IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වයඹ ආණ්ඩුකාර මුසම්මිල් වැඩ බාරගනී

( පුෂ්පකුමාර ජයරත්න )

තමන් වැනි මුස්ලිම් ජාතිකයකු ඓතිහාසික බෞද්ධ උරුමයන් පෙරටු කරගත් වයඹ වැනි ඓතිහාසික පළාතක ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම සමස්ත මුස්ලිම් ජාතින්ට කරන ලද ගෞරවයක් බව  වයඹ පළාත් නව ආණ්ඩුකාර ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.

වයඹ පළාතට පත්වූ අභිනව ආණ්ඩුකාරවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය වයඹ පළාත් සභා ශ්‍රවනාගාරයේ දී අද (2)  පැවැත්විණි.

නව තනතුරේ රාජකාරි කටයුතු ඇරැඹීමට ප්‍රථම වයඹ ආණ්ඩුකාර කාර්යාලයීය භූමියේ පිහිටි ඉපැරැණි ජයශ්‍රී මහා බෝධින්වහන්සේගේ බෝධි ශාඛාව වෙත ගිය මුසම්මිල් මහතා එම බෝධින් වහන්සේට නෙළුම් මල් වට්ටියකින් පුෂ්පෝපහාර දැක්වීය .

පසුව ආණ්ඩුකාර කාර්යාලයීය භූමියේම කොටසක පිහිටි ඉපැරණි දළදා මාලිගයේ නටඹුන් ඇතුළු එම ස්ථනයේ ප්‍රදර්ශනයට තබා ඇති වයඹ  ඉපැරණි නටඹුන් නැරඹීමට ගියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වයඹ ආණ්ඩුකාර මුසම්මිල් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව මට කීවේ මුසම්මිල් මම ඔයාට බස්නාහිරටත් වඩා හොඳ පළාතක ආණ්ඩුකාර තනතුරක් දෙනවා කියලා. එහෙම කියලා මට දුන්නේ වයඹ පළාතේ ආණ්ඩුකාර තනතුරයි. වයඹ පළාත කියන්නේ මේ රටේ ප්‍රධාන ඉපැරැණි රාජධානි හතරකින් සමන්විත 90% ආසන්න ප්‍රමාණයක් බෞද්ධයන් ජීවත්වන ලංකාවේ වැඩිම විහාර පන්සල් මහානායක හාමුදුරුවරු නායක හාමුදුවරු වැඩිම පිරිසක් වාසය කරන පළාතක්.

වයඹට තියෙන බෞද්ධ උරුමය දිහා බැලුවාම බෞද්ධ ජනතාවට සහ භික්ෂූන් වහන්සේලාට මගේ පත්වීම ගැන සැකයක් ඇතිවීම සාධාරණයි. ඒ සැකය නැතිවෙන ආකාරයට මගේ තනතුරේ රාජකාරි කරන බවට මම පොරොන්දු වෙනවා. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පවා මා පිළිබඳව විශාල විශ්වාසයක් ගොඩනඟලා තිබෙනවා . මුස්ලිම් ජාතිකයකු වන මට ඒක විශාල ආඩම්බරයක්. මට අද බෞද්ධ ආගමානුකූලව වැඩ බාරගන්න කටයුතු සැලැස්වීම පිළිබඳවත් ගෞරවයනීය සංඝරත්නයට මගේ ප්‍රණාමය පුද කරනවා .

ආණ්ඩුකාර කාර්යාලය තිබෙන ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් නිසා මම මගේ රාජකාරි කටයුතු සඳහා වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය භාවිතා කිරීමට තීරණය කළා යැයිද මුසම්මිල් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (25)

වයඹ ආණ්ඩුකාර මුසම්මිල් වැඩ බාරගනී

Amara Monday, 02 December 2019 10:36 AM

මුසම්මිල් අත්සන් කරනකොට වැඳගෙන ඉන්නේ අැයි යාපා...?

:       7       236

රජින්දMonday, 02 December 2019 11:40 AM

ඒ වෙලාවේ පිරිත් සජ්ක්ධායනා කරන නිසයි වැඳගෙන ඉන්නේ. බනින්න දෙයක් නැතිව හැමදේටම බනින්නෙපා... එහෙම වුණොත් මේ ලෝකේ ජීවත් වෙන්න බැරිවෙයි.

