IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොම්බොක් දූපතේ ඇතිවූ භූමි කම්පාවෙන් 319ක් මරුට

ජකර්තාහිදීය (රොයිටර්)

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා (5) ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක් දක්වා වැඩි වී ඇතැයි එරට බලධාරිහු පවසති.

එම භූමි කම්පාවෙන් මියගිය ගණන 91ක් යැයි පැවැසුණු අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් හෝ රජය කිසිදු ප්‍රකාශයක් අද (9) වන තෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි. 

ලොම්බොක් දූපතේ අද (9) තවත් භූමි කම්පාවක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් ව තිබිණි. එරට නිලධාරීන් ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවය. 

“ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක්” යැයි අද (9) ඉන්දුනීසියාවේ ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය විරන්ටෝ පැවැසීය. 

ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් පසු, පසුකම්පන කිහිපයක්ම ඇති වූ අතර අද (9) ඇති වූ භූමි කම්පාව ඉන් පසු ඇති වූ ප්‍රබලතම භූමි කම්පාව විය.

ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් 270,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඇතැම් අයගේ තත්ත්වය තරමක් බරපතළ යැයි ද ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කළේය.

055



අදහස් (2)

ලොම්බොක් දූපතේ ඇතිවූ භූමි කම්පාවෙන් 319ක් මරුට

hira Friday, 10 August 2018 04:23 AM

අල්ලා දෙවියන් ගේ කැමැත්ත. සියලු දේ මවන්නෙත් විනාශ කරන්නෙත් දෙවියන්මය.

:       1       1

Indunil Friday, 10 August 2018 04:37 AM

මෙවන් විපත් නැවත නොවේවා.!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 755 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 376 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 520 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 323 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1688 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 832 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site