IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට බ්‍රසීල ජනපතිගෙන් තර්ජනයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මන්දගාමී වීමට පෙර අගුලු ඉවත් කිරීම අවදානම් බවට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රසීලයට අනතුරු ඇඟවීමෙන් පසු බ්‍රසීල ජනපතිවරයා මෙලෙස තර්ජනය කර ඇත.

මාධ්‍යවේදීන් අමතමින් ජනපති බොල්සනාරෝ කියා සිටියේ සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බවයි. ඒය පක්ෂග්‍රාහී බවෙන් ඉවත් නොවන්නේ නම් බ්‍රසීලය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ගැන සලකා බලන බවද හෙතෙම පැවසීය. 

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට බ්‍රසීලයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලිය ද ඉක්මවා ගියේය.

දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහල ගියද ජනපති බොල්සනාරෝට අවශ්‍ය වි ඇත්තෙතේ රට ඉක්මනින් විවෘත කිරීමට බව විශ්ලේෂකයෝ පවසති.

බ්‍රසීල ජනපතිවරයා දිගින් දිගටම තර්ක කරන්නේ අගුලු දැමීම හේතුවෙන් හටගෙන ඇති ආර්ථික ගැටලු මහජන සෞඛ්‍ය අවදානම ඉක්මවා යන බවයි.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මරණ1,005ක් වාර්තා වී ඇත.

ඒහි මේවනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 35,047කි.

බ්‍රසීලයේ සමස්ථයක් ලෙස කොරෝනා ආසාදිතයින් 646,006ක් තහවුරු වී තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (11)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට බ්‍රසීල ජනපතිගෙන් තර්ජනයක්

ලැවොයිසියර් Saturday, 06 June 2020 04:33 PM

මේකත් දැන් අසාර්ථක රාජ්‍ය නායකයන්ගේ කපටිකමක් වෙලා... ට්‍රම්ප් කළේත් ඕකම තමයි.

:       25       173

MaheeSaturday, 06 June 2020 07:16 PM

ඇත්ත, මොවුන් කවුරුත් මොකක් හරි තර්ජනයක් පෙන්නලා වීරයින් බව අඟවමින් මහජනයාව මුලා කරගෙන බලය රැකගන්න හදන එක උපායක් බවට පත් කරගෙන...

:       0       82

Ajith NissankaMonday, 08 June 2020 01:59 AM

තකට තක...

:       0       0

රවින් Sunday, 07 June 2020 01:34 AM

මෙයාට තේරෙන්නේ නැහැ ආර්ථිකයක් තියෙන්න නම් මිනිසුන් ඉන්න ඕනේ විත්තිය. මළකඳන් වල ආර්ථිකය කනත්ත තමයි. කර්මාන්තශාලා වල වැඩකරන්න මිනිසුන් ඕනේ. මිනිස් නොවන සතුන්ට ඒවායෙන් ප්‍රයෝජනයක් නැත. ගොවිපොළවල් පවත්වාගෙන යන්න මිනිසුන් අවශ්‍යයි.. මෙයාට තේරෙන්නේ නැහැ අඩුම ගානේ මෑන්ස් ඡන්දෙ දෙන්නත් මිනිසුන් අවශ්‍ය විත්තිය. එරට මිනිසුන්ගේ කරුමේ තමයි.

:       0       25

Rohana Sunday, 07 June 2020 01:52 AM

මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ මල්ලිනෙ...

:       0       54

මුණසිංහ Sunday, 07 June 2020 01:52 AM

තමන්ගේ වැරදි අනුන් පිට පැටවීමේ මේ න්‍යාය ඉගෙන ගත්තේ ට්‍රම්ප් ගෙන්. ට්‍රම්ප් අනුගමනය කරන්නන් අමාරුවේ. මෙයා ට්‍රම්ප්ගේ හිතවතෙක්. දෙන්නම එකම වළේ...

:       0       47

Sampath Sunday, 07 June 2020 04:21 AM

තව දුරටත් මේ වගේ මෝඩ නායකයික් සිටීම කණගාටුවක්...

:       0       98

Gamage Sunday, 07 June 2020 04:57 AM

රට විනාශ වෙනකොට තමන්ගේ වරදින් කාගේ හෝ පිටේ ගසා බේරෙන්න හදන තව කෙනෙක්... ලෝකයේ ඇමරිකාවෙන් පස්සේ සීඝ්‍රයෙන් කොරෝනා බෝවෙන අනිත් රට තමයි මේ... දැන් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ ගොල්ලෝ මේ තරම් දඟලන්නේ මොකද කියලා... මෙයා ට්‍රම්ප් ජූනියර්...

:       0       82

kamal Sunday, 07 June 2020 07:48 AM

මේකම තමයි අපේ අයත් තමන්ගේ අදක්ෂකම වහගන්න "අධිරාජ්‍යවාදීන්" කියා කියා බෙරිහන් දෙන්නේ...

:       103       22

nimal Monday, 08 June 2020 02:57 AM

මේක දැක්කහම මට මතක්වුනේ අර ඇමෙරිකානු තානතිපතිලට කොරෝනා වයිරස මර්දනේ ගැන දොස් කියපු අපේ උන්නාන්සේ කෙනෙක්ගේ කතාවයි.

:       0       0

vidya Tuesday, 09 June 2020 02:41 AM

බ්‍රසීලය කියන්නේ ඉතාම දිළිඳු රටක්. මේ ජනාධිපතියත් ට්‍රම්ප් වගේම තමන් ගැන සිතන පිස්සෙක්. අපේ ශ්‍රී ලංකාවෙන් පෘතුගීසි කාරයෝ මකබෑවිලා ගියඑක හරිම හොඳයි. එම රටේ සිටපු අාදීවාසීන්ගේ දේවල් විනාශ කරලා තිබුණු වටිනා දේවල් සොරකම් කළා. මේ අය දිගටම ලංකාවේ සිටියානම් අද අපිට ඉන්න වෙන්නේ අපායක... සමහරු මගේ පුද්ගලික අදහසට අකමැතිවෙයි. එනම් ඉංග්‍රීසින් ආපු නිසා අපගේ සංස්කෘතියවත්, බෞද්ධ දර්ශනයත් ඉතුරු වුණා. නැතිව පෘතුගීසි කාරයින් හිටියා නම් අපි අද වහල්ලු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝක් සමාගමේ ලංකා -මාලේ නව අධ්‍යක්ෂකවරියක්
2024 අප්‍රේල් මස 20 0 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 468 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 888 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 648 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1499 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3000 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site