IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වරාය බදුදීමේ යෝජනාවට ජනපති පෑ විරෝධයෙන් කැබිනට් මණ්ඩලය ඇවිලෙයි

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත් මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුනහොත් හදිසියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බව  පවසා ඇතැයි වාර්තා වේ.

එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යෑම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය මත කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ යෝජනාවෙන් කැබිනට් මණ්ඩලයේ මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.



අදහස් (24)

වරාය බදුදීමේ යෝජනාවට ජනපති පෑ විරෝධයෙන් කැබිනට් මණ්ඩලය ඇවිලෙයි

සමන් Tuesday, 16 October 2018 05:27 PM

රටට ඩොලර් ලැබෙන ක්‍රම වලින් ඉහළ ස්ථානයක් වරායට හිමියි. හම්බන්තොටින් හම්බුවෙච්ච ඩොලර් දැන් නැවතිලා. කොළඹ පරියන්ත කීපයකින් ඩොලර් ලැබෙනවා ඒවා අරගත්ත විදේශ සමාගම් වලට. රටට එන ඩොලර් ටික නැතිකරලා ගිණුම් පුරවගත්තම කොහොමද හලෝ රුපියල අව ප්‍රමානය වීම වලක්වාගන්නේ?

:       38       110

Ajith Gamage Tuesday, 16 October 2018 05:40 PM

ජනපතිතුමනි ඔබට අපේ ආචාරය.

:       23       64

Rasi Tuesday, 16 October 2018 10:50 PM

වික්‍රමවික්‍රම සහ වික්‍රමසිංහ දෙන්න එකතු වෙලා යනකොට මොනවත් ඉතුරු කරලා යන එකක් නැහැ වගේ...

:       24       50

lalith Tuesday, 16 October 2018 11:10 PM

මාර සංදර්ශනේ මෙයා. බලන්න දැන් මේ සූර සරදියෙල් වගේ වැඩ දැකලා අපි පරණ බැනපුව සේරම අමතක කරලා හුරේ දාලා ඡන්දෙ දෙනවා. අපේ ජාති හිතෛෂී දේශමාමක වීර යුග පුරුෂයාට...

:       13       26

Daya Hemantha Tuesday, 16 October 2018 11:41 PM

මලික්ට කියන්න එයාගේ නෝනාවත් බදුදෙන්න කියලා

:       13       45

gamini - kandyWednesday, 17 October 2018 02:21 PM

එයාව ඒ කාලෙම යහළුවන්ට සින්නක්කරවම දුන්නනේ... ඊට පස්සේ මෙයා ගවුමක් අැඳගත්තා..

:       0       46

kalpa Wednesday, 17 October 2018 12:53 AM

මෙහෙම කරලා අන්තිමේ කියයි රටේ පාලනයත් වෙන රටකට දෙමු කියලා. මෙහෙම කලොත් අනාගත පරපුරට යන කල කුමක්වේද.

:       5       7

Dilan Wednesday, 17 October 2018 01:58 AM

ලංකාවම එකපාර විකුණමුකෝ. ඔහොම කෑලි කෑලි විකුණන එක ඔබතුමාලටත් කරදරයක්.

:       14       19

akila Wednesday, 17 October 2018 02:09 AM

අගමැතිතුමා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ලොකුලොකු දාර්ශනික අදහස් කියුවට, තිරය පිටුපස කරන්නේ ඔක්කොම මේ වගේ මෝඩ වැඩ...

:       47       83

KANDEPOLA Wednesday, 17 October 2018 02:49 AM

අපිට පාරේ බැහැලා යන්නවත් නැති කරයි වගේ.

:       14       23

Amara Wednesday, 17 October 2018 03:40 AM

එක්සත් ජාතික පක්ෂය කිසිම ජාතික හැගීමක් නැති පක්ෂය බවට පත් වී හමාරයි

:       184       467

BamunuarachchiThursday, 18 October 2018 03:18 AM

අපි ඕක තේරුම් ගත්තතා 1956 ට ඉස්සෙල්ලා. එකයි 1956 දී එජාපෙ ආසන 8 බැස්සුවේ. ඕක දැන්වත් තේරුණ එක හොඳයි. කිසිම ජාතික හැගීමක් නැති නිසා තමයි සුළු ජාතිකයින් ඔවුන්ගේ වැඩටික කරගන්න එජාපෙට එකතු උනේ. ඒක අර 62 ට තේරෙන්නේ නැත.

