(අජිත්ලාල් ශාන්තඋදය)
ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ තරුණ පෙම්වතුන් යුවලක් සහ ඔවුනට ඊට අනුබල දුන් සාමදාන විනිසුරුවරයෙක් රුපියල් 1,37,020ක ව්‍යාජ මුදල් නෝට්ටු, ඒවා සකස් කිරිමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, මෝටර් රථයක් සමග ජංගම දුරකතන 2ක් අද (11) දහවල් කුරුවිට පොලිසිය විසින් කුරුවිට මණ්ඩදෙණිය ප්‍රදේශයේ නිවසක් වටලා අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුවිට පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් රත්නායක මහතාට ලද තොරතුරක් අනුව කළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 21ක් ද, රුපියල් 500 ව්‍යාජ නොට්ටු 34ක් ද, රුපියල් 10 ව්‍යාජ නොට්ටු 02ක් ද තිබී ඒවා පොලීසිය භාරයට ගනු ලැබීය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසිය වෙත බාරදීමට නියමිතය.
කුරුවිට දොඩම්පේ මණ්ඩදෙනිය ප්‍රදේශයේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරගෙන ගිය නිවස වැඩ නිම නොකළ එකකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකාර තරුණයා අනුරාධපුර, ලේකොළවැව, මහගල්කඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි. ඔහුගේ පෙම්වතිය බව කියන 21 හැවිරිදි තරුණියගේ නිවසේ මෙම මුද්‍රණ කටයුතු පවත්වාගෙන ගොස් තිබුණි. මුලු දිවයිනටම සාමදාන විනිසුරු තනතුර ලැබු 44 හැවිරිදි තැනැත්තා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට, ඒවා මාරු කිරිමට අනුබල සහ දායක වූ අයෙක් බවට තොරතුරු ඇති බවද පොලිසිය සඳහන් කරයි.
රත්නපුර, කුරුවිට සහ අවට ප්‍රදේශවල මෙම ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කරමින් ගණුදෙනු කර ඇතිබවට ද තොරතුරු පොලිසියට ලැබී තිබුණි. බැලූ බැල්මට කෙනෙකුට අඳුනාගත නොහැකි ලෙස දිය සලකුණ හැර අනෙකුත් රහස් සංකේත එම මුදල් නෝට්ටුවල අඩංගු කර තිබූ බව ද පොලිසිය පැවසීය.
සැකකාර තරුණයා විසින් කුලී පදනම මත ගත් මෝටර් රථයක්ද අත්අඩංගුවට ගැනුන අතර මෙම ව්‍යාජ මුදල් පිටස්තර ප්‍රදේශවලට ගෙන යාමට සහ ව්‍යාජ මුදල් මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි, තීන්ත ආදිය ගෙන ඒමට එම මෝටර් රථය යොදාගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසිය වෙත බාරදෙනු ලැබීය. සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී.එල්.පී. සඳුන්ගහවත්ත, රත්නපුර පොලිස් අධිකාරි සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඒ. ලෙවන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු වැටලීම සිදුකළහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ 3ක් අත්අඩංගුවට
Rohana Sunday, 12 July 2020 02:52 AM
මේවා තමයි දේශීය කර්මාන්ත කියන්නේ. හොඳ ව්‍යවසායකයෙක්. ප්‍රශ්නයකට තිබෙන්නේ තම හැකියාව හොර වැඩකට යොදාගෙන රටම වංචා කිරීමට කටයුතු කිරීමයි.
sharm warn Monday, 13 July 2020 03:11 AM
දැන් මෙයාලව ඇප දීලා ගෙදර යවයි. එතකොට මේගොල්ලෝ ආයෙමත් බිස්නස් එක පටන් ගනී.