්ධියේ කිව්වා. සෝමෙට ඒක පෙන්නන්න පුලුවන්නම් ඕන් අයර්ලන්තෙන් ගෙයක් අයිති කරගන්න පුළුවන්. කියන්න දෙයක් නැතිකමට බොරුවට මඩ ගහන්න එපා.

:       0       0

Sanath KandySunday, 22 September 2019 06:04 AM

අනුර කුමාර කෘෂිකර්ම ඇමති උන කාලේ තමා ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ගත්තේ. පොහොර සහනාධාරය දීලා පුරන් කුඹුරු ආපහු වගා කළේ. හැමදාම පාඩු ලබපු මිල්කෝ ආයතනය වාර්තාගත ලාභයක් ලැබුවේ. රට පුරා කිරි ගොවි ගම්මාන හදලා මිල්කෝ එකේ ලාභයෙන් ඒ කිරි ගොවීන්ට පාරිතෝෂික දීමනා දුන්නා. ජ.වි.පෙ. රටට වැඩ කරලා පෙන්නලා තියෙනවා. සුනාමිය ආපු වෙලාවේ විපතට පත් වුන මිනිසුන්ට උදව් කරලා ඒ පළාත් පිරිසිදු කරලා ගොඩ ගත්තේ ජවිපෙ. දවස් 52 කින් විනාශ වුන දුම්රිය මාර්ගය අලුත්වැඩියා කළේ ජවිපෙ වෘත්තීය සමිති. අදටත් ගංවතුරක් ආවොත් ගිහින් ඒ මිනිසුන්ට උදව් කරන්නේ ජ.වි.පෙ. ඒ මිනිස්සුන්ට ජ.වි.පෙ.ට කලගුණ සලකන්න කාලේ ඇවිත්.

:       0       0

dineshThursday, 19 September 2019 02:27 PM

අනේ යකෝ, අනුරට මොකක්ද තියෙන සුදුසුකම...?

:       1798       1815

Sanath DubaiThursday, 19 September 2019 07:12 PM

අයි යකෝ මොකක්ද අනුරට තියෙන නුසුදුසුකම. කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක්. කිලිම පෞද්ගලික ලාබ ප්‍රයෝජනක් නොලබා ජිවිත කාලයම දේශපාලනයේ යෙදිලා ඉන්නවා. කිසිම දවසක වංචා දුෂණ චෝදනාවක් නැතුව අවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. උඹලාට ඕන වහල්ලු වගේ වැද නමස්කාර කර කර ඉන්න වලව්වේ හාමුලා විතරද?

:       0       0

දොස්තරThursday, 19 September 2019 08:15 PM

අනුරට මොකක්ද තියෙන නුසුදුසුකම?

:       0       0

lionFriday, 20 September 2019 01:09 AM

සුදුසුකම්ද ?අනුර රජයේ සල්ලි වලින් තාත්තගේ අම්මගේ සොහොන් හදල නැහැ ,නිදන් හැරලා නැහැ .රටේ සල්ලි හොරකම් කරලා නැහැ

:       0       0

RaveendraThursday, 19 September 2019 02:58 PM

නිල් රතු කොළ "බුරුවො " ඔක්කොම ඉන්න..// සංවර්ධනය කෙරුවා රට යහමින් එකදිගට ..// එනමුත් අපි තාමත් වෙමින් පවතින්නේ දියුණුවට ..// අනේ තොපි 225 ම කෑවා රට අපේ නැති වෙන්න..//

:       0       0

මාවිල්මඩ වජිර හිමි Thursday, 19 September 2019 07:16 PM

පවතින මජර දේශපාලනය වෙනස් කිරීම සදහා සංවිධානාත්මක දැනුවත් ජනතා බලවේගයක් අවශ්‍ය වේ. එවැනි ජනතා බලයක් සහිත සංවිධානාත්මක විකල්ප බලවේගයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සතුව පවතී. එහි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සතුව ඒ සඳහා අවංක උවමනාවක්, නිවැරදි දැක්මක්, සහජ බුද්ධියක් සහ අප්‍රතිහත ධෛර්යක් ඇති බව ඔහුගේ දේශපාලන භාවිතාව විසින් රටට ඔප්පු කර තිබේ. එබැවින් මේ අවස්ථාවේ ඔබ කළ යුතු වන්නේ සියළුම විකල්ප බලවේග එකතු වී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහනය කරවීමයි.

