IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුහල්පති - නි විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට

තරිඳු ජයවර්ධන
 
විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන සිටිනා ආකාරය දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ කලාපයේ පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධ විමර්ශන දේශපාලන හේතූන් මත යට ගසා ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.

 
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා හුණු කූරක් ගැනීමට උදෑසනම පාසලේ විදුහල්පති කාර්යාලයට ගොස් ඇති බවත්, එම අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ විදුහල්පතිවරයා අත් පටලවාගෙන සිටිනවා දැක එය පන්තියේ මිතුරන්ට ප්‍රකාශ කළ බවත්, ඊට පසු දිනක ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් කියමින් සිසුවා පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර තිබේ.
 
 
එක ශ්‍රේණියේ සිටම එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුවා කොට්ඨාස , කලාප සහ පළාත් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණ ලබා ගත් සිසුවෙකි. 
 
එම සිද්ධියෙන් පසු දිනපතාම විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩීයැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ බවත්, ඉන් පසු වෙනත් ගුරුවරයකු තමාට පන්තියට යන ලෙස දැනුම් දුන් බවත් සිසුවා කළ පැමිණිල්ලක සඳහන්වේ.  
 
පැය කිහිපයකින් යළිත් තමා විදුහල්පති කාර්යාලයට කැඳවූ බව ද, එම අවස්ථාවේ පොලිසියේ දෙදෙනකු සහ තම මව  පාසලට කැඳවා තිබුණු බව ද, තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව ඇය කියා සිටි බව ද සිසුවාගේ ලියුමේ සඳහන් වේ. එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති සිසුවා සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ඇතත් එය සිදු කර නැත.  
 
ඉන් පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර ඇත. කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පළාත් කාර්යාලයට සහ කලාප කාර්යාලයට යෑමේ ප්‍රථිපලයක් ලෙස අවසානයේ සිසුවාට කලාපයේ වෙනත් පාසලක් ලැබී තිබේ. මේ හේතුව නිසා සිසුවා දැඩි මානසික පීඩාවට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි විමර්ශන යටපත් වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ දේශපාලන බලපෑම් මත මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි වූ බවයි. ‘මේ සිද්ධිය ගැන කලාප කාර්යාලයෙන් විමර්ශනයක් කළා. අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කරන ලෙසටත් එම විමර්ශනයේ සඳහන් වෙලා තිබුණා. නමුත් දේශපාලන බලපෑම් නිසා අපට විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව පියවරක් ගන්න බැරි වුණා. කලාප කාර්යාලය හරහා සිසුවාට වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කළා.‘ යැයි එම උසස් නිලධාරියා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙම සිදුවීම තමාට මතක නැති බවයි.
 



අදහස් (18)

විදුහල්පති - නි විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට

Raveendra Monday, 11 June 2018 05:13 PM

" මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙම සිදුවීම තමාට මතක නැති බවයි". මේ ඔබේ , මගේ, අපේ බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ නිලදාරියෙක් ඉතා පහසුවෙන් මතක නැහැ කීම මොනතරම් විහිලුවක්ද ? මෙවන් අය මෙවැනි වගකීම් සහිත තනතුරකට කිසිසේත්ම සුදුසු නැති බව අපගේ අදහසයි.

:       0       173

Chamara Monday, 11 June 2018 05:14 PM

නරකම වයසේ නරකම දර්ශන දැක්කහම ඔහොම වෙනවා පුතේ. දරුවට සාධාරනය ඉෂ්ට උනානම් හොදයි.

:       1       58

Raveendra Monday, 11 June 2018 05:47 PM

දරු පරපුරේ නෙත් පාදන්නට හිතුනා ට.... පෙම්සුව මුල් උනා පාසලතුල දෙදෙනා ට... කරුමෙකි අනේ ඇම්ඩන් හොදින් දැක්කා ට.... දැන් වැරදුනා අපි "ගුරු හොරු" බව දැනුනා නේ...

:       0       51

THILINA Monday, 11 June 2018 05:49 PM

මෙතන විදුහල්පතිට වැරැද්දක් කියන්න බෑ මොකද නි. විදුහල්පතිනියනේ හදිස්සි වෙලා උදේම විදුහල්පතිගේ කාමරයට පාත්වෙලා තියෙන්නේ.