:       0       28

vipulaThursday, 18 October 2018 11:22 AM

ඔබට තේරුනාට සුව හසක් හැට දෙලක්ෂයට මේක තේරෙයිද? 1977 ට කලින් තිබුණු රටේ කර්මාන්ත (පිගන් සංස්ථාව සීනි , සිමෙන්ති කම්හල් කඩදාසි කම්හල් ඇතුළු ) රාජ්‍ය ආයතන වලට සේවකයන් අසීමාන්ත ලෙස ඇතුලත් කරලා අන්තිමේදී විකුණලා දැම්මා. මේ කර්මාන්ත අපිට වෙනත් රටවලින් ලැබුණු දයාද. සැලසුම් අමාත්‍යාංශය මගින් සිදුකරන සැලසුම් ඉතා වේගයෙන් පසුගිය රජය සිදු කරද්දී එක්දහස් නමසිය හැත්තෑ ගණන් වල සිදු කරපු මහවැලි ව්‍යාපාරයේ අවසානය සිදු කලේ පසුගිය ආණ්ඩුව. එතෙක් පැවතී ආණ්ඩු දිලිදු ජනයට නිවාස සාදා දෙනු විනා සුව හසක් ජනතාවට අවශේෂ වන්නාවූ අනිවාර්යයෙන්ම රජයක් විසින්ම සිදු කලයුතු සංවර්දන වැඩ පසු පසට ඇද දැම්මා. රජය මගින් ජනතාවට රැකියා අවස්ථා ලබා දුන්නොත් නිවාසයක් සාදා ගැනීම ජනතාවගේ යුතුකමකි .මේ පක්ෂය එදා සිටම තවමත් දිලිදු ජනයට නිවාස තනාදීම හා රටට අයිති ව්‍යාපාර බදු හෝ විකිණීම තවමත් කරනු ඇත .

:       0       1

ලුම්බිණි Wednesday, 17 October 2018 03:48 AM

කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දෙනවා කියන්නේ මොකද්ද? වරායේ පාලනයද, නැත්නම් වාරයේ අයිතියද එහෙමත් නැත්නම් මොකද්ද? කොච්චර කාලයකටද?

:       1       19

OMG Wednesday, 17 October 2018 04:49 AM

දෙන්න දෙන්න ඔක්කම දෙන්න. බදු වලට එපා සින්නක්කරයටම දෙන්න. මේ රට ඉන්දියාවේ, චීනයේ කොලනි බවට පත්වෙන එක වැඩි ඇතක නෙමේ. මේ අයට මොකද මේ රට විකුණලා පිට රට දේපල මිලට ගන්න නිසා.

:       0       10

Chandana F Wednesday, 17 October 2018 05:18 AM

අපට රටක් උවමනාය. කිසිවෙකුගේ අණකට යටත් නොවී ජීවත් විය යුතුයි. කරුණාකර අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් කටයුතු කරන්න.

:       0       62

BamunuarachchiThursday, 18 October 2018 03:19 AM

ඕක ගැන හිතන්න තිබුනේ 2015 ට කලින්

:       0       3

Sujith Wednesday, 17 October 2018 06:04 AM

කවද්ද පාර්ලිමේන්තුව බදු දෙන්නේ අපි එදා වෙනකල් බලන් ඉන්නේ.

:       0       118

නිමල් සරදියල් Wednesday, 17 October 2018 07:10 AM

ලංකාව ඉදිරි දින කීපයේ ධනාත්මක බලාපොරොත්තු නොවූ පරිවර්තනයක්. 1. දුමින්ද සිල්වාගේ මහා අධිකරණය දුන් තීන්දුව සුපිරි අධිකරණය විසින් සනාථ කිරීම 2. තෙබුවන පොලිස් සැරයන් නැවත සේවයේ පිහිටුවීම සහ රු. 1 මිලියනයක් ජනපති දීම 3. පාර්ලිමේන්තුව රටේ ආහාර වැඩිම නාස්ති කරන තැන බව ජනපති කීම 4. ගම්පහ බණ්ඩාරනායක සිසුවට රොකට් යැවීමට රු. 10 මිලියනයක් දීම -ජනපති 5.කොළඹ වරාය ඉන්දියාවට දීම නැවතීම- ජනපති 6. අපනයන අඩු කිරීමට උත්සාහය -ජනපති

