IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයදාස රාජපක්ෂ ලක්ෂ 19 ක මුද්දර ආපසු භාරදෙයි

(ඩයනා උදයංගනී)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්‍ෂ 19 ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි කටයුතු සඳහා සෑම වසරකම නිශ්චිත වටිනාකමකින් යුත් මුද්දර ප්‍රමාණයක් ලබා දෙන අතර පාර්ලිමේන්තු ධූර කාලය අවසානයේ දී ඉන් භාවිතා නොකල මුද්දර නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු වේ.

ඒ අනුව තමන්ට ලැබුණු මුද්දර අතරින් භාවිතයට නොගත් මුද්දර මෙසේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට භාර දී දුන් බව විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

එසේ භාරදුන් මුද්දරවල වටිනාකම රුපියල් 19,27,780ක් බව ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

එසේ භාවිතා නොකල මුද්දර ප්‍රථම වතාවට ආපසු භාර දෙන ලද්දේ තමන් බවත්, අන් කිසිවෙකුත් එසේ භාර දීම සිදු නොකළ බවත් පාර්ලිමේන්තුවේ පිහිටි තැපැල් කාර්යාලයේ නිලධාරීන් පැවසූ බව ද හිටපු මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (12)

විජයදාස රාජපක්ෂ ලක්ෂ 19 ක මුද්දර ආපසු භාරදෙයි

shanaka gunawardana Tuesday, 30 June 2020 12:54 PM

පරක්කු වැඩියිනේ.. කළින්මනේ බාරදෙන්න තිබුණේ... මොකද මේ හදිස්සියේ බාරදෙන්න හිතුණේ...

:       134       436

siri Tuesday, 30 June 2020 12:58 PM

සුදුහුණු ගාපු එක ඇරෙන්න වෙන කරපු හරිහමන් රාජකාරියක් නැති නිසා මුද්දර ඉතුරුවෙන්න ඇති...

:       572       1008

sena Tuesday, 30 June 2020 02:08 PM

ඕක විකුණලා සල්ලි ගන්න බැරිව ඇති..

:       310       845

Siri Tuesday, 30 June 2020 11:02 PM

මෙයාවත් මෙච්චර වටින්නේ නැහැ...

:       0       0

Buddika Tuesday, 30 June 2020 11:43 PM

අද ඇවන් ගාර්ඩ් එකෙන් සල්ලි ගත්තා කියලා අනෙත් අයට මෙයා චෝදනා කරනවා මම ඇස් දෙකෙන් දැක්කා මෙයා සේනාධිපති එක්ක අනුරාධපුරයේ කඩ 50කියන හරියේ හිටියා...

:       0       0

රමල් Wednesday, 01 July 2020 01:16 AM

බාර දෙන්න දෙයක් නෑ. පාවිච්චි නොකර හිටියාම ඉබේම අහෝසි වේවි...

:       0       0

Lion Wednesday, 01 July 2020 01:39 AM

අම්මෝ හරි වැඩක් කරලා... ඕක දැම්මේ හොඳ මිනිහා වෙන්නද? මේ සැරේවත් දේශපාලනයෙන් ගියොත් රටට සෙතක්..

:       0       0

Wijaya Wednesday, 01 July 2020 02:24 AM

ඇවර්න්ගාර්ඩ් මුදලාලිගෙන් හම්බවෙච්ච ගාණත් එක්ක බලනකොට මේක පොඩි ගාණක්. එ්කයි ආපහු දුන්නේ...

:       0       0

Asanga Wednesday, 01 July 2020 02:24 AM

කවුරුහරි හොඳක් කළාම අගය කිරීමක් දකින්නේ නැති කුහකයෝත් ඉන්නවා වගේ.. අපිට වැරදුණෙත් ඔතනයි මිත්‍රයා...

:       0       2

mahinda Wednesday, 01 July 2020 02:55 AM

මේ තරම් පූර්වාදර්ශී නම් මහජන බදුමුදල් වලින් ලබාගත් වාහනයත් ආපහු බාරදෙන්න. මන්ත්‍රී වරයෙකුව සිටියදීම තම වෘත්තීය වූ නීතිඥයකු ලෙස අධිකරණයේද පෙනීසිටි නිසා ගෞරවනීය පුරවැසියකුට එලෙස මුදල් ගැනීම ලැජ්ජා සහගතයි. යූ.බී. වන්නිනායක මහතා මුදල් ඇමතිව සිටියදී විදේශගත වනවිට තම රාජකාරී දුරකථනය තැපැල් කාර්යාලයේ තබා ගිය බව අසා ඇත. මේ රටේ කීර්තිමත් රාජ්‍ය නායකයකු වූ හිටපු අග්‍රමාත්‍යවරයකු වූ ගරු ඩඩ්ලි සේනානායක මැතිඳුන් මිය යන විට බැංකුවේ රුපියල් 425/-ක් පමණ මුදලක් බව අසා ඇත. යළි කවදා මෙවන් ගරු දේශපාලකයින් මේ බිමේ බිහිවේදෝ...!!!

:       0       0

mohomed Wednesday, 01 July 2020 03:49 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම ඩීල් කාරයින් තමයි.

:       0       32

Nalin Wednesday, 01 July 2020 04:26 AM

ඩීල් දැම්මා ඇරෙන්න වැඩක් කළේ නැහැ ඉතින්. මුද්දර ඔක්කොම ඉතුරු ඇති. උගත් හොරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා... ඒ අයත් හරිම භයානකයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 64 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 72 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 135 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 178 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 325 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 737 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site