IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වවුනියාවේ නගරාධිපති කුණු ට්‍රැක්ටරයෙන් රාජකාරියට යයි

(සිතුම් චතුරංග)

තම රාජකාරි අවශ්‍යතා සඳහා නිල වාහනයක් මෙතෙක් ලබා දී නැතැයි පවසමින් වවුනියාව නගරාධිපති ඊ. ගෞතමන් මහතා ඊයේ (11) නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයක නැගී රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන අයුරු දැක ගත හැකි විය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීම් කිහිපයක් සඳහා නගරාධිපතිවරයා එලෙස කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථවල නැගී ගමන් කළේය.

නගරාධිපතිවරයා පවසා සිටියේ, වවුනියාව නගර සභාවට රාජකාරි ගමන් යෑම සඳහා වාහන දෙකක් පමණක් ඇති බවත්, එය මේ වන විට දැඩි අබලන් තත්ත්වයක පවතින බවත් එහෙත් ඒවා අලුත්වැඩියාව සඳහා යොමු කර නොමැති බවත්ය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද, කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඊයේ (11) සිට තමන් කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයකින් රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන බව ද කීය.

නගර සභාවේ ලේකම්ට හෝ ගණකාධිකාරිවරයාට ද වාහන නොමැති බවත්, නගර සභාවට අවශ්‍ය පවිත්‍රතා සේවකයින් 14 දෙනකු බඳවා ගැනීම ද පළාත් සභාව විසින් නතර කර ඇති බවත් සඳහන් කළේය.

 



අදහස් (9)

වවුනියාවේ නගරාධිපති කුණු ට්‍රැක්ටරයෙන් රාජකාරියට යයි

edman Friday, 12 October 2018 04:19 AM

හැමදාම මේ ට්‍රැක්ටරයෙන්ම රාජකාරියට යන්න... මිනිස්සු ඔබතුමාව අදහයි...

:       1       60

BamunuarachchiFriday, 12 October 2018 06:48 AM

ඒ යන ගමන් පාරේ තිබෙන කුණුත් එකතු කරගෙන යනවානම් ඒ යෑමේන් පලාතට සේවයකුත් කෙරෙනවා.

:       1       32

wedage Friday, 12 October 2018 06:07 AM

මේ ටැක්ටරේ කුණු අදින්න යොදවලා ඔබතුමා බයිසිකලයක යන්න

:       1       37

රවින් Friday, 12 October 2018 06:24 AM

අනික් කට්ටියවත් ඔය විදියට යවන්න.

:       0       34

Hafeel Friday, 12 October 2018 07:36 AM

ඒක තමයි කියන්නේ මහජන සේවය කියලා. සැප වාහන බලාපොරොත්තු වෙන්න බැහැ. බලයට එන්න කලින් පොරොන්දු වෙනවා පැය 24 ම මගේ දොර විවෘතයි, රෑ දවල්, අව්ව වැස්ස අපිට අදාළ නැහැ කියලා. ඒ නිසා මේක හොඳ ආදර්ශයක්.

:       0       30

abaran Friday, 12 October 2018 08:06 AM

නීති විරෝධී ආකාරයට ට්‍රැක්ටරයක යාම නිසා මොහුට නඩු පැවරිය යුතුයි..වවුනියාවට පොලිසියක් නැද්ද? අපි ගියා නම් බඩු බනිස් තමයි..නො එසේනම් නීතිය නොදත් පුද්ගලයින් ඉහල පුටුවලට පත්කර ඇත.

:       0       22

chamith Friday, 12 October 2018 10:34 AM

හරි, දැන් මොකටද ට්‍රේලර් එකත් අරන් යන්නේ?

:       0       33

kalpa Friday, 12 October 2018 11:10 AM

ආයතනයක වාහන අබලන් නම් ඒවා අලුත්වැඩියා කරවාගැනීමට ආයතන ප්‍රධානී, නගරසභා සභාපතිට නොහැකිය කියන්නේ ඔහු පාලනයට අදක්ෂයෙකු බවයි. වහාම වෙනත් කෙනෙකුට භාරදී ඉල්ලා අස්වෙන්න..

:       0       0

SHAN SAUDI Saturday, 13 October 2018 08:51 AM

කොහොමත් කුණු ගේන්න ඕනේ කුණු ට්‍රැක්ටර් රථයක තමයි. මෙයාලත් ඔය දවස ගානේ ගෙනත් ගොඩ ගහන කුණු... කඳුවලට වඩා විශාලයි. ඕවා කරවල පටෝනවට වඩා හොඳ ඔහොම ගේන එක..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 54 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 934 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 446 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 251 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 172 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 311 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site