IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක්

අජන්ත කුමාර අගලකඩ
 
ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.

ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ  බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.



අදහස් (62)

වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක්

Appuhamy Tuesday, 09 April 2019 02:47 PM

රවිය තව අවුරුදු 10 කට සෙට්...

:       0       400

ඇත්ත සත්‍යපාල Thursday, 11 April 2019 10:10 AM

ඔන්න බලන්න අපේ රටට වෙන දේ. ධාරානිපාත වැසි වැහැල ජලාශ පිරිලා ගංවතුර ගැලුවත් ඔය ගිවිසුම අනුව දිගටම අධික මිලකට නොකඩවා විදුලිය ගන්නවා කියල අත්සන් කරලා ඇති. එතකොට වෙන්නේ ජලවිදුලිය නිපදවන්නේ නැතිව වතුර මුහුදට යැවීමයි. ඔය ගිවිසුම වහා හෙළි කරන්නට බල කරන්න කෙනෙකු නැති එකයි අවාසනාව. එහෙම නොකර තව අවුරුදු ගාණකින් තමන්ගේ හිතවත් පැන්ෂන් ගිය නඩුකාරයෙක් ලක්ෂ ගාණක වැටුපකට කොමසාරිස් කරලා ඕක හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනව. මේ අපරාධ වලට එරෙහි වන්නට කවුරුත් නෑ.

:       0       6

Bamunuarachchi Tuesday, 09 April 2019 03:08 PM

මෙයට කොමිස් දීලා ගිවිසුම් අත්සන්කරන්න එපා 2020 දී ගිවිසුම් අහෝසි වෙනවා. එතකොට දීපු කොමිස් අපරාදේ

:       686       526

shehan Tuesday, 09 April 2019 03:16 PM

ඔන්න බළල මල්ලෙන් එලියට පැන්න සතොස කෑව ආර්ථිකේ කෑව මහ බැංකුව කෑව දැන් විදුලි බලෙත් කන්නයි හදන්නෙ. කෑව කියන්නෙ විනාශ කරා විතරක් නෙවේ හොරා කෑව පරම්පරා සියගානකට හම්බකරා

:       3       1439

Hafeel Tuesday, 09 April 2019 03:37 PM

ඇයි මහ බැංකුවෙන් කාපු එක මදිද? ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගන්නවා නං, ඇමතිකෙනක් මොනවටද? ඕක කාර්යාල සහායකුටත් කරන්න පුළුවන්.

:       2       529

liyanage Tuesday, 09 April 2019 04:26 PM

ලෝකයේ දියුණු රටවල් එම රටවල විදුලිය අඩු මුදලට තම රටේ විදුලිය අසල්වැසි රටේ අනෙක් කෙළවර දක්වා ගෙනයාමට හැකිනම් (කාලෝමීටර 7000ක) ලංකාවට ඉන්දියාවෙන් අඩු මුදලට විදුලිය ලබාගත නොහැකිද?

:       153       30

බද්රානි Tuesday, 09 April 2019 04:30 PM

හොර තක්කඩි ගසා කන්න අලුත් යෝජනා කරනවා මිසක්, රට දියුණු කරන යෝජනාවක් කරන්න කවුරුවත් නැහැ. මෙවුන් මේ සියලු සැලසුම් කරන්නේ මැරුණම අරගෙන යන්න වගේනේ?

:       8       312

සුපුන් Tuesday, 09 April 2019 05:07 PM

බළලා මල්ලෙන් එළියට පැන්නද මන්දා...............

