(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (6) දහවල් කොටවෙහෙර මොන්නැකුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ රාජංගණය යාය 02 පදිංචි 28 හැවිරිදි අයෙකු බවත් මොහු පල්සර් වර්ගයේ යතුරු පැදියකින් ව්‍යාජ මුදල් තොගය රහසිගතව රැගෙන යමින් සිටි බව කියයි.
එම ව්‍යාජ මුදල් තොගයේ රුපියල් 5000, 1000, 500, වටිනාකමින් නොට්ටු කොළ තිබු බවද කියයි.
අදාල ව්‍යාජ මුදල් ඇද සිටි ජැකට්ටුව යටින් වූ ඇඳුමක කුඩා පාර්සලයක් ලෙස සකස් කරමින් සඟවාගෙන රැගෙන යමින් සිටි බව කියයි.
කොටවෙහෙර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු මොන්නැකුලම ප්‍රදේශයේ දිවා යතුරු පැදි සංචාරයක නිරතව සිටියදි මෙම ව්‍යාජ මුදල් තොගය රැගෙන යමින් සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව කියයි.
සැකකරු ආණමඩුව දෙසින් පැමිනි බවත් පොලිස් නිලධාරින් මෙම සැකකරු පරික්ෂා කිරිමට සුදානම් වන විට එකවරම ඉරියව් වෙනස් විම සිදුව තිබේ.
ඒ නිසාම අදාල සැකකරු පොලිස් නිලධාරින් පරික්ෂාවට ලක් කරන විට පවා එයට විරෝධයක් දක්වා ඇති බව කියයි.
එසේ පරික්ෂා කිරිමේදි අදාල ව්‍යාජ ලෙස සකසා තිබු 5000 නොට්ටු 48 ක් ද 1000 නොට්ටු 48 ක් සමග 500 නොට්ටු 6 ක් සොයා ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති අතර මෙම ව්‍යාජ මුදල් ජාවාරමට තවත් පිරිසක් සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.
කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ කොස්තාපල් වරුන් වන 38306 දිසානායක, 60948 උපාලි යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිම සිදු කර තිබුනි.
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන ගිය අයෙකු අත්අඩංගුවට