:       362       408

sharm warn Monday, 02 December 2019 11:20 AM

ඇත්තටම අැයි යාපා වැඳගෙන ඉන්නේ? මේ මිනිස්සු තමන් කරන්නේ මොනවද කියලාවත් නොදැන වැඩ කරනවා කියන එකද මේ පෙන්වන්නේ? තව ගොඩක් අය වැඩ භාර ගන්න වෙලාවේ මේ වගේ වැඳගෙන ඉන්න කට්ටිය මම දැක්කා..

:       108       62

TDMonday, 02 December 2019 01:27 PM

ඔතන ඉන්න හාමුදුරුවරු වෙත පිරිත් කියනවා වෙන්න බැරිද?

:       23       105

kamal Monday, 02 December 2019 11:36 AM

වඳින තරමට තමයි ලැබෙන්නේ, ඒකයි දමාගෙන වඳින්නේ...

:       106       135

Gamarala Monday, 02 December 2019 11:45 AM

අපි කවුරුත් ජාතිය හෝ ආගම අනුව කාටවත් වෙනස්කමක් හෝ අවමානයක් කරන්නේ නැහැ. කටයුතු කරන්නේ කෙලෙසද, එයතමයි කුරුණෑගල අපිට වැදගත්. ආරම්භය ප්‍රශංසනීයයි. වයඹට යහපතක් වේවා..!!!

:       4       137

Mahee Monday, 02 December 2019 11:49 AM

මට නම් මේ කියන්නේ මොනවද කියලා අදහාගන්න බෑ. ඊයේ පෙරේදා කිව්වා නේද නිල නිවාසයට යන්නත් බෑ කියලා. දැන් ඉන්නේ මහා ඇමතිගේ නිලනිවසේද? නාමල් දුන්නද ටෝක් එකක්වත් බාප්පා වෙනුවෙන්... මට එහෙම හිතුනේ යාපා වැඳගෙන ඉන්නේ නාමල් දිහාට හැරිලා හින්දයි...

:       0       99

ranaTuesday, 03 December 2019 03:47 AM

ඔය දේ මම දුටුවා , මොකෝ මන්ද, ඔබ කියන දේ මම විතරද දන්නේ මන්ද ?? මැද මත දරන්නන් ලක්දිවේ නැතිව වගේ.

:       0       0

raheem Monday, 02 December 2019 12:00 PM

ලොක්කා වේවැල ගත්ති විතරයි... වැඩ පටන්ගත්තා.

:       1       19

Laki Monday, 02 December 2019 12:05 PM

අර සාටක කරු මොකටද මෙහෙ ආවේ?

:       46       106

ජයරත්න Monday, 02 December 2019 12:09 PM

තවත් සුදු අලියෙක් (පළාත් සභා)...

:       1       22

සුදත් ශ්‍රී Monday, 02 December 2019 12:12 PM

මේ අත්සන් කරන අවස්ථා වලදි බොහෝ වෙලාවට පිරිත් සජ්ඣායනය කරනවා. ඒකයි සමහර අය වැඳගෙන ඉන්නේ.

:       32       130

sandy Monday, 02 December 2019 12:40 PM

මොකද මුලින් බැහැ කිව්වා නේද? කන පිරෙන්න හම්බ වුණාද? අපේ තරුණ රාජ්‍ය ඇමති එහෙම ටෙලිෆෝන් කළාද?

:       1       8

Kamal Monday, 02 December 2019 12:46 PM

අැයි මේ නාමල් පස්සෙන් යන්නේ?

:       2       115

Sisira Monday, 02 December 2019 01:01 PM

කව්ද අර ඉන්න කුරහන් සාටකය?

:       16       165

කපුරුහාමි Monday, 02 December 2019 01:19 PM

කුරහන් සාටකයන් ඉස්සරහට තනතුරු බලාගෙන ඉන්න අයනේ. ඔහොම යන්...

:       23       94

chamath Monday, 02 December 2019 01:42 PM

කපුරුහාමි ඔයා නම් මාරම නූගත්...

:       50       109

BamunuarachchiMonday, 02 December 2019 09:54 PM

නමින් කපුරුහාමි උනාට ඒගොල්ලෝ ගැන පේව්මන්ට් දත් බෙහෙත් වෙළෙන්දෝ කියන ඒවා අපි අහලා තිබෙනවානේ.