:       1       119

Sriyal Tuesday, 09 April 2019 05:33 PM

ඕක බොහොම ඉහළින් සම්මත වෙයි. හැමෝගෙම සාක්කු පිරෙයි. යන්න කලින් ආයෝජනය කිරීම වැදගත්

:       7       185

chinthaka Tuesday, 09 April 2019 07:20 PM

කොහොමද ටිකිරි මොලේ? දැන්වත් රටේ මිනිස්සු අර ගෝඨාභාගේ ඇමෙරිකා පුරවැසිකම අහෝසි උනාද නැද්ද වගේ අනුන්ගේ ඕපාදුප බල බලා ඉන්නේ නැතුව මේ ආණ්ඩුවෙන් රට තුරන් කන විදිහ දිහා ඇස් ඇරලා බැලුවොත් හොදයි

:       46       1121

dhilan Tuesday, 09 April 2019 07:21 PM

මදි මදි, තව විදුලිය සල්ලිවලට අරගෙන ජනතාවට වැඩි මිලට විකුනන්න ඕන,, ඇස් ඇරෙන්න තව මදි.

:       7       195

shehara Tuesday, 09 April 2019 07:28 PM

අර අපේ ආර්ථික ඔස්තාර්ලා චීනෙට නොමිලයේ වගේ දුන්නු "ගලක් තිබුණු" වරායේ තිබිල චිනු ගලවල අයින් කරපු "සුළං බලාගාර" තිබුනානම් විදුලි නිෂ්පාදනය මේ.වො 03 විදුලිබල මණ්ඩලයේ අර "විමල් මන්ත්‍රීතුමා" කියන විදියට "තක්කඩියා" අමැතිතුමත් එක්ක එකතුවෙලා ඉන්දියාවෙන් කොමිස් කුට්ටියට විතරක් ආනයනය කරපු "ජෙනරේටර්" පනහ (50) හරියට වැඩ කරානම් විදුලි නිෂ්පාදනය මේ.වො 10 කොහොමද ගැහිල්ල?

:       4       238

විජිත් Tuesday, 09 April 2019 07:32 PM

නියම බිස්නස් එකක්. ඡන්දෙන් පැරදිලා ගෙදර හිටියත් බැංකුවට එහෙමත් නැත්නම් වෙන තැනකට කොමිස් සල්ලි. නැවක් ගිලෙන්න යද්දී එහි සිටින මියන් හිමින් සැරේ අන්තිම තැනේදී මාරු වෙනවාලු. මේ වගේ ගිවිසුමක් අත්සන් කරලා ගෙදර හිටියත් මිලියන ගණනක් දෙයියනේ කියලා ගෙදරටම එනවානේ. අපි බලාගෙන ඉමු මේ යෝජනාවට ඡන්දෙ විමසද්දී පක්ෂව අත උස්සන කීදෙනෙක් ඉන්නවාද කියලා.

:       8       220

nishantha Tuesday, 09 April 2019 09:15 PM

මේ අමාත්‍යාංශය වෙන කෙනෙකුට දෙන්න. මේක නැත්නම් බංකොලොත් වේවි.

:       6       407

rasika Tuesday, 09 April 2019 09:17 PM

මේකෙන් හොද කොමිස් මුදලක් එනවා ඇති.. එක වතාවක් වරද පිලි අරගෙන ඇමති කමෙන් අයින් උනා ,

:       7       202

ලුම්බිණි Wednesday, 10 April 2019 12:34 AM

විදුලිය මිලට ගැනීමට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ නොකඩවා රටට අවැසි විදුලිය නිපදවීමේ අනාගත වැඩපිළිවෙලක් නේද ඇමතිතුමා. මොකද ස්ථිර විසඳුමකට නොගිහින් තාවකාලික විසඳුමකට යන්නේ?

:       1       109

Bamunuarachchi Wednesday, 10 April 2019 12:40 AM

අවුරුදු 5 යෝජනා ඕනෑ නැත මේ ඉන්න අවුරුද්දට මොන මගුලක් කොරලා හරි කමක් නැහැ විදුලිය දෙනවා. අවුරුදු 4 ම රට නන්නත්තාර කොරලා හොඳ කුට්ටියකුත් කඩාගෙන යන්නයි කල්පනාව. මහින්ද මහතා ආවාම හොරකම් කරන ගමන් හරි තවත් විදුලි බලාගාරයක් හදාවි. ඒගොල්ලෝ හොරකම් කරන ගමන් රටට අවුරුදු සියගාණක් පවතින ස්ථීර වැඩක් කොලා. බැංකුවත් කොල්ලකාලා අවුරුදු සියගානකින් ගොඩ එන්න බැරි විදියට රට කාබාසිනියා කොලා.

