IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ වෙති

(රවින්ද්‍ර ප්‍රභත් නෙත්තසිංහ) 

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස ලබානොදීම සම්බන්ධයෙන්  විරෝධය දැක්වීමට  වයඹ පළාතේ සියලුම  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (01) දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම තීරණය හේතුවෙන් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200 ක් පමණ හෙට දිනයේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟෙ විශේෂ රාජකාරී ලෙස ඇතැම් අවස්ථා වලදී දිවා රාත්‍රී සේවය කිරීමට සිදුවීමත් සමඟ ප්‍රධාන ලේකම්වරයා  විසින් දින 20 ක විශේෂ දීමනාවක් ගෙවීමට පොරොන්දු වුවත් එය මේ වන විට වරු 20 ක් දක්වා අඩුකර ඇති බවයි. තවද පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරින් වෙනුවෙන් පසුගිය මාර්තු මාසය සඳහා අතිකාල පැය 150 බැගින් ලබාදී ඇති නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම මාසයට අතිකාල ලබාදී නැති බව ඔවුහු පෙන්වා දෙති.

පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට මේ වනවිට මාස තුනක් සඳහා දුරකථන දීමනාව ලබාදී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම දීමනාව ලබාදී ඇත්තේ මාස දෙකක් සඳහා පමණි.

පසුගිය ජූනි මාසය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අතිකාල පැය 150 ක් ලබාදී ඇතැත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ලබාදී ඇත්තේ පැය 100 ක් පමණක් බවද එම නිලධාරීහු කියති. 

එකම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක යටතේ පාලනය වන වයඹ පලාතේ මෙම දිස්ත්‍රික්ක දෙක  සඳහා ආකාර දෙකකින් කටයුතු කරනු ලබන්නේ කෙසේදැයි නිලධාරීහු ප්‍රශ්න කරති.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන ලේකම්වරයා  කිහිප අවස්ථාවක් ලිඛිතව දැනුවත් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හේතුවෙන් ඉහත තීරණයට එළඹි බව සංගමයේ සභාපතිවරයා පැවසීය.



අදහස් (3)

වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ වෙති

wijaya Wednesday, 01 July 2020 02:20 AM

මේ රජය විපක්ෂයේ ඉන්න කාලේ කලින් ආණ්ඩුවට බැන බැන හිටියේ මිනිසුන්ගේ දීමනා සහ වරප්‍රසාද දෙන්නේ නැහැයි කියලා. වැඩියෙන් දේවල් ගන්න මේ ආණ්ඩුව පත් කර ගත්තා. දැන් මිනිස්සුන්ට සැප ඇතිනේ...

:       0       0

MD Wednesday, 01 July 2020 04:10 AM

හමුදාව, දොස්තර මහත්තයා හෙද හෙදියන් පමණයි අගයන්න ඕනෑ නේද? මෙයාලා බොරු ජාති අාලයක් පෙන්නලා තියෙන්නේ? කණගාටුව පල කරමි. පසුගිය කාලයේ ඔබව අගයමින් කළ කමෙන්ට් නැවත කැඳවා ගනිමි.

:       0       0

Asanka Wednesday, 01 July 2020 06:17 AM

මෙය නුසුදුසු වැඩක්.. මේ මිනිස්සු නොහිටින්න අපි ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 86 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 201 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 286 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 685 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1071 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 873 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site