IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලේකම්ගේ ඥාතීන් අත්අඩංගුවට නොගැන්නැයි පොලිසියෙන්ම බලපෑම්

(උපාලි ආනන්ද)

අමාත්‍යංශ ලේකම්වරයකුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට නොගන්නා ලෙස අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරන බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

කඩුවකින් පහරදී තුවාල කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මේ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නම් සහ තනතුරු සදහන් නොකරන ලෙස ඉල්ලූ උසස් පොලිස් නිලධාරින් දෙදෙනකු පැවසූවේ අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු කරන දැඩි බලපෑම් හේතුවෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

කඩුවකින් පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් චෝදනා ලබා සිටින නිසා ඔවුන් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද ඔවුහු පැවසූහ.

මෙම සැකකරුවන් දෙදෙනා අමාත්‍යංශයක ලේකම්වරයකුගේ ඥාතීන් වීම නිසා අදාළ පොලිස් නිළධාරියා මෙලෙස බලපෑම් කරන බවද ඔවුහු කීහ.

යම් සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම එකිනෙකාට විරුද්ධව පැමිණිලි කරනු ලබන අවස්ථාවක දී දෙපාර්ශවයටම අයත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය ක්‍රමවේදය බව ද එම නිලධාරීහු අවධාරණය කළහ.

පොලිස් නිලධාරීන්  මෙම සිද්ධියේදී එම නීතිමය ක්‍රමවේදය පැහැර හැර ඇත්තේ මෙම බලපෑම් නිසා බවද ඔවුහු පෙන්වා දුන්හ.
 
බලපෑම් කරන එම උසස් පොලිස් නිලධාරියා සහ තවත් උසස් පොලිස් නිලධාරියකු සැකකරුවන්ගේ නිවෙස්වලටද ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.



අදහස් (5)

ලේකම්ගේ ඥාතීන් අත්අඩංගුවට නොගැන්නැයි පොලිසියෙන්ම බලපෑම්

sathyayaa Thursday, 12 October 2017 09:58 AM

ලේකම්ගේ ඥාතීන් කඩු හරඹ වලට දක්ෂ නම් මොකද දන්නේ නැහැ යුද්ධය තිබුන කාලේ ප්‍රභාගේ පිරිස සමග සටන් කරන්න උතුරට නොයැව්වේ.

:       0       2

upul Thursday, 12 October 2017 10:34 AM

බය නැතුව නිතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් නිතිය පස්සෙන් එයි

:       0       31

mahinda Thursday, 12 October 2017 11:05 AM

මේක තමයි නතර කරන්න බැරි හොරා පොලිස් වැඩ.

:       0       7

Nandalal DE SILVA - France Thursday, 12 October 2017 05:40 PM

රටේ නීතිය නිර්භීතව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පොලිසියට එරෙහිව බලපෑම් කිරීමට "උසස්" යයි සම්මත පොලිස් නිලධාරීන්ට තිබෙන අයිතිය කුමක්ද ?

:       0       23

kasun Friday, 13 October 2017 12:35 AM

අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු කරන දැඩි බලපෑම රෙකොඩ් කරගන්න. පොලිස්පතිතුමාට යවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 2 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 121 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 711 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 211 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 165 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 145 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1408 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site