:       2648       2046

Bangomunu.Wednesday, 10 April 2019 08:33 AM

රවිට අපද කැමති නැහැ. ඒත්, තමන්ගේ පැත්තේ කට්ටිය හොරකම් කරනා බව පිළිගැනීම හොඳ දෙයක්. ඔන්න ඔය වගේ වෙලාවට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. අර හදනවා යයි කිව්ව එක නොරොච්චෝලේ වගේ වුනොත් වෙන්නේ හරිම හුටපටයක් නේද?

:       613       784

gaminiWednesday, 10 April 2019 12:41 PM

බමුණා කුඩු ගහලා කෑගහනවා. දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ, හැමෝවම විවේචනය කරකර අශුචි තවරනවා. ඔය වගේ කෙනෙක් හිටියා කාලෙකට ඉස්සර... මිනිහා නිසා උගත් බුද්ධිමත් අය රාශියක් නැතිවුනා.

:       105       2259

BamunuarachchiThursday, 11 April 2019 03:12 AM

බමුණා ගැන කතා කොරන්න එපා

:       1       0

Keppetipola Wednesday, 10 April 2019 12:55 AM

රවී මේ කරන්න හදන්නේ කොම්පැනියක් එක්ක ඩීල් එකක් දාල, ඊළඟ අවුරුදු පහටම ඩොලර් කෝටි ගානක කොමිස් ගහගෙන රට බිල්ලට දීල මාරු වෙලා යන්න. මොහුගේ සියලු වැඩ ගැන විමසිල්ලෙන් සිටිය යුතයි. මොහු කරපු හැම අමාත්‍යංශයෙන්ම හොරකම් කරලා බංකොලොත් කරලා දැම්මා. අහිංසක ජනතාව තවම මේ අය වෙනුවෙන් පව් ගෙවනවා.

:       6       618

ගල්කටස් Wednesday, 10 April 2019 01:27 AM

එදා 2001 2004 ගුවන්සේවාව විකුණන් කොමිස් ගත්තා 2015 මහ බැංකුව විනාශ කළා..... දැන් පාවෙන බලාගාර වලින් දේනන හදන්නෙ අටිටි හැලෙන්න මෙ වගෙ අය එදා යුන්පි එකෙ හිටියෙ නැහැ.........

:       5       317

malaka Wednesday, 10 April 2019 01:35 AM

හා හා හා............... හැරෙනකොට දන්නවා මොකටද කියල. ඩීල් දාගන්න දඟලපු දැඟලිල්ලක් .........

:       1       237

Cisco Wednesday, 10 April 2019 02:19 AM

තැටිය රත් වුනාම රොටිය පුච්චා ගැනීමේ කලාව පරතෙරටම දත් අපේ කළුවර ඇමතිතුමා ආලෝක පුජාවට සැරසෙන වගයි. දෙන්න සාදුකාරයක්!!!

:       34       152

රවින් Wednesday, 10 April 2019 02:22 AM

හ්ම්ම් තවත් සුපිරි නිවසක්ද?

:       0       159

දිලුම් Wednesday, 10 April 2019 02:57 AM

මෙයා ආවොත් හැම ප්‍රශ්නයටම ප්ලාස්ටර් ගහල ගාන කඩා ගන්න විතරයි දන්නේ. අවුරුදු පහකට විදුලිය අරන් ඊට පස්සෙ මොකද කරන්නේ. හැම එකාම හිතන්නේ කුට්ටිය ගන්න විතරයි මේ රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ලැජ්ජ නැතුව කියන හැටි.

:       4       231

Rasika Wednesday, 10 April 2019 03:01 AM

ඒ සල්ලි වලින් අලුත් බලාගාරයක් හදන්නත් පුළුවන් ඇති

:       2       243

sachithWednesday, 10 April 2019 06:52 AM

එක බලාගාරයක් විතරක් උනොත් තම පුදුමේ. ඉතිහාසයේ ලොකුම වංචා වලින් එකක් වෙන්න යන්නේ.