:       0       0

ANURA Thursday, 19 September 2019 12:02 PM

අගමැතිගේ තවත් කුමන්ත්‍රණයක් අසාර්ථකයි !

:       462       1715

චමින්දFriday, 20 September 2019 12:49 AM

පැරණි ළමා කථාවක කියනවා එක් නරියෙක් උසක තිබූ මිදි වල්ලක් දැකල මස්කුට්ටියක් කියා හිතල කඩා ගැනීමට උඩපැනපු කථාවක්.කොතෙක් උඩපැන්නත් කඩාගැනීමට බැරිව මිදි තිත්තයි කියමින් පසුබා ගියා කියලයි එයින් කියවෙන්නේ.මේකත් ඒවගේ කථාවක්.අනාගතයේ උපමාවක් හැදේවි රනිල් විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්න ගියා වගේ කියල

:       0       0

Nishan Thursday, 19 September 2019 12:06 PM

මේ සියලු දෙනා 2015 දී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න සටන් කරපු අය වීම තමයි මෙතන ලොකුම විහිලුව. මෙතන විරුද්ධ වෙච්ච අය ඔක්කොගෙම වගේ යටි හිත් වල විධායක ජනාධිපති වෙන්න සිහින තියෙනවා.

:       33       716

AnuFriday, 20 September 2019 02:46 AM

යු.එන.පි, ජේ.වී.පි සහ රාජ්‍ය නොවන සංවිදාන 19 වන සංශෝදනය ගෙනල්ල කරපු දෙය අපට තවම මතකයි. 13 වැනි සංශෝදනයද එවැනිම අපරාදයක්. දිනෙන් දින මේ රට ආගාදයට යාමට මෙම ව්‍යවස්ථා සංශෝදන නිසැකවම හේතු වුනා. ප්‍රේමදාස වැනි නායකයින් 5%ක ප්‍රතිශතයක් ගෙන පාර්ලිමීන්තුවට සුළු දේශපාලන පක්ෂ වලට එන්න ඉඩදීමෙන් ජාතිවාදී සහ ආගම් වාදී සුළු කණ්ඩායම් වලට ඕනා විදියට පාර්ලිමේන්තුව වැඩකරන්න ගත්ත. දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු බිහිවුණා. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් අදික මිලගණන් වලට විකිනෙන්න ගත්ත. තමාගේ බලය විතරක් ගැන හිතන දුෂිත දේශපාලුවන් මේ රට විනාශකරමිනුයි ඉන්නේ.

:       0       0

Prabha Thursday, 19 September 2019 12:10 PM

අපිටත් ජනාධිපති වෙන්න පුලුවන් කියලා හිතනවා ඇති.

:       54       421

මුණසිංහ Thursday, 19 September 2019 12:13 PM

අන්තිම මොහොතේ වැරදී යන බව දැනගෙන අන්තිම තුරුම්පුවත් දෙන්නා ගහන්න ගියේ. වැරදුනා නේද? දෙන්නාටම ගෙදර නවතින්න කාලේ හරි.

:       293       1009

saminda Thursday, 19 September 2019 12:22 PM

පාට තුනේ ම කට්ටියට මේ පාර සැරට හම්බවෙනවා නාගානන්දලගේ සෙට් එකෙන්.

:       1258       1346

NishanThursday, 19 September 2019 01:27 PM

කවුද නාගානන්ද කියන්නේ?

:       190       511

MaheeThursday, 19 September 2019 02:40 PM

මගෙත් පැතුම එයයි. එහෙම වුණොත් රට දිනුම්. හැබැයි, රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි. අද පවතින තත්වය යටතේ නම් ගවපල්ලෙකුට වඩා කෙනෙක් අපට නොලැබෙනු ඇත.

:       217       85

indikaFriday, 20 September 2019 03:43 AM

නාගානන්ද ගැන කියන්නේ UNP සහ JVP අය විතරයි. ඒ ගොල්ලොත් ඡන්දෙ දවසට ගිහිල්ල ගහන්නේ UNP එකට. නාගානන්ද ඡන්ද ලක්ෂයක් ගත්තොත් එ්කත් ලොකු දෙයක්...

:       1       0

SarathThursday, 19 September 2019 05:02 PM

ඇත්තටම කවුද නාගහනන්ද කියන්නේ. කවුරු උනත් සියයට පහක්වත් චන්ද නම් ලැබෙන්නේ නෑ ෂුවර්..

