IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වාහන ආරෝපන මධ්‍යස්ථාන ගැන අදහස් විමසයි

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාලව මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මේ ක්ෂේත්‍රයට අදාල ගැටළු හදුනාගෙන ආදාල නියාමන නීතී හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සැලසුම්කර ඇත. එහි ප්‍රථම අධියර වශයෙන් ක්ෂේත්‍රයේ ගැටළු හා ඒවාට යෝජනා කරන විසදුම් හදුනාගැනීම සඳහා මහජන අදහස් විමසීමක් හෙට(15දා) සිට ආරම්භවන බවද ශ්‍රීලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසිය.

විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන මුහුණ පාන ගැටළු එහි සේවාවන් වලට අදාල ගැටළු, විද්‍යුත් ආරෝපන මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා  පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් , මෙම මධ්‍යස්ථානවල අයකෙරෙන ගාස්තු ආදිය පිළිබඳ මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩසලසා තිබේ.

මේ සම්බන්ධයෙන් ලඛිත අදහස් දැක්වීම ඔක්තොම්බර් මස 04 දා දක්වා ඉදිරිපත් කළ හැකි බවද කොමිසම පැවසීය.

එලෙස ඉදිරිපත් කරන කරුණු විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන පිළිබඳ නාමාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව , එම මධ්‍යස්ථාන සඳහා සේවා සංග්‍රහයක් සකස් කිරීම , එම මධ්‍යස්ථානවලින් අයකෙරෙණ ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්‍රමිතීන් හදුන්වාදීම ,විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල  සේවාව ලබාගන්නා පාරිභෝගිකයන් මුහුණපාන ගැටළු , නිවෙස්වල ආරෝපණ පහසුකම පිළිබඳ ගැටළු පිළිබඳ තොරතුරු ලිඛිතව යොමුකළ යුතුය.

-044



අදහස් (5)

වාහන ආරෝපන මධ්‍යස්ථාන ගැන අදහස් විමසයි

ach-cha-ru Thursday, 14 September 2017 12:49 PM

මගේ අදහසත් දාගන්නකෝ

:       0       9

MAHINDA ITALY Thursday, 14 September 2017 01:29 PM

අහිංසක මිනිසුන්ව අමාරුවේ දාන අනිත් තැන

:       0       0

perakum Thursday, 14 September 2017 01:58 PM

බොහෝ රටවල විදුලි වාහන ආරෝපණය සඳහා රජයෙන් නොමිලේ පහසුකම් සලසා ඇත. ඒ වුනාට අපේ රටේ එහෙම කලොත් ???

:       0       28

නුමා Thursday, 14 September 2017 09:33 PM

වාහන කර්මාන්තයේ අනාගතය විදුලි මෝටර් රථ බවට කිසිදු සැකයක් නැහැ. අකාර්යක්ෂම අභ්‍යන්තර දහන එංජිම නිසා පාරිසරික ගැටළු ඇතිවීමද එක් හේතුවක් වුවද, තාක්ෂණික දියුණුව විදුලි මෝටර් රථ නිශ්පාදන කලඑළි බැසීමට මඟපාදා තිබෙනවා. විදුලි මෝටර් රථයක් භාවිතා කරන්නෙක් ලෙස, ලංකාවේ ආරෝපණ මද්‍යස්ථාන පහසුකම් අතින් අඩු වුවත්, බොහො යහපත් පාරිභෝගික සේවාවක් ලබා දෙනවා. යහපත් කරුණාවන්ත සේවකයින් නිසා පැය භාගයක් වැනි ගතවන කාලය ගෙවා දැමීමේ අපහසුවක් නැහැ. ලංකාවේ සමස්ථයක් ලෙස විදුලිය මිල අධික නිසා ආරෝපණයට වැඩි මිලක් ගෙවන්නට සිදුවී තිබෙනවා. ඉදිරියට යාමට නම්, විදුලිබල මණ්ඩලය මූලිකත්වය ගෙන රට පුරා ආරෝපණ මද්‍යස්ථාන ඇති කලයුතුයි.

:       0       1

නුමා Thursday, 14 September 2017 09:42 PM

(ඉහළ අදහස හා බැඳේ) නිවසට ලබා දෙන දෙවන සම්බන්ධතාවයකට, විදුලි ඒකකයක මිල, අඩුම තරමින් අද ව්‍යාපාරික සම්බන්දතාවයක ඒකකයක මිලටවත්(රු. 13) ලබා දෙන්නේනම් ප්‍රයෝජනවත් වේ. මෙම සම්බන්ධතාවය සාමාන්‍ය සබඳතාවයකින් ඔබ්බට ගොස්, ආරෝපණ උපකරණයක් සමඟම සේවාවන් සහිතව ලබා දීමෙන් අමතර ව්‍යාපාරික අවස්ථාවක්ද උදා වනු ඇත. අද ලංකාවේ විදුලිය වැයවන ප්‍රධානතම උපකරණය රූපවාහිනිය වේ. ලංකාවේ දහවල විදුලි අතිරික්තයකුත්, සවස 6-රාත්‍රී 10 අතර උපරිම භාවිතයකුත් තිබෙන රටකි. ශක්‍යතා අධ්‍යනයකින් පසු, සාමාන්‍ය විදුලි සම්බන්දතාවයකට වුව, සහණ ගාස්තු කාලයන් සංශෝධනය කර වෙන්කර දීමට හැකිනම් ඉතාම යෝග්‍ය බව හැඟේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 226 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 632 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1611 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1836 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 564 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 259 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site