:       3       129

Mudali Wednesday, 10 April 2019 03:28 AM

වසර පහක කතාවකට වඩා අපට දැන් වැදගත් වෙන්නේ දැනට තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නයි , ඇමතිතුමනි. ……. පුළුවන් ඉටිගෙඩියක් කරන්න… මේ හුරතල් කතාවලට වෙලාවක් නෙවෙයි

:       236       337

මරිසිපාල Wednesday, 10 April 2019 03:40 AM

ඊළඟ මැතිවරණයේදීත් මහජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල විදුලිබල ඇමති වෙන්න වගේ අදහස. දැන්ම අනුමත කරගන්න එක කෝකටත් හොඳයිනෙ. හොර ගෙඩිය අපි අහුවෙයි ඕවට. දැනට සතුටින් ඉන්නකො හොඳේ.

:       0       160

Nimal Wednesday, 10 April 2019 03:44 AM

වැරදි වැඩක්, කරුණාකර ජලාශවල වතුර හරියට කළමනාකරණය කරන්න. එතකොට විදුලි ප්‍රශ්නය හරි යයි, නමුත් ඔය ක‍රන්න යන්නේ කොමිස් ගහන්න. කොහොමද අවුරුදු පහක කොමිස් ප්‍රමාණය

:       0       214

jayath Wednesday, 10 April 2019 03:55 AM

මේක අපූරු රටක් බලශක්ති පිළිබඳව තීරණ ගන්නේ "මෝඩ " දේශපාලකයෝ ඉන්ජිනීරුවන් , විශ්ශඥයන් , පැත්තක .අඩුම තරමේ මේ විෂය පිළිබඳව කැබිනට් එකේ ඉන්න විදුලි ඉන්ජිනේරුවරයාගෙන් වත් වැඩක් නොගන්න රටක් මේක

:       0       392

chaminda Wednesday, 10 April 2019 04:35 AM

ආ ඔය බලලා මල්ලෙන් එලිය ට පනින්නේ....

:       0       267

සිසිර Wednesday, 10 April 2019 05:05 AM

කන්න විදුලි මන්ඩලෙත්.. ඇමතියෙක්නම් හදන්න බලාගාර..

:       0       143

nimal Wednesday, 10 April 2019 05:12 AM

විදුලිය ගන්න සමාගමේ අයිතිකාරයා දෙන දෙයක් දෙන්න. ඔය සුපිරි නිවාසෙකට කුලිය වාගේ පොඩි දෙයක් දුන්නම ඇති.

:       0       136

චන්නක Wednesday, 10 April 2019 05:20 AM

වසර 5 ක් විදුලිය ගන්නා වියදමින් විදුලි බලාගාර කිහිපයක් අලුතින් සෑදිය හැකියි. අහෝ අදූරදර්ශී නායකයින්ට ගිය රටක්. මේකෙන් ලැබෙන කොමිස් කුට්ටිය කොයි තරම් ඇත්ද. ජනාධිපති වත් මේව දකින්නේ නැද්ද?

:       0       415

AsankaWednesday, 10 April 2019 06:31 AM

ඔබ පොට්ටයෙක්ද ,, මහතැන නොදැන මේවයින් කොමිස් ගහන්න පුලුවන්ද ... කාගේ කාගේත් කිල්ලෝටවල සල්ලි ඇති

:       0       196

චන්නකWednesday, 10 April 2019 06:48 AM

ඔබේ කතාව හරි.

:       0       24

Perera Wednesday, 10 April 2019 05:38 AM

මෙන්න තවත් මහා බැංකුව වගේ ගුන්ඩුවක්.