:       35       13

sam Wednesday, 17 October 2018 09:24 AM

මීට වැඩිය හොදයි ලංකාව හරි මැදින් දෙකට බෙදලා පාලනය කරන්න චිනේටයි ඉන්දියාවටයි දුන්නනම්.

:       0       7

විජිත් Wednesday, 17 October 2018 11:21 AM

ඇති ..ඔහොමවත් දෙයක් කියන්න කොන්ද පන තිබුණ. මෙතුමාට තිබෙන ප්‍රශ්නය හරිම සංකීර්ණ එකක්. මෙතුමා පත්වුණේ ඒජාප ඡන්ද බහුතරයකින්. නමුත් නියෝජනය කරන්නේ ශ්‍රීලනිපය .ආණ්ඩුවේ බහුතරයක් ඒජාපයේ. ඒ අය එයාලාට ඕන ඕන විදිහට බිස්නස් කරගන්නවා. මෙයාට ඒවාට විරුද්ධවෙලත් බැහැ විරුද්ධ නොවීත් බැහැ. හරියටම අපේ දිව වගේ දත් ඇඳි දෙකටම මැදිවෙලයි සිටින්නේ. මුලදීම කිවලෙස මෙතුමා " නිර්පාක්ෂික " ජනාධිපති ලෙස හිටියනම්..මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ.

:       0       19

Bamunuarachchi Thursday, 18 October 2018 03:14 AM

කොහොමද තමන් සතු බලතල සියල්ලම දුන්නාම වෙන දේ?

:       0       1

sj Sunday, 28 October 2018 01:18 AM

අපේ අනාගත පරපුරට කුමක් වේවිද? කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් අපේ ජාතියේ අවාසනාවට පහළ වු ජන නායකයින්ට කවදා මේ මොළගෙඩි ටිකට පන ඒවිද? අපරාදේ රටට ජන නායකයෙක් පේන තෙක් මානෙක නැති එක ගැන දුකයි . ඔක්කොම ඉන්නේ විකුණාගෙන කන ප්‍රතිපත්තයේ සහ හොරකම් කරමින් තමන් හදෙන ප්‍රතිපතතියේ .ආකල්ප අතින් අන්තිමයි . එහි ආනිසංසය ලැබෙන්නේ ඒ කරන අයවලුන්ටම කියලා තේරැම් ගත යුතුයි . එයට හොදම උදාහරණයන් පැරණි වලව් පෙළපත් අරගන්න එකින් එක විනාශ වෙලා. මේ අයටත් ඒකම තමා වෙන්නේ ස්භාවධර්මයේ දඩුවම් ලැබෙන බව සලකන්න.

:       0       1

sj Sunday, 28 October 2018 01:18 AM

අපේ අනාගත පරපුරට කුමක් වේවිද? කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් අපේ ජාතියේ අවාසනාවට පහළ වූ ජන නායකයින්ට කවදා මේ මොළගෙඩි ටිකට පණ ඒවිද? අපරාදේ රටට ජන නායකයෙක් පේනතෙක් මානෙක නැති එක ගැන දුකයි. ඔක්කොම ඉන්නේ විකුණාගෙන කන ප්‍රතිපත්තිය සහ හොරකම් කරමින් තමන් හැදෙන ප්‍රතිපත්ති සේ... ආකල්ප අතින් අන්තිමයි. එහි ආනිසංසය ලැබෙන්නේ ඒ කරන අයවලුන්ටම කියලා තේරුම් ගත යුතුයි. එයට හොඳම උදාහරණයන් පැරණි වලව් පෙළපත් අරගන්න එකින් එක විනාශ වෙලා. මේ අයටත් ඒකම තමා වෙන්නේ... ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙන බව සලකන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 309 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 139 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 583 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 688 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 477 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1936 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site