IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි

(රොමේෂ් මධුෂංඛ)

ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින  වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ  කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන්   සඳහන් කළේය.

නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව පුරාවිද්‍යා භූමියක් බැවින්  සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහගත තත්වය නිරීක්ෂණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්  පිරිසට පුරාවිද්‍යා නිලධාරීන් මේ බව දැනුම් දුන්නේය.


නමුත් ප්‍රදේශවාසී දමිල ජනාතව කියා සිටියේ අදාළ ගල් තලාව පැවති ස්ථානය තුළ අතීතයේ පටන් ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් පැවති බැවින් අදාළ ස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකිරීමට අවසර ලබා දිය යුතු බවයි.


අදාළ කාරණය හේතුවෙන් වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති අතර, එම භූමිය තුළ කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නෙඩුන්කේනි ප්‍රදේශයේ විරෝධතාවයක් ද පැවත්වූහ.


ගැටලු සහගත ස්ථානය නිරීක්ෂණය වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය  ආනන්දි ශෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්වුහ.


එහිදී පුරාවිද්‍යා  ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසරය ලබා නොදීම තමන් තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.
 



අදහස් (10)

වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි

Maheshika Monday, 10 September 2018 07:15 AM

මේ ආගමික ස්ථාන ඉදිකිරීම වෙනුවෙන් කුලල් ක ගැනීම නතර කිරීමට කල හැකි එක දෙයක් ඇත. දැනට ශ්‍රිලංකාවේ ඕනෑම ආගමකට අයත් සද්ධාවන්තයින්ට බිම පෙරලි පෙරලි වැඳීමට ඇති තරම් දේවාල, කෝවිල්, පන්සල් ,පල්ලි රට පුරා ඇත. අපේ රටේ තරම් පූජනීය ස්ථාන ඇති රටක් ලොවේ කොහෙවත් නැති තරම්ය. මේ රට කන දේශපාලුවන් ආගමික ස්ථාන ඉදි කිරීමට වැය කරන මුදල නිවාස ඉදි කිරීමට යෙදවූවානම් මේ වන විටත් ඔවුන් නිවන් දැක හමාරය. නමුත් මෙම ආගමික ස්ථාන ඉදිකරන මුවාවෙන් කරන මිනිසුන් කුලල් කා ගැනීමට සැලැස්වීම මේ කුහක දේශපාලුවන්ට නරකාදියේ දොර ඇරගනීමකි. ඔවුන් අප අැස් ඉදිරියේම මෙම පව් ගෙවනවා දැකිය හැකිවේ.

:       1       84

Hafeel Monday, 10 September 2018 07:28 AM

මෙතනත් සිවාජිලිංගම්.

:       0       28

sena Monday, 10 September 2018 07:29 AM

පුරා විද්‍යා ස්ථානයක කෝවිලක් තියා පන්සලක් වත් ඉදිකරන්න බැහැ කියන එක මේ මනුස්සයා දන්නේ නැද්ද අනික දෙමල පාරම්පරික නිජබිමක් නම් ඔතන බව්ද්ද පන්සල් වල නටබුන් තියෙන්නේ කොහොමද - සමහර දෙමල ජාතිවාදීන් නිසා අපේ රට ඉදිරියේ විශාල අනතුරකට පත්වෙනවා.

:       0       230

ravi Monday, 10 September 2018 07:40 AM

දෙවියන්ට උනත් ... නීතිය ක්‍රියාත්මක වීම ගැන , අපි සන්තෝස වෙනවා .

:       0       116

nuwan Monday, 10 September 2018 08:48 AM

ඕක දැම්ම නැවැත්තුවේ නැත්නම් සීගිරියේත් කෝවිලක් හදලයි නවතින්නේ මේ මිනිස්සු...

:       0       89

saman Monday, 10 September 2018 08:50 AM

දෙමල නිජබිම් කියා දෙයක් නැත. ඔවුන්ගේ නිජබිම තමිල් නාඩුව... එහෙ ඕනේතරම් කෝවිල් හදාගන්න.

:       0       150

KANDEPOLA Monday, 10 September 2018 09:34 AM

මේ මිනිස්සු ආයෙත් ජාතිවාදයක් අවුස්සා ගන්න පොටක් පාද ගන්න තමා මේ හදන්නේ.

:       0       75

ලුම්බිණි Monday, 10 September 2018 09:47 AM

මෙතන පොඩි අවුලක් තිබෙනවා. පන්සල් තිබෙන තැන කෝවිල් හදන්න බැරි නම් ඔය බොහෝ පන්සල් වල දේවාල හදාගෙන ඉන්නේ කොහොමද?

:       139       5

akaMonday, 10 September 2018 12:50 PM

අතීතයේ විහාර සංකීර්නයක් තිබ්බ නටඹුන් තියෙන්නේ. පන්සලක් නෙමේ.

:       42       0

siripala Monday, 10 September 2018 04:58 PM

ඡන්ද ගන්න කරන ඒවායින් බැට කන්නේ අහිංසකයින් !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 140 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 402 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 205 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 137 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 217 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2222 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site