:       1       270

indika Wednesday, 10 April 2019 05:45 AM

පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න විදුලිබල ඇමති කෙනෙක් ඕනේ නැනේ. ඔය වැඩේ නම් මටත් කරන්න පුළුවන්. මහින්දට බැන්නට ඒ කාලේ හදපු නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහල කොත්මලේ වගේ ඒවා නොතිබුනා නම් දවසම විදුලිය නැ.

:       80       277

abaran Wednesday, 10 April 2019 05:47 AM

අපිනම් දන්නවා හැරෙනකොටම කෙහෙල් ගහට කියලා...

:       0       176

jana Wednesday, 10 April 2019 06:12 AM

නරියට කුකුලන් භාරදීම

:       0       168

චන්නක Wednesday, 10 April 2019 06:26 AM

අනේ අපිට කොන්ද පණ තියන නායකයෙක් හිටියනම්..

:       9       305

MISHAL-MATARA Wednesday, 10 April 2019 06:30 AM

ඔන්න ඕකත් විකුණලා දාන්න කාටහරි .... අහෝ ශ්‍රී ලංකා

:       0       30

Sunil milano Wednesday, 10 April 2019 06:39 AM

මේ දවස්වල රවි මහත්තයා කතා කරන්නේ නිකං බබා වගේ......

:       0       73

hira Wednesday, 10 April 2019 07:28 AM

රට කන ඇමති හැත්තටනම් වැහි නැති හෙන පාත් වෙන්න ඕනේ. දියුනු වෙච්ච රට වල පාලකයෝ වැඩ කලේ රටේ සහ ජනතාවගේ සුබසිද්දියට. ඒකට මෙහෙ ඉන්න අය හිතන්නේ තමන්ගේ සනුහරේ ගොඩ දාන්නේ කොහොමද කියලා.

:       0       83

සරත් ප‍ර්ත් Wednesday, 10 April 2019 07:50 AM

විදුලි මණ්ඩලය තවත් හොරගුහාවක් කරන්න නේද වලි කන්නේ?

:       0       30

Keppetipola Wednesday, 10 April 2019 07:52 AM

මම දැනුවත්ව රට තුල මෙගා වොට්ස් 30 කට වැඩිය සූර්ය ශක්තියෙන් නිපදවන විදුලි බලාගාර හදන්න රටේ පෞද්ගලික සමාගම් විසින් අයදුම්පත් දාල අවුරුදු ගණනාවක් වෙනවා. මේ සේරම අයදුම්පත් යටගහල පිටින් විදුලිය මිලදී ගන්න යනවා. මේවා මොන තරම් අපරාධද? සූර්ය ශක්තියෙන් නිපදවන විදුලි බලාගාර ටික හැදුවනම් රටේ සල්ලි ඉතුරුවෙනවා. පරිසරයටත් හොඳයි. ඒවා හදන්න ගියාමත් ඇමති ඉදන් පහල ඉන්න ඉන්ජිනේරුවාගේ පටන් හැම කෙනාටම පගාව දෙන්න ඕන. නැතිනම් මොකක් හරි බොරුවක් කියල වැඩේ කල් දම දමා ඉන්නවා. ඉතින් කොහොමද ආයෝජකයෝ ඇවිත් රට දියුණු කරන්නේ?

:       6       95

nandanaWednesday, 10 April 2019 09:38 AM

සම්පුර්ණ ඇත්ත... මේ රට දියුණු වෙන්නේ නැත්තේ දේශපාලකයන් නිසයි. ඔවුන්ගේ එකම අභිප්‍රාය රට යකාට ගියත් තමන්ගේ කොමිස් කුට්ටිය ලබා ගැනීමයි.

:       4       5

Sunol milano Wednesday, 10 April 2019 08:47 AM

කෝ මේ ගෝඨාභය මහත්තයට පණ්ඩිත කතා කිව්වා නේද...? චතුරි අනේ මේකටත් මොනවා හරි ලියන්නකෝ... රට, ජාතියට ආදරෙන්...

:       2       15

chathuriWednesday, 10 April 2019 03:28 PM

හලෝ..., ඔය කාටත් කලින් පාවෙන. අහස් මාලිගාවට පිළිතුරු එව්වේ මමයි.

