IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ පෙත්සම 25 වැනි දා

තිළිණි ද සිල්වා 
 

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ලබන 25 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 11 ) නියම කළේය.
 
අදාළ පෙත්සම අද (11) බුවනෙක අළුවිහාරේ , විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේර යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවන ලදී.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් අද දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


පෙත්සම්කාර විදුහල්පතිනිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.


ඒ තුළින් ප්‍රධාන අමාත්‍යවරයා සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද එම විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 



අදහස් (0)

විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ පෙත්සම 25 වැනි දා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 110 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 79 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 171 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1139 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 245 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 2209 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site