:       79       68

sanath Monday, 11 June 2018 06:24 PM

මේ කොල්ලත් ටිකක් දඟකාරයෙක් වෙන්න ඕන. අපේ ඉස්කෝලෙත් ඉංගිරීසි සර්රුයි ගණන් ටීචරුයි ඔහොම හොරගල් අහිදිනවා අපි දැක්කහම සර් ටොෆි චොකලට් දීල අපිව ශේප් කරගන්නවා.

:       49       17

අමා Monday, 11 June 2018 06:59 PM

මතක නැති ලෙඩේ මේ අයටත් බෝ වෙලාද?

:       0       28

රාජුන් Monday, 11 June 2018 09:37 PM

මෙන්න ප්‍රසිදධියේ දඬුවම් දෙන්න ඕනි වැරදි . අහිංසක ළමයා මොනව කරන්නද නොහැදිච්ච ලොකු එවුන්ගෙ නොපනත් කම් වලට?

:       0       41

prakaash Monday, 11 June 2018 10:32 PM

රටට ගිය කලක්. ජනතාවට පිළිසරණය තමන්ම බව දැනගත යුතුය.

:       0       50

rocky Tuesday, 12 June 2018 01:48 AM

ප්‍රින්සිපල්ට දෙවනියා ලෙස ඉන්නේ වයිස් ප්‍රින්සිපල් ද එහෙම නැත නම් වයිෆ් ප්‍රින්සිපල් ද?

:       0       83

sisira Tuesday, 12 June 2018 02:10 AM

ගුරු සංගමය . මේවට සද්දයක් නෑනේ. දෙමව්පියනුත් සංගමයක් හදාගන්න කාලය ඇවිත්.

:       0       81

වටවල මේධාලංකාර Tuesday, 12 June 2018 02:51 AM

අකිල ඇමතිතුමෝ මොනවද මේ කතා? ජනතාවට දරුවන්ට ආදර්ශයක් දෙන පියවරක් ගැනීම සහ මේ දරුවාට සහනයක් ලබාදීම යෙහෙකි.

:       0       43

වටවල මේධාලංකාර Tuesday, 12 June 2018 02:51 AM

අකිල ඇමතිතුමෝ මොනවද මේ කතා? ජනතාවට දරුවන්ට ආදර්ශයක් දෙන පියවරක් ගැනීම සහ මේ දරුවාට සහනයක් ලබාදීම යෙහෙකි.

:       0       8

Bandula. Tuesday, 12 June 2018 03:01 AM

අනේ මෙහෙමත් කාලකන්නි ගෘරුවරුන් ඉන්නකොට කොහොමද පාසලක විනය හදන්නේ.

:       0       35

siri Tuesday, 12 June 2018 03:17 AM

දේශපාලන හිතවත්කම් හරහා තමන්ගේ පවු වසාගන්නා ගුරු වුර්තිය අපකීර්තියට පත් කරන මෙවන් අයව ප්‍රසිද්ධ ලජ්ජා කිරීම් (public shame) වලට ලක්කල යුතුයි.

:       0       43

pitigala Tuesday, 12 June 2018 04:16 AM

අද්යාපන බලධාරීන් දෙසපාලුවන්ට බයේ හෝ හිතවත් කම් නිසා රටේ අද්‍යාපනය ද අද බල්ලට ගොස් තිබේ. අනාගත ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි!

:       0       22

faizer Tuesday, 12 June 2018 05:55 AM

පහළ තැනින්නේ ජලය ගලා බසින්නේ.........

:       0       18

chandani Tuesday, 12 June 2018 08:33 AM

ඔය කාර්යාලවල ඉන්න‍ෙ පිස්සෝ.

:       0       18

sampath Thursday, 14 June 2018 12:18 PM

මේ දෙන්නගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ කරන්න යන්න නැත්නම් පරීක්ෂණවලට බාධා එල්ලවෙන්න පුළුවන්. ඇඹිලිපිටියේ සිසුන් ඝාතනය කරන්න විදුහල්පතිවරයා වැරදී තොරතුරක් දුන්නොත් පෙම් පලහිලව්ව්වක් නිසි අධ්‍යාපනයෙන් දරුවන් පිටමන් කරන ගුරුවරුන්ට උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 29 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 52 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 194 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 146 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 587 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 458 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site