:       1       103

Champa Monday, 02 December 2019 02:26 PM

සම්පූරණ වැරදි තීරණයක්. ඉපැරණි සිංහල රාජධානි 4ක් යාපහුව, පඬුවස්නුවර, දඹදෙණිය, සහ කුරුණෑගල රාජධානි පිහිටලා තියෙන සහ අති බහුතරයක් සිංහලයන් සිටින වයඹ පළාතට කොළඹ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් ආණ්ඩුකාරයා විදිහට පත්කරලා, ජනාධිපතිතුමා සිංහල බෞද්ධයින්ට නිගරුවක් කරලා තියෙනවා. අනිත් අතට මේ ආණ්ඩුකාර පත්වීම් සියල්ල මහජන මුදල් නාස්තියක්... තමන්ට ඡන්දෙදි උදව් කළා කියලා හෝ ඉදිරියට උදව් කරයි කියලා හෝ ආණ්ඩුකාර තනතුරු දීම තනිකරම ජනතා අභිලාෂයන්ට විරුද්ධ වැඩක්. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කලින් ආණ්ඩු වගේ නිකරුනේ මහජන මුදල් නාස්ති නොකරන පාලනයක්... දේශපාලකයෙක් නොවෙන පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ආවා කියලා කිව්වට, මේ කරන්නේ පරණ දේශපාලකයන් කරපු දේවල්මයි. එකම වෙනස ඒ දේවල්ම අධි වේගයෙන් කිරීමයි.

:       55       425

maheshikaSaturday, 07 December 2019 10:08 AM

ඔය සමහර පෞරාණික තැන්වල බුදුපිළිම කඩා විනාශ කරලා නිධන් හෙව්වේ සිංහල බෞද්ධයින්. තමන්ගේ රාජකාරියට ආගම පටලවා ගන්න එපා. රාජකාරිය හරියට කරනවා නම් ඒ පුද්ගලයාගේ ආගමෙන් අපට වැඩක් නැහැ. බෞද්ධයන් කියල නමට බෞද්ධ කට්ටිය 90%ක් විතර ඉන්නවා. ක්‍රියාවෙන් තමන් බෞද්ධයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් වූ දවසට රටේ ආගමික ගැටුම් බොහෝ දුරට අඩුවෙලා යයි.

:       0       0

සංජීව Monday, 02 December 2019 02:39 PM

වයඹ, දේශප්‍රේමී සිංහල බෞද්ධයින්ට කොහොමද ජනපති දුන්න තෑග්ග? සනීපයිනේ? පහුගිය කාලේ ෆේස් බුක් එක පිරෙන්න හම්බයන් කියලා බැන බැන උන්න අයට අත දිග ඇරල දුන්නා කනේ පාරක්...

:       411       659

Bamunuarachchi Monday, 02 December 2019 09:36 PM

බුද්ධාගම ඔබ ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔබ ඔබට දුන් රාජකාරිය අකුරට කරන්න. අපිට එය ප්‍රමාණවත්. ජනාධිපතිතුමාත් බලාපොරොත්තු වෙන්නේ එයයි.

:       2       77

maalaka Tuesday, 03 December 2019 01:04 AM

කෝ මේ විමල්ලා.......

:       0       97

DILUM Tuesday, 03 December 2019 04:48 AM

වත්හිමි කුමාරයා කුරුණෑගල රාජධානියට කල හරිය ආයෙත් වෙයිද? ඉතිහාසය නැවත නැවත සිදුවේද?

:       0       8

sunil aththanayake Friday, 06 December 2019 04:20 PM

කොහොමද තමුන්ගේ පැවැත්මට සාටකේ දාගෙන අායෙත් මිනිස්සු රවට්ටන්න ඇවිත් ඉන්න හැටි...!!! දැක්කමත් එපාවෙනවා ...!!! කොහොමද ඒ කාලේ කරපු දේවල් ගහපු ගැහිලි ...!!! සාටකයන් ගොඩක් ඒ කාලේ හිටියා. දැන් ඔය ඉන්නේ එකෙක් දෙන්නෙක්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 385 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 379 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 120 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1301 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 337 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 399 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site