:       0       0

Gamarala Thursday, 19 September 2019 12:30 PM

ඔය ජනාධිපති තනතුර නිසා මේ වැඩ කරන අයට ඒවා කරන්න බැහැනේ. අනෙක මට නැත්නම් ඔයාටත් එපා ප්‍රතිපත්තිය තමයි මෙතන තියෙන්නේ. ඕක තියෙන නිසා රට විකුණන්න බැහැනේ...

:       0       205

kumara Thursday, 19 September 2019 12:38 PM

ඔයිට වඩා හොඳ නැද්ද අර රණවිරුවන්ගේ පඩිය සම්මත කරලා දුන්නනම් අද ඔය රැස්වීමේදී.

:       210       708

rim Thursday, 19 September 2019 01:01 PM

ඔය බලයට ආපු ය ආවේ ඔක නැතිකරනවා කියලා තමයි .අවුරුදු හතර හමාරක් හිටියා කරගන්න බැරිඋනා දැන් මේ කාවද රවට්ටන හදන්නේ

:       0       0

jagath Thursday, 19 September 2019 01:10 PM

අපි නගනන්ද මහත්තයට මේපාර, සුවර්ම තම ආයේ 225ම එපා අපට. ඔය 225 ම ජනතාව රවට්ටන්න මොනවද නොකියන්නේ, අසුචි උනත් කයි.

:       0       0

Matta Thursday, 19 September 2019 01:13 PM

සජිත් සර්ට දිනන එක ෂුවර් නම්, අයි මේ රනිල් සර් කඩිමුඩියේ ජනාධිපති ධුරය අහෝසි කරන්න දඟලන්නේ?

:       0       0

රවින් Thursday, 19 September 2019 01:15 PM

මෙයින් පැහැදිලිවන්නේ මෙතෙක් දවස් අපි සැවොම රැවට්ටුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියන එකයි . කොහොම උනත් පහුගිය වකවානුවල ඔතනට හා දියවන්නාවට ගිය සියලු දෙනාම කලේ අපිට කොලේ වහලා තම බඩ වඩා ගැනීම නොවේද? ඉතින් තව තවත් බොරු චාටු බස් වලට රැවටෙමුද? රෑ වැටුණු වලේ දවාලුත් වැටේමුද? රටේ අනාගතය හොරු රැලකට බාරදෙමුද? හිතන්න ඔබගේ දරු මුණුබුරන්ට ඉන්න හිටින්න රටක් ඉතිරි වේවිද කියලා.

:       0       0

Athula Thursday, 19 September 2019 01:25 PM

කොපමණ කලක් ඔය විනාශකාරී ධුරය අහෝසි කරන්න ජවිපය උත්සාහ කළාද? එදා එකෙක් කලින් කථා කලේ නැහැ. දැන් කෙලවෙනකොට මතක් වෙලා..

:       156       562

anuraThursday, 19 September 2019 05:27 PM

ඒ මිදී තිත්ත නිසානේ

:       0       0

Hafeel Thursday, 19 September 2019 03:10 PM

රටේ ව්‍යවස්ථාව සංශෝධනය කළයුත්තේ රටේ යහපතට මිස පුද්ගලික වුවමනාවට නොවේ. සුත්‍තර පුංචාට දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෙල්ලම් කරන්න උත්සාහය...

:       57       473

dilal Thursday, 19 September 2019 04:30 PM

විධායක ජනාධිපති ක්‍රමය ආරම්භකල 1978 සිටම ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරනව කියන්න පටන් අරන් දැන් අවුරුදු 40ක් ගියා.තවමත් බැරිවුනාන තනි පුද්ගලයෙක් ආරම්භකරපු ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න.ඕක අහෝසිකරන්නේ නැහැ කියපු පක්ෂ නායකයෙක් ඉන්නවද ප්‍රධාන පක්ෂවල?ඕක ආරම්භකරපු නායකයා නැතිවෙලත් මම හිතන්නේ දැන් අවුරුදු 20ක් පමණ වෙනවා.විසිවන ශතවර්ෂයේ ලංකාවේ දක්ෂ දේසපාලන නායකයින් බිහිවෙලා නැහැ නේද? ගස් නැති රටේ එඩේරු ගහත් ගහක්ලු.