:       0       1

BamunuarachchiThursday, 11 April 2019 03:19 AM

මෙයා එහෙම ඒවත් ලීවද? අනේ පව්.

:       1       0

දිලුම් Wednesday, 10 April 2019 09:21 AM

අනේ ඇත්තට ඇමතියන් නම් කොහොමත් ගවයින්නේ... ඔය අමාත්‍යාංශයේ ආචාර්ය ඉන්න ලේකම්ටවත් අටපාස් මොලයක් නැද්ද? ඇමතියට මේ තරම් අදූරදර්ශී තීරණ ගන්න දෙන්නේ... ඇයි මොවුන්ට බැරි මේ රටට වැටෙන මේ ගිනි අව්වෙන් ප්‍රයෝජනයක් ගන්න. සූර්ය බලාගාර ටිකක් හදන්න. ඒකට වැයවන මූලික පිරිවැය වැඩි වුණාට දිගු කාලීන වාසිය හා පාරිසරික ලාභය වැඩියි. මේ කාක්කන්ට තේරුණත් නිලධාරියාගේ සිට මහ එකා දක්වා හවුලේ රට කනවා මිසක් මේ රටට වැඩක් කරන්න රට ගොඩගන්න වුවමනාවක් නෑ...

:       4       20

NuwanWednesday, 10 April 2019 09:53 AM

පිස්සුද එතකොට කොමිස් ගහන්න පුළුවන්ද? පොඩ්ඩක් ලොකුවට හිතන්න කලින් සරල දේ හිතන්න පුරුදු වෙන්න.

:       4       47

Jayaweera Wednesday, 10 April 2019 09:26 AM

ඇමතිතුමා නෝනාගෙන් අහලා බලන්න ඔයාට නොකියා නෝනට උදව් කරන අයත් විදුලිය විකුණන්න බලාගෙන ඇති...

:       0       23

SL Wednesday, 10 April 2019 10:15 AM

මේ අය දන්නේ මිලදී ගන්න සහ රටේ හැමදෙයක්ම පිටරටට විකුණන්න විතරයි. අවුරුදු 70ක් මේ අය කලේත් ඕක තමයි. කිසිම දෙයක් සැලසුම් ඇතිව කලේ නැත... දීර්ඝ කාලීනව සිතා බලා රටේ නිපදවීමට කිසිම සැලැස්මක් නැහැ.

:       0       33

Lal Wednesday, 10 April 2019 12:52 PM

අවුරුදු 5 කට මොකටද? අවුරුද්දකට අරගෙන ඉතුරු සල්ලි ටිකෙන් බලාගාරයක් හදන්න. වයිෆ්ට ගෙයක් හම්බ වෙලා ඇති...

:       0       36

chutta Thursday, 11 April 2019 12:21 AM

කලින්ම ජලාශ ටික හිස් කලේ මේකට තමයි.

:       0       17

shelton Thursday, 11 April 2019 02:26 AM

විදුලිය සල්ලි වලට ගන්න ඇමතියෙක් මොකටද ඉල්ලලා අස්වෙන්න.

:       0       18

deshan Thursday, 11 April 2019 04:57 AM

මෙයා මෙච්චර හොරා කාලත්, මුන්ට කඩේ යන අමබරුවෝ ඉන්නවා කියල මෙය හොදටම දන්නවා.. ඊලග පාරත් උඩින්ම දිනයි..

:       0       23

soma dubayi Thursday, 11 April 2019 07:13 AM

විශිෂ්ට තීරණයක් මැතිතුමනි

:       6       0

anura Thursday, 11 April 2019 03:23 PM

යම් විදිහකට විදුලි උත්පාදන පිරිවැය අඩු උනත් අවුරුදු පහක් තිස්සේ මෙම ගිවිසුම ප්‍රකාරව ක්‍රියා කරන්න ලංකා ආණ්ඩුවට සිදුවේවි.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 24 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 92 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 131 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 287 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 652 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 839 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site