:       0       0

නොකවුට් Thursday, 19 September 2019 04:47 PM

නරකද ඔය වගේ රැස්වීමක් කැඳවලා රණවිරුවන්ගගෙ පඩි වැඩි කරලා දුන්නා නම්

:       0       0

අනුර Thursday, 19 September 2019 04:55 PM

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එහෙම ලේසියට කරන්න බැහැ. පාර්ලිමේන්තුවෙ 2/3 ඡන්දෙන් හා ජනමත විචාරනය යන දෙකෙන්ම සම්මත විය යුතුයි

:       0       0

Karu Thursday, 19 September 2019 05:04 PM

අවුරුදු 5ක් ඉදලා දැන්ද මතක් වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න? මේ පාරනම් තුරුම්පු වැඩ කරන එකක් නෑ වගේ..

:       0       0

chandima Thursday, 19 September 2019 06:10 PM

ඔන්න පුහුල් හොරා අහුවුණා. මේ ජනාධිපතිවරණයට සජිත්ට පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. රනිල් රිංගනවා. එ්කයි කුලී හේවායෝ දාලා ඕක බකල් කලේ...

:       0       0

chami Thursday, 19 September 2019 08:23 PM

අනේ දිනේෂ්, අනුර කුමාරට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා ජනාධිපතිකමට ඉල්ලන්න හොයලා බලන්න

:       0       0

ලුම්බිණි Friday, 20 September 2019 12:15 AM

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය කියන්නේ මුල අමතක වීමක්... 2015 බලය ගනිද්දී මේ තමයි ප්‍රධාන පොරොන්දුව. මේ ටිකට එක අමතක වීම කණගාටුදායකයි.

:       0       0

ranjith Friday, 20 September 2019 12:20 AM

වසර 5ක් පොල්ගෑවද ?

:       0       0

jiwantha rathnayake Friday, 20 September 2019 12:38 AM

මේ විධායක ජනාධිපති ධූරය තියනතක් කල් මේ අය පිස්සු කෙලිනවා.එකේ ආරම්භය 1994න් ආරම්භ වූනා.මේ ගේම් ගහන එක,මේ සූදුව නවත්වන්න ජනාධිපති ධූරය අයින් කරන අයෙකුට චන්දෙ දෙන්න දෙය්යන්ගේ නාමයෙන් ජනතාව පෙළ ගැහෙන්න.තවත් දුක් විදින්න ඕනෙද ?

:       0       0

lion Friday, 20 September 2019 01:11 AM

මුන්ට ඕනේ අපිව ගොනාට අන්දගෙන දිගටම රජවරු වගේ සැපගන්න.වරෙල්ල මෙසැරේ චන්දෙ ඉල්ලන.

:       0       0

කල්පනා Friday, 20 September 2019 01:40 AM

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ විධායක බලතල අඩුකලා කියනවා.එයින් පස්සේ බලය තියෙන්නේ අගමැතිට කියලත් කියනවානේ.එහෙමනම් මොකක්ද මේ කියන විධායක ජනාධිපති තනතුර අහෝසිකරනවා කියන කාරනාව.මේ ජනාධිපතිවරණය කැඳවූවාම 19 වැනි ව්‍යවස්ථව ඉබේම අහෝසි වෙනවාද.

:       0       0

gunarathna Friday, 20 September 2019 02:00 AM

ලොක්කෝ දෙන්න දන්නවා අලුත් ආණ්ඩුවකින් හිරේ යන්ට වෙනවා කියල.එකෙන් බේරෙන්ට ගන්න ගොන් ආතල් එකක් මේ යෝජනාව.

:       0       0

de silva Friday, 20 September 2019 02:27 AM

94 පසු හැම ජනාධිපති අපේක්ෂකයෙකුටම ඕක අහෝසි කරන්න උවමනාව තිබෙන්නේ චන්දෙට කලින් මැතිවරණ පොරොන්දු දෙනකොට සහ තමන් ජනපති ධුරය දරන අවසාන කාලයේ , එහෙම නැත්නම් බලය නැතිවෙලා ගෙදර ඉන්න කොට , බලයේ ඉන්නකොට ඕක නැතිකරන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ , තමන් රටට ඔය කියන තරම් ආදරේනම් තමුන්ට පුළුවන් විශ්‍රාම ගිය පසු රජයෙන් පිනට දෙන වාහන , ආරක්ෂකයෝ නිල නිවාස නැවත රජයට භාරදී වසරකට කෝටි30 කට වැඩි අනවශ්‍ය රජයේ මුදල් ඉතුරු කරලා දෙන්න , එහෙම කරන්න බැරි නම් නිකන් පවු නොදී ගෙදර යන්න ,

:       0       0

Chanak los angeles Friday, 20 September 2019 04:45 AM

විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නම් මුල් දින 100 ‌මොකද ? අවසන් දින 50 ‌මොකද ? අවසන් ඕවරයේ ‌හෝ දුන් උඩ පන්දුව අල්ලා ගැනීම සියලු ‌ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වගකීමයි.

:       0       1

THILAKASIRI Friday, 20 September 2019 05:49 AM

මේ මොහොතේ හරි මොන හේතුව නිසා හෝ මේ ජනපති ක්‍රමය අහෝසි කළොත් ජනාධිපතිවරණය සදහටම නැවතී ජනාධිපතිවරණයට වැය වන කෝටි ගානක් මුදල් ඉතිරිවී මැර ක්‍රියා නතරවී මහා ජනතා මෙහෙවරක් කරන්න පුළුවන්.19 න් පාර්ලිමේන්තුවට බලය දුන්නේ ජනපති තමන් කැමති බලය තියාගන්නයි. ඊට වඩා ගන්න ගියානම් ඔය ටිකවත් ජනපතිගෙන් ගන්න බැහැ. දැන් කෙලවෙලා නිසා කල දුටු කල වල ඉහගැනීමට කාලය පැමිණ ඇති නිසා රනිල් ගත් උත්සාහය බුද්ධිමතුන් අගය කරති. ජනාධිපතිවරණ දිනය නියම කලා කියල ජනපති ක්‍රමය අහෝසිකරන්න හැකිනම් එය නොකළ යුතුයි කියන අය ජනතා මෙහෙවර මුවාවෙන් තමන් ජනපති වෙන්න හෝ ජනපති වෙන කෙනාට සහය දීලා තම තමන්ගේ යහපත ගැන හිතන අයයි. එ් නිසා මේ මොහොතේ හෝ මේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධවන අය ජනතාව මුලකරන්නවුන් බව බුද්ධිමතුන් දනියි. ජනතා නියෝජිතයින්ගේ මත ගැටීමෙන් රට පාලනය වීමට ඉඩ සලසන පුද්ගලයෙකු බලවත් නොවී සාමුහික වගකීමෙන් යුතු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිහිවේවා! ඒ සදහා ජය වේවා!

:       8       32

Sunl Friday, 20 September 2019 07:07 AM

ලෝක හොරාගේ සහ පඹයාගේ අන්තිම ගැටයත් වතුරේ.

:       0       0

Chanak los angeles Saturday, 21 September 2019 09:47 PM

එක් වරක් චන්ද්‍රිකා ජේ. ආර්ට බැන වදිමින් තමා ජනපති වූ විගස මේ විධායකය අහෝසිකර දමනවා කියමින් ප්‍රකාශ කිරීම ගැන මාධ්යෙේව්දීන් ජේ ආර්ගෙන් විමසන අවස්ථාවේ ජේ. ආර්. ජයවර්ධනයන්ගේ පිළිතුර වුයේ ...එතුමිය කිසි දිනෙක ඔය තනතුර අහෝසි කරන්නේ නෑ.. ඒ වගේම ඔය තනතුරට එන කිසි කෙනෙක් ඕක අහෝසි නොකරන බව මම දන්නවා... ඉතිහාසය මාව නිවැරදි කරාවි” යැයි ඔහු මාධ්‍ය වේදියාට පිළිතුරු දුන්නේලු .චන්ද්‍රිකා දෙවරක් ම එම තනතුරට ඉල්ලමින් ජයග්‍රහණය කර තම කාලය අවසන් කොට නික්ම ගියාය. අනතුරුව පැමිණි මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දුව ම දුන්න ද, ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 18 වන සංශෝධනය ගෙන එමින් ජීවතුන් අතර සිටින තෙක් එම තනතුරේ රැඳී සිටීමට සැළසුම් කළා පමණක් නොව විධායක ජනාධිපති ධුරය යක්ෂයෙක් අතට පත්වීමේ අනතුරෙහි පළමු අත්දැකීම මහජනතාවට විඳින්නට ද අවස්ථාව සළසා දුන්නා .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 179 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 275 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 66 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 912 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 245 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 288 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site